මනමාලී යාල්දේවි

 

යුහ 60xx අංක තහඩුව සහිත තරු දෙකක් සහිත කාර් රථය ගාල්ල නගරය පසු කරමින් තිබුණි.
එහි ඉදිරි අසුනේ රථයේ රියදුරු රථය ධාවනය කල අතර පිටුපස ගමන්ගත්තේ මේජර් ජනරාල් කාවින්ද ජයසූරියයි. තිස්වසරක කුරිරු යුද්ධයේ ඉදිරි ආරක්ෂක වලල්ල හා ඒ අසල සිදුකල නිර්භය ක්‍රියා කලාපය හේතුවෙන් වීර වික්‍රම විභූෂණ(
WWV),රණ වීර පදක්කම(RWP),රණ ශූර පදක්කම(RSP) වැනි පදක්කම් වලින් කිහිපවතාවක්ම ඔහු  යුධ සේවයට බැදී ඉතා කෙටිකලක් තුල පිදුම් ලබා ඇත.ඔහුගේ එම ක්‍රියා කලාපයන් නිසා ඉතා ඉක්මනින් ඉහල නිලයකට පැමිණීමට  ඔහුට හැකි වුණි. රිය ගාල්ල දුම්රිය ස්ථානය පසු කරනා විටම,

“වසන්ත,ඉස්සරහ round a bound එකෙන් හරවලා ස්ටේෂන් එක ගාව නවත්වන්න.”

සිය ප්‍රධානියාගේ අණ එලෙසම ඉටු කල රියදුරු සොල්දාදුවා ධර්මපාල උද්‍යානය ඉදිරියට වන්නට පාරේ අයිනකට කර ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරියට වන්නට නැවැත්වීය.

නැවතූ වාහනයෙන් බසින ලද දේහධාරී මේජර් ජනරාල් කාවින්ද ජයසූරිය දුම්රිය ස්ථානය දෙස නිහඩවම බලා සිටියේය.තම ප්‍රධානියාගේ නිහඬතාවයේ ඇති ගැඹුර තේරුම් ගත් කෝප්‍රල් වසන්තද නිහඬවම එදෙස බලා සිටියේය.එසේ විනාඩි කිහිපයක් බලා සිට නැවත රථයට නැඟි කාවින්ද තම ලේන්සුවෙන් තම තෙමුණු දෑස් පිසදාගන්නා අයුරු දුටු වසන්ත පුදුමයට පත්වුණි.තම උසස් නිලධාරියාගේ තද ගති ගුණ මෙන්ම ඔහුගේ මෘදුබවද වටහාගෙන සිටියද මෙය වසන්තට පුදුමයක් විය.

“සර්...සර් හොදින්ද?”

“ඔව් අවුලක් නෑ වසන්ත මට පරණ සිදුවීමක් මතක් වුණා. අපි යමු ගෙදරට.”

“හරි සර්.”

වාහනය ගාල්ල බස් නැවතුම පසු කර යන විට තම හිස ආසනයට බර කරගත් කාවින්ද වසර ගණනාවක අතීතයට දිව යන ලදී.

*************************************************************************************

වර්ෂය 2006 වසරේ මැද භාගයේ දිනයකි.

ස්ථානය දක්ෂිණ දුම්රිය මාර්ගයේ මිරිස්ස වැලිගම අතර ස්ථානයකි.

“කොහේද ගොනෝ ඉන්නේ?”

“මම බස් එකේ යකෝ.අද අහංගමට එන කොටත් පරක්කු වෙලා.මම බස් එකේ ඉන්නේ.”

“තෝ කොයි හරියෙද ඉන්නේ “

“මම තල්පේ හරියේ ඉන්නේ.”

“එහෙනම් තල්පෙන් බැහැලා ස්ටේෂන් එකට වරෙන්.අද ට්‍රේන් එක මිරිස්සෙන් අද්දන කොට ටිකක් පරක්කු වෙලා.බැහැලා වරෙන්.”

“හරි ඉදපන්” කියා වර්ණක තල්පේ දුම්රිය පොල බස් නැවතුමෙන් බසින ලදී.”

වර්ණක වීරවර්ධන වයස අවු.21 ක තරුණයෙක්.ගාල්ලේ පුද්ගලික ආයතනක තනතුරක් දරන ඔහු ඉතා අඩු වයසෙන් එම තනතුරට ලඟා වූයේ ඔහුගේ ඉගෙනීමේ දක්ෂතාවය වගේම ඔහුගේ සමීප ඥාතියෙකු එම ආයතනයේ හිමිකරු වීමත් නිසායි.නමුත් ඔහු ඉන් සුවිශේෂි වන්නට හිතුවේ නෑ.ඔහුත් අනෙක් අය වගේම පොදු ප්‍රවාහන සේවා වලින් රැකියාවට පැමිණි අතර දුම්රිය ඔහුගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වුණා. නාකන්ද ප්‍රදේශයේ සිට යතුරු පැදියෙන් පැමිණ අහංගම එය නතර කොට දුම්රියෙන් පැමිණීම ඔහුගේ පුරුද්දක් වුණේ පාසල් කාලයේදීමයි.දුම්රියෙන් රැකියාවට පැමිනෙන නිසා ඔහුට බොහෝ හිත මිතුරන් පිරිසක් සිටියා.ඉන්ද තම සහෝදරයා ලෙස ඔහු සැලකුවේ වැලිගම මාතර සිට පැමිණෙන තම ආයතනයේම සේවය කරනා තමාට වඩා වසරක් බාල කාවින්දයි. කාවින්ද ජයසූරියයි. ඉහත සඳහන් කල ඇමතුම ලබා දුන්නේද කාවින්දමය.

තල්පේ දුම්රිය ස්ථානයට පැමිණි වර්ණක කාවින්දට දුරකථන ඇමතුමක් ගත්තේ දැන් කොහිදැයි දැන ගැනීමටය.

“දැන් කොහේද උබ”

“දැන් අහංගමින් ඇද්දුවා විතරයි.උබ තල්පෙට ආවද අයියේ?”

“ඔව්.ඒක නෙවේ උබ මොකද අද නිකන් හෙන අමුතු වෙලා.වෙනදා මම බස් එකේ යද්දි උබ මොනවත් කියන්නේ නෑනේ.මොකද අද?”

“වරෙන්කෝ බයිල කියවන්නේ නැතුව.”

“කියපන්කෝ.”

“ලස්සන කෙල්ලෙක් ඉන්නෝ.වරෙන්කෝ” කියා කාවින්ද දුරකථනය විසන්ධි කලේය.

විනාඩි පහකින් පමණ දුම්රිය තල්පේ දුම්රිය ස්ථානය වෙත ලඟා විය.

වර්ණකද දුම්රියට නැඟ සෙනඟ අතරින් කාවින්ද සිටි ස්ථානයට ලඟා වුණි.

“මෙන්න මේකා ඇවිත්.”

“ආවා තමයි.කෝ දැන් උබ කියපු ලස්සන කෙල්ල. වර්ණක තරමක් හඬ නඟා කීවේය.”

“කෑ ගහන්න එපා ගස් ගෙම්බෝ.තෝ අපිවත් කනවා.” ඔහුගේ මිතුරෙක් වර්ණකට කියද්දි අසල සිටි ගැහැනු ලමයෙක් තමාගේ දෙස බලා බිම බලා ගන්නවා වර්ණක දුටුවේය.

“ඒ සිරාවට ලස්සනයිනේ බං.”

“මේ තොගේ කට වහගන්නවද.යකෝ මේ ට්‍රේන් එක.” කියද්දි ඒ ගැහැනු ලමයා අසල සිටි වර්ණකගේ මිතුරියකට යමක් කියූ අතර ඔහුට එය නොතේරුණේ ඇය කතා කලේ දෙමල භාෂාවෙන් වන බැවිනි.

“අඩෝ ඒකී.දෙමල නේද?කියන්නවත් බෑනේ. මම මේකිව දාගන්න එක දාගන්නවමයි.”

“ඒකනේ කොල්ලෝ මමයි කවීෂා අක්කයි කතා වුනෙත් උබටම ගැලපෙනවා කියලා. බාලපන් ඒ නැචුරල් ලුක් එක.තලෙලු වුනත්,ඒ ලුක් එක මාර ලස්සනයි.උබටම හරියනවා.”

“මං දන්නවනේ උබලා මගේම එවුන් කියලා.”

“හරි හරි ඇති උබේ බටර් පාර.හිටපන්” කියා කාවින්ද කවීෂාට කතා කර වර්ණකව පෙන්වීය.

“ආහ්.....කොල්ලෝ.....”

“අනේ මචං පොඩ්ඩක් කතා කරපන්කෝ ඒකි එක්ක.”

“කවුරු එක්කද?” කවීෂා ඇසුවේ මද සිනහවක්ද පාමිනි.

“අර කෙල්ල එක්ක බං.”

“ආහ්...පොඩ්ඩක් ඉදපන්.”

