මනමාලී යාල් දේවී 3



“එයා ටැමිල්.”

“මොනවා මේ දරුවා දෙමළද?”

“අයියේ......අක්කා ටැමිල්?”

“ඔ...ඔ...ඔව්.ඇයි?”

“අනේ දරුවෝ මේ ලමයා දෙමළ කියලා කියන්නවත් බෑනේ.අපේ මහත්තයා.....අපේ මහත්තයා”

“ඇයි?”

“මේ බලන්නකෝ”

“ම්...මමත් අහගෙන හිටියේ. ඉලන්දාරියා ආදරේ කලාට කමක් නෑ, ඔයාගෙත්, ඒ කෙල්ලගෙත් ආත්ම ගරුත්වේ ආරක්ෂා කරගෙන.මොකද දෙමළ සංස්කෘතිය වගේම දෙමළ මිනිස්සුත් හරිම හොදයි. මම ඒක දන්නවනේ ඒ පැත්තේ වන ජීවී හිටපු නිසා.ඒ නිසා ඔයාලා දෙන්නා සංස්කෘති දෙකක ලමයි.හරිද? ඒ අදහස් උදහස් ඔයාලා දෙන්නට ගලපගන්න පුලුවන් නම් ඔයාලා දෙන්නා මේ සම්බන්දේ කරගෙන යන්න.අපෙන් බාධාවක් නෑ.”

“හරි තාත්තා.”

“හ්ම්ම්ම්ම්”

ඇත්තෙන්ම වර්ණකට සිතුනේ මෙවන් දෙමව්පිය දෙපලක් ලබන්නට තමා කෙතරම් වාසනාවන්තද යන්නයි.

“අයියේ අක්කට කෝල් එකක් අරන් දෙන්නකෝ”

නැවත තම කාමරයට පැමිණි වර්ණකට ඒ පිටුපසින් පැමිණි තම නැගණිය පොඩ්ඩි කීවාය.

“එයා මේ වෙලාවේ නිවාසෙන ඉන්නේ පොඩ්ඩි.මම හෙට ඔයාට අරන් කෝල් එකක් අරන් දෙන්නම් කෝ.”

“ප්‍රොමිස්?”

“ප්‍රොමිස්.”

පසුවදා දුම්රියේදී සරෝජා හමු වූ වර්ණක මේ විස්තර කියද්දී සරෝජාගේ දෑස් වලින් කදුලු කඩා වැටුණි.

“අනේ වණූ අම්මයි තාත්තයි පොඩ්ඩියි කොච්චර ආදරෙයිද?”

“අනේ ලමයෝ අඩන්න එපා ඉතින්”

“අඩන්නේ නෑ සුදු ඇඩෙනෝ. මට කෝල් එකක් අරන් දෙන්නකෝ.”

“මම හවසට යන ගමන් අරන් දෙන්නම් සුදූ.අපි දැන් එකටනේ යන්නේ.”

“ඔව් නේද? එහෙනම් හවසට හම්බු වෙමු රත්තරං”

“හරි සුදූ.”

එසේ සරෝජා ඇයගේ ආයතනයට ඇරලවා කාවින්ද සමඟ ආයතනට ගිය වර්ණකට සවස් වෙනතුරු ඉවසිල්ලක් තිබුනේ නැත.තම ඥාතීත්වය භාවිතා කර සවස 4.00ට පමණ ඔහු එලියට පැමිණියේ 4.30ට සරෝජාටද එලියට පැමිණෙන්නයි දන්වමිනි.

“මොකද ලමයෝ වේලාසන?” සරෝජා විමසුවේ වර්ණකගේ දෑතේ වෙලෙමිනි.

“නිකන් ඔයාව බලන්න හිතුනා.”

“අනේ වණූ ඔයාගේ ජොබ් එකටත් මොනව හරි වෙයි මම නිසා.”

“එහෙම වෙන්නේ නෑ සරෝ.මොකද ඔය කොම්පැනිය මගේ මාමා කෙනෙක්ගේ.ඉතින් දන් නැද්ද?”

