මනමාලී යාල් දේවී 4 (අවසන් කොටස)



සුපුරුදු පරිදි සවස දුම්රිය එනතෙක් සරෝජා වර්ණකගේ උරහිසට හිස තබාගෙන සිටියේය. නමුත් සරෝජාගේ මුහුනේ තිබූ කැලඹීම වර්ණකට නොපෙනුණි.

“සරෝ........”

“ම්ම්ම්..............”

“අම්මා අහනවා මැණික ඔයාව එක්කන් එන්නේ කවදද කියලා.”

“හ්ම්ම්ම්”

“හ්ම්ම් ගාන්නේ මොනව හරි කියන්නකෝ.”

“මට කියන්න පුලුවන් වණූ. ඒත් මට කවදා යන්න වෙයිද දන්නේ නෑ.”

“මොන මඟුලක්ද සරෝ. ඔයා අපි දෙන්නා ගැන කතා කරන හැම වෙලාවකම කවදා යන්න වෙයිද, කවදා යන්න වෙයිද ගාන්නේ. ඔයා කැමති නැද්ද අපි බදිනවද ආ.....” වර්ණක කේන්තියෙන් පැවසීය.

“වණූ අපි මේ ගැන කතා කරන එක නවත්තමුකෝ සුදූ.”

“බෑ...අද මට දැන ගන්නම ඕනි මොකද මේ මැරෙන මඟුල්ම කියවන්නේ කියලා. අද කියන්නේ නැත්නම් මේ සම්බන්දේ මෙතනින් ඉවරයි.” වර්ණක ඒවා සිතා නොව ඔහුගේ මුවින් ඒ වචන ඉබේම පිටවිය.

“ඔයාට ඕනි මේ සම්බන්දේ නවත්තන්න නේ. හරි නවත්තමු.”

“තමුන් අරකට හේතුව කියන්නේ නැත්නම් හරි නවත්තමු.”

“හරි වණූ.මට සමාවෙන්න.අන්න ඒක විතරක් ඔයා මතක තියාගන්න.” කියමින් සරෝජා නැගිට දුම්රිය පොළ පිටවීම දෙසට ගියේ කඳුලු පිරි දෑසිනි. කේන්තිය නිසාම වර්ණකද ඇය ගිය මඟ නොබැලූ අතර සරෝජා දුම්රියපොළ ඉදිරියේ තිබූ වීදුරු කළු කරන ලද, සුදු පැහැති ඩොල්ෆින් වර්ගයේ වාහනයකට නැඟ යනු ඔහුට නොපෙනුනි. දුම්රියට පැමිණි කාවින්ද සහ කවීෂාද සරෝජා ගැන විමසූ නමුත් වර්ණක කලේ බලා ගත් අත බලා ගෙන සිටීම පමණි.

දින දෙකක් ගෙවුනද වර්ණකට සරෝජා සම්බන්ධ කර ගත නොහැකි වූ අතර ඇය සොයා ඇය වැඩකල ආයතනට ගියද ඔහුට දැන ගත හැකි වූයේ ඔවුන් මුණ ගැසුණු අවසන් දිනයේ ඇය තම අස්වීම ආයතනයට ලබා දී ඇති බවයි. වර්ණකගේ හිතට බියක් දැණුනු අතර ඔහුට ඇයගේ අවසාන වචනය නැවත නැවත මතක් වන්නට විය.

“මට සමාවෙන්න.අන්න ඒක විතරක් ඔයා මතක තියාගන්න.”

දිනය 2006 ඔක්තෝම්බර් 18 බදාදා

තමාගේ කේන්තිය නිසා තමා කරගත් මෝඩකමට සිතින් දොස් නඟා ගනිමින් නින්දත් නොනින්දත් අතර සිටි වර්ණකට නින්ද ගියේ පාන්දර දෙකට පමණය. උදෑසන 6.00ට නැගිට තම දුරකථනය බැලූ විට පාන්දර 2.15ට සරෝජා පණිවිඩයක් එවා තිබෙනු දුටු ඔහු සතුටින් එය විවෘත කලත් එහි තිබූ පණිවිඩය දුටු ඔහුගේ හදවත නැවත බියට පත් විය.

“වණූ.මම යනවා. මට සමාවෙන්න.”

එම කෙටි පණිවිඩයයි. ඔහු දුරකථනය ඉවත දමා වැඩට යාමට සූදානම් වූ අතර ඔහුට දුම්රියේ ගමන් කිරීමට සිත් නොදුන් නිසා ඔහු බසයෙන් එදින වැඩට ගියේය. ගාල්ල දෙවට ප්‍රදේශයේදී ඔහුට කාවින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

“උබ කොහේද ඉන්නේ?”