“සරෝජා...නංගි පොඩ්ඩක් එන්න.”

“ඇයි අක්කා...”ඒ කටහඩට වර්ණකගේ හදවත කීරී ගැසී ගියේය.ඇයගේ කටහඩද ඉතා මිහිරිය.

“මේ ඉන්නේ වර්ණක.අපේ හොදම යාලුවෙක්. වර්ණක මේ ඉන්නේ සරෝජා.අලුතින් වැඩට එන්නේ.මාතර ඉදන්”

“හායි සරෝජා....”

“හායි වර්ණක” කියමින් ඇය ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.

“ආ...ආ...ආ...කෙල්ලේ මොකෝ ලැජ්ජා හිතුනද?”

“අනේ යන්න අක්කා යන්න කියමින් ඇය බිම බලාගෙන සිනාසුණි.”

එවිටම වාගේ දුම්රිය ගාල්ල නැවතුමේ නැවතූ අතර සරෝජාගේ ආයතනයද පිහිටා තිබුනේ වර්ණකලාගේ ආයතනය පිහිටා තිබූ සිරගෙදර පාරෙහිය.එනිසා වර්ණකට ඇය හා කතාවක් දමාගෙන යාමට අවස්ථාවක් උදා විය.

“ඔයාලගේ ගෙවක් කොහේද සරෝ?”

සරෝජා වර්ණක දෙස පුදුමයෙන් බැලීය.

“ඇයි?”

“නෑ...ඔයා ඒ ටිකට මට කියන්න නමකුත් හදා ගෙන.”

“ඒ ඉතින් ආදරේටනේ”

“අම්මෝ බයෙත් බෑ”

“ඇයි ඒ?”

“නෑ අදමයි අදුරගත්තේ එ ටිකට මට සරෝත් කියනවා.”

“එපානම් මම නොකියා ඉන්නම්”

“නෑ...නෑ....අණ්ණා ඒකට කමක් නෑ.”

“ඒකනේ.”

“මමත් ඔයාට වණූ කියන්නද?”

“ඇයි ආදරේටද??”

“දන්නෑ ....”කියමින් සරෝජා සිනහ විය.

“හවසටත් එනවා නේද?”

“නෑ වණූ මට 4.30ට ඉවර වෙන්නේ.හෙට හම්බු වෙමු” කියා ඇය තම ආයතනය දෙසට පියනැඟු වේය.

ඇය ආයතනයේ දොරින් ඇතුල් වූ පසුවද වර්ණක ඒ දෙස බලා සිටියේය.ඔහු පියවී ලොවට පැමිණියේ කාවින්දගේ හඩිනි.

“අයියේ අද උබ යන්නේ නැද්ද වැඩට.”

සිහින් සිනහවක් දැමූ ඔහු කාවින්ද හා තම ආයතනයට පිටත්වී ගිය අතර ඔහුගේ එදා දවස වෙනදාට වඩා ප්‍රබෝධයෙන් යුක්ත විය.

ඊට පසුවදා වර්ණක කලින්ම ලෑස්ති වී අහංගම දුම්රිය පොලට නොව වැලිගම දුම්රිය පොළදක්වා ගියේය.අසල මිත්‍රයෙකුගේ නිවසේ යතුරුපැදිය නවත්වා ඔහු දුම්රිය වේදිකාවට පැමිණ කාවින්දට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“අඩෝ උබ දැන් කොහේද?”

“දැන්.....මිරිස්සේ. ඇයි? “

“නෑ මම වැලිගම. කෝ සරෝ ඉන්නවද?”

“සරෝ....මොන සරෝද?” කාවින්ද ඇසුවේ සිනහ සෙමිනි.

“සරෝජා යකෝ....”

“ආහ්..... ඒ සරෝ.....සරෝජා අක්කේ ඔයාට කෝල් එකක්” කියමින් කාවින්ද සරෝජාට දුරකථනය ලබා දුනි.

“මට.......කව්ද මල්ලි......”කියමින් දුරකථන ගත් ඇය “හලෝ” කියමින් දුරකථනයට ප්‍රතිචාර දැක්වීය.

“හලෝ සරෝ ගුඩ් මෝනින්”

“අනේ මේ ඔයානේ වණූ....ගුඩ් මෝනින්.ඔයා කොහේද ඉන්නේ?”

“මම දැන් වැලිගම සරෝ.”

“ඔයා මේකට එනවද?”

“ඇයි එපාද?”

“දැන් කව්ද එපා කියුවේ.එන්න. ඉන්න මම මල්ලිට ෆෝන් එක දෙන්න.”

“ආහ් අයියණ්ඩි.ඒකත් ජයසිරි මංගලම්”

“කෑ ගහන්න එපා බූරුවෝ ඇහේවී”

“ඇහෙන්න තමයි කියන්නේ.ඔන්න වැලිගම ඉන්නේ.වරෙන් අපි ඉන්න තැනට.”

“ඉදපන් මම එන්නම්”

කියූ වර්ණක සෙනඟ අතරින් කාවින්දලා අසලට ලඟා වුණි.

“අම්මෝ ඇති යන්තම්.වරෙන් වරෙන්.මේ කෙල්ලත් අහ අහ හිටියේ වණූ අයියා නැද්ද ,වණූ අයියා නැද්ද කියලා.”

“අනේ යන්න අක්කා යන්න.”කියමින් සරෝජා ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය.

මඳ වෙලාවකට පසු වර්ණක ඇය හා කතා කලාය.

“කොහොමද සරෝ.”

“හොදයි වණූ”

“දන්නවද?”

“මොකක්ද?”

“මම ඊයේ ඔයා යන දිහා බලාගෙනම හිටියා.”

“ඇයි ඒ?”

“අනේ මන්දා? නිකන් ආස හිතුනා.”

“අම්මෝ මම අදුන ගත්තෙත් ඊයේ.දැක්කෙත් ඊයේ.එච්චර බලන් හිටියද?”

“හ්ම්ම්ම්ම්.”

“දකින දකින ගෑනු ලමයා දිහා එහෙම බලන් ඉන්නවද?” සරෝජිනි සිහින් සිනහ හඬකින් ඇසීය

“හැමෝම නෑ.ඒත් මේ මමත් එක්ක කතා කරන කෙල්ල දැක්කමනම් එහෙම හිතුනා.”

“මොකක්ද?”

“බලන්න ඉන්න”.

“හී......මම දැනට එහෙම හිතන්නම්කෝ?”

“ඇයි දැනට හැමදාටම එහෙම හිතන්නකෝ?”

“කව්ද දන්නේ වණූ අපි කවදා මැරෙයිද කියලා.”

“අපි කවදා හරි මැරෙනවා තමයි.ඒත් ලඟකදී නෙවේ.”

“කාටද වණූ ඒ ගැන කියන්න පුලුවන්.ඔයාට නම් එහෙම නොවෙන්න පුළුවන්.ඒත් මට එහෙම නෑ.මට එහෙන් යන්න කියුවම යන්න වෙනවා.”

“සරෝ අපි මේ ගැන කියවන එක නවත්තමුද?”

“හ්ම්ම්ම්ම්.ඔව්.”

“මේ ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ.”

“දැන්ම නෙවේ වණූ.පස්සේ.”

“ඇයි සරෝ මම ආපු එක ඔයාට වදයක්ද?”

“වදයක් නම් වණූ මම ඔයා එක්ක මෙහෙම කතා කරනවාද?”

“හ්ම්ම්ම්ම්.”

“දැන් ඔය මූණ ඇඹුල් කරන් මොකද?”

“නෑ........”

“වණූ.මට මගේ අම්මා තාත්තා දෙන්නම නැහැ.මම අනාතයෙක්.මම මම ගැන බලාගන්න ඕන නේ.ඒකයි වණූ දැන්ම කියන්න බෑ කියුවේ.මෙතනදී කොහොමත් කියන්න බෑ.මම පොරොන්දු වෙනවා දවසක මම මේ සේරම ඔයාට කියනවා කියලා.ප්‍රොමිස් වණූ.”

ඒ කතාව ඇසූ වර්ණකගේ පපුව උණු වී ගියේය. “අනේ මට සමාවෙන්න සරෝ.”

“ඒකට කමක් නෑ වණූ.”

ඒ සමඟම දුම්රිය ගාල්ලේ නැවැත්වීය.වර්ණක සරෝජා හා ඇයගේ ආයතනය අසලටම පැමිණි අසල ඇය ගේට්ටුව අසලදී වර්ණකගේ දුරකථනය ඉල්ලා සිටි අතර ඔහුද තම ජංගම දුරකථනය ලබා දුණි.එහි අංකයක් සටහන් කල ඇය එය නැවත වර්ණකට ලබා දුන්නේ දුරකථන ඇමතුමක්ද ලබා ගෙන විසන්ධි කරමිනි.

