“ප්රේමය
නම් අසෙනිය කුසුමක් වේ.
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරලා ලබන්ට නොසිතා බිඳකුත්......”
මහැදුරු සරච්චන්ද්රයන්ගේ “විලාසිනියකගේ
ප්රේමය’නම්
කාව්යය
පොතේ දැක්වෙන පරිද්දෙන් ම ප්රේමයට ලෝකයා විසින් කොතෙක් අර්ථ නිරූපණ
සැපයූවත්,ප්රේමයට
කවරදා හෝ සීමා මායිම් නැත. මේ එකම රටක,දෙකොනක,ජාතීන්
නමින් වෙන් කරගත් මිනිස් කුල දෙකක ඉපිද,ප්රේමය
නම් සුන්දර වරදේ බැදී,පසුව
එම ප්රේමය
නිසාම උපන් රට විසින්ම දේශද්රෝහියකු බවට පත් කල ඇගේ කතාවයි.
ධෛර්යයවන්ත,හිතුවක්කාර තරුණ
තරුණියන් රැසකගේ ජන්ම භූමිය වන දක්ෂිණ ලංකාවේ නිල්වලා ගංගා නිම්නයේ පහස ලබනා
කඹුරුපිටිය,නාරන්දෙණිය
නම් සුන්දර ගම්මානයේ ගම්මුලාදෑනිවරයෙකු වූ ගුණසේකර මහතා හා ඔහුගේ බිරිඳට දාව උපන්
දියණියට විනීතා සමරසේකර ගුණසේකර නමින් නම්
තැබීය.නව දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා ලෙසින් උපන් විනීතා හෝඩියේ සිටම
අ.පො.ස.උසස් පෙළ විභාගය දක්වාම උගත්තේ කඹුරුපිටිය නාරන්දෙණිය මධ්ය
මහා විද්යාලයෙනි.(අද
එය නාරන්දෙණිය ජාතික පාසල ලෙස හැදින්වේ.)ඉගෙනීමට මෙන්ම ක්රීඩාවන්ටද
සමත් කම් දැක්වූ ඇය තම බාල සොහොයුර සොහොයුරියන්ගේ වගකීම් හා යුතුකම්ද සොයා බලා
ඉෂ්ඨ කලේ ඔවුන් හට දෙවෙනි මවක් වෙමිනි.
අ.පො.ස.උසස් පෙළ විභාගය සමත් වූ ඇය තම පියාගේ මඟ පෙන්වීම
යටතේ ශ්රී
ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් වූ අතර ඒ පිලිබඳ ගුණසේකර මහතා මෙන්ම පවුලේ සැමද
උදම් ඇනුවේ අද මෙන් නොව එකල පොලිස් සේවයට එක් වීම යනු අතිශය දුෂ්කර,අපහසු,ලෙහෙසියෙන්
කල නොහැක්කක් වූ බැවිනි.පොලිස් අභ්යාස විද්යාලයේ
පුහුණුව අවසන් කොට 1976 වසරේ
කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස ඇය පලමු පත්වීම ලබන්නේ මිරිහාන පොලිස්
ස්ථානයටය.එම පත්වීම ඇයගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වේයැයි ඇය කවරදාකවත් නොසිතන්නට
ඇත.
අලුතින් පත් වී ආ මෙම රූමත් පොලිස් නිලධාරිනිය වෙත සෙසු
පොලිස් නිලධාරීන්ගේ ඇල්ම බැම්ම නිතැතින්ම යොමු විය.නමුත් දකුණුලක යුවතියන්ට
නිතැතින්ම හිමි වන ආඩම්බර,ගම්භීර,අහංකාරත්වය
නිසාම විනීතා වෙත කිසිවෙකුට සමීප වීමට නොහැකි විය.
