දිනය 2001 වසරේ සැප්තැම්බර් 11 දිනයි.ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට හිරු උදා වූයේ තවත් කාර්යයබහුල උදෑසනක් එක් කරමින් වූවත් එදා දිනය සමස්ත ඇමෙරිකාවටම අමතක නොවන දිනයක් වන බව එදින කිසිවෙකු නොසිතන්නට ඇති.නිව්යෝර්ක් හි ඇති ලෝක වෙලඳ මධ්‍යස්ථානය වෙනදා මෙන්ම විවෘත වූ අතර ඇමෙරිකාවේම තවත් තැනක භයානක සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පැවතුණි.ඒ අල්කයිඩා ත්‍රස්තවාදියෙකු වූ මොහොමඩ් ආටාගේ නායකත්වයෙන් ත්‍රස්තවාදීන් 18 දෙනෙකු මෙයට එය ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටියේය.
වේලාව
නැගෙනහිර දිවා වේලාවෙන් උදෑසන 6.45 ට පමණ ත්‍රස්තවාදී මොහොමඩ් ආටා සහ ත්‍රස්තවාදී
අබ්දුල් අසීස් අල් ඔමාරී බොස්ටන් ලෝගන් අන්තර්ජාතික ගුවන්තොටුපල වෙත පැමිණේ.උදෑසන 6.52ට මර්වාන්
අල් ෂෙහී බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනත් පර්‍යන්තයක සිට මොහොමඩ්
ආටාට කතා කොට ප්‍රහාරය පිලිබඳ සනාත කර ගනී.
ඒ අතර ත්‍රස්තවාදී
සියාඩ් ජාරා හා ඔහුගේ කණ්ඩායම උදෑසන 7.03ට පමන නෙවාක් ජාත්‍යන්තර ගුවන්තොටුපලට
පැමිනේ.
එසේම උදෑසන
7.15ට පමණ කාලිඩ් අල් මිහ්දර් හා ඔහුගේ කණ්ඩායම වොෂින්ටන් හි ඩලස් ජාත්‍යන්තර
ගුවන්තොටුපලට පැමිනේ.
මෙසේ මොවුන්
පැමිනෙන්නේ කුඩා පිහි පමණක් රැගෙන වන අතර එකල ඇමෙරිකානු ගුවන් නීතියට අනුව අඟල් 4ට
වඩා අඩු පිහි වර්ගයක් ගෙන යාමට මඟීන්ට අවසර ලැබී තිබුණි.ඒ අවසරයෙන් මොවුන් ප්‍රයෝජන
ගෙන ඇමෙරිකාවේ දැවැන්තම ප්‍රහාරය වන සැප්තැම්බර් 11 ප්‍රහාරය ක්‍රියාත්මක කලේය.
උදෑසන 7.23 හා
7.28 අතර කාලසීමාවේදී ත්‍රස්තවාදී මර්වාන් අල් ෂෙහී හා ඔහුගේ කණ්ඩායම වන ෆයස් බනීහම්මද්,මොහොමඩ්
අල් ෂෙහ්රි,හම්සා අල් ගැම්දී, අහමඩ් අල් ගැම්ඩී යන ත්‍රස්තවාදීන් යුනයිටඩ් එයාර්
ලයින් 175 පියාසැරි යානයට ගොඩ විය.
උදෑසන 7.35 හා
7.40 අතර කාල සීමාවේදී ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ත්‍රස්‍තවාදී මොහොමඩ් ආටා
හා ඔහුගේ කණ්ඩායම වන අබ්දුල්ලා සීස් අල් ඕමාරි,වයිල් අල් ෂේරි,වලීඩ් අල් ෂේරී,සතම්
අල් ෂුකාමි යන ත්‍රස්තවාදීන් ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානයට ගොඩ විය.
නෙවාක් අන්තර්ජාතික
ගුවන්තොටුපලට පැමිණි ත්‍රස්‍තවාදී සියාඩ් ජාරා හා අහමඩ් අල් හස්තාවී,අහමඩ් අල්
නැමී සහ සයිඩ් අල් ගැම්දී යන ත්‍රස්තවාදී කණ්ඩායම යුනයිටඩ් එයාර් ලයින් 93
පියාසැරි යානයට පෙ.ව.7.39-7.48 කාලය තුලදී ගොඩ විය.
පෙ.ව.7.50 ට
පමණ වොෂිංටන් හි ඩලස් ගුවන්තොටුපලේ සිටි ත්‍රස්තවාදී හනී හන්ජූර් සහ ඔහුගේ කණ්ඩායම
වන ත්‍රස්තවාදී කාලීඩ් අල් මිහ්ඩර්,මජෙඩ් මොක්ඩ්,`නවාෆ් අල් හස්මි,සලෙම් අල් හස්මි
ඇමෙරිකානු ගුවන් සේවයේ 77 වන පියාසැරි යානය වෙත ගොඩ වෙයි.
පෙ.ව.7.59 ට
ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය විනාඩි 14ක ප්‍රමාදයකින් පසුව ත්‍රස්තවාදීන්
5ක් ඇතුලුව මඟීන් 81ක් හා කාර්යය මණ්ඩලය 11ක් ඇතුලත්ව බොස්ටන් හි ලෝගන් ගුවන්තොටුපලින් ලොස්
ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා ගුවන් ගත විය.