“මේ තියෙන්නේ මගේ නම්බර් එක.ආපහු මට කතා කරන්න ඕන උනොත් මේකට කතා කරන්න හොදද කාවින්ද මල්ලිට කතා නොකර.”කියමින් ඇය සිනහ සෙමින් ඇයගේ ආයතනයට ගියාය.”

එදිනද වර්ණකට වැඩ අධික දිනයක් වුවද ඔහු ඉතා ප්‍රබෝදයෙන් සිටියේය.ඔහුගේ ප්‍රබෝදය කොතෙක්ද කියනවා නම් සවස 4.30ට සරෝජාගෙන් ඇමතුමක් ලැබෙන තුරු ඔහු සවස් වී යැයි දැන නොසිටියේය.

“හලෝ සරෝ කියන්න...”

“කියන්න....කියන්න තමයි.නම්බර් එක දීලාත් කතා කලේ නෑනේ.මම යනවා කියන්න ගත්තේ.”

“අනේ....සොරි සරෝ...”

“හරි හරි වණූ...මට පරක්කු වෙනවා.මම යනවා ගෙදර ගිහින්වත් රෑට කෝල් එකක් ගන්න හොදද.”

“හරි සරෝ බුදුසරණයි පරිස්සමින් යන්න රත්............. “ඔහු කියන්න ආ එක ගිල ගත්තේය.

“මොකෝ රත් කියලා නැවැත්තුවේ.හරි හරි වණූ මම යනවා පරක්කු වුණා.බායි වණූ. කියා සරෝජා දුරකථනය විසන්ධි කලාය.”

*************************************************************************************

“සර් අපි ගෙදරට ආවා.”

“ආහ්.හරි වසන්ත” කියමින් එලියට බසින ලද ඔහුව පිලිගත්තේ ඔහුගේ ආදරණීය බිරිද මධුවන්තියි.

“හරිම මහන්සියි මධූ.කෝ පොඩි දෙන්නා.”

“නටලා නටලා දැන් නිදාගත්තා.ඔයා ගිහින් වොෂ් එකක් දාන් එන්න මම තේ එකක් හදන්නම්.”

“හරි මධු” කියමින් තම කාමරයට ගිය මේජර් වරයා ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇදුමකින් සැරසි බිරිද ලබා දුන් තේ කෝප්පයද ඇතැතිව එලියේ බංකුවක වාඩි විය. එවිට නිවස අසලින් ගිය ලොතරැයි රථයක ගී නාදයට ඔහු දෙසවන් යොමු වූ අතර ඔහු ව ඉන් තවත් ඈතට අතීතයට ගෙන ගියේය.

 

“පපුතුරේ උණුසුමින් ඇස් පියන් යටින්

පිච්ච මල් වැස්ස වැස්සානේ අපි උසින්

කියුවත් හෙමින් ඇසුනා හොදින්

දඟකාරී යාල් දේවී.............”

“හෙලෝ සරෝ කොහේද ඉන්නේ?”

“දැන් මාතරට කිට්ටු කරලා වණූ.ඔයාට දැන්ද වැඩ ඉවර වුනේ?”

“ඔව් සරෝ.ගෙදර ගිහින් කතා කරන්න.”

“අනේ වණූ මම ඉන්නේ නිවාසයක.ඒකේ ෆෝන් පාවිච්චි කරන්න බෑ.ඒක නිසා මම කෝල් එකක් දාන්නම්.”

“හරි සරෝ පරිස්සමින් ගෙදර යන්න.”

“හරි වණූ.”

සරෝජා එක්ක කතා කරපු වර්ණක අනිත් පැත්ත හැරෙන කොට කවීෂා, කාවින්ද දෙන්නා තමන් දිහා සිනහ වෙමින් බලන් සිටිනවා දැක්කා.

“මොනාද යකෝ හිනහ වෙන්නේ?”

“නෑ... නෑ....හරි සරෝ පරීස්සමින් ගෙදර යන්න.ඇයි සරෝජා අක්කා මීට කලින් පරිස්සමින් නෙවේද ගෙදර ගියේ.” කාවින්ද ඇසුවේ සිනහ සෙමින්.

“අනේ පලයන් බං යන්න.”

“හරි හරි යමල්ලා දැන් කෝච්චිය ඇවිත් ඇති.” එසේ කී කවීෂා කාවින්ද සහ වර්ණක ඇදගෙන දුම්රිය පොළ දෙසට ඇදෙන්නට වූ අතර දුම්රියට ගොඩ වූ පසුවද ඔවුන්ගේ මාතෘකාව වූයේ සරෝජායි.

“මචං වර්ණක “

“කියපන් “

“මචං උබලගේ ගෙදරින් මේකට කැමති වෙයිද?”

“ඇයි?”

“නෑ මචං සරෝජා ටැමිල්නේ?”

“මෙහෙමයිනේ කවී,අපේ ගෙදර කට්ටිය සාම්ප්‍රධායිකව හිතන අය නෙවේ.මටයි පොඩ්ඩිටයි නිදහස දීලා තියෙන්නේ.ඒක නිසාම අපි මෝඩ තීරණ ගන්නේ නෑ කියලා එයාලා දන්නෝ.ඒක නිසා අපේ ගෙදරින් මේ ගැන අකැමැත්තක් එන්නේ නෑ කියලා මම දන්නෝ.”

“හ්ම්ම්ම්ම්....එකත් හොදයි නේ.”

“මම එහෙනම් බහිනවා.”

“එල බායි.”

වර්ණක එදින ගෙදර පැමිණ සරෝජාට කෙටි පණිවිඩයක් දැමූ අතර ඇයද හැරෙන තැපෑලෙන් පිලිතුරක් එවීය.තම සොහොයුරා මෑතක සිට වෙනස් වී ඇති බව දැනුණු මධුවන්ති තම අයියාගේ කාමරයට බෙල්ල දමා,

“අයියේ?”

“ම්ම්ම්ම්ම්ම්”

“කාත් එක්කද මැසේජ් කරන්නේ?”

“යාලුවෙක් එක්ක පොඩ්ඩි”

“අක්කා එක්කද?”

“මොන අක්කද පොඩ්ඩි”

“නෑනා අනේ නෑනා.”

“අනේ යනෝ පොඩ්ඩි යන්න.හොදටම පැහිලා හොදේ.”

“හී.............” කියමින් සිනහවක් දමමින් ගෙතුලට දිව ගියාය.

පසුදා උදෑසනද වර්ණක සුපුරුදු පරිදි දුම්රියේ සරෝජා හා කතා කරමින් පැමිණි අතර තම ආයතනයට ලං වෙත්ම සරෝජා මෙසේ වර්ණකට කීවේය.

“වණූ...”

“ම්ම්ම්...”

“අද ඔයාට ශෝට්ලිව් දාන්න පුලුවන්ද?”

“පුලුවන්.ඒත් ඇයි?”

“අද මට ඔයා එක්ක කතා කරන්න ඕන වණූ. අපි ගාලු කොටුවේ යමූ.”

“හරි සරෝ මම 1.00ට එන්නම්.”

“හරි වණූ. බායී.”

“බායි සරෝ.”

එදින වේලාව ගතවන්නේ හිමින්දැයි මුල් වරට වර්ණකට සිතුණි.ඔහු සෑම විටම ඔරලෝසුව බලමින් සිටියේය. දහවල් 12.40 ට පමණ ආයතනයෙන් පිටවූ ඔහු සරෝජා සමඟ ගාලු කොටුව දෙසට හිමින් හිමින් ඇවිද ගිය අතර අසල තිබූ අවන්හලකින් දිවා ආහාරය ගත් ඔවුන් පැවති අධික අව්රැස් නිසා අසල තිබූ ධර්මපාල උද්‍යානයේ ගසක් යට වාඩි වුණි.

“ඉතින් සරෝ.මොනාද කියන්න ඕන.”

“වණූ.මට පොරොන්දු වෙන්න ඔයා මේක අහලා මාව එපානම් අතාරිනවා කියලා.”

“ඇයි සරෝ එහෙම කියන්නේ?”

“පොරොන්දු වෙන්න.”

“සරෝ මේ බලන්න. මට ඔයාව අත අරින්න බෑ.ඔයා කතාව කියන්න.මම ඔයාව කවදාවත් අත අරින්නේ නෑ.”

“වණූ.ඔයා හරි හොදයි.මම ඉපදුනේ වව්නියා වල.මම තමයි පවුලේ එකම ලමයා.ඒ කාලේ තාත්තට කඩයක් තිබ්බා.ඒත් මේ යුද්දේ නිසා එයාට එයාගේ කඩේ විතරක් නෙවේ එයත් නැති වුණා.අම්මයි මමයි විතරයි ඉතුරු වුනේ.දවසක් මාවත් එල්.ටී.ටී.ඊ. එකට බඳවා ගන්න එල්.ටී.ටී.ඊ එකේ මිනිස්සු ආවා.අම්මා මාව ගෙනියන්න දුන්නේ නෑ. උන් මොකද කලේ උන් මගේ අම්මව මාව ඉස්සරහම මරල දැම්මා වණු.”