මේ අතර කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව උතුරුකරයෙන්
පැමිණි කඩවසම් දමිළ තරුණයෙකු සේවය කලේය.වැලිවැටිතුරේ ප්රදේශයේ
වාසය කල කොමියුනිස්ට් පක්ෂයේ ප්රබල සාමාජිකයෙකු වූ “කොමදෝරු බාලසිංහම්
මහතා” හා ඔහුගේ බිරිදට දාව උපන් මෙම තරුණයා වැලිවැටිතුරේ චිදම්බර කොලිජියෙන් අධ්යාපනය
ලබා ඉන් පසු අගනුවර බලා පැමිණ හැවිලොක් පිටියේ රගර් ක්රීඩා
කලේය.ඉන් පසු ඔහු ශ්රී
ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ඇතුලත් වූ අතර ඒ සඳහා ඉහත සඳහන් කල රගර් ක්රීඩා
කිරීමේ කුසලතාවයද බලපෑවේය.මෙම කඩවසම්,ක්රීඩාශීලි
තරුණයා අන් කවරෙකුවත් නොව පසු කලෙක L.T.T.E. සංවිධානයේ හිටපු
පොලිස්පති,හිටපු
දේශපාලන අංශයේ නායක හා L.T.T.E. සංවිධානයේ
හිටපු සේනා බලඇණි අණදෙන්නා වූ නඩේසන් හෙවත් බාලසිංහම්
මහේන්ද්රන් ය.
පොලිස් කාර්යාලයේ සේවයේ නියුතු මේ කඩවසම් තරුණයා දුටු
විනීතාට මල්සරා තම ඊතල සතම ඇය වෙත යොමු කලේය.බාලසිංහම් මහේන්ද්රන්
ඉදිරියේ ඇයගේ ආඩම්බර,ගම්භීර,අහංකාරත්වය
අළු දුහුවිලි වී ගියේය.මෙම දෙදෙනා ප්රේමයෙන් බැදුනේ දේශපාලන
හිතවත් කමක් මත හෝ පවුල් දෙකේ ප්රභූ තත්වය සලකා බලා හෝ ජාතී ආගම් භේද සලකා
බලා හෝ නොවේ.නමුත් ගැලපීම් කොතෙක් තිබුණද අවසන ඔවුන්ගේ ප්රේමයට
ජාතිකත්වය නම් මහා බාධාව හරස් විය.
විනිතා රාජකාරියට ගියේ ශ්රී ලංකා යුද්ධ හමුදාවේ
සේවය කල තම වැඩිමල් සොහොයුරාගේ මහරගම ආසන්නයේ තිබූ නිවසේ සිටය.විනීතාගේ හැසිරීම
සැක කල ඇයගේ සොහොයුරා ටික කලකින්ම විනීතා හා බාලසිංහම්ගේ ප්රේමය
අල්වා ගත්තාය.තම පවුලට මෙම තරුණයා නොගැලපෙන බවත් වහාම මෙම සම්බන්ධය නතර කරන ලෙසත්
තම සොහොයුරියට තරයේ අවවාද කල විනීතාගේ සොහොයුරා ඔහුගේ බිරිද ලවාද ඇයට අවවාද කරන
ලදී.නමුත් විනීතා ඒ සියලු අවවාද ඒ කනින් අසා මේ කනින් පිට කලේය.
අද මෙන් ජංගම දුරකථන නොපැවති එ යුගයේ පෙම්වතුන් තම
සබඳතාවයන් පවත්වාගෙන ගියේ ලිපි මඟිනි.විනීතා මෙන්ම බාලසිංහම් ද එසේ ලිපි හුවමාරු
කර ගත්තේය.සිංහල,දෙමල,ඉංග්රීසි
පිලිබද හොද දැනුමක් තිබූ බාලසිංහම්ට මෙන්ම සිංහල පමණක් දැන සිටි විනිතාටද තම ප්රේම
සබඳතාව ගෙන යාමට භාෂාව බලනොපෑවේය.
මේ ප්රේමය විනීතා සේවය කල පොලිස් ස්ථානයටද
දැනගැනීමට ලැබුණු අතර එහිද සුළු පිරිසක් හැර අනෙක් සියළු පිරිස් මෙම සම්බන්ධයට එක
හෙලා විරුද්ධ වුණි.
