මනමාලී යාල් දේවී 2


 


“හෙලෝ සරෝ කොහේද ඉන්නේ?”

“දැන් මාතරට කිට්ටු කරලා වණූ.ඔයාට දැන්ද වැඩ ඉවර වුනේ?”

“ඔව් සරෝ.ගෙදර ගිහින් කතා කරන්න.”

“අනේ වණූ මම ඉන්නේ නිවාසයක.ඒකේ ෆෝන් පාවිච්චි කරන්න බෑ.ඒක නිසා මම කෝල් එකක් දාන්නම්.”

“හරි සරෝ පරිස්සමින් ගෙදර යන්න.”

“හරි වණූ.”

සරෝජා එක්ක කතා කරපු වර්ණක අනිත් පැත්ත හැරෙන කොට කවීෂා, කාවින්ද දෙන්නා තමන් දිහා සිනහ වෙමින් බලන් සිටිනවා දැක්කා.

“මොනාද යකෝ හිනහ වෙන්නේ?”

“නෑ... නෑ....හරි සරෝ පරීස්සමින් ගෙදර යන්න.ඇයි සරෝජා අක්කා මීට කලින් පරිස්සමින් නෙවේද ගෙදර ගියේ.” කාවින්ද ඇසුවේ සිනහ සෙමින්.

“අනේ පලයන් බං යන්න.”

“හරි හරි යමල්ලා දැන් කෝච්චිය ඇවිත් ඇති.” එසේ කී කවීෂා කාවින්ද සහ වර්ණක ඇදගෙන දුම්රිය පොළ දෙසට ඇදෙන්නට වූ අතර දුම්රියට ගොඩ වූ පසුවද ඔවුන්ගේ මාතෘකාව වූයේ සරෝජායි.

“මචං වර්ණක “

“කියපන් “

“මචං උබලගේ ගෙදරින් මේකට කැමති වෙයිද?”

“ඇයි?”

“නෑ මචං සරෝජා ටැමිල්නේ?”

“මෙහෙමයිනේ කවී,අපේ ගෙදර කට්ටිය සාම්ප්‍රධායිකව හිතන අය නෙවේ.මටයි පොඩ්ඩිටයි නිදහස දීලා තියෙන්නේ.ඒක නිසාම අපි මෝඩ තීරණ ගන්නේ නෑ කියලා එයාලා දන්නෝ.ඒක නිසා අපේ ගෙදරින් මේ ගැන අකැමැත්තක් එන්නේ නෑ කියලා මම දන්නෝ.”

“හ්ම්ම්ම්ම්....එකත් හොදයි නේ.”

“මම එහෙනම් බහිනවා.”

“එල බායි.”

වර්ණක එදින ගෙදර පැමිණ සරෝජාට කෙටි පණිවිඩයක් දැමූ අතර ඇයද හැරෙන තැපෑලෙන් පිලිතුරක් එවීය.තම සොහොයුරා මෑතක සිට වෙනස් වී ඇති බව දැනුණු මධුවන්ති තම අයියාගේ කාමරයට බෙල්ල දමා,

“අයියේ?”

“ම්ම්ම්ම්ම්ම්”

“කාත් එක්කද මැසේජ් කරන්නේ?”

“යාලුවෙක් එක්ක පොඩ්ඩි”

“අක්කා එක්කද?”

“මොන අක්කද පොඩ්ඩි”

“නෑනා අනේ නෑනා.”

“අනේ යනෝ පොඩ්ඩි යන්න.හොදටම පැහිලා හොදේ.”

“හී.............” කියමින් සිනහවක් දමමින් ගෙතුලට දිව ගියාය.

පසුදා උදෑසනද වර්ණක සුපුරුදු පරිදි දුම්රියේ සරෝජා හා කතා කරමින් පැමිණි අතර තම ආයතනයට ලං වෙත්ම සරෝජා මෙසේ වර්ණකට කීවේය.

“වණූ...”

“ම්ම්ම්...”

“අද ඔයාට ශෝට්ලිව් දාන්න පුලුවන්ද?”

“පුලුවන්.ඒත් ඇයි?”

“අද මට ඔයා එක්ක කතා කරන්න ඕන වණූ. අපි ගාලු කොටුවේ යමූ.”

“හරි සරෝ මම 1.00ට එන්නම්.”

“හරි වණූ. බායී.”

“බායි සරෝ.”

