1815 කන්ද උඩරට ඉංග්‍රීසීන් යටත් කරගැනීමෙන් පසු ශ්‍රී ලංකාව නැතිනම් එකල සිලෝනය දේශපාලනික, ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් වෙනස්කම් වලට මුහුණ දුන් බව නොරහසකි. සාම්ප්‍රධායික ගොවිතැන් කලාවෙන් මිදී කෝපි වගාවටත් ඉන්පසු තේවගාවටත් වැනි වානිජමය වශයෙන් ලාභ ලබන වගාවන්ට ශ්‍රී ලාංකිකයා යොමු වූයේ ඉංග්‍රීසී පාලන කාලයේදීය. එසේම ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු පාලන ක්‍රමය වෙනස් කොට අග්‍රාණ්ඩුකාරවරයෙකු යටතේ පාලනය කිරීම ක්‍රියාත්මක කලේය. මෙසේ කාලය ගෙවී යන විට නිදහස් සටන් දෙකකින් පසු ශ්‍රී ලාංකිකයන් සාකච්ඡාවෙන් නිදහස ලබා ගැනීමට කටයුතු කලෝය. එංගලන්තයේ උසස් විශ්ව ව්ද්‍යාල වල ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ පුත්තු මෙන්ම මෙරට උගත් සමහරුන්ද දේශපාලනයට පිවිස ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට කටයුතු කලෝය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගිකත්වය විවිධය. සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ සියලු ජාතීන් මේ වර්ග කිලෝමීටර 65,610 තුල ජීවත් වෙයි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගිකත්වය ඉස්මතු කල මුල්ම අවස්ථාව වනුයේ 1833 කෝල්බෲක් කොමිසම යටතේ ජනවර්ගය අනුව මන්ත්‍රණ සභාවේ අසුන් ලබා දීමයි. නමුත් 1919 දී පමණ දෙමල ජාතීන් නියෝජනය කල නියෝජිතයින් සිංහලයන්ට ලැබෙන ආසන සංඛ්‍යාව මෙන්ම සමාන ආසන සංඛ්‍යාවක් තමන්ටද ලැබිය යුතු බව පවසමින් 50 50 ඉල්ලීම කලේය. මෙම ප්‍රශ්ණය නිසා ඇතිවූ භේදය තිස් වසරක යුද්ධයක් කරා ඇදී ගියේය.

1948 ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලැබුණි. වන විට උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රධාන පක්ෂය වූයේ 1944 ඇරඹි ජී.ජී. පොන්නම්බලම්ගේ දෙමල කොංග්‍රසයයි. නමුත් 1949 දෙසැම්බර් 3 ඉන් ඉවත් වූ එස්.ජේ.වී.චෙල්වනායගම් ඉලංගෙයි තමිල් අරසු කච්ච් හෙවත් ෆෙඩරල් පක්ෂය පිහිටුවා ගත්තේය.

1952  මාර්තු 20 වන දින ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටීමෙන් ඩී.එස්.සේනානායක මහතා මිය ගිය අතර ඔහු කලින් සෝල්බරි සාමිට දැනුම් දී තිබූ පරිදි අගමැති ධූරය ඔහුගේ පුතු වූ ඩඩ්ලි සේනානායක මහතාට ලබා දුන් අතර ඔහු 1952 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවු අතර ඉන් එජාපය ආසන 54ක් දිනා ගනිමින් නැවත බලයට පත් වූ අතර ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට පත් විය.

අසනීප තත්ත්වය හේතුවෙන් අගමැති ධූරයෙන් ඩඩ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වූ අතර එයට 1953 ඔක්තෝම්බර් 12 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතා පත් වුණි. 1954 සැප්තැම්බර් 23 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතා කොකුවිල් ප්‍රකාශණය තුලින් සිංහල හා දෙමල යන භාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වය ලබා දෙන බවට පැවසීමත් සමඟ සිංහල භාෂා ප්‍රේමීහු සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලේය. එයට උදව් උපකාර කල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ පංචමහා බලවේග සහ ආගම හා භාෂාවේ උදව් උපකාර ඇතිව 1956 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 51 විශිෂ්ඨ ජයක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂය ආසන 08කට ඇද දමමින් .

සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය යන්න තේමා කර ගත් රාජ්‍ය භාෂා පනත 1956 ජුනි 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එයට විරුද්ධව ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් ඇතුලු දෙමළ ජනතාව සත්‍යග්‍රහයක් සඳහා ගෝල්ෆේස් පිටියට පැමිණි අතර සිංහල භාෂා ව්‍යාපාරයේ නිර්මාතෘ එල්.එච් මෙත්තානන්ද රාජ්‍ය භාෂා පනතට සහයෝගය දක්වමින්  සිය ආධාරකරුවන් ගෝල්ෆේස් පිටියට රැස් කොට තිබුණි. එම ස්ථානයේ පැවති උණුසුම මැද රාජ්‍ය භාෂා පනත විවාදයට ලක් කෙරිණි.

