මම මේ දවස් වල කරන්නේ ගෙදරට වෙලා පාඩම් කරන එක. මොකද
එක්සෑම් ලඟ නිසා. වැඩිපුර ලියනවට වඩා මේ දවස් වල පාඩම් කිරිල්ල තමයි කරන්නේ දවල් දවසටත්.මේත්
ඒ වගේ දවසක්.පහුගිය නොවැම්බර් මාසයේ 24 වෙනිදා. උදේ 11ට විතර අපේ ගෙදර ඉස්සරහින් අපේ
තැපැල් මාමා සුනිල් අන්කල්ගේ බයික් එකේ සද්දේ ඇහුනා.වෙනදටත් අම්මටයි තාත්තටයි ලියුම්
එන නිසා මම ඉක්මනට ගියා ගේට්ටුව ලඟට. වෙනදට එන හීනි ලියුම් වෙනුවට ටිකක් මහත පොතක්
වගේ එකක් තියෙන පාර්සලයක්. ඒකත් මගේ නමට.මගේ නමයි,දික්කුඹුර,අහංගමයි කියලා ඇඩ්‍රස්
කරපු ඒ පාර්සලය අරගෙන මම ගෙට ගියා.
සාමාන්‍ය තැපෑලේ එවපු ලියුමක්.පලමු තැපැල් මුද්‍රාව අදුරගන්න
අමාරුයි. මම හිමිහිට කඩලා එලියට අදින කොට හතරට නවපු සුදු කොලයක් එක්ක දින පොතක් මට
හම්බ වුනා.මම ලියුම දිග ඇරලා කියවන්න ගත්තා.
2021.11.14
“මල්ලි, ඔයා මම දන්නේ නැහැ.මම ඔයා දැකලා නැති උනාට ඔයාගේ
කතා කියවනවා ෆේස් බුක් එකේ. ඒවා හරි හිතට වදිනවා.ඔයාට මම මේ එවන ඩයරි එකේ තියෙන්නේ
මගේ කතාව. මේ කතාව වෙන්නේ 2004. දැන් මට අවුරුදු 30ටත් වැඩියි. මම ඉන්නෙත් හබරාදුව.හැබැයි
කවදාවත් මාව හොයන්න උත්සහ ගන්න එපා.ඔයාට ඒක කරන්න අමාරු වෙයි.ඒත් මම මේ දින පොත උබට
එවනවා ඔයාගේ කතාවකට හරි,ඔයාට ඕනෑම විදිහකට ඒක භාවිතා කරන්න සම්පූර්ණ අයිතියත් එක්ක.
හැබැයි මල්ලි මම හොයන්න උත්සහ ගන්න එපා.ඒක නිෂ්ඵල දෙයක්.මම බලන් ඉන්නවා කතාවක් එනකන්.
බුදුසරණයි.”
මම ලියුම තියලා දින පොත පෙරලුවා. මුල් පිටු අතරේ තැනකින්
තැනකින් සටහන් යොදා තිබුනත්,අවසාන පිටු සවිස්තරාත්මක ලෙස ලියලා තිබ්බා.මුලු කතාවම තේරුම්
ගන්න මම දිනපොත මුල ඉදන් කියවන්න ගත්තා.
2004 පෙබරවාරි 27
අදට මම එයාව දැකලා අවුරුදු හතරක්. ගාල්ලේ ඉස්කෝලේ යන කොට
එකම බස් එකේ නැග්ගම තමයි මම එයාව මුලින් දැක්කේ.එයා කටුකුරුන්ද පන්සලට පොඩ්ඩක් එහා.
මම ඊට මෙහා මීපේ ඉස්පිරිතාලේ පාරේ. දික්කුඹුර ගාල්ල ඉස්කෝලේ බස් එකේ යනකොට දැක්ක
එයාට මගේ හිත ගොඩක් බැදුනා.මම අවුරුදු තුනක්ම පස්සෙන් ගිහින් යන්තම් ගිය අවුරුද්ද්දේ
කැමැත්ත ගත්තා.
