ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ 84/85 අධ්‍යයන වර්ෂයේ ආරම්භයයි. මොරටුව තාක්ෂණික විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට කුරුණෑගල සිට පැමිණි තරුණයෙකු ද සිටියේ ය. මෙම තරුණයා කවදා හෝ ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුල රැව් පිලි රැව් දෙන නාමයක් රදවාවි යැයි කිසිවෙකු තියා ඔහු හෝ නොසිතන්නට ඇත. මේ ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව තුල රැව් පිලි රැව් දෙන “බාලේ” නැතිනම් නිමල් බාලසූරියගේ කථාව යි.
කුරුණෑගල ගල්ගමුව
(ඇතැම් තැන් වල හෙට්ටිපොල ලෙසද සදහන් වේ) ප්‍රදේශයේ උපත ලද නිමල් බාලසූරිය අ.පො.ස උසස්
පෙල විභාගයෙන් සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට
ඇතුලත් වන්නේ 1984/1985 බඳවා ගැනීම් යටතේය. දක්ෂ කථිකත්වය නිසාම ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයේ
කැපී පෙනෙන චරිතයක් බවට ඉතා සුලු කාලයකින් පත් විය. පලමු වසරෙන් පසුව හෙතෙම මොරටුව
ඉංජිනේරු පීඨයට තේරී පත් වුණි.
මේ අතර 1977 වසරේ බලයට පැමිණෙන
ජේ.ආර්.ජයවර්ධන රජය විවෘත ආර්ථිකය හඳුන්වා දෙනු ලබන අතර එතුලින් පොදු මහජන සේවාවන්
පෞද්ගලීකරණය කරමින් පැවතුණි. ඒ පෞද්ගලීකරණය කිරීමේදී අධ්‍යාපනයද පෞද්ගලීකරණය
කිරීමට ඔවුන් යොමු වන අතර ඒ අනුව 1978 අංක 16 දරණ පනත පාර්ලිමේන්තුවට යොමු කරන අතර
එය වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා. ඒ අනුව 1978 මාර්තු මස 29 දින උසස් අධ්‍යාපන අමාත්‍යංශය
ලෙස එකට පැවති අමාත්‍යංශය දෙකඩ වෙනවා.
එසේම එම පනතේ විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන
කොමිසම පිලිබඳ මෙසේ සඳහන් වෙනවා.
“විශ්ව විද්‍යාල කොමිසම් සභාව
සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයින් සිව් දෙනෙක්ගෙන් සමන්විත වන අතර ඔවුන් සියලු
දෙනා ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය.”
මින් ජනපතිවරයාට කැමති අවස්ථාවක ලාංකේය
විශ්ව විද්‍යාල පද්ධතියට අත පෙවීමේ හැකියාව හිමි වුනා.
එසේම 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ
25 වන ව්‍යවස්ථාවට අනුව සැකසූ විශේෂ විධි විධාන මඟින් අධ්‍යාපන පාඨමාලාවන්
පැවැත්වීමට පිළිගත් ආයතන සඳහා අවසර ලබා දි තිබුණා. එහි පිළිගත් ආයතන යන්න නිර්වචනය
කොට තිබූ අතර,එම ආයතන ලියාපදිංචි කිරීමේ සිට පාඨමාලා ගාස්තු දක්වා වූ විධි විධාන
දක්වා තිබුණා. මෙම පිළිගත් ආයතන යනු වෙන මොනවාවත් නොව පෞද්ගලික විශ්ව විද්‍යාල බව
සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඉක්මනින් ම දැන ගත්තා.
ඒ අනුව රාගම තලගොල්ල ප්‍රදේශයේ පිහිටි
තලගොල්ල රජයේ රෝහල හා එහි හෙක්ටයාර 14 ක් වූ ඉඩම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා
ගත් අතර එහි සිසුන්ට ඉගෙනීම් කටයුතු සිදුකරගෙන යාමට රාගම උතුරු කොළඹ රෝහල රජය මඟින්
ම වෙන් කර දුන් අතර 1981 සැප්තැම්බර් 09 දා එය සිසු අයිතියට පත් කලා.