කෙමෙන් කෙමෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් ඉල්ලා කරන උද්ඝෝෂණ උණුසුම් ස්වභාවයක් ගත් අතර එය විසදීමට එස්.ජේ.වී. චෙල්වනායගම් සමඟ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක 1957 ජුනි 26 වන දින ගිවිසුමක් අත්සන් කරන ලදී. නමුත් එයට එරෙහිව පැනනැගුණු විරෝධතාවය 1958 අප්‍රේල් මස 09 දින රෝස්මීඩ් පෙදස පිහිටා තිබූ අගමැති නිවස අසලටම පැමිණි අතර එය විසදීමට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකට තමන් හා චෙල්වනාගම් අතර අත්සන් කල ගිවිසුම අවලංගු කල බවට නිවේදනය කලේය.

දිනය 1958 මැයි මස 25 . ෆෙඩරල් පක්ෂ සමුලුවට සහභාගී වී ආපසු දුම්රියෙන් යමින් සිටි දෙමල නියෝජිත පිරිසකට පොලොන්නරුවේදී ප්‍රහාරයක් එල්ල වීමෙන් ගිනි ගත් දේශයක පලමු වෙඩි මුරය පත්තු ව්ණි.

1958 ජාතිවාදී කෝලාහලය ආරම්භ විය. දෙමල වැසියන්ට පහර දෙමින් ඔවුනගේ දේපල මංකොල්ල කමින් දෙමල වැසියන් කපා කොටා මරා දමමින් භිෂණය වපුරාලීය. රජය හදිසි නීතිය හා ඇදිරි නීතිය ක්‍රියාත්මක කලේ කෝලාහලය ආරම්භ වී දින හතරකට පමණ පසුවය. 1958 ජුනි මස 05 දක්වා ඇදී ගිය මෙම කෝලාහලයෙන් සිය ගණනකට තම ජීවිතයත් දහස් ගණනකට උන් හිටි තැන් පවා අහිමි විය.

මෙසේ අවුල් ජාලයක සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක ප්‍රමුඛ ආණ්ඩුවට මරු පහරක් එල්ල කරමින් තල්දූවේ සෝමාරාම නම් හිමි නමක් 1959 සැප්තැම්බර් 25 වෙඩි තැබීමෙන් පසු සැප්තැම්බර් 26 වනදා මරණයට පත් වුණු අතර 1961 ජුලි 21 සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරණායක මැතිණිය ලොව පලමු අගමැතිනිය ලෙස දිව්රුම් දුන්නේය. 1962 ජනවාරි 27 දින හමුදා කුමණ්ත්‍රණයෙන්ද ඇය ගැලවුණු අතර තම ස්වාමියා ක්‍රියාත්මක කල ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය හෙවත් පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම දිගින් දිගටම ක්‍රියාත්මක කලේය.

1965 මාර්තු මස 26 පැවති  මහ මැතිවරණයෙන් පක්ෂ 07 සහයෝගයෙන් ඩඩ්ලි සේනානායක නැවත අගමැති ධූරයට පත් වූ අතර නැවත 1970 මැයි මස 27 දින පැවති මහ මැතිවරණයෙන් සිරිමාවෝ ප්‍රමුඛ සමඟි පෙරමුණ බලයට පත් විය. 1971 අප්‍රේල් 05 දින මෙතෙක් තරුණයන් තුල පැවති ආවේගය සන්නද්ධ අරගලයක් ලෙස පිටතට පොලා පැන්නේය. නමුත් මසක් ඇතුලත හමුදාව, පොලීසිය යොදවා එය මර්ධනය කිරීමට ආණ්ඩුවට හැකි විය.

1972 එතෙක් පැවති සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ඩොමීනියන් තත්වයේ පැවති ශ්‍රී ලංකාව නිදහස් ස්වාධිපති බලයෙන් යුක්ත රාජ්‍යයක් බවට පත්වීමට 1972 පලමු වන ජනරජ ව්‍යවස්ථාව තුලින් හැකි විය. 1974 ඔක්තෝම්බර් 05 යාපනයට නගරයට පැමිණීමට විරුද්ධත්වය පල කරමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති තරුණ සංගමය ප්‍රභාකරන්,පද්මනාදන්,බාලසිංහම් යන තරුණයින්ගේ නායකත්වයෙන් ව්‍යාපාරයක් දියත් කරන ලදී. එම විරෝධතා රැස්වීම්වලදී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ද්‍රෝහියෙකු ලෙස හැදින්වීමට ඔවුන් ක්‍රියා කරන ලදී. 1975 ජුලි මස 27 දින යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පාට වෙඩි තැබීම තුලින් වසර30 ගිණිගත් දේශයක ආරම්භය සිදු විය.