2004 මාර්තු 10
එයාගේ උසස් පෙල රිසාල්ට් එක අනුව කැම්පස් ආවා.මොරටුව කැම්පස්
එකේ මගේ ෆැකල්ටියේම වෙච්ච එක මට මාර සතුටුයි.දැන් නම් ගෙවල් වලින් අපිට කැමතියි වගේ.
2004 අප්‍රේල් 13
අද අලුත් අවුරුද්ද.එයාට විශ් කලා. අපි ලඟදිම ගෙවල් වලට කියන්න
ඉන්නේ.
2004 අප්‍රේල් 18
අද අපි ගෙවල් වලට කියුවා.එයාලගේ තාත්තා අපේ තාත්තලා එක්ක
කතා කරලා. අවුලක් නෑ වගේ. සම්බන්දේ අරන් ගියාට අවුලක් නැහැ.හැබැයි මෝඩ වැඩ කරන්න යන්න
එපා කියලා ගෙදරින් කියුවා.හරි සතුටුයි අපි දෙන්නටම.
2004 අප්‍රේල් 19
අද අපි දෙන්නා ගාලු කොටුවේ ගියා.ගිහින් නිදහසේ කතා කර කර
හිටියා.එයාට හරිම සතුටුයි.අපි හවස 3 විතර වෙනකන් කතා කර කර හිටියා.මමම එයාලගේ ගෙදර
ගිහින් බාර දීලමයි ආවේ.
2004 මැයි 04
අද වෙසක් පෝය.අද තාත්තගේ බයික් එක අරන් අපි දෙන්නා දන්සල්
වදින්න ගියා. හබරාදුව ගාල්ල පාර දිගේ ගිහින් දෙවටෙන් දාලා කඳුරුදූව පන්සලටත් ගිහින්
අඟුළුගහින් දාලා ආවා. අම්මෝ මේකී මහා පෙරේතියක්නේ කියලා හිතුනේ අද. හම්බුවෙන හබ්බුවෙන
දන්සලකම නතර කරලා බත්ද,බෙලි මල්ද,සව් ද අම්මේ හැම ජාතියම කාලා අන්තිමේදී රෑට කෑවෙත්
නෑ.මම මේක ලියන්නෙත් මැයි 05.හැබැයි එයාට ඒත් මදිලු.අනේ දෙයියනේ මෙහෙම බඩක්.
2004 ජුනි 02
අද පොසොන් පෝය.අපි කොල්ලෝ සෙට් එක එකතුවෙලා පොඩි බීම දන්සලක්
දුන්නා. එයායි එයාගේ යාලුවෝ ටිකයි ඇවිත් අපිට සපෝට් කරා.හරි මහන්සියි නිදා ගන්න ඕන.
2004 ජුනි 15
එයාගෙන් වෙන මොකෙක්ද එකෙක් කැමැත්ත අහලා තිබිලා ඒක මට කියුවා.
තල්පෙ හාදයෙක්.මොනවා උනත් කොල්ලෝ නිසා උට පලමු හා අවසන් දැනුම් දීම කරලා තිබෙද්දිත්
ආපහු කරදර කරලා. අපේ එවුනුයි,මගේ තල්පෙ යාලුවොයි සෙට් වෙලා දුන්නා දීමක් ආපහු කරදර
කරන එකක් නෑ.හැබැයි ගහපු එකටනම් මට එයා බැන්නා.
2004 ජුනි 17
අර සිද්ධියට තරහ වෙලා ඉදලා,අද යාලු කරගත්තා.කෙල්ලොනේ....
2004 ජූලි 02
අපේ පවුලේ අය නුවර පෙරහැර බලන්න ගියා.එයාලගේ පවුලේ අයත් ආවා.දැන්
අවුලක් නැති නිසා අපි දෙන්නාට නිදහසේ දලදාව වදින්නත් පුලුවන් වුනා.නෙළුම් මල් වට්ටියක්
අපි දෙන්නම පූජා කරලා ඉල්ලුවේ එක දෙයයි.අපිට සංසාරෙම එකට ඉන්න ලැබේවා කියලා.
2004 ඔක්තෝම්බර් 13
කාලෙකින් ලියන්න බැරි වුනා.කැම්පස් එකේ වැඩවලට හිර වුනා.මාසයක්
මාසයක් හරි ලියන්න බලන්න ඕන.