“ආහ් ඒකයි මේ මෙයා වේලාසන එන්නේ?”

“ආහ්.ඇයි එන්න එපාද?”

“අනේ මම එහෙම කියුවද වණූ.”

“හරි හරි අපි 5.15 ට්‍රේන් එක එනකනුයි, අර දෙන්නා එකනුයි ස්ටේෂන් එකට වෙලා ඉමූ.”

“හරි වණූ.මට පොඩ්ඩිට කෝල් එකක් අරන් දෙන්න කෝ.”

“හරි හරි යමුකෝ.ගිහින් අරන් දෙන්නම්.”

ගාල්ල දුම්රිය ස්ථානයෙන් ඇතුලට ගියා වූ ඔවුන් දෙදෙනා බංකුවක වාඩි වුණි.වර්ණක නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“හෙලෝ අයියේ ඇයි මේ කවදාවත් නැතුව මේ වෙලාවට කෝල් එකක්?”

“මෙන්න ඔයාට කතා කරන්න ඕනලූ කෙනෙක්ට” කියා වර්ණක දුරකථනය සරෝජාට ලබා දුණි.

“හෙලෝ පොඩ්ඩි”

“හෙලෝ මගේ සුදු අක්කේ කොහොමද?”

“මම හොදින් පැටියෝ. ඔයාට කොහොමද?”

“මමත් හොදින් මගේ සුදු අක්කි. අනේ මට ඔයාව ඉක්මනට බලන්න ඕන.”

“මටත් පැටියෝ.මටත් ඉක්මනට මගේ නංගිව බලන්න ඕන”

“ඉතින් එන්නකෝ අයියත් එක්ක”

“අනේ අද බෑනේ පැටියෝ.අනික මම එහෙම ඇවිල්ලා ඔයාලගේ අම්මා මට ගැහුවොත්?”

“අනේ අපේ අම්මයි තාත්තයි හරි හොදයි සුදු අක්කි.එයාලා එහෙම නෑ.”

“මම දන්නවා පැටියෝ මම විහිලුවක් කලේ.”

“මෙන්න සුදු අක්කේ අම්මා ඉල්ලනවා.”

“හෙලෝ දුවේ”

“හෙලෝ අම්මේ. කොහොමද?”

තම නැගණියට මෙන්ම තම මවටද තමාගේ අය මෙන් කථා කරනා තමා ආදරණීය සරෝ දෙස වර්ණක බලා සිටියේ කඳුලු පිරි දෑසිනි.

“වරදක් නෑ දුවේ. කොහොමද ඔයාට?”

“මමත් හොදින් අම්මේ.කෝ අම්මේ තාත්තා.”

“අන්න වත්ත පැත්තට ගියා දුවේ.කැලේම රිංගලා පුරුද්ද නිසා ඒවා වෙනස් කරන්න අමාරුයි.”

“ඒත් අම්මේ තාත්තට පොඩ්ඩක් විවේකෙන් ඉන්න කියන්න.”

“ඔයාම කියන්නකෝ.”

“අනේ අම්මේ.මම ඉක්මනට එනවා ඔයාලව බලන්න.”

“අනේ හොදයි දුවේ.මමත් ඔයාව බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ.”

“හරි අම්මේ තව පොඩ්ඩකින් කෝච්චිය එනවා.මම වර්ණකට ෆෝන් එක දෙන්නම්.”

“වර්ණක දුරකථන ඇමතුම විසන්ධි කර සරෝජා දෙස බැලීය.

“දෑස් දෙකෙහි කදුලු පුරවාගෙන ඇය තමා දෙස බලා සිටියි.

“අනේ රත්තරන් මට මෙච්චර ආදරේ කරන්න එපා.මට හැමදාම ඔයා ලඟ ඉන්න හිතේවී.”

“ඉතින් සුදු ඔයා හැමදාම මගේනේ.”

“මට කවදා යන්න වෙයිද කියලා කව්ද දන්නේ මැනික.”

