යුහ 60xx අංක තහඩුව සහිත තරු දෙකක් සහිත කාර් රථය
ගාල්ල නගරය පසු කරමින් තිබුණි.එහි ඉදිරි අසුනේ රථයේ රියදුරු රථය ධාවනය කල අතර
පිටුපස ගමන්ගත්තේ මේජර් ජනරාල් කාවින්ද ජයසූරියයි. තිස්වසරක කුරිරු යුද්ධයේ ඉදිරි
ආරක්ෂක වලල්ල හා ඒ අසල සිදුකල නිර්භය ක්‍රියා කලාපය හේතුවෙන් වීර වික්‍රම විභූෂණ(WWV),රණ වීර පදක්කම(RWP),රණ ශූර පදක්කම(RSP) වැනි පදක්කම් වලින් කිහිපවතාවක්ම ඔහු ඉතා යුධ
සේවයට බැදී ඉතා කෙටිකලක් තුල පිදුම් ලබා ඇත.ඔහුගේ එම ක්‍රියා කලාපයන් නිසා ඉතා
ඉක්මනින් ඉහල නිලයකට පැමිණීමට ඔහුට හැකි වුණි. රිය ගාල්ල දුම්රිය ස්ථානය
පසු කරනා විටම,
“වසන්ත,ඉස්සරහ
round
a bound එකෙන් හරවලා ස්ටේෂන්
එක ගාව නවත්වන්න.”
සිය ප්‍රධානියාගේ
අණ එලෙසම ඉටු කල රියදුරු සොල්දාදුවා ධර්මපාල උද්‍යානය ඉදිරියට වන්නට පාරේ අයිනකට
කර ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරියට වන්නට නැවැත්වීය.
නැවතූ වාහනයෙන්
බසින ලද දේහධාරී මේජර් ජනරාල් කාවින්ද ජයසූරිය දුම්රිය ස්ථානය දෙස නිහඩවම බලා සිටියේය.තම
ප්‍රධානියාගේ නිහඬතාවයේ ඇති ගැඹුර තේරුම් ගත් කෝප්‍රල් වසන්තද නිහඬවම එදෙස බලා සිටියේය.එසේ
විනාඩි කිහිපයක් බලා සිට නැවත රථයට නැඟි කාවින්ද තම ලේන්සුවෙන් තම තෙමුණු දෑස් පිසදාගන්නා
අයුරු දුටු වසන්ත පුදුමයට පත්වුණි.තම උසස් නිලධාරියාගේ තද ගති ගුණ මෙන්ම ඔහුගේ මෘදුබවද
වටහාගෙන සිටියද මෙය වසන්තට පුදුමයක් විය.
“සර්...සර් හොදින්ද?”
“ඔව් අවුලක් නෑ
වසන්ත මට පරණ සිදුවීමක් මතක් වුණා. අපි යමු ගෙදරට.”
“හරි සර්.”
වාහනය ගාල්ල බස්
නැවතුම පසු කර යන විට තම හිස ආසනයට බර කරගත් කාවින්ද වසර ගණනාවක අතීතයට දිව යන ලදී.
*************************************************************************************
වර්ෂය 2006 වසරේ
මැද භාගයේ දිනයකි.
ස්ථානය දක්ෂිණ
දුම්රිය මාර්ගයේ මිරිස්ස වැලිගම අතර ස්ථානයකි.
“කොහේද ගොනෝ
ඉන්නේ?”
“මම බස් එකේ යකෝ.අද
අහංගමට එන කොටත් පරක්කු වෙලා.මම බස් එකේ ඉන්නේ.”
“තෝ කොයි හරියෙද
ඉන්නේ “
“මම තල්පේ හරියේ
ඉන්නේ.”
“එහෙනම් තල්පෙන්
බැහැලා ස්ටේෂන් එකට වරෙන්.අද ට්‍රේන් එක මිරිස්සෙන් අද්දන කොට ටිකක් පරක්කු වෙලා.බැහැලා
වරෙන්.”
“හරි ඉදපන්” කියා
වර්ණක තල්පේ දුම්රිය පොල බස් නැවතුමෙන් බසින ලදී.”
