“මට සිහිනයක් ඇත.” DR.මාර්ටින් ලූතර් කිං


 
(මාර්ටින් ලූතර් කිං සිය ඉතිහාසගත දේශණය වන "මට සිහිනයක් ඇත" දේශණය සිදු කරමින්)

මේ වර්තමානය,අතීතයට ගුලි වෙද්දී,මිනිසුන් සහ ගැහැණුන්ද,ළමයින්ද තමන් සතුව මාහැගි පොලවක්,වඩා හොඳ මිනිස්සු,උදාර ශිෂ්ටාචාරයක් ඇති බව ඉගෙන ගනීවී.මක් නිසාද යත්,මේ නිහතමානී දෙවියන්ගේ දරුවෝ ධර්මිෂ්ඨ බව උදෙසා පීඩා විදිනවා.”

1964 වසරේ ස්වීඩනයේ ඔස්ලෝ නුවර පැවති නොබෙල් සම්මාන උලෙළේදී සාමය සදහා වන නොබෙල් සාම ත්‍යාගය ලබා ගනිමින් මාර්ටින් ලූතර් කිං මහතා සිදුකල අමරණීය කථාවේ කොටසකුයි .

(නොබෙල් සම්මාන උලෙළේදී සාමය සදහා වන නොබෙල් සාම ත්‍යාගය ලබා ගනිමින්)

ඇමරිකාවේ වර්ණ භේදවාදය තදින් ක්‍රියාත්මක වූ යුගයක ජේෂ්ඨ මාර්ටින් ලූතර් කිංට සහ ඇල්බේර්ටා විලියම්ස් කිං යුවලට දාව1929 ජනවාරි මස 15 දා ඇට්ලැන්ටාවේ,ජෝර්ජියා ජනපදයේ උපන් මාර්ටින් ලූතර් කිං දරුවා අවුරුදු 15 දී ඇට්ලැන්ටාවේ මෝහවුස් විද්යාලයට ඇතුලත්ව 1948 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.

 ඉන් පසු සිය පියාගේ මඟ පෙන්වීම යටතේ පෙනිසිල්වියා ජනපදයේ ඩෙස්ටර් ප්රදේශයේ පිහිටා තිබූ ක්රෝසර් දේවධර්ම ශාස්ත්රාලයේ ඉගෙනීමට යොමු වුන අතර එහි කීර්තිමත් ශිෂ්යයෙක් ලෙස ඔහු ඉන් පිටවී බොස්ටන් විශ්ව විද්යාලයට ඇතුලත් වී ආචාර්යය උපාධියත් ලබා ගත්තා. කාලයේදී හමුවූ කොරීටා ස්කොට් නම් තරුණිය හා පෙමින් බැදුණු ඔහු 1953දී විවාහ වුනා. විවාහයෙන් ඔහුට දරුවන් සිව් දෙනෙක් ලැබුණා.

 මේ කාලයේ දී ඔහු ඩෙක්ස්ටර් ඇවනිව් හී බැප්ටිස්ට් පල්ලිය බාර දේව ගැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

මෙකල සුදු ජාතිකයන්  ගමන් ගන්නා බස් රථ වල කළු ජාතිකයන්ට ගමන් කිරීම තහනම් කර තිබුනා.මේ අතර 1955 දෙසැම්බර් 01 දා කළු ජාතික රෝසා පාර්ක් මෙනවිය සුදු ජාතික බස් රථයකට ගොඩ වූවායැයි චෝදනා කරමින් ඇය අත්තඩංගුවට ගනු ලැබුවා.මෙම කාරණය ඇසීමෙන් කෝපයට පත් කලු ජාතිකයන් විශාල උද්ඝෝෂණ ව්යාපාරයක් ඇරඹුවා.මෙහි මූලිකත්වය ගත්තේ මාටින් ලූතර් කිං මහතායි.

