2006 ජනවාරි මස 25 දින මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ වුඩ්ග්රීන් සාප්පු නගරයට ඉහලින් පිහිටි මෙට්‍රෝපොලිටන් නිවාස භාරයට අයත් වූ මහල් නිවාසයක දොරක් ඉදිරියේ නිවාස භාරයේ නිලධාරීන් පිරිසක් දොරකට තඩිබාමින් සිටියේය.
“මිස්
වින්සන්ට්....මිස් වින්සන්ට් අපි නිවාස භාරයේ නිලදාරීන්.කරුණාකර දොර අරින්න.”
ඇතුලතින්
රූපවාහිනියේ හඬ ක්‍රියාත්මක වන හඬක් ඇසුනද ප්‍රතිචාර්යක් නොමැත.
“මිස් වින්සන්ට්
කරුණාකර දොර අරින්න.අපිට නිවාසය නැවත ලබා ගැනීම සඳහා නියෝගයක් තිබෙනවා.කරුණාකර දොර
හරින්න.මිස් වින්සන්ට්...”
කිහිපවතාවක්
උත්සහ කලද ප්‍රතිචාරයක් නොලත් තැන ඔවුහු දොර කඩා ඇතුලු විය.දොර පාමුල විවෘත නොකල
තැපැල් පත් කන්දක් වූ අතර ගෙතුලින් පුස් ගඳක් ඔවුන්ට දැනිණි.රූපවාහිනිය ක්‍රියාත්මකවන
හඬ ඇසුනු ඔවුන් ආලින්දයට පිවිසි විට දක්නට ලැබුනේ ඔවුන් කෙදිනකවත් බලාපොරොත්තු
නොවුනු දෙයකි.
එය මල
සිරුරකි.සම දියවි ගොස් ඇටසැකිලි මට්ටම දක්වා දියවී තිබූ මල සිරුරකි.
මෙය නිවසේ කවිච්චියක වාඩි වීගත් විලසින්ම තිබූ
අතර එය ඉදිරියේ වූ රූපවාහිනිය බීබීසී 1 නාලිකාවට සුසර කොට තිබුණි.හඳුනා ගැනීමට
නොහැකි තරම් විකෘති වී තිබූ මෙම මල සිරුරේ දන්ත විද්‍යාත්මකව කල පරීක්ෂණයකින් හෙලි
වූයේ මෙම තැනැත්තිය ජොයිස් කැරොල් වින්සන්ට් බවයි.
ජොයිස්
වින්සන්ට් නැතහොත් ජොයිස් කැරොල් වින්සන්ට් උපත ලබන්නේ 1965 ඔක්තෝම්බර් මස 19 වන
දින මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි හැමර්ස්මිත් ප්රදේශයේය.ග්රනාඩා දූපත් හී සිට මහා
බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ඇයගේ දෙමව්පියන්ට ඇය ඇතුලු ගැහැනු දරුවන් පහක්
සිටියේය.ජොයිස් පවුලේ බාලයාය.ඇයගේ පියා වූ ලෝරන්ස් වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්
විය.ජොයිස්ට වයස අවුරුදු 11 පමණ වෙද්දී ඇයගේ මව මිය ගිය අතර ඇය හැදි වැඩුනේ තම
සහෝදරියන් සමඟය.
ජොයිස් තම ප්‍රාථමික
අධ්‍යාපන හැදෑරුවේ මෙල්කොම්බේ ප්‍රාථමික විදුහලෙන් වන අතර ඉන් පසු ඇය ෆුල්හැම්
ගිලියට් බාලිකා පාසලට ඇතුලු විය.කෙසේ වෙතත් වයස අවුරුදු 16 දී ඇය පාසල හැරගියේ
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිවය.නමුත් පසුව ඇය අතිශය ප්‍රසිද්ධ ගෝලීය මට්ටමේ ව්‍යාපාරික
ආයතන කිහිපයකම රැකියාව කලේය.
1980 දී පමණ
ජොයිස් ලන්ඩන් වෙත පැමිණියේය.ඇය සතු වූ ආකර්ෂණීය පෞරුෂය,කතාබහ නිසා ඇය ඉක්මනින්ම
බොහෝ මිතුරන් ඇති කරගත්තේය.ඒ අතර බෙටී රයිට්,ස්ටීව් වොන්ඩර් වැනි ජනප්‍රිය
පුද්ග්ලයන් පවා සිටියේය.ඇය එක් වරක් හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන්
මැන්ඩෙලාට අතට අත පවා දී ඇති බව සමහර වාර්ථා වල සඳහන් වේ.