වර්ණක වීරවර්ධන
වයස අවු.21 ක තරුණයෙක්.ගාල්ලේ පුද්ගලික ආයතනක තනතුරක් දරන ඔහු ඉතා අඩු වයසෙන් එම තනතුරට
ලඟා වූයේ ඔහුගේ ඉගෙනීමේ දක්ෂතාවය වගේම ඔහුගේ සමීප ඥාතියෙකු එම ආයතනයේ හිමිකරු වීමත්
නිසායි.නමුත් ඔහු ඉන් සුවිශේෂි වන්නට හිතුවේ නෑ.ඔහුත් අනෙක් අය වගේම පොදු ප්‍රවාහන
සේවා වලින් රැකියාවට පැමිණි අතර දුම්රිය ඔහුගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වුණා. නාකන්ද
ප්‍රදේශයේ සිට යතුරු පැදියෙන් පැමිණ අහංගම එය නතර කොට දුම්රියෙන් පැමිණීම ඔහුගේ පුරුද්දක්
වුණේ පාසල් කාලයේදීමයි.දුම්රියෙන් රැකියාවට පැමිනෙන නිසා ඔහුට බොහෝ හිත මිතුරන් පිරිසක්
සිටියා.ඉන්ද තම සහෝදරයා ලෙස ඔහු සැලකුවේ වැලිගම මාතර සිට පැමිණෙන තම ආයතනයේම සේවය
කරනා තමාට වඩා වසරක් බාල කාවින්දයි. කාවින්ද ජයසූරියයි. ඉහත සඳහන් කල ඇමතුම ලබා දුන්නේද
කාවින්දමය.
තල්පේ දුම්රිය
ස්ථානයට පැමිණි වර්ණක කාවින්දට දුරකථන ඇමතුමක් ගත්තේ දැන් කොහිදැයි දැන ගැනීමටය.
“දැන් කොහේද
උබ”
“දැන් අහංගමින්
ඇද්දුවා විතරයි.උබ තල්පෙට ආවද අයියේ?”
“ඔව්.ඒක නෙවේ
උබ මොකද අද නිකන් හෙන අමුතු වෙලා.වෙනදා මම බස් එකේ යද්දි උබ මොනවත් කියන්නේ නෑනේ.මොකද
අද?”
“වරෙන්කෝ බයිල
කියවන්නේ නැතුව.”
“කියපන්කෝ.”
“ලස්සන කෙල්ලෙක්
ඉන්නෝ.වරෙන්කෝ” කියා කාවින්ද දුරකථනය විසන්ධි කලේය.
විනාඩි පහකින්
පමණ දුම්රිය තල්පේ දුම්රිය ස්ථානය වෙත ලඟා විය.
වර්ණකද දුම්රියට
නැඟ සෙනඟ අතරින් කාවින්ද සිටි ස්ථානයට ලඟා වුණි.
“මෙන්න මේකා
ඇවිත්.”
“ආවා තමයි.කෝ
දැන් උබ කියපු ලස්සන කෙල්ල. වර්ණක තරමක් හඬ නඟා කීවේය.”
“කෑ ගහන්න එපා
ගස් ගෙම්බෝ.තෝ අපිවත් කනවා.” ඔහුගේ මිතුරෙක් වර්ණකට කියද්දි අසල සිටි ගැහැනු ලමයෙක්
තමාගේ දෙස බලා බිම බලා ගන්නවා වර්ණක දුටුවේය.
“ඒ සිරාවට ලස්සනයිනේ
බං.”
“මේ තොගේ කට වහගන්නවද.යකෝ
මේ ට්‍රේන් එක.” කියද්දි ඒ ගැහැනු ලමයා අසල සිටි වර්ණකගේ මිතුරියකට යමක් කියූ අතර
ඔහුට එය නොතේරුණේ ඇය කතා කලේ දෙමල භාෂාවෙන් වන බැවිනි.
“අඩෝ ඒකී.දෙමල
නේද?කියන්නවත් බෑනේ. මම මේකිව දාගන්න එක දාගන්නවමයි.”
“ඒකනේ කොල්ලෝ
මමයි කවීෂා අක්කයි කතා වුනෙත් උබටම ගැලපෙනවා කියලා. බාලපන් ඒ නැචුරල් ලුක් එක.තලෙලු
වුනත්,ඒ ලුක් එක මාර ලස්සනයි.උබටම හරියනවා.”
“මං දන්නවනේ
උබලා මගේම එවුන් කියලා.”