පෙ.ව.8.00ට ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්
ෆ්ලොරීඩාහි සරටෝගා එමා ඊ බුකර් ප්‍රාථමික පාසලේ පැවැත්වීමට තිබූ උත්සවයක් සඳහා
යාමට පිටත් වුණි.
පෙ.ව.8.13 ට ඇමෙරිකානු
ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය අවසන් වරට බොස්ටන් හී පිහිටි ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය
හා සන්නිවේදනය කල අතර පෙ.ව.8.14 ට ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පිහි ඇනුම් සිදු කරමින්
නියමු කුටියට ඇතුල් වූ ත්‍රස්තවාදීන් ගුවන් යානයේ පාලන බලය සියතට ගන්නා ලදී.
මේ අතර පෙ.ව.8.14ට
යුනයිටඩ් එයාර් ලයින් 175 පියාසැරි යානය ත්‍රස්තවාදීන් 5ක් ඇතුලුව මඟීන් 56ක් හා
කාර්යය මණ්ඩලය 9ක් ඇතුලත්ව බොස්ටන් හි ලෝගන් ගුවන්තොටුපලින් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර
ගුවන්තොටුපල බලා ගුවන් ගත විය.
පෙ.ව.8.19 ට
පමණ ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානයේ ගුවන් සේවිකා බෙටී ඔන්ග් ඇමෙරිකානු
ගුවන් සේවා සමාගම අමතයි.
“නියමු
කුටියෙන් පිලිතුරක් නැහැ.ව්‍යාපාරික පන්තියේ කාටදෝ පිහියෙන් ඇනලා...මම හිතන්නේ
අපිව පැහැර ගැනීමකට ලක් වෙලා....”
පෙ.ව.8.20ට ඇමෙරිකානු
ගුවන්සේවයේ 77 වන පියාසැරි යානය ත්‍රස්තවාදීන් 5ක් ඇතුලුව මඟීන් 58ක් හා කාර්යය
මණ්ඩලය 6ක් ඇතුලත්ව වොෂින්ටන් හී පිහිටි ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ලොස්
ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා ගුවන් ගත විය.
පෙ.ව.8.21ට ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානයේ ගුවන්
යානා පිහිටීම දැනගැනීමට පිහිටුවා ඇති ට්‍රාන්ස්පොන්ඩර් සංඥා පද්ධතිය ක්‍රියා
විරහිත වූ නමුත් බොස්ටන් හී පාලක මැදිරියට ප්‍රාථමික රේඩාර් සංඥා තුලින් නිරීක්ෂණය
කල හැකි විය.
පෙ.ව.8.24ට ගුවන්
මඟීන්ට නිවේදනයක් සිදු කිරීමට මොහොමඩ් ආටාගේ අතින් වැරදීමකින් රේඩියෝව ක්‍රියාත්මක
වූ අතර ඔහු කියූ දේ එය බොස්ටන් හි පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඇසුනි.
“අහ්හ්හ්.....අපිට
ගුවන් යානා කිහිපයක්ම තිබෙනවා.දිගටම සන්සුන්ව සිටින්න.ඔබලාට ප්‍රශ්ණයක් වෙන්නේ
නැහැ.අපි නැවතත් ගුවන් තොටුපලට යනවා.......”
විනාඩි 2ක්
පමණ ගත වුණි.පෙ.ව.8.26ට ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය හඩ්සන් ගංගාව
ඔස්සේ අංශක 100 ක හැරවීමක් සහිතව නිව්යෝර්ක් නගරයට හැරවුමක් ලබා ගත්තේය.
පෙ.ව.8.34ට මොහොම්මඩ්
ආටාගේ හඬ නැවතත් රේඩියෝවෙන් ඇසේ.
“කරුණාකර
කවුරුත් හෙලවෙන්න එපා.අපි ආපහු ගුවන්තොටුපලට යනවා.කිසිම මෝඩ වැඩක් කරන්න එපා.”
මේ අවස්ථාවේම
බොස්ටන් ගුවන් පාලක මැදිරිය උතුරු ඇමෙරිකානු ගුවන් ආරක්ෂක බලඇණිය වන NORAD හි ඊසාන දිග බලඇණිය වන
NEADS
වෙත පැහැර
ගැනීම පිලිබඳ දන්වයි.
පෙ.ව.8.37 ට
අඩි 29,000ක උන්නතාංශයක සිට විනාඩියකට අඩි 3200ක වේගයෙන් පහලට පැමිණීම ආරම්භ වන
අතර උතුරු ඇමෙරිකානු ගුවන් ආරක්ෂක බලඇණිය වන NORAD හි ඊසාන දිග බලඇණිය වන NEADS හි F9 ගුවන් යානා 2ක් ඇමෙරිකානු
ගුවන්සේවයේ 11 වන පියාසැරිය පිලිබඳ සොයා බැලීමට පිටත් වන නමුත් එහි ට්‍රාන්ස්පොන්ඩර්
සංඥා පද්ධතිය ක්‍රියා විරහිතව තිබූ නිසා ගුවන් යානයේ නිෂ්චිත පිහිටීමක් සොයා
ගැනීමට ඔවුනට නොහැකි විය.