1985 දී
ජොයිස් ඕවර්සීස් කන්ටේනර්ස් ලිමිටඩ් නම් නැව් සමාගමක ලේකම් තනතුරෙහි ක්‍රියා කොට
ඇති අතර,ඉන් පසු ඇය ජපන් සංස්ථාවක් වූ ඉටෝචු කෝපරේෂන් ආයතනයේ සහ නීති ණයකර
සංස්ථාවේද රැකියාවේ නිරත වී ඇති බව ඇයගේ මරණයෙන් පසු සිදු කල විමර්ෂණයන් තුලින්
සොයා ගෙන ඇත.ඉන් පසු ඇය ප්‍රසිද්ධ සේවා ජාලයක් වන අර්නස්ට් සහ යන්ග් සමාගමේ
රැකියාවෙහි නිරත වූ අතර ඇය 2001 මාර්තු මාසයේ දිනෙක එක්වරම එම ආයතනයෙන් ඉල්ලා
අස්වූ අතර ඇය ඉල්ලා අස්වීමට හේතුව ඇයගේ මිතුරු මිතුරියන් පවා නොදැන සිටියේය.ඔවුන්
සිතුවේ ඇයට නව රැකියාවක් ලැබුණු නිසා මෙසේ අස්වූ බවයි.
අර්නස්ට් සහ
යන්ග් සමාගමෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජොයිස් ලන්ඩන්හි හරිංග් හී පිහිටි ගෘහස්ථ
හිංසනයට ලක්වූවන් සඳහා ලබා දෙන්නා වූ නවාතැනක නතර විය.නමුත් ඇයව හිංසනයට ලක් කලේ
කවුරුන්ද යන්න පැහැදිලි නොවුනද ඇය එසේ හිංසනයට භාජනය වී ඇති බව ඇයගේ මරණයෙන් පසු
කල විමර්ෂණ වලින් පැහැදිලි වේ. ඇය මෙසේ නවාතැනක නතර වී කාලය තුලදී බජට් හෝටලයක
පිරිසිදු කරන්නියක් ලෙස කටයුතු කොට ඇත.මේ කාලය තුලදි ඇය කෙමෙන් කෙමෙන් ඇය තම
මිතුරන් හා පවුලේ අයගෙන් වෙන් වීමට පටන් ගත්තේය.එයටද තවමත් පැහැදිලි හේතුවක්
නොමැත.
කෙසේ වෙතත්
ජොයිස් වින්සන්ට් 2003 පෙබරවාරි මාසයේදී වුඩ්ග්රීන් සාප්පූ නගරයට ඉහලින් පිහිටි
මෙට්ට්‍රෝපොලිටන් නිවාස භාරයේ පිහිට ස්කයිලයින් නම් මහල් නිවාසයක bedsit flat නම් නිවාස වර්ගයේ නිවාසයක පදිංචියට
ගියාය.ඇයගේ කුලියෙන් භාගයක් ඇයගේ නියෝජිත ආයතනයෙන් ගෙවනු ලැබූ අතර ඉතිරිය ඇය
විසින් ගෙවනා ලදී.නිවසේ විදුලි හා රූපවාහිනි බිල්පත් ස්වයංක්‍රීය ලෙස මුදල් ගෙවන
ලෙස ඇය සකසා තිබුණි.
2003 නොවැම්බර්
මාසයේ දිනෙක ඇය ලේ වමනය කල අතර ඇය ලන්ඩනයේ උතුරු මිඩ්ල්සෙක්ස් හි පිහිටි රෝහලකට
ඇතුලත් කල අතර එහිදි කල පර්යේෂණ වලින් ඇයට Peptic ulcer නම් ආමාශ ගත රෝගයක් සෑදී තිබූ බවට හදුනා ගන්නා ලද අතර
ඇයට එහි දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.ඉන් පසු 2006 වන තෙක්
ඇය පිලිබඳ නියමාකාර වාර්ථාවක් නොලැබෙන අතර ඇයගේ සොහොයුරියන් ඇය සොයා ගැනීමට
පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු යොදා ගත්තද ඉන් පලක් නොවුනි.
2003
දෙසැම්බර් මාසයේ පමණ සිට 2006 පෙබරවාරි දක්වා පමණ මෙට්ට්‍රෝපොලිටන් නිවාස භාරයේ
පැවති නිවසෙක ඩොලර් 2400 ක පමණක් හිඟ මුදලක් තිබූ නිවාසයක් නැවත පවරා ගැනීමට එහි
නිලධාරීන් කටයුතු කල අතර 2006 ජනවාරී 25 දින නිවසට ඇතුලු වූ ඔවුන්ට පෙනී ගියේ
රූපවාහිනිය දෙස බලා වාඩි වී බලා සිටිනා මස් දිය වූ ඇට සැකිල්ලකි.පසුව එම මස් දියවී
විකෘති වී තිබූ ඇට සැකිල්ලේ සහ නිවසේ තිබූ ඡායාරූපයක දන්ත වාර්තා හා සසඳා බලා මේ
සිටිනේ ජොයිස් වින්සන්ට් බව හඳුනා ගන්නා ලදී.පර්යේෂණ වලින් හා පශ්චාත් මරණ
පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඇය ඇදුම රෝගය සහ Peptic ulcer නම් ආමාශ ගත රෝගය උත්සන්න වීමෙන් 2003 දෙසැම්බර් මස
දිනෙක මියගොස් ඇති බව තහවුරු කල අතර ඇයගේ නිවසේ තිබී 2003 කල් ඉකුත්වන භාණ්ඩ
කිහිපයක්ද සොයා ගැනීමට ලැබුණි.