“හරි හරි ඇති
උබේ බටර් පාර.හිටපන්” කියා කාවින්ද කවීෂාට කතා කර වර්ණකව පෙන්වීය.
“ආහ්.....කොල්ලෝ.....”
“අනේ මචං පොඩ්ඩක්
කතා කරපන්කෝ ඒකි එක්ක.”
“කවුරු එක්කද?”
කවීෂා ඇසුවේ මද සිනහවක්ද පාමිනි.
“අර කෙල්ල
එක්ක බං.”
“ආහ්...පොඩ්ඩක්
ඉදපන්.”
“සරෝජා...නංගි
පොඩ්ඩක් එන්න.”
“ඇයි අක්කා...”ඒ
කටහඩට වර්ණකගේ හදවත කීරී ගැසී ගියේය.ඇයගේ කටහඩද ඉතා මිහිරිය.
“මේ ඉන්නේ වර්ණක.අපේ
හොදම යාලුවෙක්. වර්ණක මේ ඉන්නේ සරෝජා.අලුතින් වැඩට එන්නේ.මාතර ඉදන්”
“හායි සරෝජා....”
“හායි වර්ණක”
කියමින් ඇය ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.
“ආ...ආ...ආ...කෙල්ලේ
මොකෝ ලැජ්ජා හිතුනද?”
“අනේ යන්න
අක්කා යන්න කියමින් ඇය බිම බලාගෙන සිනාසුණි.”
එවිටම වාගේ දුම්රිය
ගාල්ල නැවතුමේ නැවතූ අතර සරෝජාගේ ආයතනයද පිහිටා තිබුනේ වර්ණකලාගේ ආයතනය පිහිටා තිබූ
සිරගෙදර පාරෙහිය.එනිසා වර්ණකට ඇය හා කතාවක් දමාගෙන යාමට අවස්ථාවක් උදා විය.
“ඔයාලගේ ගෙවක්
කොහේද සරෝ?”
සරෝජා වර්ණක දෙස
පුදුමයෙන් බැලීය.
“ඇයි?”
“නෑ...ඔයා ඒ ටිකට
මට කියන්න නමකුත් හදා ගෙන.”
“ඒ ඉතින් ආදරේටනේ”
“අම්මෝ බයෙත්
බෑ”
“ඇයි ඒ?”
“නෑ අදමයි අදුරගත්තේ
එ ටිකට මට සරෝත් කියනවා.”
“එපානම් මම නොකියා
ඉන්නම්”
“නෑ...නෑ....අණ්ණා
ඒකට කමක් නෑ.”
“ඒකනේ.”
“මමත් ඔයාට වණූ
කියන්නද?”
“ඇයි ආදරේටද??”
“දන්නෑ ....”කියමින්
සරෝජා සිනහ විය.
“හවසටත් එනවා
නේද?”
“නෑ වණූ මට
4.30ට ඉවර වෙන්නේ.හෙට හම්බු වෙමු” කියා ඇය තම ආයතනය දෙසට පියනැඟු වේය.
ඇය ආයතනයේ දොරින්
ඇතුල් වූ පසුවද වර්ණක ඒ දෙස බලා සිටියේය.ඔහු පියවී ලොවට පැමිණියේ කාවින්දගේ හඩිනි.
“අයියේ අද උබ
යන්නේ නැද්ද වැඩට.”
සිහින් සිනහවක්
දැමූ ඔහු කාවින්ද හා තම ආයතනයට පිටත්වී ගිය අතර ඔහුගේ එදා දවස වෙනදාට වඩා ප්‍රබෝධයෙන්
යුක්ත විය.
ඊට පසුවදා වර්ණක
කලින්ම ලෑස්ති වී අහංගම දුම්රිය පොලට නොව වැලිගම දුම්රිය පොළදක්වා ගියේය.අසල මිත්‍රයෙකුගේ
නිවසේ යතුරුපැදිය නවත්වා ඔහු දුම්රිය වේදිකාවට පැමිණ කාවින්දට දුරකථන ඇමතුමක් ලබා
ගත්තේය.
“අඩෝ උබ දැන්
කොහේද?”
“දැන්.....මිරිස්සේ.
ඇයි? “
“නෑ මම වැලිගම.
කෝ සරෝ ඉන්නවද?”