 

අපට විකල්පයක් නොමැත.නමුත් අප,අපේ බලවත් විරෝධය පලකර ඇත්තෙමු.වසර ගණනාවක් අප විස්මයානුකූල ඉවසීමක් පෙන්වූයෙමු.......නිදහස හා සාදාරණත්වය උදෙසා,මීට වඩා ඉවසීමට අපට පුලුවන...”

 

යනුවෙන් ඔහු කලු ජාතිකයන් අමතා කතා කලා.මෙසේ ගම් නියම් ගම්  පුරා කළු ජාතිකයින් ගේ ආත්ම ශක්තිය නංවමින් ඔහු සිදුකරන කතා තුලින් ඔහු වටා විශාල පිරිසක් එක් වූවා.මෙසේ කාලය ගතවන විට 1960 ඔක්තෝම්බර් මසදී මාටින් ලූතර් කිං සහ තවත් 33 දෙනෙකු මහජනතාව හා ශිෂ්යයන් ප්රකෝප කිරීමේ වරදට සිරගත කලා.නමුත් ඇමරිකාවේ ජනපතිවරණය සදහා කිං ඇතුළු කළු ජාතිකයන් ගේ වැදගත්කම තේරුම්ගත් ජනපති අපේක්ෂක කෙනෙඩි මහතාගේ මැදිහත් වීමෙන් කිංට නිදහස ලැබුනත් 1963 දී ඇලබාමා හී පැවති රැලියකදි ඔහු නැවතත් අත්තඩංගුවට ගත්තා.

 සිර දඩුවමෙන් නිදහස ලබා පැමිණි මාටින් ලූතර් කිං ඇමරිකානු අධිරාජ්යවාදයට විරුද්දව 1963 අගෝස්තු 28 දා වොශින්ටනයට සාම පාගමනක් දියත් කලා. සඳහා 200,000 ක් පමණ ජනගහනක් පැමිණි බව වාර්තාවල සටහන් වෙනවා. එහිදි ජනතාව අමතමින් මාර්ටින් ලූතර් කිං මහතා සිදු කල මට සිහිනයක් ඇත.” ( "I HAVE A DREAM") යන දේශණය ලෝක ඉතිහාසය වෙනස් කල සුප්රසිද්ධ දේශණයක් බවට පත් වෙනවා.

 1964 දී, මෙම උද්ඝෝෂණ නිසා කළු ජාතිකන් සඳහා සිවිල් අයිතිවාසිකම් පනතක් සම්මත කර ගැනීමට මාර්ටින් ලූතර් කිංට හැකි වූවා.එම වසරේම දෙසම්බරයේදී ඔහුට ලෝක සාමය සඳහා වූ නොබෙල් සාම ත්යාගය හිමි වූවා.

ඇමරිකානු සුදු අධිරාජ්යවාදයට එරෙහිව කතාකල නිසා ඔහුට විශාල වශයෙන් සතුරන් සිටියා.

 1968 වසරේ මෙම්ෆීස් ටෙනිසි ප්‍රදේශ වල සිටි සනීපාරක්ෂක කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා කල උද්ඝෝෂණය පොලිස් මාර්ග බාධක නිසා අතර මග නවතන ලද නිසා මාර්ටින් ලූතර් කිං අසල තට්ටු නිවාසයක නවාතැන් ගත්තා.

 1968 අප්‍රේල් 4 දින ඔහු නවාතැන් ගත් තට්ටු නිවාසයේම නැවතී සිටි සුදු ජාතික ජේම්ස් අර්ල් රේ තැබූ මාරාන්තික වෙඩි පහර ශ්රේෂ්ඨ කළු ජාතිකයාගේ හදවත සඳහටම අක්‍රීය කලා.


මාර්ටින් ලූතර් කිංට වෙඩි තැබූ මොහොත

මාර්ටින් ලූතර් කිංගේ අවමංගල්‍යය උත්සවය


සටහන:- කසුන් සපුමොහොට්ටි.

Post a Comment

1 Comments

  1. මේ වගේ ඉගනීමට වැදගත් දේවල් තමා ලියන්න ඕන.නියමයි.

    ReplyDelete