ඇයගේ මරණය
සිදු වී වසර දෙකක් ගොස් ඇයව සොයා ගන්නා තෙක්ම ඇගේ රූපවාහිනිය ක්‍රියාත්මක වූ අතර
එම නගරයේ තිබූ කලබලකාරි බව නිසා ඒ බව එතරම් ගණනකට නොගත් බව ඇගේ අසල්වැසියන් පවසයි.ඇගේ
දියවූ ශරීර ද්‍රව්‍ය අසල තිබූ කසල භාජන වලට එක් වී තිබූ අතර ඉන් ශරීරය කුණු වී
හැමූ දුඟද පාලනය කොට තිබූ අතර ප්‍රදේශයේ පවතින තරමක දුර්ගන්ධය හා මෙම දුර්ගන්ධය
වෙන් කොට හඳුනා ගැනීමට අසල්වැසියන්ට නොහැකි වී ඇත.එසේම නිවසේ තිබූ ජනේල හොදින් වසා
තිබූ අතර ඒවාට ඝණ තිර රෙදිද දමා තිබුනේ පිටත සිට බලන්නෙකුට නිවස නොපෙනෙන්නටයි.එසේම
නිවසේ කිසිඳු කලබලයක් වූ බවට සලකුණක්ද නොමැති වූ අතර දොරද හොදින් අඟුළුලා
තිබුණි.එම නිසා පරීක්ෂකයන් මෙය ස්වභාවික මරණයක් ලෙස සඳහන් කලද ඔවුන්ටද විසඳා ගත
නොහැකි ගැටලු කිහිපයක්ද විය.
ඉන් ප්‍රධානතම
ගැටලුව වන්නේ ජොයිස්ගේ මලසිරුර අසල තිබී සොයා ගැනුණු නත්තල් තෑගිය.ඒවා කාහටද යන්න
කිසිදු සටහනක් නොතිබිණි.එසේම ජොයිස්ට පෙම්වතෙක් සිටි බවට තහවුරු වූවද ඔහු
කවුද?,ඔහු සිටින්නේ කොහිද? යන්න පරීක්ෂකයන්ට සොයා ගත නොහැකි විය.
එසේම ඇය සිය
පවුලෙන් ඉවත් වූයේ ඇයි?ඇය තම මිතුරන්ගෙන් ඉවත් වූයේ ඇයි?තම රැකියාවෙන් හිටි හැටියේ
ඉවත් වූයේ ඇයි?මත් ලෝලියෙකු නොවූ ජොයිස් මෙසේ සියල්ලන්ගෙන්ම එක් වරම වෙන් වී මරණයට
පත් වූයේ කෙසේද යන්න තවමත් විසඳා ගත නොහැකිව ඇති අභිරහසකි.
ඇයගේ මරණය
සොයා ගැනීම පිලිබඳ ප්‍රසිද්ධ වූ පසු 2011 දී ඇයගේ ජීවිතය අළලා Dreams Of
Life යනුවෙන් වාර්තාමය චිත්‍රපටයක්ද
නිකුත් වූ අතර එම චිත්‍රපටය අනුසාරයෙන් ලියවුණු ස්ටීවන් විලියම්ස්ගේ සිව්වන ඇල්බමය Hand
Cannot Erase යනුවෙන් 2014
දී නිකුත් විය.එසේම ඇයගේ ජීවිත කතාව පදනම් කොටගෙන Miss Vincent නම් සංගීත කණ්ඩායම No One Knew යනුවෙන් ගීතයක්ද එලිදැක්වීය.
කෙසේ නමුත්
ජොයිස් කැරොල් වින්සන්ට් අවුරුදු 38 දී පමණ ලෝකයා නොදැනම මියගියේ කෙසේද යන්න
සදාකාලික අභිරහසකි.
කසුන්
සපුමොහොට්ටි
අන්තර්ජාලය
ඔස්සේ ලබාගත් කරුණු ඔස්සේ ලියවුණි.
කරුණාකර කර්තෘ
අයිතිය සුරකින්න.
0 Comments