විනීතා බාලසිංහම්ට ලියූ ලිපියක් ඇයගේ වැඩිමහල් සොහොයුරාට
හසු වුනේ මේ අතරය.තම නැගණිය මෙම සම්බන්ධය නවත්වා නොමැති බව දැනගත් ඔහුට මාරාවේෂ
නොවුනා පමණි.ඔහු එම ලිපියද රුගෙන කඹුරුපිටියේ නාරන්දෙණියේ පිහිටි තම මහ ගෙදරට
ගියේය.විනීතාගේ හා බාලසිංහම්ගේ ප්රේමයට බරපතල විරෝධය
එල්ල වෙමින් කැණිමඬල ගිනි ගත්තේය.විනීතාගේ පවුලේ වැඩිමහල් පුද්ගලයාගේ සිට බාලයා
දක්වා වන සියළු දෙනා මෙම සම්බන්ධය නතර කරනා ලෙස ඉල්ලමින් ඇයට ලිපි ලිවීය.මෙම ලිපි
විනිතාගේ මානසිකත්වයට බලපෑවේය.ඇය තම සොහොයුරාගේ නිවසෙන් පිටවන බව දැනුම්
දුන්නාය.ඉන් සිදු වූයේ විරෝධය වැඩි වීම පමණි.අවසන තම සොහොයුරාගේ නිවසෙන් පිටව ගියේ
තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ දැඩි රැකවරණ යටතේය.එසේ පිටව ගිය ඇය නවාතැන් ගත්තේ
බාලසිංහම් සොයාදුන් වැල්ලවත්තේ නවාතැනකය.තම පවුලේ සියළු දෙනා බාලසිංහම්ට අකැමැති
වීමට හේතුව ඔහුගේ දෙමළ ජන්මය පමණක් වීම ඇයගේ කම්පනයට හේතු විය.
මෙවන් අනේක බාධා හමුවේ වසර 6ක්
තම ප්රේමය
රැකගත් විනීතා 1982 වර්ෂයේ
එක්තරා දිනයක දී හිතවතුන් කිහිප දෙනෙක් පමණක් සහභාගී වූ උත්සවයක් මඟින් විවාහ
වීය.මෙහිදී විනීතා වෙනුවෙන් ඇයගේ සමීපතමයෙකු ද,බාලසිංහම් වෙනුවෙන්
වාසුදේව නානායක්කාර(පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී) ද, සාක්ෂියට
අත්සන් කරනු ලැබීය.මේ බව විනීතා ඇයගේ දෙමව්පියන්ට දන්වා යැව් අතර ඉන් ඇගේ මහගෙදර
එකම මලගෙයක් බවට පත් වූ බව ඇගේ සහෝදර සහෝදරියන් පවසයි.විනීතාගේ පියා ඇයට ලිපියකින්
පරිභව කොට අවසානයේ ලියූවේ,”උඹ
මගේ මළ ගෙදරටවත් එන්න එපා” යනුවෙනි.1998 ඇයගේ පියා මියගිය අතර
විනීතා හැර අන් සියලුම පවුලේ සාමාජිකයින් එයට සම්බන්ධ විය.
දිනය-1983 ජූලි 23
වේලාව-රාත්රී 11.30 පමණ
ස්ථානය-තිරුණල්වේලි,යාපනය
ඩෝං.......
මහශබ්දයක් නගමින් යාපනයේ මුරසංචාරයේ යෙදුන රථයකට
බෝම්බයක් එල්ල කල කොටි ත්රස්ථවාදීන්
හමුදා සෙබළුන් 13ක්
ඝාතනය කෙරිණි.එම මෘත ශරීර කොළඹට ගෙනා පසුව ඒවා ඥාතීන් වෙත බාර නොදුන් ජේ.ආර්
ජයවර්ධන රජය ඒවා බොරැල්ල සුසාන භූමියේ මිහිදන් කරනා ලෙස නියෝග කෙරිණි.ඉන් කුපිත වූ
ජනයා දෙමළ ජතාවගේ නිවෙස් මංකොල්ල කෑහ,දෙමළ වැසියන් ඝාතනය
කෙරිණ. ගිණිගත් ලංකාවක ආරම්භය එය විය. ලංකා ඉතිහාසයේ නොමැකෙන මහා කළු පැල්ලම “83 කළු
ජූලිය” මෙසේ ආරම්භ විය.
