කටුවපිටියේ පාලු මිදුලක තවම මල් පිපෙනවා ඇති

 


වෙලාව 6ට විතර ඇති. මම කදවල වැව එක්ක හදලා තියෙන KDU ක්ලබ් හවුස් එක වටේට දුවලා පිට්ටනියට යන්න තියෙන ගේට් එක ඉස්සරහ තියෙන බංකුවේ වාඩි වෙලා හති අරින ගමන් හිටියේ. ඇත්තටම ඉර බහින වෙලාවට කදවල වැව එක්ක දකින ඒ ලස්සන දර්ශණය ඕනම කෙනෙක්ගේ හිත පැහැර ගන්නවා. මම ඔහොම බලාගෙන ඉන්න කොට මගේ ෆෝන් එකට වට්ස් ඇප් කෝල් එකක් ආවා.

“හෙලෝ”

“මේ සපුමොහොට්ටි මල්ලිද?”

“ඔව්. කවුද මේ?

“මම intake 36 FOE එකේ කෙනෙක් කතා කරන්නේ.

“ඔව් අයියේ කියන්න

“මට උබව හම්බුවෙන්න පුලුවන්ද?

“මොකටද දන්නේ නෑ නේද අයියේ?

“මට උබට කියන්න කතාවක් තියෙනවා.

“කතාවක්?

“ඔව්, ඔව්, උබ ඔය ලියන්නේ

“ආහ් හරි අයියේ. කවද වගේද අයියට පුලුවන්?

“උබ දැන් කොහේද ඉන්නේ?

Club house එකේ

“උබ දැකලා තියෙනවද අර ගස් හෙවන යට තියෙන බංකු දෙක.

“ඔව් අයියේ

“මම එතන ඉන්නේ උබ එතනට වරෙන්

“හරි අයියේ.

මම ඇමතුම විසන්ධි කරලා ඔහු කියුව තැනට ගියා.

“අඩෝ මල්ලි, මම පවන් කොහොමද?

“අවුලක් නෑ අයියේ, කව්ද අයියේ මගේ නම්බර් එක දුන්නේ?

චමෝද් බං.

“ආහ්! එහෙමද? මොකක්ද අයියේ කියන්න තියෙනවා කියුවේ.

මම එය අසනා විට ඔහු වැව දෙස බලා කල්පනාවක නිමග්න විය.

“උබට මගේ ජීවිතේ ගැන කියන්න හිතුනා බං.උබ ඒක ලස්සනට ලියාවි කියලා මම හිතනවා.

“මම බලන්නම් අයියේ.මොකක්ද අයියගේ ජිවිත කතාව, ලස්සන එකක්ද? නැත්නම්......

මම අතරමඟ කතාව නැවතුවේ ඔහුගේ දෑසින් කදුලු කැට කිහිපයක් වැටෙනවා දුටු විටයි.

“අයියේ.....මම මොනවා හරි වැරදි දෙයක් කියුවද?

“නෑ.... බං ......නෑ.... ම.....ම...මට...මගේ අශී මතක් වුනා.

මම ඔහුට ඔහුගේ කතාව කීමට ඉඩදී පාඩුවේ පැත්තකට වී සිටියෙමි.

මම කොල්ලෝ ඉන්නේ කළුතර.මම ඉස්කෝලේ ගියේ තක්ෂිලාවට. මම උසස් පෙලට ආර්ට් කරේ. විශ්ව විද්‍යාලේ ආවත් මම නොගියේ KDU එන්න තිබ්බ ආසාවට.කොහොම හරි මම day scholar විදිහට intake 36 එකෙන් FOE ආවා. මම රොට්රැක්ට් එකටත් සම්බන්ධ වෙලා වැඩ කලා. මම මුලින්ම ආශිව දැක්කේ cafeteria එකේදී. ඇත්තටම එයාව මම දැක්කේ සුරංගනාවියක්  වගේ. ලස්සන කොන්ඩේ, හැමතිස්සෙම හිනා වෙලා ඉන්න මූණ. ඒ දර්ශනේ තවමත් මට මැවිලා පේනවා වගේ. මම ඇත්තටම එතනට යන්න හැදුවත් මට යන්න බැරි වුණා. මම එතනම ඉදගෙන එයා කට්ටිය එක්ක කතා කරනවා දැක්කා.