මේ අතර 1976 මැයි 14 වඩුක්කොඩෙයි හීදී වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් පිහිටුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් දෙමල එක්සත් විමුක්ති පෙරමුණ සුප්‍රසිද්ධ වඩුක්කොඩෙයි ප්‍රකාශනය එලි දක්වන ලදී.

1977 බලයට පත් වූ ජේ.ආර්.ජයවර්ධන 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරමින් මෙරට පලමු විධායක ජනපති බවට පත් විය.

 

හොරණ දික්හේන ස්වර්ණ වතුයායේ වතු අධිකාරී උපුල් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ තිබූ ඔරලෝසුව 1983 ජූලි 23 දින රාත්‍රියේ 11 පසුවී මිනිත්තු 37  හිටි හැටියේම නැවතුණි.එම වේලාවේදීම ලංකාවේ උතුරුකරයේ යාපනය තිරුණල්වේලී හී සරසවි මාවතේ ස්ථානයක ඩෝං ශබ්දයෙන් බෝම්බයක් පුපුරා ගියේය.

පසු දින එලි විය.

හොරණ දික්හේන ස්වර්ණ වතුයායේ වතු අධිකාරී උපුල් වාස් ගුණවර්ධන මහතාගේ නිවසේ ඉදිරිපස දොරේ සීනුව නාද වුණි.දොර හැරි උපුල් මහතාගේ අතට එහි සිටි නිලධාරීන් දෙදෙනා ලිපියක් ලබා දුණි.එහි මෙසේ සටහනක් විය.

"1983 ජූලි මස 23 වැනි දින තිරුණාවේලිහීදී ත්‍රස්තවාදීන් විසින් මනාව සැලසුම් කරන ලද රැක සිට කරන ලද ප්‍රහාරයකදී වීරෝධාර අන්දමින් අභීතව ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදී මෙම ඒකකයේ පහත දැක්වෙන නිලධාරී දෙවැනි ලුතිනන් .පී.එන්.පී. වාස් ගුණවර්ධන සහ සෙසු නිලයන් එකොලොස්දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද හමුදා හේවා බලකායේ සෙසු නිලයකු අභවප්‍රාප්ත වූ බව අණදෙන නිලධාරී ඇතුළු සියලු නිලයන් විසින් ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.

මෙසේ තිරුණල්වේලී හී ෆෝ ෆෝ බ්‍රාවෝ කණ්ඩායමට රැක සිට පහර දුන් කණ්ඩායමේද සෙල්ලක්කිලි නම් කොටි නායකයා මරණයට පත් වූ අතර එය උතුරේදී සිංහල සෙබලුන් 13 වැනි විශාල සංඛ්‍යාවක් ඝාතනය කල පලමු අවස්ථාව වූ අතර එම ප්‍රහාරය ගිණිගත් දේශයක ආරම්භය සනිටුහන් කල ප්‍රහාරයක් විය.

 

83 ජූලි සිදුවූ සිදුවීම් ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණයක් බව පවසමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් විය. මින් එකල තරුණ තරුණියන් හඩ නැගීමට තිබූ අවස්ථාව අහිමි කලේය.

1983 මහා කළු ජූලියට පෙර සිටම උතුර වෙනම රාජ්‍යක් ලෙස පිලිගත යුතු බව දෙමල වැසියන්ගේ නියෝජිතයින් වූ පිරිස් හා සම්බන්ධ කල්ලි සංවිධාන කියා සිටියද සඳහා එතරම් ජනතාවක් එක්‍ රැස් නොවීය.

නමුත් 1983 කළු ජූලියේදී දෙමළ වැසියාට සිදු වූ මහා හානිය දුටු දෙමළ තරුණයින් ගඟක් ගලන්නාක් මෙන් දෙමළ වැසියාගේ නිදහස සඳහා යැයි කියූ සංවිධාන වලට බැඳුණි.

එසේ සම්බන්ධ වූ තරුණයින්ට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දියාවට ගෙන ගොස් යුධ පුහුණුව ලබා දුණි. එහිදී ඔවුන්ට ස්වයංක්‍රීය ගිණි අවි පුහුණුව,බර අවි භාවිතය,බෝම්බ ඇතිරීම හා සෑදීම වැනි පූර්ණ යුධ පුහුණුවක් ලබා දුනි.මෙහිදී යුධ පුහුණුව ලැබූ සංවිධාන ලෙස,

ටෙලෝ

එල්.ටී.ටී.

.පි.ආර්.එල්.එෆ්

ඊරෝස්

වැනි සංවිධානයන් විය.

පසුව මෙම සංවිධානයන් වල නායකයන් එක් වී නව පෙරමුණක් ලෙස ඊලාම් ජාතික විමුක්ති පෙරමුණ නම් නව සංධානයක් ගොඩ නඟා ගන්නා ලදී.මෙම කණ්ඩායම් සියල්ලෙන්ම ප්‍රමුඛතම කණ්ඩායම වූයේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යි.එසේත් නැතිනම් ලොවට මරාගෙන මැරෙන සංස්කෘතිය හඳුන්වා දුන් එල්.ටී.ටී. සංවිධානයයි.