එදින වේලාව ගතවන්නේ හිමින්දැයි මුල් වරට වර්ණකට සිතුණි.ඔහු සෑම විටම ඔරලෝසුව බලමින් සිටියේය. දහවල් 12.40 ට පමණ ආයතනයෙන් පිටවූ ඔහු සරෝජා සමඟ ගාලු කොටුව දෙසට හිමින් හිමින් ඇවිද ගිය අතර අසල තිබූ අවන්හලකින් දිවා ආහාරය ගත් ඔවුන් පැවති අධික අව්රැස් නිසා අසල තිබූ ධර්මපාල උද්‍යානයේ ගසක් යට වාඩි වුණි.

“ඉතින් සරෝ.මොනාද කියන්න ඕන.”

“වණූ.මට පොරොන්දු වෙන්න ඔයා මේක අහලා මාව එපානම් අතාරිනවා කියලා.”

“ඇයි සරෝ එහෙම කියන්නේ?”

“පොරොන්දු වෙන්න.”

“සරෝ මේ බලන්න. මට ඔයාව අත අරින්න බෑ.ඔයා කතාව කියන්න.මම ඔයාව කවදාවත් අත අරින්නේ නෑ.”

“වණූ.ඔයා හරි හොදයි.මම ඉපදුනේ වව්නියා වල.මම තමයි පවුලේ එකම ලමයා.ඒ කාලේ තාත්තට කඩයක් තිබ්බා.ඒත් මේ යුද්දේ නිසා එයාට එයාගේ කඩේ විතරක් නෙවේ එයත් නැති වුණා.අම්මයි මමයි විතරයි ඉතුරු වුනේ.දවසක් මාවත් එල්.ටී.ටී.ඊ. එකට බඳවා ගන්න එල්.ටී.ටී.ඊ එකේ මිනිස්සු ආවා.අම්මා මාව ගෙනියන්න දුන්නේ නෑ. උන් මොකද කලේ උන් මගේ අම්මව මාව ඉස්සරහම මරල දැම්මා වණු.”

එසේ කියද්දී සරෝජාගේ ඇස් වලින් කදුලු දෝරේ ගලමින් තිබුණි.වර්ණක තම අතින් ඒ කඳුලු පිස දැමුවේය.

“උන් මාව උන්ගේ කෑම්ප් එකකට ගෙනිහින් මාව ට්‍රේනිං කලා.මම දවසක් පැනලා යන්න හදද්දි උන් මාව අල්ලා ගත්තා.උන් එදා මාව විනාශ කලා වණූ.උන් මාව විනාශ කලා.උන් සරෝජා සුබ්‍රමනියම් කියන කෙල්ලව ගෑනියෙක් කලා වණූ.උන් මාව උන්ගේ ඕනෑ එපා කම් වලට යොදා ගත්තා.දවසක් උන් නිදි අතරේ මම පැනලා ආවා.මම හමුදා ඒරියා එකකට ආවට පස්සේ එයාලා මාව කොළඹට එව්වා.එතනින් තමයි වණූ මාව මාතර තියන අනාථ නිවාසයකට දැම්මේ.”

සරෝජාගේ දෑස්වලින් කඳුලු දෝරේ ගලමින් තිබුණි.වර්ණකගේද දෑස් කඳුලෙන් තෙත්ව තිබුණි.

“දැන් තේරෙනවා නේද වණූ මම ඒතරම් හොද කෙල්ලෙක් නෙවේ වණූ.මම ගෑනියෙක්.ඔයා මට අකැමැති වුණාට කමක් නෑ වණූ.අපි යාලුවෝ වගේ ඉමු.”

“සරෝ.මේ......මම දැන් ඔයාට කියුවද මම අකැමැති කියලා.මට මේක කියන්න. ඔයා මට කැමතිද නැද්ද?”

“ඔයාට ගොඩක් කැමතී වණූ.ගොඩාක්...”

“එහෙනම් ඔයා මගේ තමයි.ආදරෙයි ගොඩාක්.”

“ඇත්තමද වණූ.අනේ මමත් ආදරෙයි වණූ හුඟක්.” කියමින් දෙදෙනා එකිනෙකා තදින් වැලද ගත්තා.

“වණූ.......”ටික වෙලාවකින් සරෝජා තම හඩ අවදි කලා.

“ම්ම්ම්ම්ම්”

“ඔයාලගේ ගෙදරින් මට කැමති වෙයිද වණූ.”

“ඇයි එහෙම අහන්නේ.”

“නෑ... මම ටැමිල් නිසා.”

