“කාන්තාව තේ බෑගයක් වැනිය, ඇයව උනු වතුරට දමන තෙක් ඔබට ඇය කෙතරම් ශක්තිවන්තදැයි කිව නොහැක.”
ඇමෙරිකානු
එක්සත් ජනපදයේ 32වන ජනාධිපතිවරයා වූ ෆ්රැන්ක්ලීන් ඩී රූස්වෙල්ට්ගේ බිරිඳ වූ එලනෝර්
රූස්වෙල්ට්ගේ මෙම ප්‍රකාශය කාන්තාව යනු කොතරම් ශක්තිවන්ත කෙනෙකුදැයි දැක්වීමට හැකි
හොදම උදාහරණයයි.
කාන්තාව යනු වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම ශක්තිවන්ත, අධිෂ්ඨානශීලී පුද්ගලයෙකි. ඇයගේ ශක්තිවන්තභාවය කෙතරම්ද
යත් ඇයට ඩෙල් 50ක තරම් වේදනාවක් වූවද දරාගත හැකි කෙනෙකි. නමුත් පුරුෂයෙකු ගතහොත්
ඔහු එතරම් දරා ගැනීමට නොහැකි බව කාන්තාව පිලිබඳ හොදින්ම දන්නා කෙනෙක් දනියි. ආකේෂ්
කුමාර් රංගනයෙන් දායකවන පෑඩ් මෑන් චිත්‍රපටයේ එන එක් දෙබසක් කාන්තාවක් තුල ඇති ශක්තිවන්තභාවයට
මනා උදාහරණයක් සපයයි.
“පුරුෂයෙකුට කාන්තාවකට එක ඔසප් වීමේදී යන ලේ ප්‍රමාණය ගියහොත් ඔහු එතනම මැරෙන එක මැරෙනවා.”
කාන්තාව යනු
ස්වභාවධර්මයේ හොදම නිර්මාණයයි. මා දන්නා ශක්තිවන්තම කාන්තාවන් දෙදෙනා වන්නේ මාගේ මව
සහ ආත්තම්මායි. මා කුසේ තබාගෙන උඩුගම දුෂ්කර සේවයට යන විට අසුන් ගැනීමට පවා අසුනක්
නොමැතිව තම කුසට අනතුරක් වීමට නොතබා මා සුරැකි ඇය මාගේ ජීවිතයේ ශක්තිවන්තම කාන්තාව
වීමට ඇති එක් හේතු අතරින් එක් හේතුවක් පමණි. මා කුඩා කාලයේ සිට ආදරයෙන් හොද නරක කියා
දෙමින් තවමත් මා ගැන නිතරම සොයා බලනා, තවමත් ඔවදන් ලබා දෙන මාගේ ආත්තම්මා මා දන්නා
අනෙක් ශක්තිවන්තම කාන්තාවයි. මාගේ සීයාට 1980 ජූලී වර්ජනයේදී තම රැකියාව අහිමි වූවත්
මගේ මව සහ මාමලා දෙන්නාට ආදරණීය මවක් වෙමින් ඔවුන් රැක බලා ගත් සැටිත්, ඔවුන් ජීවත්
වූ නිවස සොරු කඩා ඇදිවත පමණක් ඉතිරි කල මොහොතේ පවා ශක්තිවන්ත කාන්තාවක් වෙමින් මාගේ
ආදරණීය සීයා සමඟ ආදරණීය දිවියක් ගෙවූ අයුරු මා අසා මෙන්ම දැකත් ඇත.