මූලාශ්‍රයන්ට අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නැතිනම් එල්.ටී.ටී.  පිහිටුවන ලද්දේ 1976 මැයි මාසයේදී පමණය.එහි නායකයා වූයේ වේළුපිලේ පිරිභාහරන් නොහොත් ප්‍රභාකරන්‍ ය.ශ්‍රීලංකාවේ දෙමළ නිජබිමක් පිහිටුවීම එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශිත අරමුණ විය.

1974 ඔක්තෝම්බර් 05 දින අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යාපනයට පැමිණීම උත්සවාකාරයෙන් ගත් ගැනීමට කටයුතු කිරීම නිසා එකල යාපනය පුරපති .දොරේඅප්පා මහතා ද්‍රෝහියෙකු ලෙස නම් කර 1975 ජූලි 27 දින ඔහුගේ හදවතට රත්වූ යකඩ මූනිස්සමක් බැස්සුවේද මෙම ප්‍රභාකරන්‍ ය.එම සිද්ධිය නිසා දේශපාලනයට සම්බන්ධ පිරිස් ඔහුට යම් විශේෂ පිලිගැනීමක් ලබා දී තිබුණි.

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නැතිනම් එල්.ටී.ටී. සංවිධානයේ ව්‍යවස්ථාවෙහි සඳහන් වූයේ දෙමළ ඊළම යථාර්තයක් බවට පත් වූ විට එල්.ටී.ටී.. විසුරුවා හරින බවත් අලුත් හා ප්රතිවාදී කණ්ඩායම් පිහිටුවන්නන්ට අනිවාර්යය මරණ දඩුවම ලබා දෙන බවත් .

එකල පැවති වෙනත් සංවිධාන මෙන් එල්.ටී.ටී. තමන් වෙත එන සෑම කෙනෙක්ම බඳවා ගනු ලැබුවේ නැත.සංවිධානයට අලුතින් පැමිණෙන සියලු දෙනාම පරික්ෂාවට ලක් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ප්‍රභාකරන්ට තිබුණි.

එසේ ඇතුළත් වන්නන්ට යම් පරිවාස කාලයක් ලබා දී තිබුණි.එම කාලය තුළදී ඔත්තු බැලීම,පක්ෂ සාහිත්‍යය ප්‍රගුණ කිරීම,ආයුධ හොරෙන් ගෙන යාම වැනි පුද්ගලයින්ගේ විශ්වාසය හා පක්ෂපාතීත්වය පරික්ෂා කරන පරීක්ෂණයන් පැවැත්වුණි.ඒවායින් සමත් වන්නන්ට පමණක් සංවිධානයේ සාමාජිකත්වය ලබා දුණි.ප්‍රභාකරන් සෑම විටම සොල්දාදුවන් ගණන නොව සොල්දාදුවා සතු ගුණය විශ්වාස කල අයෙක් විය.එනිසා ඔහු වරෙක මෙසේ ප්‍රකාශයක් සිදු කොට තිණුණි.

ගුණාත්මක අගයක් නැති 500කට වසා ගුණාත්මක අගයක් ඇති 50ක් බලවත් වේ.

ඔහුගේ එම ගුණාත්මක සොල්දාදුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය නිසා එකල පැවති අනෙක් කණ්ඩායම් මෙන් ඉක්මණින් බිඳ නොවැටුනු අතර වසර 30ක් දක්වා යුද්ධයක් කිරීමට තුඩු දුන් මූලික හේතුවද එය විය.

සයිනයිඩ් සොයා A-9 පාර දිගේ යන මේ ලිපි පෙලේ දී ගෙන එනුයේ එල්.ටී.ටී.ඊය කල මහා සංහාර වලින් ස්වල්පයක් පමණි. එසේ ගත් විට ඔවුන් විසින් එල්ල කල වන මහා සංහාරය වනුයේ අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල සිදු කල මහා මිනිස් සංහාරයයි. සිංහල බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන අනුරාධපුර ශ්‍රී මහා බෝධියට පැමිණි යුධ හමුදා ඇදුමින් සැරසුණු ම්ලේච්ඡ කොටි ත්‍රස්ථවාදීහු 1985 මැයි 14 දින ඉවක් බවක් නොමැතිව වන්දනා කරුවන්ට එකදිගට වෙඩි තැබූ අතර එසේ වෙඩි තබා කිසිදු බාධාවකින් තොරව පලා යාමටද හැකියාව ලැබුණි. එදින කල වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 146ක් මිය ගියහ.