“මම දෙවටේ බං.”

“උබ ගාල්ල ස්ටේෂන් එක ඇතුලට වරෙන් හරිද?”

“ඇයි?”

“මම දැක්කා සරෝ අක්කා වගේ කෙනෙක් කෝච්චියේ අන්තිම පෙට්ටිය හරියට වගේ නඟිනවා ලොකු බෑග් එකකුත් අරගෙන. හැබැයි මචං නැග්ගේ තල්පෙන්. ඒ මොකද දන්නේ නෑ නේ?”

“උබට එයා ලඟට යන්න පුලුවන්ද?”

“බැරිවෙයි මචං අද මාර සෙනඟක් ඉන්නේ.”

“හරි ඉදපන් මම එන්නම්.”

කියූ වර්ණක ගාල්ලෙන් බසයෙන් බැසගත් වහාම ගාල්ල දුම්රිය පොළට දිව ගිය අතර දුම්රිය වේදිකාවට ප්‍රවේශ පත්‍රයක් ගන්නවාත් සමඟ දුම්රිය පැමිණියේය. ඔහු ඉක්මනින් ඉක්මනින් සනඟ අතරින් වේදිකාවේ එහා කොනට ගිය අතර ඔහු සරෝජා ද දුම්රියෙන් බැස පිටවීම දෙසට නොව අනෙක් දෙසට ගමන් ගන්නා දුටු ඔහු “සරෝ” කියා හයියෙන් කෑ ගැසුවේය. සරෝජා හිස හරවා බැලූ අතර ඇය බීතියෙන් තැතිගෙන දුම්රිය වේදිකාවේ එහා අන්තයේ කෙලවරටම දිව ගියේය. වර්ණකද ඇය පසුපස දිව ගොස් ඇයට මීටර් 200 පමණ ලංවී සිටියදී “සරෝ” කියා කෑගසනවාත් සමඟම ඩෝං යන හඩින් සමස්ථ ගාල්ල නඟරයම හෙල්ලී ගියේය.

...............................................................................................................

එදින පාසල් නොගිය මධුවන්ති උදෑසන රූපවාහිනිය නරඹමින් සිටියේය. එක්වරම හදිසි පුවත් වාදනයක් සමඟ පුවතක් ආරම්භ විය.

“මෙන්න දැන් ලැබුණු පුවතක්. මිට සුලු වෙලාවකට පෙර ගාල්ල දුම්රිය ස්ථානයට එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත.”

“අම්මේ.............” මධුවන්තිට කෑ ගැසුණි.

“මොකද ලමයෝ මේ කෑගන්නේ” කියමින් ආලින්දයට පැමිණි ඇයටද ප්‍රවෘත්තිය කන වැටීමෙන් පසු “මහත්තයා......” යනුවෙන් කෑ ගැස්සවිණි.

“මොකද මොකද මේ කෑගහන්නේ.” කියමින් ආලින්දයට පැමිණි ඔහුටද තම බිරිඳ හා තම දියණිය කෑ ගැසීමට හේතුව වැටහීමට එතරම් වේලා ගියේ නැත.

“අනේ මහත්තයා අපේ කොල්ලයි කෙල්ලයි.” වර්ණකගේ මව එසේ කීවේ වර්ණක හා සරෝජා ගැනය. සැබැවින්ම ඇය සරෝජාට සැලකුවේ තම දියණියට මෙන්ය.සරෝජාද ඇයට සැලකුවේ තම මව මෙන්ය.

“හරි හරි කෑ ගහන්න එපා. කලබල නොවී ඉන්නකෝ.” කියමින් ඔහු තම හිත මිත්‍ර උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගත්තේය.

*******************************

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වර්ණක දැඩිසත්කාර ඒකකයේ සතියක් සහ සාමාන්‍ය වාට්ටුවක සති දෙකක් ප්‍රතිකා නිවස වෙතට ගෙන ආවේ ප්‍රහාරයෙන් සති තුනකට පමණ පසුවය. නමුත් ඔවුන්ට සරෝජාව සොයා ගත නොහැකි විය. ප්‍රහාරයෙන් ප්‍රහාරකරු සහ තවත් තිදෙනෙකු එම ස්ථානයේම මිය ගිය අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදී මිය ගියේය.බෝම්බය කෙතරම් දරුණුද කිවහොත් දුම්රිය එංජිම කෑලි කෑලි වලට කුඩු වී තිබුණි. ප්‍රහාරකරු කවුරුන්දැයි හඳුනාගත නොහැකි තරමට කුඩා කැබලි වලට කැඩී විසි වී තිබුණි. රජයේ වාර්ථා වලට අනුව මෙම බෝම්බය එතෙක් මෙතෙක් එල්.ටී.ටී.ඊ ය විසින් නිර්මාණය කල බරපතලම බෝම්බයයි. කෙසේ වෙතත් කොතරම් උත්සහ දැරුවද මිය ගිය පිරිස අතර සරෝජාගේ දේහය සොයා ගත නොහැකි විය.