පෙ.ව.8.42 ට
නෙවාක් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් විනාඩි 40 ක ප්‍රමාදයක් සමඟ යුනයිටඩ් එයාර්
ලයින් 93 ගුවන් පියාසැරිය ත්‍රස්තවාදීන් 4ක් ඇතුලු මඟීන් 37ක් හා කාර්යමණ්ඩලය 7ක්
සමඟ සැන් ෆ්‍රැන්සිස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල බල යාමට පිටත් වුණි.
පෙ.ව.8.42 හා
8.46 අතර යුනයිටඩ් එයාර් ලයින් 175 පියාසැරි යානයේ සිටින ත්‍රස්ථවාදීන් වන ෆයස්
බනීහම්මද්,මොහොමඩ් අල් ෂෙහ්රි නියමු කුටියට බලෙන් ඇතුල් වී යානයේ පාලනය සියතට ගෙන යානය
පැහැරගත්තේය.
පෙ.ව.8.43 වන
විට අඩි 10,000ක් දක්වා පහල බසිනා ලද ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය
ලෝක වෙළද මධ්‍යස්ථානය ඉලක්ක කරමින් සිය අවසාන හැරවීම ගනු ලැබුවේය.
පෙ.ව.8.44ට
පමණ බොස්ටන් හි ඇමෙරිකානු එයාර් ලයින් ගුවන් සමාගමේ මයිකල් වුඩ්වර්ඩ් හට කතා කල ඇමෙරිකානු
ගුවන්සේවයේ 11 වන පියාසැරි යානයේ ගුවන් සහායිකා ඇමී ස්වීනි කියා සිටින්නේ
“මොකක් හරි
අවුලක්.අපේ යානය වේගයෙන් පහලට යමින් තිබෙනවා....මට වතුර පේනවා.ගොඩනැගිලි
පෙනෙනවා.අහෝ! දෙවියනි,අපි හුඟක්ම පහලින් යන්නේ....”
පෙ.ව.8.46.30
ට ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය දල වශයෙන් පැයට කිලෝමීටර 790ක වේගයෙන්
පැමිණ නිව්යෝර්ක් හි ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුනේ උතුරු මුහුතේ 93 හා 99 යන
මහල් අතර ගැටුණු අතර ඉන් ඇති වුණු කම්පනය අසල ගොඩනැඟිලි වලට දැනුණි.ගුවන් යානයේ
තිබූ ඉන්ධන සමඟ ගොඩනැගිල්ලේ ප්‍රධාන රාමුවට හානි පමුණුවමින් ගොඩනැගිල්ල ගිනිගන්නා
ලදී.මින් යානයේ සිටි සියලු දෙනා සහ උතුරු කුලුනේ සිටි දහසකට වඩා පිරිසක් එම
ස්ථානයේම මිය ගිය අතර ඔවුන්ගේ සිරුරු කොටස් පවා පිලිස්සී දැවී ගොස් තිබුණි.
නිව්යෝර්ක්
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ (FDNY) පලමු බලඇණි
ප්‍රධානී විසින් ඔවුන්ගේ ප්‍රධාන කාර්යයාලය වෙතට පෙ.ව.8.46.43ට පමණ උතුරු කුලුනේ
සිදු වූ අනතුර දැනුම් දෙන ලදී.
“අපිට මේ දැන් දැකගන්න ලැබුනා ගුවන්යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහල මහලක
ගැටෙනවා. දෙවන සංඥාවක් නිකුත්කර කණ්ඩායම් මේ ස්ථානයට එවීම ආරම්භ කරන්න.” යනුවෙන් සඳහන් කරන ලද අතර දැඩි දුම් වලාවක් නිකුත් කරමින් ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ
උතුරු කුලුණ දැවේ.
වේලාව පෙ.ව.8.49. “මෙන්න දැන් ලැබුණු පුවතක්. ඔබ මේ පැහැදිලිවම දකින්නේ
ඉතා කැළඹිලිකාරී සජීවී දර්ශනයක්. ඒ තිබෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයයි. අපට තවමත් තහවුරු
නොවූ ආරංචියකින් කියවෙන්නේ,මේ උදෑසන ලෝක
වෙළඳ මධ්‍යස්ථානයේ එක් කුලුනක ගුවන්යානයක් ගැටී ඇති බවයි... නැවත වරක් සඳහන් කරනවා, ඒ ඔබ දකින්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුලුනක් බව.”
CNN රූපවාහිනි නාලිකාව ඩයිටෙක් ආයතනයේ වෙලඳ දැන්වීමක් අතර මඟම නවතා තේමා
වාදනයකින් තොරවම "WORLD TRADE CENTER DISASTER" යන සිරස්තලය ඔස්සේ මාධ්‍යවේදිනි කැරොල් ලින් පුවත
වාර්තා කරන ලද අතර ඉන්පසු ABC NEWS,MSNBC,NBC NEWS,යන නාලිකාද වහාම තම වැඩ සටහන් නවත්වා
විෂේශ පුවත් විකාශනයක් ආරම්භ කරනා ලදී.
පෙ.ව.8.50 හා 8.54 යන කාලය තුලදී
ඔහායෝවට ඉහල අහසේදී ඇමෙරිකානු
ගුවන්සේවයේ 77 වන පියාසැරි යානය ත්‍රස්තවාදීන් පැහැරගත් අතර නියමු කුටියට කඩා
වැදුනු හනී හන්ජූර් හා ත්‍රස්තවාදීන් නියමුවන් පසුපසට ගෙන ගිය අතර යානයේ පාලනය හනී
හන්ජූර් සතු විය.ඔහු යානයේ පියාසැරිය දකුණට හරමින් යානයේ ගමන් මඟ වෙනස් කරයි.
