"මට තවමත් මතකයි ඒකිගෙයි මගෙයි
පුංචි කාලේ. අපි බලාගෙන ඉන්නේ හිච්චි නැන්දලා ගමේ එනකන් ඒකි එක්ක සෙල්ලම්
කරන්න.ටික ටික අපි ලොකු වුනා.ටික ටික අපි දුරස් වුනා.ප්‍රේම
සම්බන්ධතා ආවා ගියා.ඒත් මගේ ජීවිතේ වෙනස් කරපු දවස උදාවුනා.
එදා අපේ මාමලාගේ මහගෙදර
බණ.ඊට කලින් දවසේ උසස් පෙල රිසාල්ට් ආවා.A3 මං පාස්.
එදා
මම සර්ලට රිසාල්ට් කියලා කෙලින්ම බණට ගියා.(එදා නොගිය නම්)එදා මම එයාව වෙනස්
විදිහට දැක්කා.ජීවිතේ හිත එදා තරම් හෙල්ලුනු දවසක් නෑ.ඒත් ඒබව නොපෙන්වා කතාකරා.මම
හිතනවා ඒ වෙද්දි එයා හිමා එක්ක යාලුවෙලා හිටපු කාලේ කියලා.මම එයාගේ නම්බර් එක ඉල්ල
ගත්තා.අපි මැසේජ් කරා.ඒත් එක සැරේට එයාගේ 4n එක කැඩුනා.
ඒ අතර මගේ ලෝකේ ලොකු කොටසක්
කරපු සීයා නැති වුනා.ඒක මම හුඟක් හොදින් දරා ගත්තා.එයා A/L කරා.
දවසක් එයා මට මැසේජ් කරා.එයා
අලුත් 4n එකක්
අරන්.දවසක් මම එයා මගේ ක්‍රශ් එකක් කියුවා.එයා එදා මට
හිමා ගැන කියුවා.ඉබ්බි ගැන කියුවා.මට හිතුනා මේ කරේ මෝඩ වැඩක් කියලා.එදා එයා අඩලා
කියුවා එයා මට ආදරේ කරා කියලා.මම එදා මගේ ජීවිතේ හැරෙන්න බැරි පියවරක් තිබ්බා.මගේ
ඥාති නංගිට ආදරේ කිරීම.
එදා ඉදන් අපි මැසේජ් කරා.ඒත්
අපි රණ්ඩු වුනා.එයාට දවසක් මම තේරීමක් දුන්නා.මමද? ඉබ්බිද?(මම
දැන් හිතනවා මම එදා එහෙම නොකරනම් කියලා)එදා එයා මාව බ්ලොක් කරා.
දැන් එයා මාව නොකර වැරැද්දකට
කොටු කරලා.එයාගේ යාලුවා මට එරෙහිව අභූත චෝදනා නඟනවා.එයා ඒවට රැවටිලා.එයා කියුවා මම
වැඩකට නැති එකෙක් කියලා.එයාට දැන් කෙනෙක් ඉන්නවාලු.මම වෙනුවෙන් ඉන්නවා කියපු එයා වෙන
කෙනෙක්ගේ වෙලා.මේක දැන් එයා කියවන වෙලාව වෙනකොට මම හුඟක් දුර ගිහින් තියේවි.බුදු
සරණයි."
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉහත කොටස කියෙව්වා නේද?
තමන් ආදරේ කරපු කෙනා දාල
ගියාම දුකක් එනවා තමයි.ඒත් මේවගේ ජීවිතේ අත අරින්න ඕනද?
උත්තරය "නැහැ."
ඇය හෝ ඔහු ඔබව සමහර විට දාලා
යන්න පුලුවන් ඒත් ඔබ ඒ ගැන අඩ අඩා ජීවත් වුනොත් ඔයා ඔයාව දාලා ගිය පුද්ගලා හිතපු
තත්වයට වැටෙනවා.එහෙම වෙන්න එපා.ලෝකයේ හැම වෙන්වීමක්ම අවස්තාවන් හදනවා.
උඩ කියපු පුද්ගලයා තමන්ගේ
ලෝකයක් වුන සීයාගේ මරණය ගැන අමාරුවෙන් හිත හදා ගත්තත් ජීවිතේට එන තමන්ගේ ඥාති සහෝදරිය
නිසා දිවි නසා ගන්න හදනවා.ලංකාවේ හුඟක් තරුණයන් තමන්ගේ ජීවිතේ වුන අම්මා තාත්තාට
වඩා ජීවිතේට එන තරුණියක් නිසා ජීවිතේ අතහරිනවා.
එහෙම කරන්න එපා.
එහෙම කරන්න එපා.
හිතන්න තමන්ට අවුරුදු ගානක්
කවලා පොවපු අම්මා තාත්තා ගැන.ගිහින් එයාලගේ අත් අතගාලා බලන්න.එතකොට තේරෙයි ඇයට වඩා
ඔබගේ අම්මාගේ තාත්තාගේ අත්ගොරෝසු බව.ඇයගේ පියරු උලපු මුණට වඩා දෙමාපියන්ගේ පියරු
අතුල්ලපු නැති මූණූ.හිතන්න ඒවා එහෙම වුනේ ඇයි කියලා.තමන් වහ බොනවට,බෙල්ල වැල දාගන්න හේතුවට වඩා වැඩි
දුකක් අම්මා තාත්තා විදලා ඇති බව.
වැඩ කරන්න
දාලා ගියපු කෙනාගේ අලුත්
පෙම්වතා තමන් යටතේ වැඩ කරන සේවකයෙක් බවට පත් වෙනකම්.
ඔයාගේ අධිෂ්ඨානය
හැම වෙලාවේම අහස මත තියා
ගන්න.හැම වෙලේම කල්පනා කරන්න ඒ අධිෂ්ඨානය ඇතිව.sky is the limit.
මේක පිරිමි ලමයිට විතරක්
නෙවෙයි ගැනූ ලමයිටත් පොදුයි.
වෙනස් විදිහට ලෝකය
දකිමු.මිනිස්සු එක එක දේවල් කියාවි.පිස්සු කියාවි.ඒත් මතක තියාගන්න ඔබ සිංහයෙක්
වග.සිංහයා වටේ ඉන්න නරීන්ගේ හූවට බය නොව්න බව.ඒවගේම මතක තියාගන්න සිංහයාගේ එක
ගර්ජනාවකට ඒ නරි බය වෙන බව.ලෝකය වෙනස් කරන්න ඔබ වෙනස් වෙන්න.
(ඉහත කතාව මාගේ මිතුරෙකුට සිදුවූ සත්‍ය සිදුවීමකි. නම් ගම් වෙනස් කොට ඇති අතර සිදුවීම් හා එයට අදාල
පුද්ගලයින් තවමත් ජීවත් වේ.(මාගේ මිතුරාද ඉතාමත්ම අමාරුවෙන් එයින් ගලවා ගත් අතර
දැන් ඔහු ප්‍රකට රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබයි).)
(ඡායාරූපයේ අඩංගු දෙබස මිතුරා විසින්
මට එවූ මැසේජයක කොටසකි.)
0 Comments