“සරෝ.මැනික මේ බලන්න.අපි හැමෝටම කවදා හරි යන්න වෙනවා මැනික.ඒත් අද හෙටම නෙවේ.අපි දෙන්නා බැදලා,ලමයින්ගෙත් ලමයින් හුරුතල් කරලා ඉවර වෙලා.තේරුනාද?”

“හ්ම්ම්ම්ම්ම්”

“දැන් අඩන්න එපා.”

“හ්ම්ම්ම්ම්ම්”

මේ වන විට සවස වැඩ අවසන් වී බොහෝ අය නිවෙස් බලා යෑමට දුම්රිය ස්ථානයට පැමිනෙමින් තිබුණි.දුම්රිය තවත් මිනිත්තු පහලොවක් ප්‍රමාද වන බව ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ සිට පණිවුඩයක් නිකුත් වුණි.

“සරෝජා ඉංගේ වා.”

මදක් ඈතින් සිටි තරුණයින් තිදෙනෙකුගේ කණ්ඩායමක් සරෝජාට අඩගැසීය.සරෝජා මෙන්ම වර්ණකද එදෙස බැලූ අතර සරෝජාගේ මුහුනේ බියක සේයාවක් සටහන් ව තිබුණි.

“කව්ද සරෝ එයාලා?”

“සුදූ.ඔයා ඔහොම ටිකක් ඉන්නකෝ.අපේ ඔෆිස් එකේ කොළඹ බ්‍රාන්ච් එකේ ඉන්න මම අදුරන කෙනෙක්.පොඩ්ඩක් ඉන්න.”

සරෝ යන දිහා වර්ණක නැගිටලා බලන් හිටියේ අමුත්තක් හිතට දැණුනු නිසා.උන් මොනවද මොනවද වේගයෙන් කියාගෙන යනවත්, සරෝගේ මූණ බිමට යොමුවෙලා තියෙන නිසත් වර්ණක හිතා ගත්තා මේ සරෝට බනිනවා කියා.ඔහු ඒ පැත්තට යන්න කකුලක් තිබ්බා විතරයි එතන හිටපු එකෙක් සරෝගේ කම්මුලට ගැහුවේ මදක් දුරින් ඉදපු වර්ණකට පවා “චටාස්” කියන හඩ ඇහෙන ගානටමයි.වර්ණකට ඒක දැකලා යකා තද වුණා. ඔහු වේගයෙන් දිව ගොස් ගහපු වේගවත් පහරට කනේ පහර ගහපු පුද්ගලයා අඩි තුනක් පමණ විසි වී ගියා.  

“තොපි හු@*%$ බ#ලා තෝ කොහොමද කැ@# මගේ කෙල්ලට අත තියන්නේ වේ@ බ*ලෝ.ආ....තොගේ බෙල්ල ගලපවලා අතට දෙනවා බලා ගනින් කැ# පො#&යා හැඩ බල බල ඉන්න.”

මේ සිද්ධිය දැකපූ කාවින්දත් දුවගෙන ආවේ වර්ණකව පාලනය කර ගන්න.මොකද වර්ණක කියන්නේ කරාතේ කළු පටි ශූරයෙක් කියලා ඔහු දැනගෙන හිටියා.ඔහු ඉවසීම ප්‍රගුණ කරපු අයෙක් වගේම ඔහුගේ ප්‍රහාරයන් කොතරම් දරුණුද කියලත් කාවින්ද දැනගෙන හිටියා.

“මචං මචං නැවතියන්” කියමින් දුවගෙන් ගොස් වර්ණක අල්ලා ගන්නා විටදිත් සරෝජා ඔහුව බදාගෙන සිටිනවා කාවින්ද දැක්කා.ඒ වගේම ඔහුගෙන් පහර කෑ පුද්ගලයා කටින් ලේ පෙරමින් ඔහුගේ මිත්‍රයන් දෙදෙනා විසින් වත්තන් කරගන්නවා දුටු කාවින්දට වර්ණකගේ පහරේ තරම සිතා ගත හැකි වූවා.