නමුත් ඊට විරුද්ධව ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයන්
නැගී සිටියා. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මඟින් ශ්‍රි ලංකාවේ නිදහස් අධ්‍යාපනයට
විශාල හානියක් වනවා දුටු ශිෂ්‍ය සංගම් ඊට විරුද්ධව සටන දියත් කලා. එය පන්ති වර්ජනය
හා සුළු විරෝධතා වූවත් එය මඟින් ශ්‍රී ලාංකේය ජන මනස අවදි කර වූයේ නැහැ. නමුත් පසුව
මෙම අරගලය ජය ගැනීමට එය හොඳ අඩිතාලමක් වුනා.
මේ අතර 1983 දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙවන වසර විභාගය සඳහා කොළඹ
වෛද්‍ය පීඨයේ සිසුන් හා එක්ව විභාගයට පෙනී සිටීමට ගත් උත්සහය වලකාලමින් අධිකරණය
මඟින් තහනම් නියෝගයක් ගැනීමට බහුතරයක් වූ සිසුන් පෙළ ගැසුණා. ඔවුන්ගේ ප්‍රධාන
අරමුණ වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨය වෙතින් ස්වායක්ත කර
ගැනීම පමණයි. නමුත් උසාවිය මඟින් එම තහනම් නියෝගය ලබා නො දෙන ලදී. එහෙයින් සිසුන්
පංති වර්ජනය කොට විභාගයද වර්ජනය කරන ලදී.
මේ අතර ශ්‍රී ලාංකේය ඉතිහාසයට නො මැකිය
හැකි කළු පැල්ලමක් එක් කල 1983 ජූලි කලබල ආරම්භ වූ අතර හදිසි නීතිය මඟින් සියලු
ශිෂ්‍ය සංගම් තහනම් කරනා ලදී. ඒ සමගම ආරම්භ වූ භීෂණය රජ කල වටපිටාව නිසා සිසුන්ගේ
අරගලයේ දීප්තිය අඩු වුණි.
මේ අතර දෙමාපිය සංගමය නම් සංගමයක් බිහි වී
තිබූනි. ඔවුන් සිසුන්ගෙන් ප්‍රශ්නය තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලා සිටියේ
ය. මෙහි දී ශ්‍රී ලංකා ශිෂ්‍ය අරගල ඉතිහාසයට ඓතිහාසික වැරදීමක් එක් කරමින් කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්
සමඟ එක්ව ඉඳ දෙවන වසරේ විභාගය ලියනා ලදී.
කාලය ගෙවී ගිය අතර 1987 වසර ශ්‍රී ලංකා
විශ්ව විද්‍යාල ඉතිහාසයට එක් වන්නේ තීරණාත්මක වසරක් ලෙසයි. ඒ රාගම පෞද්ගලික වෛද්‍ය
විද්‍යාලයෙහි සිසුන් සිය අවසන් වසර විභාගයට පෙනී සිටීමට සූදානම් වූ නිසා වෙනි. වරද
ඔවුන් කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් සමඟ අවසන් වසරේ විභාගයට වාඩි කරලීම පාලකයන්ගේ
අපේක්ෂාව වූ අතර ඒ තුලින් අධ්‍යාපන සුදුසුකම් නොමැතිව,මුදලේ
බලයෙන් කොළඹ වෛද්‍ය පීඨයෙහි ගෞරව උපාධියක් ලබා දීමට විධි විධාන සම්පාදනය කරන ලදී.
මෙය ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට
පැහැදිලි අභියෝගයක් සේම කඩයිමක්ද විය. එය වඩාත් වැඩි වූයේ 1987 ජූලි 29 අත්සන් කල
ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම නිසාය . එය අත්සන් කල දිනයේ දී පිටකොටුවේ දී සරසවි
සිසුන් කල උද්ඝෝෂණයට අමානුෂික පොලිස් ප්‍රහාරයක් ද එල්ල විය.