එසේ කියද්දී සරෝජාගේ ඇස් වලින් කදුලු දෝරේ ගලමින් තිබුණි.වර්ණක තම අතින් ඒ කඳුලු පිස දැමුවේය.

“උන් මාව උන්ගේ කෑම්ප් එකකට ගෙනිහින් මාව ට්‍රේනිං කලා.මම දවසක් පැනලා යන්න හදද්දි උන් මාව අල්ලා ගත්තා.උන් එදා මාව විනාශ කලා වණූ.උන් මාව විනාශ කලා.උන් සරෝජා සුබ්‍රමනියම් කියන කෙල්ලව ගෑනියෙක් කලා වණූ.උන් මාව උන්ගේ ඕනෑ එපා කම් වලට යොදා ගත්තා.දවසක් උන් නිදි අතරේ මම පැනලා ආවා.මම හමුදා ඒරියා එකකට ආවට පස්සේ එයාලා මාව කොළඹට එව්වා.එතනින් තමයි වණූ මාව මාතර තියන අනාථ නිවාසයකට දැම්මේ.”

සරෝජාගේ දෑස්වලින් කඳුලු දෝරේ ගලමින් තිබුණි.වර්ණකගේද දෑස් කඳුලෙන් තෙත්ව තිබුණි.

“දැන් තේරෙනවා නේද වණූ මම ඒතරම් හොද කෙල්ලෙක් නෙවේ වණූ.මම ගෑනියෙක්.ඔයා මට අකැමැති වුණාට කමක් නෑ වණූ.අපි යාලුවෝ වගේ ඉමු.”

“සරෝ.මේ......මම දැන් ඔයාට කියුවද මම අකැමැති කියලා.මට මේක කියන්න. ඔයා මට කැමතිද නැද්ද?”

“ඔයාට ගොඩක් කැමතී වණූ.ගොඩාක්...”

“එහෙනම් ඔයා මගේ තමයි.ආදරෙයි ගොඩාක්.”

“ඇත්තමද වණූ.අනේ මමත් ආදරෙයි වණූ හුඟක්.” කියමින් දෙදෙනා එකිනෙකා තදින් වැලද ගත්තා.

“වණූ.......”ටික වෙලාවකින් සරෝජා තම හඩ අවදි කලා.

“ම්ම්ම්ම්ම්”

“ඔයාලගේ ගෙදරින් මට කැමති වෙයිද වණූ.”

“ඇයි එහෙම අහන්නේ.”

“නෑ... මම ටැමිල් නිසා.”

“සරෝ අම්මයි තාත්තයි කවදාවත් මගේ කැමැත්තකට අකැමැති වෙන්නේ නෑ.”

“එතකොට පොඩ්ඩී?”

“එයත් අකැමැති වෙනේ නැති වෙයි....පොඩ්ඩ්ඩක් ඉන්න ඔයා කොහොමද පොඩ්ඩි ගැන දන්නේ?”

“කවීෂා අක්කිගෙන් අනේ.”

“ආහ්. ඒක මිසක්.මේ අපි යමුද සරෝ?”

“ඇයි.තාම 4.30 නේ?”

“ඉතින් ඔයාගේ ට්‍රේන් එක 4.35ට යනවනේ සරෝ.”

“කමක් නෑ.අද ඉදන් මම යන්නෙත් 5.25 කෝච්චියේ.”

“ඇයි?”

“නෑ මගේ පණ යන්නෙත් ඒ වෙලාවටනේ” කියමින් ඇය නැවතත් වර්ණක වැලද ගත්තාය.

ඔවුන් දෙදෙනා එදා දින කෝච්චියේ තම නිවෙස් බලා ගියේ කවීෂාගේ හා කාවින්දගේ විහිලු වලට ලක් වෙමිනි.

එදින නිවසට ගිය වර්ණක එදා දහවල් ගත් සරෝජා ගේ ඡායාරූපය බලමින් සිටින අතර තම නැගණිය වන මධුවන්තිට අඩගැසුවේය.

“පොඩ්ඩී......පොඩ්ඩී..........”

“ඕ.................”

“පොඩ්ඩක් එනෝකෝ”

“ඇයි?”

“මේ.ලස්සනද?” කියා අසමින් තම දුරකථනය තම නැගණිය අතට දුනි.

ඇය එය අතට ගත් වහාම “අම්මේ අම්මේ” ගාමින් තම මව සොයමින් දිව ගියාය.

වර්ණකද ඇය පසු පස දිව ගියාය.ඔහු ඇයට ලඟා වන විටත් තම මවට “අම්මේ මේ කියමින්” සරෝජාගේ ඡායාරූපය පෙන්වමින් සිටියාය.

“කව්ද පුතේ මේ?”

“ඔය අම්මේ සරෝජා.”

“කව්ද ඉතින් “

“ඔය ඉන්නේ අම්මේ අපේ අයියගේ ගෑණූ ලමයා.” කටකාර මධුවන්ති කිවේය.

“අනේ මේ ලමයගේ සිරියාව.”

“අම්මා කැමතිද?”

“එහෙම හිතාගන්නකෝ.”

“ඒත් අම්මේ එක ප්‍රශ්ණයක් තියෙනවා?”

“මොකක්ද?”

“එයා ටැමිල්.”

 

“සුදූ......සුදූ.......”

“කාවින්ද තම කල්පනාවෙන් මිදුනේ තම බිරිදගේ කටහඩිනි.”

“මම මෙහේ මධූ.....”

“මොකද අනේ ඔතන කරනේ කියමින් මධුවන්තිද එම ස්ථානයෙන් වාඩි විය.”

“මම මේ වර්ණක ගැනයි සරෝ ගැනයි හිතුවේ.”

“අයියයි අක්කයි හොදින් ඉන්නවා ඇති නේද සුදූ.”

“ඔව් එයාලා දෙනා හොදින් ඉන්නවා ඇති.අපි යමු මධූ ගේ ඇතුලට මදුරුවෝ ඉන්නවා එලියේ.”

කියමින් කාවින්ද තම බිරිදද කැදවාගෙන ගෙතුලට ගිය අතර මධුවන්ති මුළුතැන්ගෙය දෙසට ගියේ රාත්‍රී ආහාරය සුදානම් කිරීමටයි.කාවින්ද රූපවාහිනිය ක්‍රියාත්මක කල අතර එහි ගිය ඉංග්‍රීසී ගීතයක කොටසක් සමඟ බිත්තියේ එල්ලා මල්මාලා දැමූ වර්ණකගේ හා සරෝජාගේ ඡායාරූප දෙස තම දෑස් යොමු කරගෙනම නැවතත් ඔහු තම කල්පනා ලොවට ඇතුල් වුණි.

It's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh, I'll tell you all about it when I see you again
When I see you again

“එයා ටැමිල්.”

“මොනවා මේ දරුවා දෙමළද?”

“අයියේ......අක්කා ටැමිල්?”

“ඔ...ඔ...ඔව්.ඇයි?”

“අනේ දරුවෝ මේ ලමයා දෙමළ කියලා කියන්නවත් බෑනේ.අපේ මහත්තයා.....අපේ මහත්තයා”

“ඇයි?”

“මේ බලන්නකෝ”

“ම්...මමත් අහගෙන හිටියේ. ඉලන්දාරියා ආදරේ කලාට කමක් නෑ, ඔයාගෙත්, ඒ කෙල්ලගෙත් ආත්ම ගරුත්වේ ආරක්ෂා කරගෙන.මොකද දෙමළ සංස්කෘතිය වගේම දෙමළ මිනිස්සුත් හරිම හොදයි. මම ඒක දන්නවනේ ඒ පැත්තේ වන ජීවී හිටපු නිසා.ඒ නිසා ඔයාලා දෙන්නා සංස්කෘති දෙකක ලමයි.හරිද? ඒ අදහස් උදහස් ඔයාලා දෙන්නට ගලපගන්න පුලුවන් නම් ඔයාලා දෙන්නා මේ සම්බන්දේ කරගෙන යන්න.අපෙන් බාධාවක් නෑ.”

“හරි තාත්තා.”

“හ්ම්ම්ම්ම්”

ඇත්තෙන්ම වර්ණකට සිතුනේ මෙවන් දෙමව්පිය දෙපලක් ලබන්නට තමා කෙතරම් වාසනාවන්තද යන්නයි.

“අයියේ අක්කට කෝල් එකක් අරන් දෙන්නකෝ”

නැවත තම කාමරයට පැමිණි වර්ණකට ඒ පිටුපසින් පැමිණි තම නැගණිය පොඩ්ඩි කීවාය.

“එයා මේ වෙලාවේ නිවාසෙන ඉන්නේ පොඩ්ඩි.මම හෙට ඔයාට අරන් කෝල් එකක් අරන් දෙන්නම් කෝ.”

“ප්‍රොමිස්?”

“ප්‍රොමිස්.”