එසේම දැනට වසර
23ක් වන ජීවිතය පුරා මා මාගේ මිතුරියන් තුලින්ද ශක්තිවන්ත අධිෂ්ඨානශීලී මිතුරියන්
දැක ඇත. මාගේ ඉංග්‍රීසී භාෂාවේ ගැටලු නිසා විවිධ අපහසුතාවලට මුහුණ දෙන විට ඒවාට කල
යුතු පිලියම් මොනවාදැයි කියා දෙමින් මා දිරි ගන්වන මිතුරියන් රාශියක් මට ඇත. ඇතැම්
විට මාගේ ස්ත්‍රීවාදය පිලිබඳ ඇති මතය නිසා යම් යම් සංවාද තුලදී මා හා පැටලෙන මාගේ
මිතුරියන් එය අවසන් වූ විගස මා හා පෙර පරිදිම මිතුරන් සේ කතා කරනා අයුරු මා අත්විද
ඇත. එසේම තමාගේ පාදය පවා විසන්ධි වී තිබුනද අත්වාරුව හෝ උපයෝගී කරගෙන තමා බාරගත් කාර්යය
නිම කිරීමට පැමිණ එය අවසන් වන තුරු රැදී සිට විනෝදයෙන් කල් ගෙවනා මිතුරියන් පවා මා
දැක ඇත. එසේම තමාගේ ස්වාධීන අදහස් ඉතාමත් විවෘතව කතා කරනා මිතුරියන් මා දැක ඇත. එසේම
සමාජය විසින් කතා නොකල යුතු යැයි සිතා සිටිනා ඔසප් වීම, ලිංගිකත්වය වැනි මාතෘකාවන්
පවා ඉතාමත් විවෘතව කතා කරනා මිතුරියන් දැක ඇත.එසේම ඇතැමුන් තම මිතුරාගේ කේලම් කී විට
මේ කනින් අසා අනෙක් කනෙන් පිට කර තම මිතුරා හා සමගිව සිටිනා මිතුරියන්ද මා දැක ඇති
ඇතර එවැනි තත්ත්වයන් මා පෞද්ගලිකවද විද ඇත. එසේම තම මිතුරාගේ ජීවිත පවා ගලවා ගත් මිතුරියන්
මා දැක ඇත. සැබවින්ම ඔවුන් ශක්තිවන්ත කාන්තාවන්මය. අප ඔවුන්ට ගරුකල යුතුමය.
එසේම අපගේ වචනයෙන්
කියනවා නම් "අමු චීත්ත" වැනි කාන්තාවන්ද මා දැක ඇත. ඇතැම් පුද්ගලයන් සතු ආබාධ දැක ඒවාට
විහිලු කරනා, ඒ පිලිබඳ වටේටම පවසා ඔහුව අපහසුතාවයට පත් කරනා මෙන්ම පත් කිරීමට උත්සහ
දරනා කාන්තාවන් මෙන්ම මා හඳුනන මිතුරියන්ද මා දැක ඇත. එසේම බලයෙන් උදම් වී පිරිමි තමාගේ
වහලුන් යැයි සිතා සිටින ඇතැම් ආයතනවල ඉහල තනතුරු හොබවන කාන්තාවන්ද මට හමු වී ඇත.
එසේම ඇතැම් පිරිමි පුද්ගලයන්ට බල්ලෙකුට වාගේ බැන වදිනා කාන්තාවන් මෙන්ම මා හඳුනන ඇතැම්
ගැහැණු (ලමුන්) ද සිටිති. එසේම තම මිතුරියට හා ඔහුගේ පෙම්වතා කේලම් කියා කොටන සමහර
ගැහැණු ( ලමුන්) ද සිටිති. ඔවුන්ගේ ශක්තිවන්තභාවය පිලිබඳ නැවත වතාවක් ප්‍රශ්ණ කල යුතුය.
නමුත් ඔවුන්ද කාන්තාවන්ය. එබැවින් කෙතරම් වැරදි තිබුනද ඔවුන්ට අප ගරුකල යුතුමය.
අද මාර්තු 08
ලෝක කාන්තා දිනය සමරන දිනයේ සැවොම කතා කරන්නේ කාන්තාවගේ නිදහස ගැනය. අප එය වෙනස් කල
යුතුය. වර්ථමාන විශ්ව ආලින්දයක් වී ඇති සයිබර් ලෝකයේ කාන්තාවන්ට සිදුවන අපහසුතා ගැන
නියාමනය කිරීමට ශ්‍රී ලංකාව විසින් වැඩ පිලිවෙලක් සැකසිය යුතු අතර කාන්තාව හා නිදහස
පිලිබඳ ජාතික කතිකාවතක් ඇති කල යුතුය. නමුත් ප්‍රශ්ණය වන්නේ මා කියූ දෙවන ගණයේ කාන්තාවන්
ඒ ජාතික ප්‍රතිපත්තිය තුලින් නිදහස ලැබුවහොත් සිදු වන විනාශය පිලිබඳවය.
කාන්තාවකට අවශ්‍යය දිනයක් නොවේ. සදාකාලයට පවත්නා ගරුකිරීමක් පමණි. අප ඇයට එය ලබා දෙමු.
කසුන් සපුමොහොට්ටි.
0 Comments