මෙසේ අවි අතට ගත් දෙමල සටන්කාමීන් සමඟ 1985 අගෝස්තු 13 දින පලමු වරට ශ්‍රී ලංකා ආණ්ඩුව සාකච්ඡා ආරම්භ කලේය. භූතානයේ තිම්පු නුවර පැවති මෙම සාකච්ඡා වලදී දෙමල නියෝජිතයන් අනිවාර්යය කරුණු කිහිපයක් ඉදිරිපත් කලේය.

ශ්‍රී ලංකාවේ දෙමල ජනයා වෙනම ජාතියක් ලෙස පිලිගත යුත්තේය.

දෙමල නිජබිම් සංකල්පය හා එහි භෞමික අඛණ්ඩතාවය පිලිගත යුතුය.

දෙමල ජාතියේ ස්වයං තීරණ අයිතිය පිලිගත යුතුය.

ශ්‍රී ලංකාව සිය රට ලෙස පිලිගන්නා සියලු දෙමල ජනතාවගේ පුරවැසි අයිතිය ඇති බව පිලිගත යුතුය.

මෙහි ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් තිම්පු නුවර සාකච්ඡා බිද වැටිණි.

මේ අතර 1986 ජනවාරි මස ප්‍රභාකරන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර එම වසරේම එල්.ටී.ටී.ඊය ටෙලෝ සංවිධානය හා යුධ ප්‍රකාශ කල අතර 1986 දෙසැම්බර් වන විට යාපනයේ බලය හසුරුවන එකම කණ්ඩායම එල්.ටී.ටී. පමණක් වූ අතර 1987 වන විට කොටි සංවිධානය යාපනයේ බලය සම්පූර්ණයෙන් අත්පත් කරගන්නා ලදී.

වඩමාරච්චි ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 1987 මැයි මස 25 වනදා ඔපරේෂන් ලිබරේෂන් 1 යනුවෙන් ක්‍රියාවිතයක් ඇරඹි අතර ජුනි පලමුවනදා වන විට වඩමාරච්චිය අල්ලා ගැණීමට හමුදාවට හැකි විය. නමුත් ඉන් පසු දින සමස්ථ ශ්‍රී ලංකාවම කම්පා කල අරන්තලාව මහා භික්ෂු සංහාරය සිදු විය. හෑගොඩ ඉන්දසාර හිමි ඇතුළු කුඩා සාමනේරවරු 31 නමක් මහඔය මාර්ගයේ 28 වැනි සැතපුම් කණුව අසලදී නවත්වන කොටි ත්‍රස්ථවාදීන් ඔවුන් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කරනා ලදී.

මේ අතර ජුනි මස 02 වනදාම ඉන්දියාවේ සිට යාපනයට සහනාධාර රැගෙන පැමිණි බෝට්ටු 19 ක් සහ ඉන්දීය වෙරලාරක්ෂක නෞකාවක් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කල අතර නැවත ජුනි මස 04 දින ප්‍රහාරක යානා පිරිවරාගෙන පැමිණි ඉන්දීය ගුවන් හමුදාවේ AN 32 වර්ගයේ ගුවන් යානා 05ක් ටොන් 25 සහනාධාර ගුවනින් යාපනයට හෙලුවේය.

1987 ජුනි මස 29 දින ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබූ අතර එයට විරුද්ධව රට පුරා විශාල උද්ඝෝෂණ මාලාවක් පැවති අතර රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක විය. මේ අතර 1987 ජූලි මස 30 දින ඉන්දීය සාම සාධක හමුදා පැමිණි අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නැතිනම් ජවිපෙ ඔවුන් හැදින්වූයේ වානර හමුදාඅවක් ලෙසය. ඔවුන් විසින් ඉන්දීය භාණ්ඩ අලෙවිය තහනම් කල අතර මයිසූර් පරිප්පු, ඉන්දීය සාරි වැනි ඉන්දීය දෑ අලෙවි කරන අයට විරුද්ධව දැඩි දඩුවම් ලබා දෙන බව දැනුම් දුන්නේය.

මේ අතර 1987 අගෝස්තු 05 පලාලි ගුවන්තොටුපලේදී එල්.ටී.ටී.ඊය තම අවි බාර දෙන බව පවසමින් කල අපූර්ව රඟ පෑමට ඉන්දීය රජය මෙන්ම ශ්‍රී ලංකා රජයද අසුවිය. එසේ අවි බාර දී මසක් හා දින 10කට පසු සැප්‍තැම්බර් 15 දින ඉල්ලීම් කිහිපයක් මුල් අර ගනිමින් කෙසඟ උපැස් පලදින තරුණයකු වූ එල්.ටී.ටී. දේශපාලන නායක තිලීපන් නල්ලූර් කන්දසාමි කෝවිල අසල වේදිකාවක උපවාසයක් ආරම්භ කල අතර ඔහුට තිබු යම් රෝගයක් උත්සන්න වීමෙන් පසුව සැප්තැම්බර් 27 වනදා ඔහු මිය ගියේය.