2004 නොවැම්බර් 20
අදට එයා මට කැමතියි කියලා අවුරුද්දයි.එදා යාලුවෙක් එක්ක
කටුකුරුන්ද පන්සලේදී මට කියපු ඒ වචන ටික මට හැමදාම මතක තියේවි.
“අයියේ මට ඒ කාලේ ඉදන්ම තිබ්බ කැමත්ත තමයි මගේ පලවෙනි ආදරේ
ජීවිතේටම තියා ගන්නවා කියන එක.මට දෙපාරක් තුන්පාරක් ආදරේ කරන්න බැහැ. එක පාරයි.ඒක
නිසා මම හොදට කල්පනා කරා..... මම ඔයාට කැමතියි” කියලා ටිං ගාලා අනිත් පැත්තට දුවපු
හැටි තවමත් මතකයි. එයා 1st anniversary
එකට කියලා එයාම හදපු කාඩ් එකක් දුන්නා. මම එයාට පොඩි ටෙඩියෙක් දුන්නා. ඔයා
හැම ආත්මෙකම මගේම වෙන්න.
2004 නොවැම්බර් 29
මම කැම්පස් ඉන්න ගමන් කරපු පොඩි වැඩක සල්ලි ලැබුනා. මම එයාට
කෝල් කරලා කිව්වා.
“කියක්ද අයියේ?”
“තිහක් සුදූ.”
“ඒවා නාස්ති කරන්න එපා සුදු අයියේ.ඉතුරු කරන්න අපි දෙන්නට.අපි
දෙන්නගේ අනාගතේට.”
මට ඇත්තටම කදුලු ආවා.එයා කොච්චර මම ගැන හිතනවද.
2004 දෙසැම්බර් 12
අද එයාගේ උපන් දිනේ.අද මම එයාට පොඩි Nokia ෆෝන් එකකුයි, සුදු අකුරෙන් MINE කියලා ගහපු නිල්පාට කමීසයකුයි, කලුපාට ඩෙනිමකුයි
මම එයාට තෑගි කරා.එයාගේ ඇස් දෙකේ තිබ්බ සතුට මට කවදාවත් අමතක කරන්න බැරි වෙයි.
2004 දෙසැම්බර් 16
එයාගේ ඥාති කෙනෙක්ගේ මඟුල් ගේකට කළුතර යන්න වෙලා. එයාට යන්න
බෑ කියුවත් ගෙදර තනියෙන් ඉන්න බැරි එකයි තවත් කරුණු කිහිපයක් එක්ක මම එයාට පැහැදිලි
කරාම එයා යන්න කැමති උනා. දවස් හතරයිනේ.
2004 දෙසැම්බර් 18
හරිම පාළුයි මූණ දකින්නේ නැතුව.හැබැයි හැමතිස්සෙම කතා කරන
නිසා අවුලක් නැහැ.
2004 දෙසැම්බර් 20
අද තමයි හරිනම් එන්න තිබ්බේ.ඒත් එයාලගේ මාමා කෙනෙක්ගේ දුවෙක්ගේ
පාටියක් 24. එදාටත් ඉදලා නත්තලුත් එහේ ඉදලා එනවා කියුවා.
2004 දෙසැම්බර් 23
මූණ දකින්නේ නැතුව ඉදලා අදට දවස් හතයි.ඒත් ඉතින් හැම තිස්සෙම කතා කරනවානේ.එන්නමයි
බලන්නේ. අනේ ඉතිං මගේ සුදු මැණිකනේ.
2004 දෙසැම්බර් 25
අම්මෝ අද සීතල.උදේ ඉදන්ම කෝල් දහයකට වඩා ගන්න ඇති.දවස් දහයකට
පස්සේ හෙට එයාව බලනකන් ඉවසිල්ලක් නැහැ.ආපු ගමන් එයාව බලන්න එන්නලු.එයාව නැතුව වෙන
කවුරු බලන්නද.
2004 දෙසැම්බර් 26
පාන්දරම කතා කලා.එන්න ලෑස්ති වෙනවලු.මම දුන්න ඇඳුමලු ඇදන්
එන්නේ.