“තොපි කොහොමද කැ#$යෝ මගේ කෙල්ලට ගහන්නේ?”

“අනේ වණූ ඕක නවත්තගන්නකෝ.”

“අනේ සොරි මචං.මම පිලිගන්නවා ඌ කරපු වැඩේ වැරදියි.සමාවෙයන් මචං.සමාවෙන්න සරෝජා.මණික්කවුම් සරෝජා.නාංගල් සෙල්වෝම්.”

කියා ඔවුන් දුම්රිය පොලෙන් පිටව ගියා.

වර්ණක සරෝජා දෙස බැලූ අතර ඇයගේ තොල පැලී ලේ ගලමින් තිබුණි.

“අනේ සරෝ ඔයාට තුවාලයි නේද?”

“අවුලක් නෑ මැනික.”

“කවුද උන් සුදූ?”

“එයාලා අපේ කොළඹ බ්‍රාන්ච් එකේ අය වගයක්.මම මෙහේ එන්න ඉස්සෙල්ලා සතියක් විතර කොළඹ එකට වැඩට ගියා.ඒ කාලෙදී ඔයා අර ගහපු කෙනා මගේ පස්සෙන් ආවා.මම බෑ කියුවා.අදත් ඇවිල්ලා තියෙන්නේ මගෙන් අහන්න.මම කියුවම මම ඔයා එක්ක යාලු වෙලා කියලා එතකොට තමයි මට එයා ගැහුවේ. අනේ වණූ මම නිසා ඔයත් කරදරවල පැටලෙනවා නේද?”

“ඔයා මගේ දැන්.මගේ පණට එකෙක් ගැහුවොත් මට පුලුවන් ඌව මරන්න තේරුනාද?”

“මගේ සුදූ.....”කියමින් සරෝජා වර්ණකට තුරුලු වූ අතර එවෙලේම පැමිණී දුම්රියට ඔවුන් ගොඩ වූ අතර එය හූ.......හඩ නඟමින් මාතර බලා ගමන් ඇරඹිය.

එම සිදුවීමෙන් සති දෙකක් පමණ ගෙවී ගියේය.සති අන්තය හා අලලා ලැබී තිබූ දින සතරේ නිවාඩුවක සරෝජා හා වර්ණකගේ පවුලේ අය නුවර වන්දනා ගමනක් ගිය අතර ඉන් සරෝජා පවුලේ අයෙකුම බවට පත් විය. ඇතැම් සති අන්තයන්හි සරෝජා සිටියේ වර්ණකලාගේ නිවසේය.

මෙසේ මාසයක් පමණ ගෙවී ගියේය.

දිනක්.......

************************************************************************************

සුදූ කෑම ලෑස්තියි.”

කාවින්ද තම සිහියෙන් මිදුණේ තම බිරිද මධුවන්තිගේ හඬිනි.

කෑම කා දරුවන්ද නින්දට යවා බිරිඳ හා ආලින්දයේ වාඩිවූයේ තව දින දින දෙකකින් යෙදී ඇති තම මිත්‍රයාගේ 14 වන ගුණානුස්මරණය පිලිබඳ කතා කර ගැනීමටයි.

සුදූ.....”

ම්ම්ම්ම්ම්ම්ම්”

“ඇත්තටම එදා මොකද වුනේ.”

එම ප්‍රශ්ණය ඔහුව නැවත අතීතයට ගෙන යන මොහොතේ කොහේදෝ සිට ආ ගීත ඛණ්ඩයක් ඔහුගෙ සිතට ඇතුල් විය.

“අසුරු සැනින් එක මොහොතකදී

කාලය නැවතී යළි ඇරඹී

විශ්වය අලුතින් බිහිවේවා

ඔබේම වී මා මගේම වී ඔබ

අපේම වී අප ඉපදේවා ....”

 

කසුන් සපුමොහොට්ටි.

මතු සම්බන්ධයි.

Post a Comment

0 Comments