නිවසට පැමිණියද ඇතිවූ කම්පනය නිසා ඔහුට විවේක ගැනීමට පවුලේ අය කටයුතු කල අතර වාසනාවකට මෙන් එදින ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ කවීෂා සහ කාවින්ද හැකි සෑම විටම ඔහුව බැලීමට පැමිණි අතර කාවින්ද නිතරම පාහේ යන්න එන්නට වූයේ ඔහු හා මධුවන්ති අතර ගොඩනැගී තිබූ ආදරය නිසාමය. නමුත් සියල්ලන්ටම ගැටලුව වූයේ සරෝජාට කුමක් වුනේද යන්නයි.

මෙසේ මාසයක් පමණ ගෙවී ගිය අතර වර්ණක සම්පූර්ණ සුවය ලැබීය.අද ඔහු නැවත වැඩට යාමට සැරසෙන දිනයයි.

“අයියේ.”

උදෑසනම කාමරයට පැමිණි මධුවන්ති තම සහෝදරයා ඇමතීය.

“පොඩ්ඩී.”

“අයියේ මට සමාවෙන්න මේක අහනවට.ඔයාගේ හිත රිද්දනවට සමාවෙන්න.ඒත් මට මේක දැනගන්නම ඕනී.”

“කමක් නෑ පොඩ්ඩි අහන්න”

“අපේ සුදු අක්කට මොකද වුනේ අයියේ?”

වර්ණකගේ දෑසට කදුලු ගලා ආවේ ඉබේටමය.ඔහු ඇද මත වාඩි වුණි.

“අනේ අයියේ සමාවෙන්න.”

“කමක් නෑ පොඩ්ඩි. ඒත් මම හිතන්නේ පොඩ්ඩි....ස....ස...සරෝට බේරෙන්න බැරි වුණා.” ඔහුට කිව හැකි උනේ එපමණකි.ඔහුට ඉකි ගසා හැඩිණි.

“අනේ අයියේ” මධුවන්තිටද ඉකි ගසා හැඩුනේ සරෝජාද ඇයගේ සොහොයුරියක් මෙන් නිසාය.

තම පුතුගේ කාමරය දෙසින් හඬනා ශබ්දයක් ඇසුනු වර්ණකගේ මව කාමරයට ගොස් තම දරුවන් දෙදෙනා සැනසුවේ ඇයගේ දෑසටද කඳුළු එද්දීය.

මාස දෙකකට පමණ පසු වර්ණක දුම්රියෙන් බැස සෙනඟ අතරින් ඉදිරියට ඇදෙද්දි කාන්තා කටහඬකින් මේක සරෝගෙන් යැයි කියා ලියුමක් අතින් ඔහුගේ අතෙහි රදවා සෙනඟ අතරින්ම අතුරුදහන් වූයේ වර්ණකද පුදුම කරවමින්‍ ය. ඔහු ඒ කවුරුන්දැ යි සෙවූ නමුත් එය ඵල රහිත විය. ඔහු එම ලියුමද අතෙහි දරාගෙන තම කාර්යාලට ගොස් තම කුටියට ගිය වර්ණක එම ලියුම කඩා බැලීය. එහි වූයේ සරෝජනීගේ අත් අකුරෙන් ලියූ ලියුමක් බව ඔහු හදුනාගත්තේය. ඔහු එම ලියුම කියවීය.

 

මගේම ආදරණීය වණූ වෙත,

මැණික, ඔයා මේ ලියුම කියවන කොට මම ඔයාගෙන් හුඟක් ඈතට ගිහින් ඉදීවී. ඒ ආපහු නොඑන්නම. මතකද සුදූ අපි රණ්ඩු වුණ හේතුව. මට කවදා යන්න වෙයිද දන්නේ නෑ කියන එක. මම එහෙම කියුවේ මෙන්න මේ හේතුව නිසයි මැණික. මම කොටි කෙල්ලෙක්. එල්.ටී.ටී.ඊ යේ මරාගෙන මැරෙන කෙල්ලෙක්.