පෙ.ව.8.55ට
පමණ ලෝක වෙලද මධ්‍යස්තානයේ දකුණු කුලුණේ නිලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා
සිටින්නේ දකුණු කුලුණ ආරක්ෂිත බවත් තමන්ගේ කාර්යාලවලට ගමන් කරනා ලෙසත් ය.මෙය
පිරිසකට පමණක් ඇසෙනා අතර පිරිසකට ඇසෙන්නේ නැත.එසේම තවත් පිරිසක් එය නොසලකා
ගොඩනැගිල්ලෙන් ඉවත් විය.
පෙ.ව.8.55 ට
පමණ ජනාධිපති බුෂ් එමා ඊ බුකර් පාසලට පැමිනෙන අතර එම අවස්ථාවේ ධවල මන්දිර කාර්ය
මණ්ඩල ප්‍රධානි ඇන්ඩෲ කාර්ඩ් පවසන්නේ ලෝක වෙලද මධ්‍යස්ථානයේ කුඩා ගුවන් යානයක්
වැදී ඇති බවයි.නමුත් පාසලේ පන්ති කාමරයක් වෙත ඇතුල් වීමට පෙර ධවල මන්දිර ජාතික
ආරක්ෂක උපදේශිකාව වන කොන්ඩලීසා රයිස් අමතන අතර ඇය පවසන්නේ එය වාණිජ ගුවන් යානයක්
බවත් දැනට දන්නේ එපමනක් බවත් ය.
පෙ.ව.8.56 ට
ඇමෙරිකානු ගුවන්සේවයේ 77 වන පියාසැරි යානය තම ට්‍රාන්ස්පොන්ඩර් සංඥා ක්‍රියාවිරහිත
කරනා අතර ඔවුන්ව ප්‍රාථමික රේඩාර්වලටද නොපෙනුණි.ඔවුන් මේ වාසිය ප්‍රයෝජනය ගෙන මිනිත්තු
36ක් පුරා කිසිදු ගුවන් පාලක මධ්‍යස්ථානයකට නොදැනි වොෂින්ටන් බලා ඒමට හැකි වුණි.
පෙව.8.58ට
යුනයිටඩ් එයාර්ලයින් 175 පියාසැරි යානය නිව්යෝර්ක් දෙසට හරවන අතර පෙ.ව.9.00 ට පමණ
ලී හැන්සන් නම් තම පියා අමතන පීටර් හැන්සන්
"තාත්තේ, තත්වය නරක අතට හැරෙනවා. ගුවන්සේවිකාවකට පිහියෙන් ඇනල. ඔවුන් ගාව පිහි සහ
මේස් (ස්ප්‍රේ වර්ගයක්) තියෙනවා. ඔවුන් කියනවා ඔවුන් සතුව බෝම්බයක් තියෙනවා කියල.
ප්ලේන් එක ඇතුලේ තත්වය ගොඩක් නරකයි..... මම හිතන්නේ ඔවුන් හදන්නේ ප්ලේන් එක චිකාගෝ හෝ වෙනත් නගරයකට අරන් ගිහින් ගොඩනැගිල්ලක හප්පවන්නයි. කලබල වෙන්න
එපා. එහෙම දෙයක් වෙනවනම් හුගක් ඉක්මනින්ම වෙයි. මගේ දෙවියනේ!" විශාල
කෑගැසීමකින් දුරකතනය විසන්ධි වේ.
පෙ.ව.9.02 ට නිව්යෝර්ක් ගිනි නිවීම්
බලඇණි ප්‍රධානී උතුරු කුළුනේ සිටින සියලු දෙනා ඉවත් කිරීමට මහජන ඇමතුම් පද්ධතිය හරහා
දැනුම් දෙන ලද අතර මේ වන විටත් සියලුම නාලිකා වලින් මෙම පුවත සජීවීව ප්‍රචාරය
කරමින් සිටියේය.
පෙ.ව.9.03. යුනයිටඩ් එයාර්ලයින් 175 පියාසැරි යානය පැයට කිලෝමීටර 950ක වේගයෙන් පැමිණ ලෝක වෙලඳ මධ්‍යස්තානයේ දකුණු කුළුනේ දකුණු මුහුනතේ 77 හා 85 යන මහල් අතර ප්‍රදේශයේ ගැටෙනා අතර මෙම සිදු වීම ලොව පුරා සජීවීව විකාශණය වන අතර මිලියනයක් පමණ දෙනා එම සිදු වීම සජීවීව නරඹන ලදී.යානයේ සිටි සියලු පිරිස් මියයයන අතර කුළුනේ සිටි සිය ගණනක් දෙනා එම ස්ථානයේදීම මියයයි.
විශාල ගිනි ජාලාවක් සමඟ නැගුනු දුම නිසා ගුවනින් බේරා ගැනීමේ
මෙහෙයුම් කල නොහැකි වූ අතර දිවි බේරා ගැනීමේ අපේක්ෂාවෙන් මහල් හැත්තෑගණනක සිට
මිනිසුන් පහලට පනිනු ලබයි.නමුත් ඔවුන්ට උරුම වූයේ මරණය පමණි.