පසුවදා දුම්රියේදී සරෝජා හමු වූ වර්ණක මේ විස්තර කියද්දී සරෝජාගේ දෑස් වලින් කදුලු කඩා වැටුණි.

“අනේ වණූ අම්මයි තාත්තයි පොඩ්ඩියි කොච්චර ආදරෙයිද?”

“අනේ ලමයෝ අඩන්න එපා ඉතින්”

“අඩන්නේ නෑ සුදු ඇඩෙනෝ. මට කෝල් එකක් අරන් දෙන්නකෝ.”

“මම හවසට යන ගමන් අරන් දෙන්නම් සුදූ.අපි දැන් එකටනේ යන්නේ.”

“ඔව් නේද? එහෙනම් හවසට හම්බු වෙමු රත්තරං”

“හරි සුදූ.”

එසේ සරෝජා ඇයගේ ආයතනයට ඇරලවා කාවින්ද සමඟ ආයතනට ගිය වර්ණකට සවස් වෙනතුරු ඉවසිල්ලක් තිබුනේ නැත.තම ඥාතීත්වය භාවිතා කර සවස 4.00ට පමණ ඔහු එලියට පැමිණියේ 4.30ට සරෝජාටද එලියට පැමිණෙන්නයි දන්වමිනි.

“මොකද ලමයෝ වේලාසන?” සරෝජා විමසුවේ වර්ණකගේ දෑතේ වෙලෙමිනි.

“නිකන් ඔයාව බලන්න හිතුනා.”

“අනේ වණූ ඔයාගේ ජොබ් එකටත් මොනව හරි වෙයි මම නිසා.”

“එහෙම වෙන්නේ නෑ සරෝ.මොකද ඔය කොම්පැනිය මගේ මාමා කෙනෙක්ගේ.ඉතින් දන් නැද්ද?”

“ආහ් ඒකයි මේ මෙයා වේලාසන එන්නේ?”

“ආහ්.ඇයි එන්න එපාද?”

“අනේ මම එහෙම කියුවද වණූ.”

“හරි හරි අපි 5.15 ට්‍රේන් එක එනකනුයි, අර දෙන්නා එකනුයි ස්ටේෂන් එකට වෙලා ඉමූ.”

“හරි වණූ.මට පොඩ්ඩිට කෝල් එකක් අරන් දෙන්න කෝ.”

“හරි හරි යමුකෝ.ගිහින් අරන් දෙන්නම්.”

ගාල්ල දුම්රිය ස්ථානයෙන් ඇතුලට ගියා වූ ඔවුන් දෙදෙනා බංකුවක වාඩි වුණි.වර්ණක නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“හෙලෝ අයියේ ඇයි මේ කවදාවත් නැතුව මේ වෙලාවට කෝල් එකක්?”

“මෙන්න ඔයාට කතා කරන්න ඕනලූ කෙනෙක්ට” කියා වර්ණක දුරකථනය සරෝජාට ලබා දුණි.

“හෙලෝ පොඩ්ඩි”

“හෙලෝ මගේ සුදු අක්කේ කොහොමද?”

“මම හොදින් පැටියෝ. ඔයාට කොහොමද?”

“මමත් හොදින් මගේ සුදු අක්කි. අනේ මට ඔයාව ඉක්මනට බලන්න ඕන.”

“මටත් පැටියෝ.මටත් ඉක්මනට මගේ නංගිව බලන්න ඕන”

“ඉතින් එන්නකෝ අයියත් එක්ක”

“අනේ අද බෑනේ පැටියෝ.අනික මම එහෙම ඇවිල්ලා ඔයාලගේ අම්මා මට ගැහුවොත්?”

“අනේ අපේ අම්මයි තාත්තයි හරි හොදයි සුදු අක්කි.එයාලා එහෙම නෑ.”

“මම දන්නවා පැටියෝ මම විහිලුවක් කලේ.”

“මෙන්න සුදු අක්කේ අම්මා ඉල්ලනවා.”

“හෙලෝ දුවේ”

“හෙලෝ අම්මේ. කොහොමද?”

තම නැගණියට මෙන්ම තම මවටද තමාගේ අය මෙන් කථා කරනා තමා ආදරණීය සරෝ දෙස වර්ණක බලා සිටියේ කඳුලු පිරි දෑසිනි.

“වරදක් නෑ දුවේ. කොහොමද ඔයාට?”

“මමත් හොදින් අම්මේ.කෝ අම්මේ තාත්තා.”

“අන්න වත්ත පැත්තට ගියා දුවේ.කැලේම රිංගලා පුරුද්ද නිසා ඒවා වෙනස් කරන්න අමාරුයි.”

“ඒත් අම්මේ තාත්තට පොඩ්ඩක් විවේකෙන් ඉන්න කියන්න.”

“ඔයාම කියන්නකෝ.”

“අනේ අම්මේ.මම ඉක්මනට එනවා ඔයාලව බලන්න.”

“අනේ හොදයි දුවේ.මමත් ඔයාව බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ.”

“හරි අම්මේ තව පොඩ්ඩකින් කෝච්චිය එනවා.මම වර්ණකට ෆෝන් එක දෙන්නම්.”

“වර්ණක දුරකථන ඇමතුම විසන්ධි කර සරෝජා දෙස බැලීය.

“දෑස් දෙකෙහි කදුලු පුරවාගෙන ඇය තමා දෙස බලා සිටියි.

“අනේ රත්තරන් මට මෙච්චර ආදරේ කරන්න එපා.මට හැමදාම ඔයා ලඟ ඉන්න හිතේවී.”

“ඉතින් සුදු ඔයා හැමදාම මගේනේ.”

“මට කවදා යන්න වෙයිද කියලා කව්ද දන්නේ මැනික.”

“සරෝ.මැනික මේ බලන්න.අපි හැමෝටම කවදා හරි යන්න වෙනවා මැනික.ඒත් අද හෙටම නෙවේ.අපි දෙන්නා බැදලා,ලමයින්ගෙත් ලමයින් හුරුතල් කරලා ඉවර වෙලා.තේරුනාද?”

“හ්ම්ම්ම්ම්ම්”

“දැන් අඩන්න එපා.”

“හ්ම්ම්ම්ම්ම්”

මේ වන විට සවස වැඩ අවසන් වී බොහෝ අය නිවෙස් බලා යෑමට දුම්රිය ස්ථානයට පැමිනෙමින් තිබුණි.දුම්රිය තවත් මිනිත්තු පහලොවක් ප්‍රමාද වන බව ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ සිට පණිවුඩයක් නිකුත් වුණි.

“සරෝජා ඉංගේ වා.”

මදක් ඈතින් සිටි තරුණයින් තිදෙනෙකුගේ කණ්ඩායමක් සරෝජාට අඩගැසීය.සරෝජා මෙන්ම වර්ණකද එදෙස බැලූ අතර සරෝජාගේ මුහුනේ බියක සේයාවක් සටහන් ව තිබුණි.

“කව්ද සරෝ එයාලා?”

“සුදූ.ඔයා ඔහොම ටිකක් ඉන්නකෝ.අපේ ඔෆිස් එකේ කොළඹ බ්‍රාන්ච් එකේ ඉන්න මම අදුරන කෙනෙක්.පොඩ්ඩක් ඉන්න.”

සරෝ යන දිහා වර්ණක නැගිටලා බලන් හිටියේ අමුත්තක් හිතට දැණුනු නිසා.උන් මොනවද මොනවද වේගයෙන් කියාගෙන යනවත්, සරෝගේ මූණ බිමට යොමුවෙලා තියෙන නිසත් වර්ණක හිතා ගත්තා මේ සරෝට බනිනවා කියා.ඔහු ඒ පැත්තට යන්න කකුලක් තිබ්බා විතරයි එතන හිටපු එකෙක් සරෝගේ කම්මුලට ගැහුවේ මදක් දුරින් ඉදපු වර්ණකට පවා “චටාස්” කියන හඩ ඇහෙන ගානටමයි.වර්ණකට ඒක දැකලා යකා තද වුණා. ඔහු වේගයෙන් දිව ගොස් ගහපු වේගවත් පහරට කනේ පහර ගහපු පුද්ගලයා අඩි තුනක් පමණ විසි වී ගියා.  

“තොපි හු@*%$ #ලා තෝ කොහොමද කැ@# මගේ කෙල්ලට අත තියන්නේ වේ@ බ*ලෝ.ආ....තොගේ බෙල්ල ගලපවලා අතට දෙනවා බලා ගනින් කැ# පො#&යා හැඩ බල බල ඉන්න.”

මේ සිද්ධිය දැකපූ කාවින්දත් දුවගෙන ආවේ වර්ණකව පාලනය කර ගන්න.මොකද වර්ණක කියන්නේ කරාතේ කළු පටි ශූරයෙක් කියලා ඔහු දැනගෙන හිටියා.ඔහු ඉවසීම ප්‍රගුණ කරපු අයෙක් වගේම ඔහුගේ ප්‍රහාරයන් කොතරම් දරුණුද කියලත් කාවින්ද දැනගෙන හිටියා.