“සරෝ අම්මයි තාත්තයි කවදාවත් මගේ කැමැත්තකට අකැමැති වෙන්නේ නෑ.”

“එතකොට පොඩ්ඩී?”

“එයත් අකැමැති වෙනේ නැති වෙයි....පොඩ්ඩ්ඩක් ඉන්න ඔයා කොහොමද පොඩ්ඩි ගැන දන්නේ?”

“කවීෂා අක්කිගෙන් අනේ.”

“ආහ්. ඒක මිසක්.මේ අපි යමුද සරෝ?”

“ඇයි.තාම 4.30 නේ?”

“ඉතින් ඔයාගේ ට්‍රේන් එක 4.35ට යනවනේ සරෝ.”

“කමක් නෑ.අද ඉදන් මම යන්නෙත් 5.25 කෝච්චියේ.”

“ඇයි?”

“නෑ මගේ පණ යන්නෙත් ඒ වෙලාවටනේ” කියමින් ඇය නැවතත් වර්ණක වැලද ගත්තාය.

ඔවුන් දෙදෙනා එදා දින කෝච්චියේ තම නිවෙස් බලා ගියේ කවීෂාගේ හා කාවින්දගේ විහිලු වලට ලක් වෙමිනි.

එදින නිවසට ගිය වර්ණක එදා දහවල් ගත් සරෝජා ගේ ඡායාරූපය බලමින් සිටින අතර තම නැගණිය වන මධුවන්තිට අඩගැසුවේය.

“පොඩ්ඩී......පොඩ්ඩී..........”

“ඕ.................”

“පොඩ්ඩක් එනෝකෝ”

“ඇයි?”

“මේ.ලස්සනද?” කියා අසමින් තම දුරකථනය තම නැගණිය අතට දුනි.

ඇය එය අතට ගත් වහාම “අම්මේ අම්මේ” ගාමින් තම මව සොයමින් දිව ගියාය.

වර්ණකද ඇය පසු පස දිව ගියාය.ඔහු ඇයට ලඟා වන විටත් තම මවට “අම්මේ මේ කියමින්” සරෝජාගේ ඡායාරූපය පෙන්වමින් සිටියාය.

“කව්ද පුතේ මේ?”

“ඔය අම්මේ සරෝජා.”

“කව්ද ඉතින් “

“ඔය ඉන්නේ අම්මේ අපේ අයියගේ ගෑණූ ලමයා.” කටකාර මධුවන්ති කිවේය.

“අනේ මේ ලමයගේ සිරියාව.”

“අම්මා කැමතිද?”

“එහෙම හිතාගන්නකෝ.”

“ඒත් අම්මේ එක ප්‍රශ්ණයක් තියෙනවා?”

“මොකක්ද?”

“එයා ටැමිල්.”

 

“සුදූ......සුදූ.......”

“කාවින්ද තම කල්පනාවෙන් මිදුනේ තම බිරිදගේ කටහඩිනි.”

“මම මෙහේ මධූ.....”

“මොකද අනේ ඔතන කරනේ කියමින් මධුවන්තිද එම ස්ථානයෙන් වාඩි විය.”

“මම මේ වර්ණක ගැනයි සරෝ ගැනයි හිතුවේ.”

“අයියයි අක්කයි හොදින් ඉන්නවා ඇති නේද සුදූ.”

“ඔව් එයාලා දෙනා හොදින් ඉන්නවා ඇති.අපි යමු මධූ ගේ ඇතුලට මදුරුවෝ ඉන්නවා එලියේ.”

කියමින් කාවින්ද තම බිරිදද කැදවාගෙන ගෙතුලට ගිය අතර මධුවන්ති මුළුතැන්ගෙය දෙසට ගියේ රාත්‍රී ආහාරය සුදානම් කිරීමටයි.කාවින්ද රූපවාහිනිය ක්‍රියාත්මක කල අතර එහි ගිය ඉංග්‍රීසී ගීතයක කොටසක් සමඟ බිත්තියේ එල්ලා මල්මාලා දැමූ වර්ණකගේ හා සරෝජාගේ ඡායාරූප දෙස තම දෑස් යොමු කරගෙනම නැවතත් ඔහු තම කල්පනා ලොවට ඇතුල් වුණි.

It's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh, I'll tell you all about it when I see you again
When I see you again

මතු සම්බන්ධයි

කසුන් සපුමොහොට්ටි.

Post a Comment

0 Comments