ඔව් මම දන්නවා ඔයා දැන් බලයි ඇයි එහෙනම් මෙයා මම එක්ක යාලු වුනේ, එතකොට එයා කියපූ සේරම බොරුද කියලා. මම ඔයාට මගේ පවුල ගැන කියුවේ ඇත්ත. ඒත් මම පැනලා ආවේ නෑ. එල්.ටී.ටී.ඊ එක මාව මරාගෙන මැරෙන කෙනෙක් විදිහට පුරුදු කරා.එයාලා මම එව්වේ ගාල්ලට ඇටෑක් කරන්න. ඇවිත් විස්තර හොයා බලලා එහෙන් නියෝගය ආවම මැරෙන්න.

මට සමාවෙන්න මම බොරු කරාට.ඒත් මැණික මගේ ආදරේ ඇත්ත. මටත් හිතා ගන්න බෑ ඇයි ඔයාට ආදරේ හිතුනේ කියලා.ඒත් ඔයාව හම්බවුණු දවසේ ඉදලා මට ජීවත් වෙන්න ආසාවක් ආවා. අරුන් අපිට ඉගැන්නුවේ මොනතරම් බොරුද කියලා මට හිතුනේ ඔයාලා ආශ්‍රය කරද්දි. ඒත් මට ඔයාට කරන්න වුණ බොරුව නිසා මම හැමදාම රෑට ඇඩුවා. මට මගේ අම්මගෙන් තාත්තගෙන් පස්සේ ආදරේ දැනුනේ ඔයාටයි ඔයාලගේ පවුලේ අයගෙන් විතරයි.

මම අම්මගේ තාත්තගේ පොඩ්ඩිගේ ඔයාගේ ආදරේට හුඟක් ආදරේ කරා මැණික. මට ආව කාරනය පවා අමතක වන තරමටම මම ඒ ආදරේට බැදුණා. මට ඒත් ඔයාගෙම වෙන්න පින නැති වුණා. ඒත් එදා අපි නුවර යද්දි ඔයා මට මුද්ද දාපු වෙලාවේ මම ඔයාගෙම වුණා රත්තතරං. මම ඔයාලගේ ගෙදරට ආවේ අම්මගේම ලේලි විදිහටයි. ඒ දවස් තමයි මගේ ජීවිතේ ලස්සනම දවස් මැණික.

ඔයාට මතකද එදා ස්ටේෂන් එකේදී ඔයා ගහපු කොල්ලා. ඒ තමයි අපේ කමාන්ඩර්.එයා එදා ඇවිත් හිටියේ වැඩේට ලෑස්ති වෙන්න කියන්න. ඒත් මට බැහැ කියපු නිසා තමයි එයා මට ගැහුවේ. ඒත් එයාලා ආපහු දවසක ඇවිත් මට හොදටම ගහලා වැඩේට ලෑස්ති වෙන්න කියුවා.මම වැදලා ඉල්ලුවා මැණීක මට යන්න දෙන්න කියලා. ඒත් උන් කියුවා මම මේක කරන්නේ නැත්නම් ඔයාලගේ මුළු පවුලම මරලා දානවා කියලා.උන් දවසක් අපිව ෆලෝ කරලා මැනික.උන් පොඩ්ඩි ඉස්කෝලෙට යන වෙලාව,එන වෙලාව,තාත්තා වත්තට යන වෙලාව, ඔයා ගෙදරින් එන වෙලාව සේරම ෆලෝ කරලා. උන් මට මාසයක් දුන්නා ලෑස්ති වෙන්න. මට ඔයාලව ඒ වගේ ඉරණමකට පත් කරන්න බෑ.මට මගේ මැණිකව අම්මව,තාත්තව,පොඩ්ඩිව මගේ පව් නිසා මරන්න බැහැ. මම එදා ඔයා එක්ක මම යන කතාව කියුවේ උවමනාවෙන්මයි.මොකද මට ඔයාගෙන් ඈත් වෙන්න පුලුවන් එකම එක විදිහ ඒක විතරක් නිසයි.

මට ඔයාව ලබන ආත්මයේ හම්බුවෙන්නම් කියන්න බෑ.මොකද මම කරන පවේ හැටියට ලබන ආත්මයේ මනුස්ස දිවියක් ලබන්න මට බැරි වේවි. ඒ නිසා මම ඔයාට බොරු පොරොන්දු දෙන්නේ නෑ. ඉතින් මැණීක මට සමුගන්න අවසරයි. කරන්න පුලුවන් අඩුම හානියක් කරගෙන මම යනවා.මගේ ආදරණීය වණූ, මගේ පණ, ඔයා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.