7.30ට විතර ආපහු කතා කරා මරදාන මාතර කෝච්චියට කළුතරින් නැග්ගලු.එන
ගමන් කියුවා.
මම ටිකක් නිදා ගත්තා.අම්මා කෑගහගෙන ඇවිත් කියුවා,
“පුතා....පුතා.....මුහුද
ගොඩ ගලනවා” කියලා.
“අනේ අම්මේ විකාර නොකියා නිදා ගන්න දෙන්නකෝ” කියලා මම ආපහු
නින්දට ගියා.
ටික වෙලාවකින් මිනිස්සුගේ කෑ ගැහීමට ඇහැරුණු මම එලියට බැහැලා
බලද්දි මිනිස්සු කෑ ගහගෙන එහෙ මෙහෙ දුවනවා. මුහුද ගොඩ ගලලාලු.
මම ඉක්මනට කෝල් එකක් ගත්තා එයාට. ෆෝන් එක උස්සන්නේ නැහැ.තාත්තට
ගත්තා එයාලගේ ඒත් නැහැ.මගේ හිතට මොකක්දෝ බයක් ආවා.අම්මාට කියුවම කියුවා “එහෙම දෙයක්
ඒ රත්තරං කෙල්ලට වෙලා නැතුව ඇති.බය නොවී ඉන්න.”
තාත්තා ආවම මම යි තාත්තයි ටවුන් එක පැත්තට ගියා.ටවුන් එකම
එක මිනී ගොඩක්. මමයි තාත්තයි එහෙමෙහෙ ගිහින් පුලුවන් හැටියට උදව් කරද්දී එක පොලීසියේ
මහත්තයෙක් කියුවා පැරෑලියේ කෝච්චියක් පෙරලිලා මිනිස්සු ගානක් මැරිලා හුඟක් අය තුවාල
වෙලා කියලා.
ඒක අහපු මට තවත් බය හිතුනා.එයාලගේ ෆෝන් වැඩත් නැහැ.මමයි තාත්තයි
ගෙදර ගිහින් අම්මට කියලා අපි දෙන්නා පැරෑලියට ගියා.පාරේ යන්න බෑ.මිනිස්සුන්ගේ මල මිනී
පාර දිගට.කොහොම කොහොම හරි පැරෑලියට ගියාම එතන දැක්කම මගේ පපුව පිච්චිලා ගියා.
කෝච්චි පීලී ඇඹරිලා ගිහින්. කෝච්චි පෙට්ටි එහෙ මෙහේ. මිනිස්සුන්ගේ
මල මිනි සීසී කඩ.ලඟ තියෙන පාසලක් අනාත කඳවුරක් හා රෝහලක් කරලා මිනිස්සුන්ට ප්‍රතිකාර
කරනවා කියලා ආරංචියට අපි එතනට ගියේ මගේ සුදූ ව හොයාගන්න.
අපි හැමතැනම බැලුවා.ඒත් එයාලව කොහේවත් හොයාගන්න නැහැ. කෝච්චි
පෙට්ටි තියෙන තැනට ආපහු ගියා ඒත් නැහැ.තාත්තා කියුවා බය නොවී ඉන්න කියලා. රෑ වෙච්ච
නිසා අපි ගෙදර යන්න හැදුවත් අපි එතනම නැවතුනා උදව් දෙන්න.
2004 දෙසැම්බර් 27
ඊයේ රෑ අපිට දැනගන්න ලැබුනා හික්කඩුවේ තවත් ඉස්කෝලෙක අනාථ
වෙච්ච අය ඉන්නවා කියලා.අපි එතටත් ගිහින් එයාගේ හැඩහුරුකම් එක්ක ඇදන් හිටපු ඇදුම් වෙච්ච
සුදු අකුරෙන් MINE කියලා ගහපු නිල්පාට කමීසයකුයි,
කලුපාට ඩෙනිමකුයි කියලා විස්තරත් කියුවා.