එම අවස්ථාවේම
ජනාධිපති බුෂ් ලමුන් සිටිනා පන්ති කාමරයට පිවිසෙන අතර පෙ.ව.9.04ට පමණ ෆෙඩරල් ගුවන්
සේවා අධිකාරියේ (FAA) බොස්ටන් මධ්‍යස්ථානය
තම බල ප්‍රදේශයේ සියලුම ගුවන් තොටුපලවල් වලින් ගුවන් යානා පිටත් කිරීම අත්හිටුවයි.
වේලාව 9.05 ෆ්ලෝරීඩා සැරටෝගා හි එමා ඊ බුකර් ප්‍රාථමික පාසලේ සිසුන් හා ජනාධිපති බුෂ් The Pet Goat නම් කතාන්දරය කියවමින් සිටි අතර ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානි ඇන්ඩෲ කාර්ඩ් ඉක්මන් ගමනින් පැමින ජනාධිපතිතුමාගේ කනට කොඳුරා මෙසේ කියයි.
"Sir, A second plane has hit the second tower. America is under attack." “සර්, දෙවන ගුවන් යානයක් දෙවන කුළුනේ වැදිලා.ඇමෙරිකාව ප්‍රහාරයට ලක් වෙමින් පවතින්නේ”.බුෂ් කලබලයක් නොපෙන් වූ අතර ඔහු වෙනත් ලෝකයක සැරි සරනවා මෙන් ඔහුගේ මුහුණින් පෙනේ.පසු කාලයක ඔහු සඳහන් කලේ තමන් කල්පනා කලේ ඇමෙරිකාවට පහරදීමට හැකි කාටදැයි කල්පනා කල බවයි.
පෙ.ව.9.06 සිට ෆෙඩරල් ගුවන් සේවා
අධිකාරිය (FAA) ගුවන් ගමන්
සඳහා විවිධාකාර නීති පැන වූ අතර පෙ.ව.9.14ට ජනාධිපති බුෂ් එක්සත් ජනපද රහස් සේවය
තාවකාලිකව සාදන ලඳ යාබද පන්ති කාමරයක වූ මෙහෙයුම් මැදිරියට පැමිණ උප ජනපති,නිව්යෝර්ක්
ආණ්ඩුකාරවරයා,FBI අධ්‍යක්ෂක
සමඟ සාකච්ඡාවක් පවත්වයි.
පෙ.ව.9.19ට යුනයිටඩ්
එයාර් ලයින්හි ගුවන් යානා වලට එඩී බැලින්ගර් "ඕනෑම නියමු කුටියක් තුළට ඇතුළු වීම ගැන සැලකිලිමත් වන්න
- ගුවන් යානා දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීලා." යනුවෙන් සියලු ගුවන් යානා වලට අනතුරු ඇගවීම් යවන ලද අතර
පෙ.ව.9.23ට පමණ යුනයිටඩ්
එයාර් ලයින් 93 ගුවන් පියාසැරිය වෙත එම පණිවිඩය ලැබුණි.
පෙ.ව.9.24ට
පමණ ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) උතුරු
ඇමෙරිකානු ගුවන් ආරක්ෂක බලඇණිය (NORAD) වෙත
ඇමෙරිකානු ගුවන්සේවයේ 77 වන පියාසැරි යානය පැහැරගෙන ඇතැයි සැක කරන බවට දනවන අතර ගමනාන්තය
නොතකා සියලු සිවිල් ගුවන් ගමන් අත්හිටුවීමට ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) පෙ.ව.9.26ට නියෝග
කරයි.ඒ අතර ලොව වටා ඇති සියලුම
එක්සත් ජනපද හමුදා කඳවුරුවල ආරක්ෂාව DEFCON 3 මට්ටම දක්වා ඉහල දැමීමට ධවල මන්දිර ත්‍රස්ත
විරෝධී ප්‍රධානී රිචඩ් ක්ලාක් පවසන ලදී.
පෙ.ව.9.28ට
යුනයිටඩ් එයාර් ලයින් 93 ගුවන් පියාසැරියේ නියමු කුටියට කඩා වැදුණු ත්‍රස්තවාදීන්
එහි පාලනය තම අතට ගෙන යානය පැහැර ගනියි.
මේ අතර පෙ.ව.9.29 ට එමා ඊ බුකර් විදුහලේ ලමුන් හා ගුරුවරුන් ඉදිරියේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බුෂ් තමා ඉක්මනින්ම වොෂිංටන් බලා යාමට අවශ්‍ය බව ප්‍රකාශ කල අතර
"අද අපි ජාතික ඛේදවාචකයකට මුහුණ දීලා,මීට සුළු මොහොතකට පෙර ගුවන් යානා දෙකක් ලෝක වෙලඳ මධ්‍යස්තානයේ ගැටිලා.පෙනනා විදිහට එය ත්‍රස්‍ත ප්‍රහාරයක්....”වශයෙන් කෙටියෙන් සිය ප්‍රකාශය සිදු කරන ඔහු එම ස්ථානයෙන් ඉවත්ව යන අතර ඔහුව සරටෝගා හි බ්‍රැඩන්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටා තිබූ එයාර් ෆෝස් වන් වෙත ගෙන යන ලදී.