මම ඔයාගෙම විතරක් වුණු ,

සරෝ

 

ලියුම කියවලා ඉවර වෙද්දී ඇත්තෙන්ම වර්ණකට ඇඩුණා. ඔහු කොතරම් හුඟක් වෙලා ඇඩුවා. ඔහු හඬා අවසන් වෙද්දී ඔහුගේ ඉදිරියේම තිබුණු පුවත්පතක දැන්වීමකට ඔහුගේ බොඳ වූ දෙනෙත් යොමු වුණා.

ශ්‍රී ලංකා යුධ හමුදාව - දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීම.

ඔහු පුවත්පතත් රැගෙන කාවින්ද සොයා එසැනින් දිව ගියේය.

..............................................................................................................................................

කතාව ඇසීමෙන් පසු මධුවන්ති කාවින්දගේ පපුතුරේ හිස හොවාගෙන හඬන්නට විය. ඔහු ඇය සනසවන ලද අතර ඔවුන්ට එසේම නින්ද ගියේය.

පසුදා තම රියදුරු කෝප්‍රල් වසන්ත සමඟ කටුනායක ගුවන්තොටුපලට ගියේ ඇමෙරිකාවේ සිට පැමිණෙන කවීෂා සහ ඔහුගේ පවුලේ උදවිය කැදවාගෙන යාමටයි.

“අම්මෝ කොල්ලා මහත් වෙලා.”

“අක්කේ” කියමින් කාවින්ද කවීෂාව වැලද ගත්තේ උතුරා ගිය සහෝදර ප්‍රේමයෙනි. කවීෂාද එසේමය.

සුවදුක් විචාරයෙන් පසු ඔවුන් කාවින්ද සමඟ ඔහුගේ නිවස බලා ගමන් ආරම්භ කලේය.

“ඉතිං මල්ලි මධූ එහෙම හොදින්ද? බබාලා?”

“ඔක්කොම හොදින් අක්කේ. ඉතිං අයියේ කොහොමද මේ දවස් වල?”

කවීෂාගේ සැමියා හා කවීෂා හා කතා කරමින් ඔවුන් ඔහුගේ නිවසට හැරෙනා මංසන්ධිය අසලට ආ අතර කවීෂාගේ ඉල්ලීමෙන් එම ස්ථානයේ නවතා ඒ අසල වූ මාවත නම් කල පුවරුව වෙත ලඟා වුණි.

“මල්ලි.ඒ දෙන්නම හොදින් ඇති නේද?” හැගීම්බර කටහඩකින් ඇසුවේය.

“ඔව් අක්කේ ඒ දෙන්නම හොදින් ඇති.” සමීරද කියුවේ හැගීම්බර හඩකිනි.

ඉන්පසු ඔවුන් දෙදෙනා අතර දිගු නිහැඩියාවක් ඇති වුණි.

“ඒ දෙන්නම අද හිටියනම්” කියා ඔවුන් දෙදෙනා යන්නට හැරුණු අතර කාවින්ද නැවත වරක් හැරී එම පුවරුව දෙස බැලීය.

-----කර්නල් වර්ණක වීරවර්ධන මාවත-----

 ශ්වේත ගං තීර සදකැන් රිදී යටින් 

ඈත සිටියත් ඔයා දැනෙනවා හොදින් 

සර සර හඩින් ඇවිදින් ලඟින් 

හැඩකාරි යාල් දේවි

 

පපුතුරේ උණුහුමින් ඇස් පියන් යටින් 

පිච්ච මල්වැස්ස වැස්සානේ අපි උඩින් 

කිව්වත් හෙමින් ඇහුනා හොදින් 

දඟකාරි යාල් දේවි

රණහංස ගීරාවේ රැව්දුන්නේ හිත ලගනේ

සුහදිලියේ පුළුලුකුලේ සුවවින්දේ මා හා….

 

හීන අහුරක් අරන් ප්‍රේම චාරිකාවේ

පේන අහසක් තරම් චූටි තාර පාරේ 

හැඩ මල් මැදින් අපි යමු ඉතින් 

මනමාලී යාල්දේවි මගේ…

මනමාලී යාල්දේවි


නිමයි.

සියලුම නම් ගම් සිද්ධීන් මනඃකල්පිතය.

kasun sapumohotti

Post a Comment

0 Comments