“මචං මචං නැවතියන්” කියමින් දුවගෙන් ගොස් වර්ණක අල්ලා ගන්නා විටදිත් සරෝජා ඔහුව බදාගෙන සිටිනවා කාවින්ද දැක්කා.ඒ වගේම ඔහුගෙන් පහර කෑ පුද්ගලයා කටින් ලේ පෙරමින් ඔහුගේ මිත්‍රයන් දෙදෙනා විසින් වත්තන් කරගන්නවා දුටු කාවින්දට වර්ණකගේ පහරේ තරම සිතා ගත හැකි වූවා.

“තොපි කොහොමද කැ#$යෝ මගේ කෙල්ලට ගහන්නේ?”

“අනේ වණූ ඕක නවත්තගන්නකෝ.”

“අනේ සොරි මචං.මම පිලිගන්නවා ඌ කරපු වැඩේ වැරදියි.සමාවෙයන් මචං.සමාවෙන්න සරෝජා.මණික්කවුම් සරෝජා.නාංගල් සෙල්වෝම්.”

කියා ඔවුන් දුම්රිය පොලෙන් පිටව ගියා.

වර්ණක සරෝජා දෙස බැලූ අතර ඇයගේ තොල පැලී ලේ ගලමින් තිබුණි.

“අනේ සරෝ ඔයාට තුවාලයි නේද?”

“අවුලක් නෑ මැනික.”

“කවුද උන් සුදූ?”

“එයාලා අපේ කොළඹ බ්‍රාන්ච් එකේ අය වගයක්.මම මෙහේ එන්න ඉස්සෙල්ලා සතියක් විතර කොළඹ එකට වැඩට ගියා.ඒ කාලෙදී ඔයා අර ගහපු කෙනා මගේ පස්සෙන් ආවා.මම බෑ කියුවා.අදත් ඇවිල්ලා තියෙන්නේ මගෙන් අහන්න.මම කියුවම මම ඔයා එක්ක යාලු වෙලා කියලා එතකොට තමයි මට එයා ගැහුවේ. අනේ වණූ මම නිසා ඔයත් කරදරවල පැටලෙනවා නේද?”

“ඔයා මගේ දැන්.මගේ පණට එකෙක් ගැහුවොත් මට පුලුවන් ඌව මරන්න තේරුනාද?”

“මගේ සුදූ.....”කියමින් සරෝජා වර්ණකට තුරුලු වූ අතර එවෙලේම පැමිණී දුම්රියට ඔවුන් ගොඩ වූ අතර එය හූ.......හඩ නඟමින් මාතර බලා ගමන් ඇරඹිය.

එම සිදුවීමෙන් සති දෙකක් පමණ ගෙවී ගියේය.සති අන්තය හා අලලා ලැබී තිබූ දින සතරේ නිවාඩුවක සරෝජා හා වර්ණකගේ පවුලේ අය නුවර වන්දනා ගමනක් ගිය අතර ඉන් සරෝජා පවුලේ අයෙකුම බවට පත් විය. ඇතැම් සති අන්තයන්හි සරෝජා සිටියේ වර්ණකලාගේ නිවසේය.

මෙසේ මාසයක් පමණ ගෙවී ගියේය.

දිනක්.......

************************************************************************************

සුදූ කෑම ලෑස්තියි.”

කාවින්ද තම සිහියෙන් මිදුණේ තම බිරිද මධුවන්තිගේ හඬිනි.

කෑම කා දරුවන්ද නින්දට යවා බිරිඳ හා ආලින්දයේ වාඩිවූයේ තව දින දින දෙකකින් යෙදී ඇති තම මිත්‍රයාගේ 14 වන ගුණානුස්මරණය පිලිබඳ කතා කර ගැනීමටයි.

සුදූ.....”

ම්ම්ම්ම්ම්ම්ම්”

“ඇත්තටම එදා මොකද වුනේ.”

එම ප්‍රශ්ණය ඔහුව නැවත අතීතයට ගෙන යන මොහොතේ කොහේදෝ සිට ආ ගීත ඛණ්ඩයක් ඔහුගෙ සිතට ඇතුල් විය.

“අසුරු සැනින් එක මොහොතකදී

කාලය නැවතී යළි ඇරඹී

විශ්වය අලුතින් බිහිවේවා

ඔබේම වී මා මගේම වී ඔබ

අපේම වී අප ඉපදේවා ....”

 

සුපුරුදු පරිදි සවස දුම්රිය එනතෙක් සරෝජා වර්ණකගේ උරහිසට හිස තබාගෙන සිටියේය. නමුත් සරෝජාගේ මුහුනේ තිබූ කැලඹීම වර්ණකට නොපෙනුණි.

“සරෝ........”

“ම්ම්ම්..............”

“අම්මා අහනවා මැණික ඔයාව එක්කන් එන්නේ කවදද කියලා.”

“හ්ම්ම්ම්”

“හ්ම්ම් ගාන්නේ මොනව හරි කියන්නකෝ.”

“මට කියන්න පුලුවන් වණූ. ඒත් මට කවදා යන්න වෙයිද දන්නේ නෑ.”

“මොන මඟුලක්ද සරෝ. ඔයා අපි දෙන්නා ගැන කතා කරන හැම වෙලාවකම කවදා යන්න වෙයිද, කවදා යන්න වෙයිද ගාන්නේ. ඔයා කැමති නැද්ද අපි බදිනවද ආ.....” වර්ණක කේන්තියෙන් පැවසීය.

“වණූ අපි මේ ගැන කතා කරන එක නවත්තමුකෝ සුදූ.”

“බෑ...අද මට දැන ගන්නම ඕනි මොකද මේ මැරෙන මඟුල්ම කියවන්නේ කියලා. අද කියන්නේ නැත්නම් මේ සම්බන්දේ මෙතනින් ඉවරයි.” වර්ණක ඒවා සිතා නොව ඔහුගේ මුවින් ඒ වචන ඉබේම පිටවිය.

“ඔයාට ඕනි මේ සම්බන්දේ නවත්තන්න නේ. හරි නවත්තමු.”

“තමුන් අරකට හේතුව කියන්නේ නැත්නම් හරි නවත්තමු.”

“හරි වණූ.මට සමාවෙන්න.අන්න ඒක විතරක් ඔයා මතක තියාගන්න.” කියමින් සරෝජා නැගිට දුම්රිය පොළ පිටවීම දෙසට ගියේ කඳුලු පිරි දෑසිනි. කේන්තිය නිසාම වර්ණකද ඇය ගිය මඟ නොබැලූ අතර සරෝජා දුම්රියපොළ ඉදිරියේ තිබූ වීදුරු කළු කරන ලද, සුදු පැහැති ඩොල්ෆින් වර්ගයේ වාහනයකට නැඟ යනු ඔහුට නොපෙනුනි. දුම්රියට පැමිණි කාවින්ද සහ කවීෂාද සරෝජා ගැන විමසූ නමුත් වර්ණක කලේ බලා ගත් අත බලා ගෙන සිටීම පමණි.

දින දෙකක් ගෙවුනද වර්ණකට සරෝජා සම්බන්ධ කර ගත නොහැකි වූ අතර ඇය සොයා ඇය වැඩකල ආයතනට ගියද ඔහුට දැන ගත හැකි වූයේ ඔවුන් මුණ ගැසුණු අවසන් දිනයේ ඇය තම අස්වීම ආයතනයට ලබා දී ඇති බවයි. වර්ණකගේ හිතට බියක් දැණුනු අතර ඔහුට ඇයගේ අවසාන වචනය නැවත නැවත මතක් වන්නට විය.

“මට සමාවෙන්න.අන්න ඒක විතරක් ඔයා මතක තියාගන්න.”

දිනය 2006 ඔක්තෝම්බර් 18 බදාදා

තමාගේ කේන්තිය නිසා තමා කරගත් මෝඩකමට සිතින් දොස් නඟා ගනිමින් නින්දත් නොනින්දත් අතර සිටි වර්ණකට නින්ද ගියේ පාන්දර දෙකට පමණය. උදෑසන 6.00ට නැගිට තම දුරකථනය බැලූ විට පාන්දර 2.15ට සරෝජා පණිවිඩයක් එවා තිබෙනු දුටු ඔහු සතුටින් එය විවෘත කලත් එහි තිබූ පණිවිඩය දුටු ඔහුගේ හදවත නැවත බියට පත් විය.

“වණූ.මම යනවා. මට සමාවෙන්න.”

එම කෙටි පණිවිඩයයි. ඔහු දුරකථනය ඉවත දමා වැඩට යාමට සූදානම් වූ අතර ඔහුට දුම්රියේ ගමන් කිරීමට සිත් නොදුන් නිසා ඔහු බසයෙන් එදින වැඩට ගියේය. ගාල්ල දෙවට ප්‍රදේශයේදී ඔහුට කාවින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

“උබ කොහේද ඉන්නේ?”