පෙ.ව.9.32ට ගුවන් විදුලි සම්ප්‍රේෂක
තුලින් යුනයිටඩ්
එයාර් ලයින් 93 ගුවන් පියාසැරියෙහි සම්ප්‍රේෂණයක් ඇසෙයි.
“නෝනාවරුනි
මහත්වරුණි,මේ කැප්ටන්.කරුණාකරලා වාඩීවෙන්න...අපි ලඟ බෝම්බ තියෙනවා.”
මේ අතර රේගන්
ගුවන් තොටුපල අධ්‍යක්ෂක වරයෙක් ධවල මන්දිර රහස් සේවය අමතා ගුවන් යානයක් ඒ දෙසට
සන්නිවේදනයකින් තොරව පැමිණෙන බව ප්‍රකාශ කරන අතර පෙ.ව.9.35ට පමණ උප ජනපති වහාම ධවල
මන්දිරයෙන් ඉවත් කල යුතු බව රහස් සේවය නියෝග කරන අතර ඔහුව ධවල මන්දිරයේ නැගෙනහිර
ප්‍රදේශයේ පිහිටි රහසිගත බංකරයකට රැගෙන යයි.
ඒ අතර
යුනයිටඩ් එයාර් ලයින් 93 ගුවන් පියාසැරියේ ගමන් මාර්ගය ඔහියෝ හි ඊසාන දිග ප්‍රදේශයෙන්
නැවත නැගෙනහිර දෙසට හරවන ලදී.
පෙ.ව.9.37ට වොෂින්ටන්හි
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයට බටහිරින් සර්පිලාකාරව හැරවූ
ඇමෙරිකානු ගුවන්සේවයේ 77 වන පියාසැරි යානය අඩි 2200ක් පහලට ගෙන පැයට කිලෝමීටර 853ක
වේගයෙන් පෙන්ටගනයේ බටහිර ප්‍රදේශයට කඩා වැදුනු අතර මින් එහි සිටි සියලු දෙනා මෙන්ම
පෙන්ටගනයේ සිටි 125කට පමණ ජීවිත අහිමි විය.
මේ අතර පෙ.ව.9.39ට
තවත් සම්ප්‍රේෂණයක් සිදුකරනා යුනයිටඩ් එයාර් ලයින් 93 ගුවන් පියාසැරිය පාලනය කරනා
ත්‍රස්තවාදියා වන සියාඩ් ජරාඩි පවසන්නේ,
"අහ්...... මේ කැප්ටන්, ඔබ සියලු
දෙනාම වාඩි වී සිටිනවාට මම කැමතියි. අපි බෝම්බයක් තබාගෙන නැවත ගුවන් තොටුපළට යමින්
සිටින්නේ, එබැවින් නිහඬව සිටින්න... "
පෙන්ටගනයේ පිපිරීමක් සිදුව ඇතිබ ව මාධ්‍ය
ප්‍රකාශ කරනා අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ධවල මන්දිරය හා කැපිටල් ගොඩනැගිල්ල
වසා දමනා ලදී.එසේම එක්සත් ජනපද අහස වසා දැමුනු අතර කිසිදු සිවිල් ගුවන් යානයකට
ගුවන් ගත වීමට හිමි නොවූ අතර ගුවනේ පවතින සියලු ගුවන් යානා ලඟම ඇති ගුවන් තොටුපලට
ගොඩ බස්සවන ලෙස නියෝග ලබා දුන් අතර ඇමෙරිකාවට පැමිනෙන සියලුම ගුවන් යානා කැනඩාවට
හෝ මෙක්සිකෝවට හරවා යවන ලදී.
මේ අතර ද්විත්ව කුළුණු වල බේරා ගැනීමේ
කටයුතු සිදු කරමින් පවතී.
පෙ.ව.9.53ට පෙන්ටගනයේ සිදු වූයේ ගුවන්
අනතුරක් බව CNN ප්‍රවෘත්ති ජාලය තහවුරු කරයි.
පෙ.ව.9.55ට බුෂ් එයාර් ෆෝස් වන් ඔස්සේ
සරටෝගා හි බ්‍රැඩන්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව යයි.
පෙ.ව.9.57ට පමණ යුනයිටඩ් එයාර් ලයින්
93 ගුවන් පියාසැරියේ මඟීන් දුරකථන මඟින් තමන්ට දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව මෙම
ගුවන් යානයත් පැහැර ගෙන ඇත්තේ එවන් විනාශකාරී අරමුණකට බව සිතා ත්‍රස්තවාදීන්ට
එරෙහිව පියාසැරියේ සිටි මඟීන් හා කාර්යය මණ්ඩලය කැරැල්ලක් ආරම්භ කලේය.
පෙ.ව.9.59වන
විට යුනයිටඩ් එයාර්ලයින් 175 පියාසැරි යානය ගැටීමෙන් හානී වී තිබූ ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ
දකුණු කුලුණ විශාල ශබ්දයක් සමඟ කඩා වැටේ.කුඩු වූ කොන්ක්‍රීට් සමඟ දුම නගරය පුරා
පැතිර යන අතර රූපවාහිනී නිරීක්ෂකයන් තවත් පිපිරීමක් ලෙස සිතුවද සුලඟ ඉවත්ව ගිය පසු
තවදුරටත් දකුණු කුළුන එහි නොතිබූ නිසා සිදූ වී ඇති දෙය වටහා ගත්හ.