එක සැරේට මනුස්සයෙක් අපි දෙන්න හොයන් ඇවිල්ලා කියුවා සුදු
අකුරෙන් MINE කියලා ගහපු නිල්පාට කමීසයක්
ඇදන් ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. අපි දුවගෙන එතනට යද්දී දැක්ක දෙයින් මගේ කකුල් පන
නැතුව ගියා. මගේ සුදූ බිම වැතිරිලා ඉන්නවා මලමිනියක් විදිහට.මම එතනට ගියේ දන ගාගෙන.
ඒ සුදු මූණ පුරා මඩ ගෑවිලා,කොන්ඩේ ලෙයින් තෙත් වෙලා කෙරැලි
මූණට වැටිලා මූණේ ඇලිලා.මට ඇඩුනා.මම එයාව බදාගෙන ඇඩුවා.තාත්තා මට කියුවා එයා ලඟ
ඉන්න අනිත් අය ඉන්නවද කියලා බලන්නම් කියලා.ඒත් එයාලව අපිට හොයා ගන්න බැරි වුණා.අන්තිමේදී
හරි අමාරුවෙන් වෑන් එකක් කතා කරගෙන මගේ සුදූව උස්සගෙන ගිහින් වෑන් එකේ කාඩ් බෝඩ්
එකක් උඩ තියාගෙන අපි එයාව ගෙදර ගෙනාවා.
එයාව ගේන අතරේ මම සුදූට මගේ හිතේ තිබ්බ හැමදේම කියුවා.මම
කරන්න හිටපු හැමදේම මම සුදූගේ මූණ උකුල උඩ තියන් කියුවා.අඬ අඬ කියුවා.කැඩිච්ච පාරවල්
දිගේ පැය ගානක් ආපු ගමනේ මම එයාට ඒ හැමදේම කියුවා.ඒත් ඒ ලස්සන හිනාව තිබ්බ මූණූ පොඩ්ඩ
මලානිකව පනක් නැතුව තිබ්බා.
අන්තිමේදී එයාව අපේ ගෙදර ගේන කොට රෑ වෙලා. තාත්තා මාමලා
එක්ක කතා කරගෙන තිබ්බ විදිහට ඇවිල්ලා තිබ්බ හර්ස් එකෙන් තියන්න එයාව උස්සලා ගන්නවත්
මට හයියක් තිබ්බේ නැහැ.මම මගේ පණව බදා ගෙන විනාඩි පහලොක් විතර බදා ගෙන ඉදලා,කම්බුල
ඉබලා බහින්න හදද්දී තාත්තා මාව වත්තන් කරගත්තා.
දිනපොත එතනින් නැවතිලා
තිබුනා. ඒ එක්කම මගේ ඇහැට මටත් නොදැනී කඳුලකුත් මෝදු වෙලා දිනපොතට වැටුණා.
මම ටිකක් එලියට බැහැලා මේ ගැන කල්පනා කරද්දි අපේ ගමේ ගැරේජ්
එකේ රේඩියෝ එකෙන් මෙහෙම සිංදුවක් ඇහුණා.
සුදු රළ ගල් කුල
මත හැපි හැපි පෙම් බැන්ද
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද..
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද..
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
ඔහු හා ඇයත් ඒ වගේ
සුදු පාටට බිදෙනා වෙරළ රැලි දිහා බලාගෙන ගාලු කොටුවට වී ඉන්නට ඇත.බස් රථයේ එහෙමෙහේ
යන විට දකින්නට ඇත.නමුත් ඒ රල ඔවුන් වෙන් කරාවි යැයි නොසිතන්නට ඇත.මෙසේ දහස් ගණනක්
පෙම්වතුන්ට පෙම්වතියන් , පෙම්වතියන්ට පෙම්වතුන් අහිමි වන්නට ඇත. ඒ සියලු දෙනාගේ ජීවිත
රැගෙන අදද ඒ මහා සාගරය රැලි නඟමින් සිටියි. මා ලොකු හුස්මක් පිටකර නැවත ගෙට පැමිණියේ
නැවතත් ඒ දිනපොත කියවන්නටය.
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ..
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට..
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..
යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත..
2004.12.26 දින සිදු වූ මුහුද ගොඩගැලීම පාදක කරගෙන ලියනා
ලද ප්‍රබන්ධයකි.
කසුන් සපුමොහොට්ටි.
0 Comments