“සරෝ....මොන සරෝද?”
කාවින්ද ඇසුවේ සිනහ සෙමිනි.
“සරෝජා යකෝ....”
“ආහ්..... ඒ සරෝ.....සරෝජා
අක්කේ ඔයාට කෝල් එකක්” කියමින් කාවින්ද සරෝජාට දුරකථනය ලබා දුනි.
“මට.......කව්ද
මල්ලි......”කියමින් දුරකථන ගත් ඇය “හලෝ” කියමින් දුරකථනයට ප්‍රතිචාර දැක්වීය.
“හලෝ සරෝ ගුඩ්
මෝනින්”
“අනේ මේ ඔයානේ
වණූ....ගුඩ් මෝනින්.ඔයා කොහේද ඉන්නේ?”
“මම දැන් වැලිගම
සරෝ.”
“ඔයා මේකට එනවද?”
“ඇයි එපාද?”
“දැන් කව්ද එපා
කියුවේ.එන්න. ඉන්න මම මල්ලිට ෆෝන් එක දෙන්න.”
“ආහ් අයියණ්ඩි.ඒකත්
ජයසිරි මංගලම්”
“කෑ ගහන්න එපා
බූරුවෝ ඇහේවී”
“ඇහෙන්න තමයි
කියන්නේ.ඔන්න වැලිගම ඉන්නේ.වරෙන් අපි ඉන්න තැනට.”
“ඉදපන් මම
එන්නම්”
කියූ වර්ණක සෙනඟ
අතරින් කාවින්දලා අසලට ලඟා වුණි.
“අම්මෝ ඇති යන්තම්.වරෙන්
වරෙන්.මේ කෙල්ලත් අහ අහ හිටියේ වණූ අයියා නැද්ද ,වණූ අයියා නැද්ද කියලා.”
“අනේ යන්න
අක්කා යන්න.”කියමින් සරෝජා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.
මඳ වෙලාවකට පසු
වර්ණක ඇය හා කතා කලාය.
“කොහොමද සරෝ.”
“හොදයි වණූ”
“දන්නවද?”
“මොකක්ද?”
“මම ඊයේ ඔයා යන
දිහා බලාගෙනම හිටියා.”
“ඇයි ඒ?”
“අනේ මන්දා? නිකන්
ආස හිතුනා.”
“අම්මෝ මම අදුන
ගත්තෙත් ඊයේ.දැක්කෙත් ඊයේ.එච්චර බලන් හිටියද?”
“හ්ම්ම්ම්ම්.”
“දකින දකින ගෑනු
ලමයා දිහා එහෙම බලන් ඉන්නවද?” සරෝජිනි සිහින් සිනහ හඬකින් ඇසීය
“හැමෝම නෑ.ඒත්
මේ මමත් එක්ක කතා කරන කෙල්ල දැක්කමනම් එහෙම හිතුනා.”
“මොකක්ද?”
“බලන්න ඉන්න”.
“හී......මම දැනට
එහෙම හිතන්නම්කෝ?”
“ඇයි දැනට හැමදාටම
එහෙම හිතන්නකෝ?”
“කව්ද දන්නේ වණූ
අපි කවදා මැරෙයිද කියලා.”
“අපි කවදා හරි
මැරෙනවා තමයි.ඒත් ලඟකදී නෙවේ.”
“කාටද වණූ ඒ ගැන
කියන්න පුලුවන්.ඔයාට නම් එහෙම නොවෙන්න පුළුවන්.ඒත් මට එහෙම නෑ.මට එහෙන් යන්න කියුවම
යන්න වෙනවා.”
“සරෝ අපි මේ ගැන
කියවන එක නවත්තමුද?”
“හ්ම්ම්ම්ම්.ඔව්.”
“මේ ඔයා ගැන විස්තර
ටිකක් කියන්නකෝ.”
“දැන්ම නෙවේ වණූ.පස්සේ.”
“ඇයි සරෝ මම ආපු
එක ඔයාට වදයක්ද?”
“වදයක් නම් වණූ
මම ඔයා එක්ක මෙහෙම කතා කරනවාද?”
“හ්ම්ම්ම්ම්.”
“දැන් ඔය මූණ ඇඹුල්
කරන් මොකද?”
“නෑ........”