පෙ.ව.10.00ට උතුරු කුලුනෙන් සියලුම ගිනි භටයන්ට ඉවත් වන ලෙස එහි ප්‍රධානියා දැනුම්දෙනු ලබයි.
මේ අතර පෙ.ව.10.03 පමණ වන
විට මඟීන්ගේ කැරැල්ල නිසා තම ඉලක්කය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හා මඟීන් නියමු
කුටියට ඇතුල් වීමට උත්සහ කිරීම නිසා ත්‍රස්තවාදීන් පෙන්සෙල්වේනියාවේ සමර්සෙට් ප්‍රාන්තයේ
පිට්ස්බර්ග් වලට ගිනිකොනට වන්නට ෂැන්ස්ක්වීල් හි යුනයිටඩ් එයාර්
ලයින් 93 ගුවන් පියාසැරිය පැයට සැතපුම් 583 වේගයෙන් ගුවන් යානය අනතුරට පත්කල අතර
එහි සිටි සියලුම අය එම ස්ථානයේදීම මිය ගියේය.එහි ඉලක්කය වොෂින්ටන්හි කැපිටල්
ගොඩනැගිල්ල බව පසුව හෙලි විය.
පෙ.ව.10.10ට
පෙන්ටගනයේ කොටසක් කඩා වැටෙනා අතර නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වසා දමන
ලදී.එසේම අවශ්‍යනම් ගුවන් යානා වලට වෙඩි තැබීමට බුෂ් උපජනාධිපති වරයාට බලය ලබා
දෙනු ලබන අතර පලස්තීන විමුක්ති සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර නොගනී.
පෙ.ව.10.28 ට
ඇමෙරිකානු ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය නිසා ඇති වූ හානි නිසා ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ
උතුරු කුලුණ කඩා වැටුණු අතර නගරය පුරා විශාල දූවිලි වලාවක් පැතිර ගිය අතර අවට තිබූ
බොහෝ ගොඩනැගිලි වලට බරපතල හානී වී තිබුනි.
පෙ.ව.10.35ට
එයාර් ෆෝස් වන් ජනාධිපති බුෂ් සමඟ ලුසියානාහි බොසියර් හි බාර්ක්ස්ඩේල් ගුවන් හමුදා
කඳවුර වෙත ගොඩ බස්වයි.
පෙ.ව.10.41ට
සමර්සෙට් ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරට පත්වී ඇති බව සොයා ගන්නා ලදී.
පෙ.ව.10.43 ට
වොෂිංටන්,නිව්යෝර්ක් හි ජනතාව ඉවත් කිරීමක් ගැන CNN වාර්තා කරන අතර පහල මෑන්හැටන් හිස් කරනා
ලෙස නිව්යෝර්ක් නගරාධිපති නියෝග කරයි.
පෙ.ව.10.50ට
පෙන්ටගනයේ කොටසක් කඩා වැටී ඇති බව කතාබහක් යන අතර නිව්යෝර්ක් හි ප්‍රාථමික ඡන්ද විමසීම අවලංගු කරනා ලදී.
මේ අතර පෙ.ව.11.16ට ඇමෙරිකානු ගුවන් සේවය තම ගුවන් යානා දෙකක්ද,පෙ.ව.11.53
ට යුනයිටඩ් ගුවන් සේවය තම යානා දෙකක්ද අහිමි බව තහවුරු කරනා ලදී.
ප.ව.12.04 ට ගුවන් පියාසැරි 11,77හා
175 යන ගුමන් ගමන් හි ගමනාන්තය වන ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපල හා ප.ව12.15ට
ගුවන් පියාසැරි 93 අපේක්ෂිත ගමනාන්තය වන සැන් ෆැන්සිසිකෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දමනා ලදී.
ප.ව.1.04ට ජනාධිපති බුෂ් ලුසියානාහි බොසියර් හි බාර්ක්ස්ඩේල් ගුවන් හමුදා කඳවුරේ සිට මාධ්‍ය අමතමින්
"freedom itself was attacked this morning by a faceless coward and freedom will be defended."...United States will hunt down and punish those responsible for these cowardly acts."පැවසූ අතර ඉන් පසු ඔහු නෙබ්රස්කා හී ඕෆුට් හි හමුදා බංකරයක් වෙත ගෙන යන ලදී.
ප.ව.1.27ට වොෂින්ටන් DC හි නගරාධිපති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනා ලදී.
ප.ව.4.00ට ප්‍රහාරයේ ප්‍රධාන මොලකරු
ලෙස ඔසාමා බිල් ලාඩන් ෆෙඩරල් බුද්ධි අංශ ම්ඟින් හඳුනා ගැනේ.
ප.ව.5.20ට පමණ මහල් 47 කින් යුත් 7 වන
ලෝක වෙලඳ මධ්‍යස්ථානය කඩා වැටෙනු ලබන අතර එහි සිටි සියල්ලන්ම ඉවත් කරගෙන සිටි නිසා
ජීවිත හානි කිසිවක් සිදු නොවුනි.