තම විවාහයෙන් ටික කලකට පසු උදා වූ මෙම අවාසනාවන්ත කාලය
හමුවේ විනීතා තවත් අපහසුවට පත්විය.ඔවුන් සේවය කල පොලීසිය විසින්ම බාලසිංහම්
අත්තඩංගුවට ගත් අතර විවිධ පැති ඔස්සේද ඇයට දෝශාරෝපණද එල්ල විය.අවසන ඇය තම සැමියා
වූ බාලසිංහම් ගන්නා ඕනෑම තීරණයකට එකඟ වීමට තීරණය කලාය.
එලැඹුණු අභාග්යය සම්පන්න ඉරණම් කාලය
අනුව බාලසිංහම් තම උපන් ගම වූ වැල්වැටිතුරේ වෙත යාමට තීරණය කලේය.ඔහු සමඟ විනීතාද
ඔහුගේ උපන් ගමට යාමට කොලඹින් යාල්දේවියට ගොඩ විය.
එසේ ගමට ගොස් බාලසිංහම්ට නිදහසේ විසිය නොහැකි විය.ඔහුට
බලපෑම් එල්ල විය.ඒ කොටි සංවිධානයෙනි.අකැමැත්තෙන් වූවත් තමන් L.T.T.E. සංවිධානයට
බැදෙනා බව කොළඹ තම වමේ නායකයන්ට දැන්වූ ඔහු සංවිධානයට බැඳුණි.එහිදී ඔහු “නඩේසන්”
ලෙස භෞතීස්ම කලේය.නමුත් කොතරම් බාධක පැමිණියත් ඔබ සමඟ සිටිමී යන විනීතා දුන්
පොරොන්දුව ඇය කිසි විටෙක කඩ නොකලාය.තමාට නුහුරු නුපුරුදු කටුක පරිසරයක ජීවත් වීමට
ඇය හුරු විය.
1985 යාපනය
පොලීසිය මඟින් L.T.T.E සංවිධානයට
ප්රහාරයක්
එල්ල කල අතර එම නිසා විනීතා හා නඩේසන් ඉන්දියාවට පැන ගොස් නැවත 1987 ලංකාවට
පැමිණි අතර නඩේසන් සක්රීයව
සංවිධානයේ ක්රියාන්විත
වලට එක් විය.
සිංහල,දෙමළ,ඉංග්රීසි
භාෂා ත්රිත්වයේම
ප්රවීණයකු
වීමත්,ශ්රී
ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කොට තිබීමත්,ඊටත් වඩා L.T.T.E. නායක
ප්රභාකරන්ගේ
සමීපතමයෙකු වීමත් නිසා නඩේසන් සිහින දෙමළ ඊළාම් රාජ්යයේ
පොලිස්පතිවරයා බවට පත් කලේය.එවැනි තනතුරු නඩේසන්ට හිමි වූවත් විනීතා ඔහුගේ බිරිඳ
යන වගකීම දැරුවා මිස ඇය කිසි දිනෙක කොටි සෙබළියක් නොවීය.
1995 ඔක්තෝම්ම්බර් 17 දින
ශ්රී
ලංකා හමුදාවන් දියත් කල රිවිරැස මෙහෙයුම මඟින් යාපනය අර්ධද්වීපය නැවත අත්පත් කර
ගත් අතර විනීතා හා නඩේසන්ට කැලෑ ගත වීමට සිදු විය. යුද්ධයේ දරුණුවත්ම මල්ලාවි,වෙල්ලාකුලම්
වැනි අතිදුෂ්කර ප්රදේශයන්ට
සංක්රමණය
වෙමින් වෙඩි,කාලතුවක්කු
උණ්ඩ පමණක් නොව,ගුවන්
ප්රහාර
මැද්දේ වූවද තම සැමියා හැර නොගිය ඇය තිදරු මවක් විය.මෙසේ ඇගේ ජිවිතය භූගත බංකර තුල
ගෙවී යමින් තිබුණි.