“මචං මාර ලස්සන කෙල්ල නේද බං. මම මගේ යාලුවා සත්සරට කියුවා.

“අඩෝ සිරාවට නේ

“මොකක්ද දන්නේ නෑ ෆැකල්ටිය

Blue Epaulets නේ, FMSH 1st year ඒ කියන්නේ

“අඩෝ අශාන් ඉන්නේ  FMSH නේ?

“අඩෝ ඔව් නේ.

“ආහ්. අර ඉන්නේ. මචං අශාන්

“බොක්ක,කොහොමද? අශාන් කියන්නේ රොට්රැක්ට් එකේදී මට හම්බ වුණ සුපිරි චරිතයක්.

“අවුලක් නෑ බං. පොඩ්ඩක් වාඩිවෙයන්කෝ

“මොකද සීන් එක

“නෑ බං කවුද බං අර කෙල්ල?

“මොන?

“අර උබලගේ ෆැකල්ටියේ අර හිනාවෙලා හැමෝම එක්ක කතා කරන ලස්සන කෙල්ල?

“ආහ්, ආශී ද?

“නම ආශිද?

“ඔව්, ඒකි අපේ social science එකේ. රොට්රැක්ට් ඉන්නවා.

“අඩෝ සිරාවට?

“ඔව්. ඉදපන් කතා කරන්න

“අඩෝ එපා කියලා මට කට ගන්න හම්බ වුනේ නෑ අශානයා ආශිට කතා කරලා ඉවරයි.

“ආශී..........පොඩ්ඩක් එනවද?

ආශි අපි ලඟට ආවා.

Hello Ashan? ඇයි කතා කලේ?

Hey. I want to introduce to you my good friends of FOE Intake 36.”

“Hello I am Ashi Shakya. You can call me Ashi.”

“Hey, I am sathsara”

“Hello sathsara nice to meet you and you are Mr.?”

“I am Pawan.”

“Hey pawan Nice to meet you.”

ආශි, මෙයාලත් රොට්රැක්ට් ඉන්නවා.

“Oh really? Wow  අපි ඒ කියන්නේ ඉස්සරහට තව හම්බුවෙයි.

අනිවාර්‍යයෙන්. මම හිතලා කිවුවා නෙවේ.කියවුණා.

මේ ඔයාලා ඇයි මෙතන තනියෙන් යමු අපේ මේසයට. අපේ අනිත් කට්ටියත් අදුර ගන්න.

“Yaa,sure. Lets go. “

අන්න ඒ විදිහට තමයි මට ආශිව මුලින්ම මුණ ගැහුනේ.

ආශි ක්‍රිස්තියන්. පානදුරේ ඉන්නේ. ඉස්කෝලේ ගිහින් තියෙන්නේ පානදුර බාලිකා. එයා නැවතිලා හිටියේ පලමු හරස් පටුමගේ, මම හිටියේ දෙවෙනි එකේ. එදා cafeteria එකේදී මුණගැහුනට පස්සේ එදාම හවස එයා මට ATM ලගදි හම්බ වුනා. මම සල්ලි අරන් එයා එනකම් හිටියා.

“Hello ashi”

“Oh hello pawan.”

 ඔයා ඉන්නේ පලවෙනි lane එකේ කියුවා නේද?

ඔව් පවන්. Lane එකේ එහා කොනේම.

ඇත්තද? යමු එහෙනම් මමත් කෑම එක ගන්න රැසන්විල් එකට යන්න ඕන.

යමු එහෙනම්. කියලා මමයි අශියි කතා කර කර ගියා එයාලගේ බෝඩිම ලඟට එනකන්.

මේ අශී ඇහුවට තරහ වෙන්න එපා. මට ඔයාගේ මොබයිල් number එක දෙනවද?

“Sure. Save කර ගන්න.

කියන්න

0779935395

“Ok thanks”

“No problem”

එහෙනම් පවන් මේ තියෙන්නේ මගේ බෝඩිම. මම යනවා. බායි

බායි අශී

ඒ තමයි අශීයි මමයි එකට ඇවිදන් ගියපු මුල්ම දවස.  ඒ ගැන තාමත් මට මතක් වෙනකොට කදුලු එනවා.