ප.ව.6.54 වන විට ජනපති බුෂ් ධවල
මන්දිරයට පැමිණි අතර ප.ව.7.00ට පමණ සුන්බුන් තුල සිරවූවන් සොයනා මෙහෙයුමක් ආරම්භ
විය.ප.ව.8.00ට ජනපති බුෂ් ධවල මන්දිරයේ සිට ජාතිය අමතන ලද අතර ඔහු
“අද අපේ සහෝදර පුරවැසියන්ට, අපේ ජීවන රටාවට, අපගේ නිදහසට හිතාමතාම මාරාන්තික ත්‍රස්තවාදී ක්‍රියාවන් මාලාවකින් පහර දී තිබේ....”
යනුවෙන් තම
කතාව සිදුකලේය.
ප.ව.9.00ට
ජනපති බුෂ් ආරක්ෂක මණ්ඩලය රැස් කල අතර ප්‍රහාරය පිටුපස ඔසාමා බිල් ලාඩන් සිටිනා
බවත් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය මෙන්ම අල් කයිඩා සංවිධානයද එක හා සමාන බව
එහිදි සාකච්ඡා වේ.එහිදි බුෂ් පවසන්නේ "Tell the Taliban we're finished
with them." යනුවෙනි.
රාත්‍රීයේ නින්දට යාමට පෙර ජනපති බුෂ්
තම දිනපොතේ මෙසේ සටහනක් තැබුවේය,
"The Pearl Harbor of the 21st century took place
today."
21 වන සියවසේ පර්ල් වරාය අද සිදු විය.
සැබැවින්ම එය පර්ල් වරාය සිදුවීමටත්
වඩා භයානක දෙයක් වූවේය.මරණ ගණන 2,977 ක් හා අල්කයිඩා ත්‍රස්‍තවාදීන් 15 ක් මියගිය
අතර 25,000කට අධික ගණනක් තුවාල ලැබූහ.මෙම ප්‍රහාරය සිදු වූ ස්ථාන අසල ස්මාරක ඉදිකර
ඇති අතර 9/11 කෞතුකාගාරය හා ෂැන්ක්ස්වීක් හි ස්මාරකය ඉන් විශේෂ වේ.කුළුණු දෙක තිබූ
තැන දැන් ඇත්තේ මනරම් තටාකාංගණ දෙකක් වන අතර එය වටා ඇති පුවරුවල මියගිය සියලු
දෙනාගේම නම් සඳහන් කොට ඇත.සෑම වසරකම 9/11 දින එම තටාකාංගන වලින් නිල් පැහැ
කදම්බයක් හිස් ගුවනට එල්ල වෙයි.
මෙම ප්‍රහාරයට වසර 20ක් මේ වසරේ
සැපිරේ.මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු වීමට හැකියාව ඇතැයි බුද්ධි තොරතුරු පැවසුවත්
මෙවන් ආකාරයේ ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ ඇමෙරිකානුවන් මේවන විට නැවත නැගී
සිටියි.ඔවුන්ගේ දේශපාලනය වෙනස් වූවත් පවතින ප්‍රතිපත්ති වෙනස් නොකිරීම ඔවුන්ගේ මේ
දියුණුවේ රහස බව මට හැඟේ.ඉතින් මෙවන් විපතක් ලොව යලිදු සිදු නොවේවා යන පැතුමින් නැවතුම්
තිත තබමි.
“ලොවේ සැමා එකම දැයේ දූ දරුවන්
වේවා - වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා”
![]() |
ඇමෙරිකානු
ගුවන්සේවයේ 11 වන පියාසැරි යානය,යුනයිටඩ් එයාර් ලයින් 175 පියාසැරි යානය, ඇමෙරිකානු ගුවන්සේවයේ 77 වන පියාසැරි යානය, යුනයිටඩ් එයාර් ලයින් 93 ගුවන් පියාසැරි යානය යන යානාවන්හි ගමන් මාර්ගයන්. |
සැප්තැම්බර්
11 ප්‍රහාර මාලාව |
ප්‍රහාර මාලාව
දියත් කල මොහොමඩ් ආටා සහ අල්කයිඩා ත්‍රස්ථවාදීන් 19දෙනා |
ප්‍රහාරයට පෙර ද්විත්ව කුළුණු දිස්වූ ආකාරය |
![]() |
පළමු කුළුණට එල්ල වූ ප්‍රහාරය |
![]() |
දෙවන කුළුනට
එල්ල වූ ප්‍රහාරය |
![]() |
යුනයිටඩ්
එයාර්ලයින් 175 පියාසැරි යානය දකුණු කුළුනේ ගැටෙනා අයුරු |
මිනිසුන් කුළුණුවලින්
බිමට පනිනා අයුරු |
![]() |
ඇමෙරිකානු
ගුවන්සේවයේ 77 වන පියාසැරි
යානය පෙන්ටගනයට පහර දීම. |
![]() |
ද්විත්ව කුළුණු
කඩා වැටීම සහ ඉන් නැගුණු දූවිලි වලාවන් |
![]() |
යුනයිටඩ්
එයාර් ලයින් 93 ගුවන්
පියාසැරිය කඩා වැටුණු ස්ථානය, එම ස්ථානයේ අද
ඇති ස්මාරකය,නිව්යෝර්ක් හි ඇති ස්මාරකයේ යුනයිටඩ්
එයාර් ලයින් 93 ගුවන් පියාසැරියේ ගමන් කල අයගේ නම් සඳහන් කොට ඇති අයුරු |
0 Comments