 

1987 ඔක්තෝම්බර් මස 06 වනදා යාපනයේ සිට පැමිණෙමින් සිටි ඉන්දීය සෙබළුන් 06 දෙනෙකුට එල්.ටී.ටී.ඊය විසින් සැගවී සිට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කොටි හා ඉන්දියානු හමුදාව අතර යුද්ධය ඇරඹි අතර ඉන්දිය හමුදාව විසින් එල්.ටී.ටී.ඊයට විරුද්ධව ඔපරේෂන් පවන් නම් මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර ජනාධිපති ජයවර්ධන එල්.ටී.ටී.ඊය තහනම් සංවිධානයක් කලේය. ඔක්තෝම්බර් 24 වනදා වන විට ඉන්දීය හමුදාව යාපනය අර්ධද්වීපය සම්පූර්ණයෙන් තමන් යටතට ගන්නා ලදී.

දෙසැම්බර් 30 කාත්තන්කුඩි මුස්ලිම් ප්‍රදේශයට කඩා වැදුණු කොටි ත්‍රස්ථවාදීන් ඉන්දීය සාම සාධක හමුදාව බලා සිටියදී මුස්ලිම් මිනිසුන් 60ක් පමණ කපා කොටා ඝාතනය කෙරුණි.

 මේ අතර 1988 ජනවාරි මස වන විට .වි.පෙ. දෙවන නැගිටීම සිදු විය. ඔවුන්ගේ සන්නද්ධ අංශයන් විසින් සේම රජයේ පාර්ශවයන් අතරින්ද දහස් ගණන් තරුණ ජීවිත අහිමි විය. මේ අතර 1989 ජනවාරි 02 පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් ආර්.ප්‍රේමදාස මහතා මහනුවර පත්තිරිප්පුවේදී දිව්රුම් දෙන ලදී.

1989 අප්‍රේල් ජනාධිපති ප්‍රේමදාස ජවිපෙට හා එල්.ටී.ටී.ඊයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කල අතර ජවිපෙ විසින් එය ප්‍රතික්ෂේප කලේ ජනාධිපතිවරයා නීති විරෝධීව බලයට පැමිණි මිනීමරු ජනාධිපතිවරයෙකු බව පවසමිනි. නමුත් එල්.ටී.ටී.ඊය ආරාධනාව බාර ගත් අතර ඔවුන් කොළඹට පැමිණ හිල්ටන් හෝටලයේ කමාන්ඩෝ ආරක්ෂාව යටතේ ලැගුම්ගෙන සාම සාකච්ඡා සිදු කරනා ලදී.

මේ අතර එල්.ටී.ටී.ඊය විසින් 1989 ජූලි 13 දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමර්තලිංගම් සිය නිවසේදී වෙඩි තබා ඝාතනය කරන ලද අතර ඉන් දින තුනකට පසු ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන්වද වැල්ලවත්ත වීදියකදී ඝාතනය කරනා ලදී.

මේ වන විට ජවිපෙ හැසිරීම ප්‍රේමදාස ආණ්ඩුවට හිසරදයක් වී තිබුණි. අනුව ඔහු විසින් හමුදාව හා පොලීසිය යොදා ගනිමින් .වි.පෙ. නායකයන් වේගවත් මර්ධනයකට ලක් කල අතර 1989 නොවැම්බර් 12 දින නායක රෝහණ විජේවීර මරා දැමීමෙන් පසු මර්ධනය සංකේතාත්මකව අවසන් වන ලදී.

1990 මාර්තු 24 වනදා ඉන්දීය සාම සාධක හමුදා නැවත ඉන්දියාවට ගිය අතර මාස ගණනක සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු 1990 ජුනි මස එල්.ටී.ටී. දෙවන ඊලාම් යුද්ධය ආරම්භ කරනා ලදී.

1991 මැයි මස 21 වනදා මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති රැලියකදී මරාගෙන මැරෙන කොටි කාන්තාවක් වූ තෙන්මොසි "ගයාත්‍රි" රාජරත්නම්  යොදාගෙන ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊයට හැකි වීමත් සමඟ ඉන්දියාව සලිත වී ගියේය. වහාම ක්‍රියාත්මක වන පරිදි එල්.ටී.ටී.ඊය ඉන්දියාව තුල තහනම් කරනා ලදී.

1993 මැයි 01 දින කොළඹ ආමර් වීදීයේදී එල්.ටී.ටී. මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්ව ජනාධිපති ප්‍රේමදාස මිය යන අතර ඉතිරි කාලය සඳහා අගමැති ඩී.බී. විජේතුංග ජනාධිපති විය. ප්‍රේමදාස ඝාතනය මෙරට එල්.ටී.ටී. ප්‍රභූ ඝාතන හා ඝාතන තැත් කිරීම් රැසක ප්‍රධාන මූලාරම්භයක් විය.