අපි දෙන්නා හුගක් කතා කරා. අපි දෙන්නා Faculty 2ක් උනාට අපි හිටියේ හොදම යාලුවෝ වගේ. අපි 1st year ඉවර කරා. අපි දෙන්නම රොට්රැක්ට් එකේ BOD එකටත් තේරුනා. අපි දෙන්නට එකට project හම්බ වුනා. අපි දෙන්නා යාලු වුනෙත් ඒවගේ project එකකදි. Project KUDA OYA එකේදි. එදා ඉදන් අපිට අවුරුද්දක්වත් ඒ සතුට තියා ගන්න බැරි වුණා කියමින් පවන් ඉකි ගසා හඩන්නට විය.

මම ඔහුව හැකි අන්දමින් සැනසුව ලැබූ අතර ඔහු සන්සුන් වී ටික වෙලාවකින් නැවත තම කතාව කීමට පටන් ගත්තේය.

ඒ 2019 අප්‍රේල් අපිට සතියක් නිවාඩු දුන්නා අවුරුදු නිවාඩුවට. අපි දෙන්නම ඉරිදට එන්න කතා කරගෙන තිබුනේ. එදා පාස්කු ඉරිදා.හරියටම් කියනවා නම් 2019/04/21. මම එදා උදෙන්ම ආවා බෝඩිමට මගේ බයික් එකෙන්. අශී මට සෙනසුරාදා මට කතා කරලා කියුවා එයාලා මීගමුවේ කටුවපිටියේ ඉන්න එයාලගේ නැන්දලාගේ ගෙදර ගිහින් එන ගමන් බෝඩිමට එනවා කියලා. සාමාන්‍යයෙන් මම එහෙම වෙලාවට බනිනවා. ඒත් මොකක් හරි හේතුවක් නිසා මමත් එදා හා කියුවා.

මම බෝඩිමට ඇවිත් ටික වෙලාවක් යනවත් එක්කම අපේ කැම්පස් එකේ සයිරන් එක වැදුනා හෙන හයියෙන්. මමත් එලියට බැහැලා බැලුවා. ඇතුලේ ඉන්න හමුදාවේ අය කඩිගුල වගේ ඇවිස්සිලා.ඒත් එක්කම ගෙදරින් මට කෝල් එකක් ආවා.

හෙලෝ ඔව් අම්මේ

පුතා බලාගෙන කොලඹ බෝම්බ වගයක් පිපිරිලාලු

හරි අම්මේ. මම පරිස්සම් වෙන්නම්

දුවට කොහොමද බලන්න.

ඒ වෙනකොට අපේ ගෙවල් වලින් අපි ගැන දැනගෙන තිබ්බේ.අපේ සම්බන්ධයට ආගම කිසි බාධාවක් වුනේ නෑ.

හරි අම්මේ කියලා තියලා මම අනිත් පැත්තට ගත්තේ අශීට

එහා පැත්තෙන් හෙලෝ සුදු කියනවා විතරයි ඇහුනේ ඩෝං ගාලා මහා සද්දයක් එක්ක ෆෝන් එක කට් වුනා.

මම ආහහු ගත්තට ෆෝන් එක වැඩ කරේ නෑ. මම එයාලගේ අම්මට තාත්තට සේරටම ගත්තා, ඒත් ඉස්සුවේ නෑ. මම දූවලා ගිහින් බෝඩිමේ ටීවි එක දැම්මා.

.....අපට වාර්තා වෙනවා කොළබ හෝටල් කිහිපයක සහ කොච්චි කඩේ දේවස්ථානයක පිපිරීම් සිදු වී ඇති බව. ඔව් ඔව් අපිට මේ දැන් ලැබුණු පුවතක් තිබෙනවා. ඒ මිගමුව කටුවාපිටිය දේවස්ථානයකටද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව.....

මම එක සැරේටම පස්සට විසි වුණා ඇත්තටම. ඒත් එක්කම අශීගේ සුවද වගේ සුවදක් මට දැනිලා නොදැනිලා ගියා.

