1983 මහා කළු ජූලියට පෙර සිටම උතුර වෙනම රාජ්‍යක් ලෙස පිලිගත යුතු බව දෙමල වැසියන්ගේ නියෝජිතයින් වූ පිරිස් හා ඒ සම්බන්ධ කල්ලි සංවිධාන කියා සිටියද ඒ සඳහා එතරම් ජනතාවක් එක් රැස් නොවීය.
නමුත් 1983 කළු ජූලියේදී දෙමළ වැසියාට සිදු වූ
මහා හානිය දුටු දෙමළ තරුණයින් ගඟක් ගලන්නාක් මෙන් දෙමළ වැසියාගේ නිදහස සඳහා යැයි
කියූ සංවිධාන වලට බැඳුණි.
එසේ සම්බන්ධ වූ තරුණයින්ට ඉන්දීය
රජයේ අනුග්‍රහයෙන් ඉන්දියාවට
ගෙන ගොස් යුධ පුහුණුව ලබා දුණි. එහිදී ඔවුන්ට ස්වයංක්‍රීය ගිණි අවි පුහුණුව,බර අවි භාවිතය,බෝම්බ ඇතිරීම හා සෑදීම වැනි පූර්ණ
යුධ පුහුණුවක් ලබා දුනි.මෙහිදී යුධ පුහුණුව ලැබූ සංවිධාන ලෙස,
- ටෙලෝ
- එල්.ටී.ටී.ඊ
- ඉ.පි.ආර්.එල්.එෆ්
- ඊරෝස්
වැනි සංවිධානයන් විය.
පසුව මෙම සංවිධානයන් වල නායකයන් එක්
වී නව පෙරමුණක් ලෙස ඊලාම් ජාතික විමුක්ති පෙරමුණ නම් නව සංධානයක් ගොඩ නඟා ගන්නා
ලදී.මෙම කණ්ඩායම් සියල්ලෙන්ම ප්‍රමුඛතම කණ්ඩායම වූයේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යි.එසේත් නැතිනම් ලොවට මරාගෙන මැරෙන
සංස්කෘතිය හඳුන්වා දුන් එල්.ටී.ටී.ඊ සංවිධානයයි.
මූලාශ්රයන්ට අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නැතිනම් එල්.ටී.ටී.ඊ ය පිහිටුවන ලද්දේ 1976 මැයි මාසයේදී පමණය.එහි නායකයා වූයේ වේළුපිලේ පිරිභාහරන් නොහොත් ප්රභාකරන් ය.ශ්‍රීලංකාවේ දෙමළ නිජබිමක් පිහිටුවීම එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශිත අරමුණ විය.
1974 ඔක්තෝම්බර් 05 දින අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක
මැතිණිය යාපනයට පැමිණීම උත්සවාකාරයෙන් ගත් ගැනීමට කටයුතු කිරීම නිසා එකල යාපනය පුරපති ඒ.දොරේඅප්පා මහතා ද්‍රෝහියෙකු ලෙස නම් කර 1975
ජූලි 27 දින ඔහුගේ හදවතට රත්වූ යකඩ
මූනිස්සමක් බැස්සුවේද මෙම ප්රභාකරන් ය.එම සිද්ධිය
නිසා දේශපාලනයට සම්බන්ධ පිරිස් ඔහුට යම් විශේෂ පිලිගැනීමක් ලබා දී තිබුණි.
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නැතිනම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ව්‍යවස්ථාවෙහි සඳහන් වූයේ දෙමළ ඊළම යථාර්තයක් බවට පත් වූ විට
එල්.ටී.ටී.ඊ.ය විසුරුවා හරින බවත් අලුත් හා ප්‍රතිවාදී කණ්ඩායම් පිහිටුවන්නන්ට
අනිවාර්යය මරණ දඩුවම ලබා දෙන බවත් ය.
එකල පැවති වෙනත් සංවිධාන මෙන්
එල්.ටී.ටී.ඊ ය තමන් වෙත එන සෑම කෙනෙක්ම බඳවා ගනු ලැබුවේ නැත.සංවිධානයට අලුතින්
පැමිණෙන සියලු දෙනාම පරික්ෂාවට ලක් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ප්රභාකරන්ට තිබුණි.
එසේ ඇතුළත් වන්නන්ට යම් පරිවාස
කාලයක් ලබා දී තිබුණි.එම කාලය තුළදී ඔත්තු බැලීම,පක්ෂ සාහිත්‍යය ප්‍රගුණ කිරීම,ආයුධ හොරෙන් ගෙන යාම වැනි
පුද්ගලයින්ගේ විශ්වාසය හා පක්ෂපාතීත්වය පරික්ෂා කරන පරීක්ෂණයන් පැවැත්වුණි.ඒවායින්
සමත් වන්නන්ට පමණක් සංවිධානයේ සාමාජිකත්වය ලබා දුණි.ප්රභාකරන් සෑම විටම සොල්දාදුවන් ගණන
නොව සොල්දාදුවා සතු ගුණය විශ්වාස කල අයෙක් විය.එනිසා ඔහු වරෙක මෙසේ ප්‍රකාශයක් සිදු කොට තිණුණි.
”ගුණාත්මක අගයක් නැති 500කට වඩා ගුණාත්මක අගයක් ඇති 50ක් බලවත් වේ.”
ඔහුගේ එම ගුණාත්මක සොල්දාදුවන් බඳවා
ගැනීමේ ක්‍රියාවලිය නිසා
එකල පැවති අනෙක් කණ්ඩායම් මෙන් ඉක්මණින් බිඳ නොවැටුනු අතර වසර 30ක් දක්වා යුද්ධයක් කිරීමට තුඩු දුන්
මූලික හේතුවද එය විය.
මතු සම්බන්ධයි.
kasun sapumohotti

0 Comments