කෙසේ වෙතත් 1987 ජුලි 30 වෛද්‍ය පීඨ අවසන්
විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර මෙම තීරණයට විරුද්ධව දැඩිව කටයුතු
කල අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව ඒ සදහා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ද එක් කර
ගන්නා ලදී. කෙටි කලකින් සියල්ල සංවිධානය කොට ගෙන ඔවුන් 1987 ජූලි මාසය විරෝධතා
මාසයක් ලෙස නම් කරන ලද අතර කතිකා කර ගත් පරිදි 1987 ජුලි 13 දින රජයේ වෛද්‍ය නිලධාරි
සංගමය දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කලේය.
නමුත් රජය ප්‍රශ්නය විසඳීම වෙනුවට සිදු කලේ
වෛද්‍යවරු මර්දනයයි. නමුත් ඒ මර්දන හමුවේ නො සැලී ලංකා ඉතිහාසයේ දීර්ඝතම වැඩ
වර්ජනය ලෙස දින 29ක වැඩ වර්ජනයක් සිදු කල අතර ජයග්‍රහණය පෙනි පෙනී එය අතහැර
දැමුණී. නමුත් එය වෛද්‍ය ශිෂ්‍ය අරගලය සඳහා මනා පිටුබලයක් විය. ඉන් ඔවුන් පාඩම්
බොහෝ ඉගෙන ගත්තේ ය. හුදකලා වැඩ වර්ජන කිරීමෙන් පමණක් අරගලය ජය ගත නො හැකි බව වටහා
ගත වෛද්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයක් උදෙසා උපාධිය පමණක් නොව පෞද්ගලික විශ්ව විද්‍යාල
ද නො තිබිය යුතු ය යන්න පොදු මහජනයා අතරට ගෙන යමින්,
“පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කරව්”
යනුවෙන් සටන් පාඨයත් සමඟ අරගලය වෙනස් ම
ආරකින් නැවත ඇරඹුණි.
මෙසේ තත්ත්වය පැවතියදී නිමල් බාලසූරියට
අන්තරේ කැදවුම්කරු තනතුර ලැබෙනවා. කැළණි සරසවියේ මානව හා ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර සිසුවකුව සිටි මච්චාගම
සේනාරත්නගෙන් පසුව කැදවුම්කරු වන ඔහුට එය ලැබෙන විට අන්තරේ පැවතියේ ඉතාමත්
අති දුෂ්කර අඩියකය. එවන් වූ මොහොතකදී පවා ක්‍රියාත්මක කරන බොහෝ කටයුතු තමන්ම පෞද්ගලිකව
මැදිහත් වි සිදු කිරීමට පවා ඔහු ක්‍රියා කලේ නියම නායකයෙකුගේ ගති ප්‍රකට කරමින්.
1987 දෙසැම්බර් 22 දින ලංකාවේ සියලූ විශ්වවිද්‍යාල වසා දැමීමට ආණ්ඩුව ක‍්‍රියා
කළ නමුත් සරසවි සිසුන් තීරණය කළේ තවදුරටත් විශ්වවිද්‍යාලයේ රුදී සිටීමටයි. නමුත් මොරටුව
විශ්ව විද්‍යාලයේ සිසූහු තම නිවෙස් කරා යාමට සූදානම් වෙද්දී නිමල් බාලසූරිය එක හඩින්,
“මා
ගෙදර යන්නේ නැත... ලංකාවේ සියලූ සිසුන් සරසව් තුළ රුදී සිටීමට තීරණය කර ඇති මොහොතක
තමන්ට ගෙදර යා නොහැක”
යනුවෙන්
පැවසීය.
තම සහෝදර
නිමල් බාලසූරිය සරසවිය තුල දමා යා නොහැකි බව කියූ අනෙක් සරසවි සිසූහුද ඔහු සමඟ විශ්ව
විද්‍යාලය තුල නැවතුණි. ඒ ඔහුට නායකයෙකු, සහෝදරයෙකු ලෙස පැවති ආදරය යි.