මම ආපහු කීප සැරයක් උත්සහ කලා කෝල් ගන්න. ගෙදර අයටත් කියලා කෝල් ගත්තා. ඒත් ෆෝන් එක උස්සන්නේ නෑ. බැරිම තැන මම බයික් එක අරන් මීගමුව පැත්තට ගියා. බොහොම අමාරුවෙන් අමාරුවෙන් එහෙන් මෙහෙන් දදා මීගමුව හොස්පිටල් එක ලගට ගියා. ගිහින් බයික්කේ නවත්තලා බහින කොට දැක්ක දර්ශන මම මැරෙනකන් මට මතක තියේවි. මස් කුට්ටි එල්ලි එල්ලි මිනිස්සු ගෙනාවේ. මම එහෙන් මෙහෙන් ගිහින් බලන කොට අශීලගේ අම්මා විලාප දි දී අඩනවා. ඒ ලඟ තාත්තත් ඉන්නවා. මම දූවලා ගිහින් එයාලව බදා ගත්තේ.

අනේ මගෙ පුතේ මොකක්ද මේ වුනේ කිය කිය විලාප දි දී අම්මා අඩනවා. අම්මා ලෙයින් නෑවිලා. තාත්තත් ලෙයින් නෑවීලා.

කෝ අම්මේ අශී? කෝ තාත්තේ අශී?

දෙන්නම දැන් අඩනවා මම බදන්. තාත්තා මා හයියෙන් බදාගෙන මට කියපු කතාවෙන් මට සිහි නැතිවෙන්න වගේ වුනා.

පුතේ මට සමාවෙයන්. අපේ කෙල්ල අපිව දාලා දෙවියන් වහන්සේගේ ලගට ගියා.

මොකක්? නෑ..........නෑ....................ඒක වෙන්න බෑ. කියලා මම විලාප දුන්නා මතකයි. ඊට පස්සේ පැයක් විතර මම හයියෙන් කෑ ගහලා ඇඩුවා. එදා අශී එයාලගේ නැන්දලයි පුංචිලයි එක්ක මැද හරියට ගිහින් තියෙනවා. එයාලගේ අම්මලා එදා එයාලගේ පරණ යාලුවෙක් හම්බුවෙලා පිටීම පස්සෙ හරියේ ඉදලා තියෙන්නේ. ඒ පාහර බෝම්බකාරයා ඇතුල් වෙන්නෙත් හරියටම මගේ අශී ඉන්න දොර ගාවින්. ඒකා බෝම්බේ පුපුරගන්නේ මගේ අශීට මීටරයක් දෙකක් එහායින්.

අශීගේ කියලා මිනියක් ඉතුරුවෙලා තිබුනේ නැහැ. අපි කටුවපිටියේ වල දැම්මේ මගේ අශීගේ සීල් කරපු පෙට්ටියක්. කියමින් ඔහු නැවත හඩා වැටෙන්නට විය.

මේ කතාව ඔහු මට කියා දැන් වසරක් පමණ ගෙවී ගොස් ඇත. මා අද (21/04/2022) ඇයගේ සොහොන් කොතට උපහාර දැක්වීමට කටුවාපිටියට ගියෙමි. ඇයගේ සොහොන් කොත අසලදී මා ඔහුව නැවත මුණ ගැසුනු අතර මා මේ කතාව ලියන්නේ ඔහුගෙන් අවසර ලබාගෙනය. මම ඔහුගෙන් සමුගෙන එන අතර මඟ වසුන්දරා කවි අරණේ පලව තිබූ ගයාන් රාජපක්ෂ නම් කෙනෙකු පල කර තිබූවක් වෙත මගේ ඇස ඇදී ගියේය.

“ මොනතරම් අපි කදුලු සැලුවත් යළිත් නුඹලා එන්නැතී

හදේ වැඩසිටි දෙවිවරුන්ටත් අහෝ අපි නොපෙනුනු හැටී

මක් කරන්නද ජීවිතේ අපි පතා ආ හැටි වෙන්නැති

කටුවපිටියේ පාලු මිදුලක තවම මල් පිපෙනවා ඇති”


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා!

 

(කථාව සහ එහි සිටිනා චරිත හුදෙක් මනඃකල්පිත වන අතර කතාවේ අලංකාරයට පමණක් ස්ථානීය නාමයන් යොදාගෙන ඇත.)

 

Post a Comment

0 Comments