1994 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත් චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මැතිණිය ශ්‍රී ලංකාවේ 14වන අගමැති ලෙස දිවුරුම් දෙන ලදී.

එම වසරේම ඔක්තෝම්බර් මසදී තොටලඟ පැවති .ජා. ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීමට එල්ල කෙරුණු එල්.ටී.ටී. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් එකම එක රත්වූ යකඩ බෝලයක් පපුව පසා කරගෙන යෑමෙන් .ජා. යේ ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණි දිසානායක මහතා ඇතුලු 60 දෙනෙකු මරණයට පත් විණි.

1994 නොවැම්බරයේ පැවති ජනධිපතිවරණයෙන් පහසු ජයක් ලබා ගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග සමත් විය.

1995 අප්‍රේල් 19 ත්‍රිකුණාමලයට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය තුලින් තුන්වන ඊලාම් යුද්ධය ආරම්භ කල අතර 1995 ජුලි 05 වනදා රිවිරැස නමින් මෙහෙයුමක් අරඹමින් ශ්‍රී ලංකා යුධ හමුදාව යාපනය කොටි බලයෙන් මුදවා ගැණීමට ගමන් ඇරඹූහ.

1995 ඔක්තෝම්බර් 29 වන දින එල්.ටී.ටී. සිය මරාගෙන මැරෙන කාඩරයන් යොදා ගනිමින් කොලොන්නාව හා ඔරුගොඩවත්ත බොරතෙල් සංකීර්ණයන්ට පහර දුන් අතර හි සිටි ආරක්ෂක නිළදාරීන් 22 දෙනෙකු ඝාතනය කල අතර, සංකීර්ණයට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 පමණ දේපල අලාභ හානියක්ද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාව සිදු කරගෙන ගිය රිවිරැස මෙහෙයුමෙන් 1995 දෙසැම්බර 05 දා යාපනය අල්ලා ගැනීමට හමුදා සමත් වූ අතර ඔවුන් එහි ඇතුල්වන විට යාපනය ජන ශූන්‍යය නගරයක් බවට පත්ව තිබුණි.

1996 ජනවාරි 31 වන දිනකොළඹ පිහිටි, ආර්ථික මරමස්ථානය වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව වෙත වේගයෙන් පැමිණි, කිලෝ ග්රෑම් 200 පමණ පුපුරණද්‍රව්‍ය තොගයක් පටවාගත් 42-6452 අංක දරන ට්‍රක් රථයක් මහ බැංකු ගොඩනැගිල්ල තුලට ධාවනය කිරීමට උත්සාහ කරන ලද අතර ගොඩනැගිල්ල ඉදිරිපසින් සවිකොට තිබූ නව යකඩ වැටක් හේතුවෙන් රථය ගොඩනැගිල්ල තුලට ධාවනය කරවාගෙන යාමට බෝම්බකරුට අවස්ථාව නොලැබුණු අතර, රථය කිහිප විටක් වේගයෙන් වැටෙහි හප්පවා එය බිඳීමට කල උත්සාහයද අසාර්ථක වූ නිසා බෝම්බකරු විසින් එම ස්ථානයේදී පුපුරණද්‍රව්‍ය තොගය සහිත ට්‍රක් රථය පුපුරුවා හැරීම සිදු කරන ලදී. බෝම්බ පටවා ගත් රථය පසුපසින්, ත්‍රීවිල් රථයකින් පැමිණි තවත් කොටි ත්‍රස්ථ සාමාජිකයින් දෙදෙනෙකු, ස්වයංක්‍රීය රයිපලයකින් සහ රොකට් විදිනයකින් (RPG) සන්නද්ධව පැමිණ මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන ලදී. ප්‍රහාරය නිසා මහ බැංකු ගොඩනැගිල්ලට දැඩි විනාශයක් සිදුවූ අතර, අසල පිහිටි ප්‍රධාන ගොඩනැගිලි අටකටද දැඩි අලාභහානි සිදුවිය. මෙම දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් ජීවිත 91 මරු වැළඳගත් අතර තවත් 338 කට තුවාල සිදුවිය.

1996 ජුලි 25 වනදා කොටි සංවිධානය මරාගෙන මැරෙන කාඩර්වරුන් යොදාගනිමි නැගෙනහිර වෙරලෙහි පිහිටි මුලතිව් කදවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල අතර එහි සිටි විශාල හමුදා පිරිසක් මරා දමමින් දිගු දුර කාලතුවක්කු දෙකක් ඇතුලුව ආයුධ රැසක් අත්පත් කරගන්නා ලදී.