මෙවන් වූ තත්ත්වයක් තුල 1988 වසරේදී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටන
උග්‍ර වී තිබුනි. ලංකාව පුරා සරසවි
වල විභාග වර්ජනය කළ යුතු බවට සිසුන් තීරණය කළ අතර සියලූ විශ්වවිද්‍යාල වල සියලූ
පීඨ විභාගයන් වර්ජනය කළත් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු එසේ වර්ජනය කිරීමෙන් වැලකී සිටි
මොහොතක මොරටුව හා ජයවර්ධනපුර සිසුන් සමඟ පාගමනින්ම කොළඹ සරසවිය බලා ගිය නිමල් බාලසූරිය
අසල තිබූ තාප්පයක් උඩට නැගී තම කතාව සිදු කලේය. එම කතාව කොතෙක් වේගවත්, පැහැදිලි හා
තියුණු කතාවක් දැයි කිව හොත් කොළඹ විශ්ව විද්‍යාලීය සිසූහුද තම විභාග වර්ජනය කල යුතුයැයි
එක තීන්දුවකට පැමිණීමට තරම් ප්‍රභල විය.
මෙම ශක්තිමත්, විප්ලවකාරී, ශූර කතිකත්වයෙන් හෙබි නායකයා පසුපස රජයේ අදුරු ඝාතන සෙවණැලි
ඇදී ඒමට පටන් ගත්තේ ඔහුට ද නොදැනීම ය.
දිනය 1988 මැයි 08
වේලාව පස්වරු 7.35 ට පමණය
ස්ථානය වැල්ලවත්ත, කුරේ මාවත
මාවතේ ඇදී ආ ඡායා දෙකක් අසලින් එලියක් සමඟ
ඩෝං යනුවෙන් බෝම්බයක් පුපුරා ගියේ විශාල ශබ්දයක් නගමිනි. ඒ නිමල් බාලසූරියගේ අවසානය
විය. බෝම්බයක් ගැසුවාද නැතිනම් බෝම්බයක් රැගෙන යමින් සිටියදී මිය ගියාද කියා දන්නේ
නිමල් බාලසූරිය ඔහු අසලින් මිය ගොස් සිටි සුනිල් බන්දුල සොයිසා සහ උඩ සිටිනා දෙවියන්
පමණය. කෙසේ වූවත් රස පරීක්ෂණ වාර්ථා අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී හෙලි වූයේ රැගෙන
යමින් සිටි පරීක්ෂණ මට්ටමේ පැවති ටයිමින් බෝම්බයක් අතේ තිබියදී පුපුරා ගොස් ඇති බවයි.
කෙසේ හෝ ඔහුගේ මරණය හා ඉන් පසු සිදු වූ ඝාතන
රැල්ල තුලින් කුපිත වූ මෙරට වැසියන් සන්සිඳවීම උදෙසා රජය තම පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය
හකුළා ගත් අතර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට නව වෛද්‍ය පීඨයක් එක් කරමින් එම
රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්ව විද්‍යාලයට ලබා දෙන ලදී. අද එය රාගම
වෛද්‍ය පීඨය ලෙස හදුන්වනු ලබයි.
නිමල් බාලසුරිය නමින් මොරටුව විශ්ව විද්‍යාලය
කලක් නම් කොට තිබූ අතර වර්ථමානයේ මොරටුව විශ්ව විද්‍යාලය තුල පවතින එක් නේවාසිකාගාරයක්
ඔහුගේ නමින් නම් කොට ඇත.
අදටද ඔබට ශිෂ්‍ය ව්‍යාපාරය තුල ඔහුගේ නාමය
රැව්පිලි රැව් දෙනවා ඇසිය හැක.
“අපි යන්නේ කොයි පාරේ - නිෂ්මි බාලේ ගිය පාරේ”
කසුන් සපුමොහොට්ටි
0 Comments