මේ අතර 1992 දයාසේන ගුණසිංහයන් මාසිකව නිකුත් කරනා
“සිව්දෙස” සඟරාවෙහි විනීතාගේ කතාව ලියැවුණි.එය කියවූ ප්රවීණ
ගායක ගුණදාස කපුගේ මහතා එකල උණවටුන ගුරු විද්යාලයේ ආචාර්යය වරයෙකු
වූ ප්රවීණ
ගේය පද රචක රත්න ශ්රී
විජේසිංහයන්ට අමතා එම ලිපිය කියවන ලෙස පැවසීය.එම ලිපිය ආශ්රය
කොට ගෙන රත්න ශ්රී
විජේසිංහයන් ලංකා ගීත ඉතිහාසයට තවත් සුවිශේෂ ගීයක් රචනා කල අතර 1998 කපුගේ
මහතාගේ “ඉරබටු තරුව” නම් කැසට් පටය මඟින් එම ගීතය රසික හඳවත් සොරා ගතී. එම ගීතය
නම්,
“සිංහල
සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී....
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී....”
2002 වසරේ
ඇති කරගත් සටන් විරාමය නිසා 2002 අප්රේල් 08 ඕමන්තේ
මුරපොළ විවෘත කල අතර එමඟින් උතුර හා දකුණ යාකල ප්රධානතම මාර්ගය වූ A9 මාර්ගය
විවෘත විය.එසැනින් තම මතකයේ වූ ගෙදර ලිපිනයට විනීතා ලිපියක් යොමු කලේය.එහෙත් තම
පවුලේ සාමාජිකයකු නොවන එහෙත් පවුලට සෘජු සම්බන්ධයක් ඇති අයෙකු විසින් එයට පිළිතුරු
ලිපියක් යවන ලදී.ලිපිය ලැබීමෙන් ප්රීතියට පත් විනීතා එය
කියවාගෙන යාමෙන් කම්පනයට අත් විය.ඒ තම පියාණන් 1998 වසරේදී මිය ගිය බව
ඇසීමෙනි.මේ අතර තමන්ගේ ප්රේමය
පිලිබඳ ගීතයක් නිකුත්ව ඇතැයි ඇසූ නඩේසන් එම ගීතය අඩංගු තැටිය ගෙන්වාගෙන ඇසීය.එම
ගීතය ඔවුන්ගේ පවුලේ දෙවන දියණියට කට පාඩම්ව තිබූ බව බොහෝ දෙනා පවසයි.
2006 වසරේ
මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමෙන් ආරම්භ වූ සිව් වන ඊලාම් යුද්ධය කෙමෙන් කෙමන්
දරුණු වෙද්දී නඩේසන් විනීතාට තම දරුවන් තිදෙනා සමඟ තමන්ගේ ඥාහීන් වෙසෙන ඕස්ට්රේලියාවට
යන ලෙස පැවසුවත් තම දරුවන් ඕස්ට්රේලියාවට යවා ඔවුන් හොදින් රැක බලා ගන්නා
ලෙසද ලිඛිතව දැනුම් දුන් ඇය නඩේසන් හා යුධ බිමෙහි විසීමට තීරණය කලාය.
2007 නොවැම්බර් 02 දින
යුධ හමුදා බුද්ධි අංශ ලබා දුන් 100%ක් නිවැරදි බුද්ධි තොරතුරක් පදනම් කරගෙන
එදින පාන්දර යාමයේ අහසට නැඟුණු කෆීර් යානාවන් කිලිනොච්චිය නගර මධ්යයේ
තිබූ නිවසකට තෝරා බේරා ගුවන් ප්රහාරයක් එල්ල කල අතර ඉන් L.T.T.E. දේශපාලන
අංශයේ නායක හා L.T.T.E. සංවිධානයේ
හිටපු සේනා බලඇණි අණදෙන්නා වූ තමිල් චෙල්වම් (ප්රභාකරන් මොහු
හැදින්වූයේ සාමයේ පරවියා ලෙස වූවත්,සැම විටකම කපටි කෛරාටික
සිනහවකින් මුහුණ සරසාගෙන සිටි ඔහු හැදින්විය හැකි සරලම වචනය වන්නේ සාමයේ නරියා
වශයෙනි.)මිය ගිය අතර ඉන් පැය 24 තුල නඩේසන්ට L.T.T.E. දේශපාලන
අංශයේ නායක හා L.T.T.E. සංවිධානයේ
සේනා බලඇණි අණදෙන්නා යන තනතුර හිමි විය.නමුත් 2008 නොවැම්බර් 23 දින
හමුදාවන් L.T.T.E. සිහින
අගනුවර වූ කිළිනොච්චිය අල්වා ගත් අතර නඩේසන් හා විනීතා කැලෑ ගත විය.
