තාරුණ්‍යයට මඟ කියනා "රොටරැක්ට් සමාජය"


එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තරුණයා යනු වයස අවු.15 - අවු. 24 අතර පසුවන්නන්ට වූවත් ලොව සාමාන්‍යය පිලිගැනීමවන්නේ තරුණයා යනු වයස අවු.18 - අවු. 30 අතර පසුවන අයටය. මෙම අවදියේදී තරුණයා ලමයෙකුගේ සිට වැඩිහිටියෙකු වීම යන අතරමැදි කාලය පසු කරයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු තමන්ගේ ජීවිතයේ වැදගත් තීරණ ගනු ලබන්නේ මේ අවදියේදී වන අතර නායකත්වය, සමාජ කටයුතුවල නිරත වීමට ඇති කැමැත්ත, සමාජශීලීත්වය, විනෝදය, ආදරය සේම විරහව යන ඒවාට හුරුවන්නේද මෙම අවධියේදීය. එම නිසා තරුණයින් බොහෝ විට විවිධ කණ්ඩායම් සාදා ගනු ලබයි. එසේම විවිධ සමාජශීලී කටයුතු වලටද සහභාගීවනු ලබයි. එවන් වූ තාරුණ්‍යයට මාර්ගය කියාදෙන අන්තර්ජාතික මට්ටමේ සමාජයක් වන්නේ "රොටරැක්ට් සමාජය"යි.

රොටරැක්ට් සමාජය යනු ජාත්‍යන්තර රොටරි සමාජයේ වැඩසටහනකි. රොටරැක්ට් යනු වයස අවු.18 - අවු.30 අතර සිටිනා තරුණ තරුණියන්ගේ නායකත්වය, වගකීම් සහගතභාවය, සමාජශීලීත්වය, සමාජ සහයෝගීත්වය, සමාජ සේවා මෙන්ම විනෝදාස්වාදය උදෙසා ක්‍රියා කරනා ජාත්‍යන්තර මට්ටමේ සංවිධානයකි. බොහෝ අවස්ථාවල රොටරැක්ට් සමාජය විසින් සිදුකරන්නේ සමාජ සේවා පමණක්ය යනුවෙන් වැරදි අවබෝදයක් සමාජය තුල සිටිනා තාරුණ්‍යය තුල පවතියි. නමුත් සත්‍යය වන්නේ රොටරැක්ට් සමාජය සමාජ සේවා මෙන්ම තම සාමාජිකයන්ගේ නායකත්වය, තම සාමාජිකයන්ගේ විනෝදාස්වාදය, තම සාමාජිකයන්ගේ සමාජශීලීත්වය උදෙසාද කටයුතු කරනා ජාත්‍යන්තර මට්ටමේ සමාජයක් බවයි.

රොටරැක්ට් යන වදන සෑදී ඇත්තේ “රොටරි ඉන් ඇක්ෂන්” යන්නෙන් වූවත් ජාත්‍යන්තර රොටරි සමාජයේ පාසල් මට්ටමේ වැඩසටහන වන 1962 පිහිටවූ “ඉන්‍ටරැක්ට්” හා “රොටරි” සමාජ දෙකේ එකතුවෙනි. රොටරැක්ට් සමාජයේ ආරම්භය සිදු වන්නේ 1968 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙදීය. ජාත්‍යන්තර රොටරි සමාජයේ තරුණ වැඩසටහන ලෙස ආරම්භ වන මෙහි ආරම්භය ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ චාලට් නෝර්ත් රොටරි සමාජයේදී සිදු වී ඇත. එසේ ආරම්භ වූ රොටරැක්ට් සමාජය වර්ථමානයේදී ලොව පුරා රටවල් 189ක රොටරැක්ට් සමාජ 10,900කට වඩා අධික සමාජ ශාලා සංඛ්‍යාවකින් සහ  සමාජිකයින් 203,000කට අධික ප්‍රමාණයක් සිටිනා ප්‍රබල තරුණ සමාජ සංවිධානයක් වී ඇත.

රොටරැක්ට් සමාජයේ ප්‍රධානතම අරමුණු කිහිපයක් ඇත. එනම් තරුණයන්ගේ වෘත්තීය කුසලතා මෙන්ම ඔවුන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, එක් එක් පුද්ගලයාගේ වටිනාකම් පිලිගැනීම සහ අනෙක් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම, තම ප්‍රජාවේ මෙන්ම සමස්ථ ලෝකයේම පවතින ගැටලු මෙන්ම පවතින අවස්ථා පිලිබඳ හොද දැනුමක් සහ අවබෝධයක් ලබා දීම සහ ප්‍රජාවට සේවය කරමින් සියලු මිනිසුන් කෙරෙහි හොඳ හිත වර්ධනය කිරීම එම අරමුණු අතරින් ප්‍රධාන වේ.

තරුණ තරුණියන් විසින් මෙහෙයවනු ලබන ලොව විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානයක් වන රොටරැක්ට් සමාජය ලංකාවට හදුන්වා දෙන්නේ 1969 වසරේදි ය. එය ආරම්භයේ සිටම සමාජ සහයෝගීතාවය සහ නායකත්වය පෝෂණය කල වේදිකාවක් ලෙස වර්ථමානය තෙක් ව්‍යාප්ත වී ඇත. වර්ථමානයේ ජාත්‍යන්තර රොටරි සමාජ දිස්ත්‍රික් 3220 යටතේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් රොටරැක්ට් දිස්ත්‍රික්කයක් ලෙස පවතියි. පරිපාලන පලාත් 7ක භූගෝලීය නියෝජනයක් සහිතව රොටරැක්ට් සමාජ 70කට අධික සංඛ්‍යාවක් සහ සාමාජිකයින් 7000කට අධික සංඛ්‍යාවක් රොටරැක්ට් සමාජයන්හි ක්‍රියාකාරී ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ බොහෝ විට රොටරැක්ට් සමාජ දැකිය හැක්කේ ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලීය පද්ධතිය තුලයි. මා සාමාජිකත්වය දරනා ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රොටරැක්ට් සමාජය බිහි වූයේ 2013 වසරේ දී වන අතර Rtr.රවිදු බණ්ඩාරගේ සභාපතීත්වයෙන් ඇරඹි මෙහි ප්‍රථම ලේකම්වරිය ලෙස පත් වූයේ Rtr.යොහනි ද සිල්වා යි. මෙම ලිපිය ලියවෙන 2022 වන විට ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රොටරැක්ට් සමාජය (RACKDU) හි සභාපතිධූරය දරනුයේ Rtr.අශේන් රොද්‍රිගෝ වන අතර ලේකම්ධුරය දරනුයේ Rtr.සයුමි ජයවර්ධන විසිනි. මුලින් සඳහන් කල පරිදි ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රොටරැක්ට් සමාජය විසින්ද සමාජ සේවා ලෙස “සිසු සවිය”, “Sleigh of Joy”, “Ecotopia” වැනි වැඩසටහන් සේම තම සාමාජිකයන්ගේ නායකත්වය, පෞරුෂත්වය, විනෝදාස්වාදය නැංවීම සඳහා ENIGMA, SHIELD වැනි වැඩසටහන්ද පවත්වනු ලබයි.

අවසන් වශයෙන් කීමට ඇත්තේ,

As ROTARACTOR WE always try

To reach out and make things bright

Together we can make it happen

For our fellow men, like no other

No matter the creed or culture

And we proud to be ROTARACTOR

 

අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු මත පදනම්ව සැකසූ ලිපියකි.

KASUN SAPUMOHOTTI

Post a Comment

0 Comments