"NO MATTER CREED OR CULTURE, WE ALWAYS SERVE IN SOLIDARITY" ROTA අවුරුදු

 


අවුරුදු, අවුරුදු කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ  හිත් අලුත් වෙන, මිනිස්සු අලුත්වෙන වෙනස්ම කාලයක්. අවුරුදු මාසයට හමනා සුලඟත් මිනිස්සුන්ට අමුතු හැගීම් ලබා දෙනවා. අලුත් අවුරුදු මාසයට මිනිස්සු ආදරේ කරන්නේ හදවතින්මයි.

අද හරි අමුතුම දවසක්. මොකද කියලා දන්නේ නෑ.ඒත් අද අමුතුම දවසකි කියලා තමයි කියන්න  වෙන්නේ. මම මේ කතාව ලියන කොට මම වාඩිවෙලා ඉන්නේ මොරටුව රොක් හවුස් එක ලඟ තියෙන ගඟ ලඟ තියෙන කොට්ටම්බ හහක් යට. මට පසුබිමෙන් ඇහෙන්නේ අවුරුදු සිංදු.(හැබැයි අවුරුදු සිංදු විතරක් නෙවේ.හිතට කතා කරපු හුඟක් සිංදු) ඔව් මම ඉන්නේ අලුත් අවුරුදු උත්සවේක. නිකන් අවුරුදු උත්සවයක නෙවේ.ROTA අවුරුදු එකේ. KDU එකේ Rotaract Club එකෙන් සංවිධානය කරපු සුපිරිම අවුරුදු උත්සවේක. අලියට ඇහැ තියලා,බැලුම් පුපුරවලා, ගෝනි පැනලා, කඹ ඇදලා කඹේ කැඩිලා 🤭 ඒක වෙනම ආතල් එකක්.

සමහර අයට මේක වෙනස් විදිහකට පේනවා ඇති.රටේ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි සල්ලිකාර පුත්තු අවුරුදු උත්සව වල ආතල් ගන්නවා කියලා හිතෙනවත් ඇති. ඒත් මම ඒවට උත්තර දෙන්නේ නෑ. ඔබ දවසක rotaract club එකකට සම්බන්ධ වෙලාම බලන්න. එතකොට තේරේවි දාහක් ප්‍රශ්ණ මැද හිනා වෙලා ඉන්නෙ කොහොමද කියලා. ඒවා rotaract රහස්. සාමාජිකයන් පමණක් දන්න අතිවිශේෂ රහස්.

"NO MATTER CREED OR CULTURE, WE ALWAYS SERVE IN SOLIDARITY"

Post a Comment

0 Comments