“මම දෙවටේ බං.”

“උබ ගාල්ල ස්ටේෂන් එක ඇතුලට වරෙන් හරිද?”

“ඇයි?”

“මම දැක්කා සරෝ අක්කා වගේ කෙනෙක් කෝච්චියේ අන්තිම පෙට්ටිය හරියට වගේ නඟිනවා ලොකු බෑග් එකකුත් අරගෙන. හැබැයි මචං නැග්ගේ තල්පෙන්. ඒ මොකද දන්නේ නෑ නේ?”

“උබට එයා ලඟට යන්න පුලුවන්ද?”

“බැරිවෙයි මචං අද මාර සෙනඟක් ඉන්නේ.”

“හරි ඉදපන් මම එන්නම්.”

කියූ වර්ණක ගාල්ලෙන් බසයෙන් බැසගත් වහාම ගාල්ල දුම්රිය පොළට දිව ගිය අතර දුම්රිය වේදිකාවට ප්‍රවේශ පත්‍රයක් ගන්නවාත් සමඟ දුම්රිය පැමිණියේය. ඔහු ඉක්මනින් ඉක්මනින් සනඟ අතරින් වේදිකාවේ එහා කොනට ගිය අතර ඔහු සරෝජා ද දුම්රියෙන් බැස පිටවීම දෙසට නොව අනෙක් දෙසට ගමන් ගන්නා දුටු ඔහු “සරෝ” කියා හයියෙන් කෑ ගැසුවේය. සරෝජා හිස හරවා බැලූ අතර ඇය බීතියෙන් තැතිගෙන දුම්රිය වේදිකාවේ එහා අන්තයේ කෙලවරටම දිව ගියේය. වර්ණකද ඇය පසුපස දිව ගොස් ඇයට මීටර් 200 පමණ ලංවී සිටියදී “සරෝ” කියා කෑගසනවාත් සමඟම ඩෝං යන හඩින් සමස්ථ ගාල්ල නඟරයම හෙල්ලී ගියේය.

...............................................................................................................

එදින පාසල් නොගිය මධුවන්ති උදෑසන රූපවාහිනිය නරඹමින් සිටියේය. එක්වරම හදිසි පුවත් වාදනයක් සමඟ පුවතක් ආරම්භ විය.

“මෙන්න දැන් ලැබුණු පුවතක්. මිට සුලු වෙලාවකට පෙර ගාල්ල දුම්රිය ස්ථානයට එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත.”

“අම්මේ.............” මධුවන්තිට කෑ ගැසුණි.

“මොකද ලමයෝ මේ කෑගන්නේ” කියමින් ආලින්දයට පැමිණි ඇයටද ප්‍රවෘත්තිය කන වැටීමෙන් පසු “මහත්තයා......” යනුවෙන් කෑ ගැස්සවිණි.

“මොකද මොකද මේ කෑගහන්නේ.” කියමින් ආලින්දයට පැමිණි ඔහුටද තම බිරිඳ හා තම දියණිය කෑ ගැසීමට හේතුව වැටහීමට එතරම් වේලා ගියේ නැත.

“අනේ මහත්තයා අපේ කොල්ලයි කෙල්ලයි.” වර්ණකගේ මව එසේ කීවේ වර්ණක හා සරෝජා ගැනය. සැබැවින්ම ඇය සරෝජාට සැලකුවේ තම දියණියට මෙන්ය.සරෝජාද ඇයට සැලකුවේ තම මව මෙන්ය.

“හරි හරි කෑ ගහන්න එපා. කලබල නොවී ඉන්නකෝ.” කියමින් ඔහු තම හිත මිත්‍ර උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගත්තේය.

*******************************

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වර්ණක දැඩිසත්කාර ඒකකයේ සතියක් සහ සාමාන්‍ය වාට්ටුවක සති දෙකක් ප්‍රතිකා නිවස වෙතට ගෙන ආවේ ප්‍රහාරයෙන් සති තුනකට පමණ පසුවය. නමුත් ඔවුන්ට සරෝජාව සොයා ගත නොහැකි විය. ප්‍රහාරයෙන් ප්‍රහාරකරු සහ තවත් තිදෙනෙකු එම ස්ථානයේම මිය ගිය අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදී මිය ගියේය.බෝම්බය කෙතරම් දරුණුද කිවහොත් දුම්රිය එංජිම කෑලි කෑලි වලට කුඩු වී තිබුණි. ප්‍රහාරකරු කවුරුන්දැයි හඳුනාගත නොහැකි තරමට කුඩා කැබලි වලට කැඩී විසි වී තිබුණි. රජයේ වාර්ථා වලට අනුව මෙම බෝම්බය එතෙක් මෙතෙක් එල්.ටී.ටී.ඊ ය විසින් නිර්මාණය කල බරපතලම බෝම්බයයි. කෙසේ වෙතත් කොතරම් උත්සහ දැරුවද මිය ගිය පිරිස අතර සරෝජාගේ දේහය සොයා ගත නොහැකි විය.

නිවසට පැමිණියද ඇතිවූ කම්පනය නිසා ඔහුට විවේක ගැනීමට පවුලේ අය කටයුතු කල අතර වාසනාවකට මෙන් එදින ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ කවීෂා සහ කාවින්ද හැකි සෑම විටම ඔහුව බැලීමට පැමිණි අතර කාවින්ද නිතරම පාහේ යන්න එන්නට වූයේ ඔහු හා මධුවන්ති අතර ගොඩනැගී තිබූ ආදරය නිසාමය. නමුත් සියල්ලන්ටම ගැටලුව වූයේ සරෝජාට කුමක් වුනේද යන්නයි.

මෙසේ මාසයක් පමණ ගෙවී ගිය අතර වර්ණක සම්පූර්ණ සුවය ලැබීය.අද ඔහු නැවත වැඩට යාමට සැරසෙන දිනයයි.

“අයියේ.”

උදෑසනම කාමරයට පැමිණි මධුවන්ති තම සහෝදරයා ඇමතීය.

“පොඩ්ඩී.”

“අයියේ මට සමාවෙන්න මේක අහනවට.ඔයාගේ හිත රිද්දනවට සමාවෙන්න.ඒත් මට මේක දැනගන්නම ඕනී.”

“කමක් නෑ පොඩ්ඩි අහන්න”

“අපේ සුදු අක්කට මොකද වුනේ අයියේ?”

වර්ණකගේ දෑසට කදුලු ගලා ආවේ ඉබේටමය.ඔහු ඇද මත වාඩි වුණි.

“අනේ අයියේ සමාවෙන්න.”

“කමක් නෑ පොඩ්ඩි. ඒත් මම හිතන්නේ පොඩ්ඩි....ස....ස...සරෝට බේරෙන්න බැරි වුණා.” ඔහුට කිව හැකි උනේ එපමණකි.ඔහුට ඉකි ගසා හැඩිණි.

“අනේ අයියේ” මධුවන්තිටද ඉකි ගසා හැඩුනේ සරෝජාද ඇයගේ සොහොයුරියක් මෙන් නිසාය.

තම පුතුගේ කාමරය දෙසින් හඬනා ශබ්දයක් ඇසුනු වර්ණකගේ මව කාමරයට ගොස් තම දරුවන් දෙදෙනා සැනසුවේ ඇයගේ දෑසටද කඳුළු එද්දීය.

මාස දෙකකට පමණ පසු වර්ණක දුම්රියෙන් බැස සෙනඟ අතරින් ඉදිරියට ඇදෙද්දි කාන්තා කටහඬකින් මේක සරෝගෙන් යැයි කියා ලියුමක් අතින් ඔහුගේ අතෙහි රදවා සෙනඟ අතරින්ම අතුරුදහන් වූයේ වර්ණකද පුදුම කරවමින්‍ ය. ඔහු ඒ කවුරුන්දැ යි සෙවූ නමුත් එය ඵල රහිත විය. ඔහු එම ලියුමද අතෙහි දරාගෙන තම කාර්යාලට ගොස් තම කුටියට ගිය වර්ණක එම ලියුම කඩා බැලීය. එහි වූයේ සරෝජනීගේ අත් අකුරෙන් ලියූ ලියුමක් බව ඔහු හදුනාගත්තේය. ඔහු එම ලියුම කියවීය.

 

මගේම ආදරණීය වණූ වෙත,

මැණික, ඔයා මේ ලියුම කියවන කොට මම ඔයාගෙන් හුඟක් ඈතට ගිහින් ඉදීවී. ඒ ආපහු නොඑන්නම. මතකද සුදූ අපි රණ්ඩු වුණ හේතුව. මට කවදා යන්න වෙයිද දන්නේ නෑ කියන එක. මම එහෙම කියුවේ මෙන්න මේ හේතුව නිසයි මැණික. මම කොටි කෙල්ලෙක්. එල්.ටී.ටී.ඊ යේ මරාගෙන මැරෙන කෙල්ලෙක්.