“වණූ.මට මගේ
අම්මා තාත්තා දෙන්නම නැහැ.මම අනාතයෙක්.මම මම ගැන බලාගන්න ඕන නේ.ඒකයි වණූ දැන්ම කියන්න
බෑ කියුවේ.මෙතනදී කොහොමත් කියන්න බෑ.මම පොරොන්දු වෙනවා දවසක මම මේ සේරම ඔයාට කියනවා
කියලා.ප්‍රොමිස් වණූ.”
ඒ කතාව ඇසූ වර්ණකගේ
පපුව උණු වී ගියේය. “අනේ මට සමාවෙන්න සරෝ.”
“ඒකට කමක් නෑ වණූ.”
ඒ සමඟම දුම්රිය
ගාල්ලේ නැවැත්වීය.වර්ණක සරෝජා හා ඇයගේ ආයතනය අසලටම පැමිණි අසල ඇය ගේට්ටුව අසලදී වර්ණකගේ
දුරකථනය ඉල්ලා සිටි අතර ඔහුද තම ජංගම දුරකථනය ලබා දුණි.එහි අංකයක් සටහන් කල ඇය එය නැවත
වර්ණකට ලබා දුන්නේ දුරකථන ඇමතුමක්ද ලබා ගෙන විසන්ධි කරමිනි.
“මේ තියෙන්නේ
මගේ නම්බර් එක.ආපහු මට කතා කරන්න ඕන උනොත් මේකට කතා කරන්න හොදද කාවින්ද මල්ලිට කතා
නොකර.”කියමින් ඇය සිනහ සෙමින් ඇයගේ ආයතනයට ගියාය.”
එදිනද වර්ණකට වැඩ
අධික දිනයක් වුවද ඔහු ඉතා ප්‍රබෝදයෙන් සිටියේය.ඔහුගේ ප්‍රබෝදය කොතෙක්ද කියනවා නම්
සවස 4.30ට සරෝජාගෙන් ඇමතුමක් ලැබෙන තුරු ඔහු සවස් වී යැයි දැන නොසිටියේය.
“හලෝ සරෝ කියන්න...”
“කියන්න....කියන්න
තමයි.නම්බර් එක දීලාත් කතා කලේ නෑනේ.මම යනවා කියන්න ගත්තේ.”
“අනේ....සොරි
සරෝ...”
“හරි හරි වණූ...මට
පරක්කු වෙනවා.මම යනවා ගෙදර ගිහින්වත් රෑට කෝල් එකක් ගන්න හොදද.”
“හරි සරෝ බුදුසරණයි
පරිස්සමින් යන්න රත්............. “ඔහු කියන්න ආ එක ගිල ගත්තේය.
“මොකෝ රත් කියලා
නැවැත්තුවේ.හරි හරි වණූ මම යනවා පරක්කු වුණා.බායි වණූ. කියා සරෝජා දුරකථනය විසන්ධි
කලාය.”
*************************************************************************************
“සර් අපි ගෙදරට
ආවා.”
“ආහ්.හරි වසන්ත”
කියමින් එලියට බසින ලද ඔහුව පිලිගත්තේ ඔහුගේ ආදරණීය බිරිද මධුවන්තියි.
“හරිම මහන්සියි
මධූ.කෝ පොඩි දෙන්නා.”
“නටලා නටලා දැන්
නිදාගත්තා.ඔයා ගිහින් වොෂ් එකක් දාන් එන්න මම තේ එකක් හදන්නම්.”
“හරි මධු” කියමින්
තම කාමරයට ගිය මේජර් වරයා ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇදුමකින් සැරසි බිරිද ලබා දුන් තේ කෝප්පයද
ඇතැතිව එලියේ බංකුවක වාඩි විය. එවිට නිවස අසලින් ගිය ලොතරැයි රථයක ගී නාදයට ඔහු දෙසවන්
යොමු වූ අතර ඔහු ව ඉන් තවත් ඈතට අතීතයට ගෙන ගියේය.
“පපුතුරේ උණුසුමින්
ඇස් පියන් යටින්
පිච්ච මල් වැස්ස
වැස්සානේ අපි උසින්
කියුවත් හෙමින්
ඇසුනා හොදින්
දඟකාරී යාල් දේවී.............”
මතු සම්බන්ධයි.....
kasun sapumohotti
0 Comments