2009 මැයි 13 දින
වෙල්ලමුල්ලවයික්කාල් හීදී නඩේසන් විනීතාට රජයේ පාලන ප්රදේශයන්ට
පැන යන මිනිසුන් සමඟින් ගොස් ජීවිතය බේරාගන්න යැයි කීවත් තමා තව ස්වල්ප වේලාවකින්
හෝ මිය යෑමට හැකි වාතාවරණයක සිට ඇය නඩේසන්ට කීවේ,
“අන්තිම මොහොත වෙනකම් අපි එකට ජීවත් වෙමු,මැරෙන්න
වුණොත් අපි එකට මැරෙමු.” යනුවෙනි.
2009 මැයි 15 දින
ජිවිතයේ කිසිදු දිනයකවත් කොටි සෙබළියක් නොවූ, නඩේසන්ගේ බිරිඳ
පමණක් වූ විනීතා සමරසේකර ගුණසේකර වෙඩි වරුසා මධ්යයේ
වූවද නිරායුධව නඩේසන් අසලින්ම රැදී සිටියාය.
ප්රථම වෙඩි ප්රහාරයන්
තැබුවේ,ප්රථමයෙන්
වෙඩි ප්රහාරයන්ට
ලක් වූයේ කවුරුන්ද කියා අප නොදන්නෙමු.කෙසේ වෙතත් 2009 මැයි 18 හෝ 19 වනදා
යන දෙදින තුල නන්දිකඩාල් කලපුව ආසන්නයේ පිහිටි කඩොල් කැලේ නම් වනරොදක තිබී සිංහල
සිංදු කියූ,නළලේ
තිලක තියූ කිරිල්ලියගේ හා දිව නුහුරු බසින් පෙම් කවි කියූ කුරුල්ලාගේ නිසල සිරුරු
එකම ස්ථානයක තිබී හමු විය.
අපට කෙදිනකවත් ඔවුන්ගේ බෙඳුම්වාදී ඉල්ලීම් වලට එකඟ විය
නොහැක.නමුත් විනීතා - බාලසිංහම් ආදර කතාවට අපට විරුද්ධ විය නොහැක.ජාති ආගම් භේද
පසෙකලා ඔවුන් දෙදෙනාගේ ප්රේමය
පිළිගත්තේ නම් සමහර විට අදටද ඔවුන් දෙදෙනා ජීවත්ව සිටිය හැකිව තිබුණි.නමුත් අතීතය
අපට හැරවිය නොහැක.ඔවුන් දෙදෙනාගේ ප්රේමය පිළිබඳ කතාන්දරය
කපුගේ ගේ ගීතය පවතින තාක් ලොව රැදී තිබේ.
“ආදරය
නුඹට බාරයි රැකගනින් දේවතාවි...”
(හුදෙක් ගීතයේ
රසවින්දය හා ගීයක පසුපස ඇති සත්‍ය කතාව ගෙන ඒමට පමණක් ලියූවක් අතර එල්.ටී.ටී.ය හෝ
වෙනත් කිසිඳු ත්‍රස්තවාදී කණ්ඩායමක ගුණ වැයීමට ලියූවක් නොවේ.)
සටහන-කසුන් සපුමොහොට්ටි
තොරතුරු අන්තර්ජාලයෙනි.
0 Comments