ඔව් මම දන්නවා ඔයා දැන් බලයි ඇයි එහෙනම් මෙයා මම එක්ක යාලු වුනේ, එතකොට එයා කියපූ සේරම බොරුද කියලා. මම ඔයාට මගේ පවුල ගැන කියුවේ ඇත්ත. ඒත් මම පැනලා ආවේ නෑ. එල්.ටී.ටී.ඊ එක මාව මරාගෙන මැරෙන කෙනෙක් විදිහට පුරුදු කරා.එයාලා මම එව්වේ ගාල්ලට ඇටෑක් කරන්න. ඇවිත් විස්තර හොයා බලලා එහෙන් නියෝගය ආවම මැරෙන්න.

මට සමාවෙන්න මම බොරු කරාට.ඒත් මැණික මගේ ආදරේ ඇත්ත. මටත් හිතා ගන්න බෑ ඇයි ඔයාට ආදරේ හිතුනේ කියලා.ඒත් ඔයාව හම්බවුණු දවසේ ඉදලා මට ජීවත් වෙන්න ආසාවක් ආවා. අරුන් අපිට ඉගැන්නුවේ මොනතරම් බොරුද කියලා මට හිතුනේ ඔයාලා ආශ්‍රය කරද්දි. ඒත් මට ඔයාට කරන්න වුණ බොරුව නිසා මම හැමදාම රෑට ඇඩුවා. මට මගේ අම්මගෙන් තාත්තගෙන් පස්සේ ආදරේ දැනුනේ ඔයාටයි ඔයාලගේ පවුලේ අයගෙන් විතරයි.

මම අම්මගේ තාත්තගේ පොඩ්ඩිගේ ඔයාගේ ආදරේට හුඟක් ආදරේ කරා මැණික. මට ආව කාරනය පවා අමතක වන තරමටම මම ඒ ආදරේට බැදුණා. මට ඒත් ඔයාගෙම වෙන්න පින නැති වුණා. ඒත් එදා අපි නුවර යද්දි ඔයා මට මුද්ද දාපු වෙලාවේ මම ඔයාගෙම වුණා රත්තතරං. මම ඔයාලගේ ගෙදරට ආවේ අම්මගේම ලේලි විදිහටයි. ඒ දවස් තමයි මගේ ජීවිතේ ලස්සනම දවස් මැණික.

ඔයාට මතකද එදා ස්ටේෂන් එකේදී ඔයා ගහපු කොල්ලා. ඒ තමයි අපේ කමාන්ඩර්.එයා එදා ඇවිත් හිටියේ වැඩේට ලෑස්ති වෙන්න කියන්න. ඒත් මට බැහැ කියපු නිසා තමයි එයා මට ගැහුවේ. ඒත් එයාලා ආපහු දවසක ඇවිත් මට හොදටම ගහලා වැඩේට ලෑස්ති වෙන්න කියුවා.මම වැදලා ඉල්ලුවා මැණීක මට යන්න දෙන්න කියලා. ඒත් උන් කියුවා මම මේක කරන්නේ නැත්නම් ඔයාලගේ මුළු පවුලම මරලා දානවා කියලා.උන් දවසක් අපිව ෆලෝ කරලා මැනික.උන් පොඩ්ඩි ඉස්කෝලෙට යන වෙලාව,එන වෙලාව,තාත්තා වත්තට යන වෙලාව, ඔයා ගෙදරින් එන වෙලාව සේරම ෆලෝ කරලා. උන් මට මාසයක් දුන්නා ලෑස්ති වෙන්න. මට ඔයාලව ඒ වගේ ඉරණමකට පත් කරන්න බෑ.මට මගේ මැණිකව අම්මව,තාත්තව,පොඩ්ඩිව මගේ පව් නිසා මරන්න බැහැ. මම එදා ඔයා එක්ක මම යන කතාව කියුවේ උවමනාවෙන්මයි.මොකද මට ඔයාගෙන් ඈත් වෙන්න පුලුවන් එකම එක විදිහ ඒක විතරක් නිසයි.

මට ඔයාව ලබන ආත්මයේ හම්බුවෙන්නම් කියන්න බෑ.මොකද මම කරන පවේ හැටියට ලබන ආත්මයේ මනුස්ස දිවියක් ලබන්න මට බැරි වේවි. ඒ නිසා මම ඔයාට බොරු පොරොන්දු දෙන්නේ නෑ. ඉතින් මැණීක මට සමුගන්න අවසරයි. කරන්න පුලුවන් අඩුම හානියක් කරගෙන මම යනවා.මගේ ආදරණීය වණූ, මගේ පණ, ඔයා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.

මම ඔයාගෙම විතරක් වුණු ,

සරෝ

 

ලියුම කියවලා ඉවර වෙද්දී ඇත්තෙන්ම වර්ණකට ඇඩුණා. ඔහු කොතරම් හුඟක් වෙලා ඇඩුවා. ඔහු හඬා අවසන් වෙද්දී ඔහුගේ ඉදිරියේම තිබුණු පුවත්පතක දැන්වීමකට ඔහුගේ බොඳ වූ දෙනෙත් යොමු වුණා.

ශ්‍රී ලංකා යුධ හමුදාව - දියතලාව ආරක්ෂක විද්‍යා පීඨයට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීම.

ඔහු පුවත්පතත් රැගෙන කාවින්ද සොයා එසැනින් දිව ගියේය.

..............................................................................................................................................

කතාව ඇසීමෙන් පසු මධුවන්ති කාවින්දගේ පපුතුරේ හිස හොවාගෙන හඬන්නට විය. ඔහු ඇය සනසවන ලද අතර ඔවුන්ට එසේම නින්ද ගියේය.

පසුදා තම රියදුරු කෝප්‍රල් වසන්ත සමඟ කටුනායක ගුවන්තොටුපලට ගියේ ඇමෙරිකාවේ සිට පැමිණෙන කවීෂා සහ ඔහුගේ පවුලේ උදවිය කැදවාගෙන යාමටයි.

“අම්මෝ කොල්ලා මහත් වෙලා.”

“අක්කේ” කියමින් කාවින්ද කවීෂාව වැලද ගත්තේ උතුරා ගිය සහෝදර ප්‍රේමයෙනි. කවීෂාද එසේමය.

සුවදුක් විචාරයෙන් පසු ඔවුන් කාවින්ද සමඟ ඔහුගේ නිවස බලා ගමන් ආරම්භ කලේය.

“ඉතිං මල්ලි මධූ එහෙම හොදින්ද? බබාලා?”

“ඔක්කොම හොදින් අක්කේ. ඉතිං අයියේ කොහොමද මේ දවස් වල?”

කවීෂාගේ සැමියා හා කවීෂා හා කතා කරමින් ඔවුන් ඔහුගේ නිවසට හැරෙනා මංසන්ධිය අසලට ආ අතර කවීෂාගේ ඉල්ලීමෙන් එම ස්ථානයේ නවතා ඒ අසල වූ මාවත නම් කල පුවරුව වෙත ලඟා වුණි.

“මල්ලි.ඒ දෙන්නම හොදින් ඇති නේද?” හැගීම්බර කටහඩකින් ඇසුවේය.

“ඔව් අක්කේ ඒ දෙන්නම හොදින් ඇති.” සමීරද කියුවේ හැගීම්බර හඩකිනි.

ඉන්පසු ඔවුන් දෙදෙනා අතර දිගු නිහැඩියාවක් ඇති වුණි.

“ඒ දෙන්නම අද හිටියනම්” කියා ඔවුන් දෙදෙනා යන්නට හැරුණු අතර කාවින්ද නැවත වරක් හැරී එම පුවරුව දෙස බැලීය.

-----කර්නල් වර්ණක වීරවර්ධන මාවත-----

 ශ්වේත ගං තීර සදකැන් රිදී යටින් 

ඈත සිටියත් ඔයා දැනෙනවා හොදින් 

සර සර හඩින් ඇවිදින් ලඟින් 

හැඩකාරි යාල් දේවි

 

පපුතුරේ උණුහුමින් ඇස් පියන් යටින් 

පිච්ච මල්වැස්ස වැස්සානේ අපි උඩින් 

කිව්වත් හෙමින් ඇහුනා හොදින් 

දඟකාරි යාල් දේවි

රණහංස ගීරාවේ රැව්දුන්නේ හිත ලගනේ

සුහදිලියේ පුළුලුකුලේ සුවවින්දේ මා හා….

 

හීන අහුරක් අරන් ප්‍රේම චාරිකාවේ

පේන අහසක් තරම් චූටි තාර පාරේ 

හැඩ මල් මැදින් අපි යමු ඉතින් 

මනමාලී යාල්දේවි මගේ…

මනමාලී යාල්දේවි

 

නිමයි.

සියලුම නම් ගම් සිද්ධීන් මනඃකල්පිතය.

kasun sapumohotti

 

Post a Comment

0 Comments