1997 ඔක්තෝම්බර් 15 වන දින, එල්ටීටීඊ විසින්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් ගලදාරි හෝටලය අයත් වාහන අංගණය වෙත ධාවනය කර එහි වූ පුපුරණ ද්‍රව්‍ය තොගයට RPG ප්‍රහාරයක් එල්ල කොට රථය පුපුරුවා හරින ලදී. එම වසරේ ඔක්තෝම්බර් 12 දින විවෘත කෙරුණු කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට පිටුපසින්, මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වූ ගලදාරි හෝටලයේ වාහන අංගණය පිහිටුවා තිබුණු අතර මෙම ප්‍රහාරයේ මූලිකම ඉලක්කය වන්නට ඇත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බවට සැක කෙරේ. මෙම ප්‍රහාරය නිසා පුද්ගලයෝ 15 දෙනෙකුට සිය ජීවිත අහිමිව ගිය අතර, තවත් 105 දෙනෙකුට තුවාල සිදුවිය.

සිව් දෙනෙකුගෙන් සැදුම් ලත් කළු කොටි කණ්ඩායමක් විසින්, 1998 ජනවාරි 25 දින සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දලදා මාලිගාවට අසල පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් පුපුරුවාවිශාල ප්‍රහාරයක් එල්ල කල අතර ඉන් පුද්ගලයන් 09කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වුණි.

1999 දෙසැම්බර් 18 දින නගරසභා පිටියේ පැවති ජනාධිපවරණ අවසන් ප්‍රචාරණ රැළියට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 16ක් මරණයට පත් වූ අතර ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මැතිණියට එක් ඇසක් අහිමි වූ අතර ඇයට එම මැතිවරනයෙන් විශිෂ්ට ජයක් ලැබුණි.

2000 වර්ෂයේ අප්‍රේල් 06 දින උතුරේ උපාය සංග්‍රමික වශයෙන් වැදගත්කමක් වූ අලිමංකඩ කදවුර කොටි ග්‍රහණයට නතු වූ අතර  2001 වසරේ ජුලි 24 දා එල්.ටී.ටී.ඊය කටුනායක හමුදා කඳවුරට හා ජාත්‍යන්තර ගුවන් තොටුපලට ප්‍රභල මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කෙරුණි. ඉන් ගුවන් යානා 11ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණි.

2001 දෙසැම්බර පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් .ජා.පය විශිෂ්ඨ ජයක් ලැබූ අතර නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අතර ඔහුගේ සාම වැඩපිලිවෙල යටතේ 2002 පෙබරවාරි 20 දා සටන් විරාම ගිවිසුමක් අත්සන් කල නමුත් එල්.ටී.ටී.ඊය සිය ඝාතන පිලිවෙත අත නොහැරියේය.

මෙම සාම වැඩපිලිවෙල හේතුවෙන් වසර 15කට පසු 2002 අප්‍රේල් 08 දින යාපනය මහනුවර A-9 මාවත සම්පූර්ණයෙන් විවෘත විය. 2002 සැප්තැම්බර් 16 වන දින ශ්‍රී ලංකා ආණ්ඩුව එල්.ටී.ටී.ඊයට පනවා තිබූ තහනම ඉවත් කරගත් අතර 2001 සැප්තැම්බර් 18 දින තායිලන්තයේදී සාම සාකච්ඡා පවත්වන ලදී.

මෙසේ කාලය ගෙවී ගොස් රනිල් වික්‍රමසිංහ සංචාරයක යෙදී සිටිනා විට 2003 නොවැම්බර් 04 දින එතෙක් අගමැති යටතේ පැවති ආරක්ෂක,අභ්‍යන්තර කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශ 03 තමන් යටතට ගැනීමට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කටයුතු කල අතර 2004 ජනවාරි 23 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධාන ගත වූ අතර 2004 පෙබරවාරි 05 දා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

2005 අප්‍රේල් 05 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අතර එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණු සන්ධානයට වැඩි බලයක් හිමි කර ගැනීමට හැකිවිය. නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබිණි.

2005 අගෝස්තු 12 දින ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලකයෙකු වූ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිය පෞද්ගලික නිවසේ නාන තටාකයේ සිටියදී එල්ල වූ ස්නයිෆර් පහරකින් ජීවිතක්ෂයට පත් වුණි.

 

2005 නොවැම්බර් 17 දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා ලදී. ඔහු එල්.ටී.ටී. විරුද්ධව දැඩි මතයක සිටි අයෙකු විය. බටහිරින් එල්ල වන විශාල බලපෑම් හමුවේ ඔහු දැඩි මතයක සිටියේය.

2006 අප්‍රේල් 26 දා මරාගෙන මැරෙන බෝම්බකාරියක් කොලඹ යුධ හමුදා මූලස්ථාන භූමියේදී යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 08ක් මියගිය අතර යුධ හමුදාපති ඇතුළු තවත් 27ක් පමණ බරපතල තුවාල සිදුවුණි.

2006 ජුනි 15 දින කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී මගීන් 140 දෙනෙකු පමණ රැගෙන යමින් සිටි ලංගම බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනා එල්.ටී.ටී.ඊය එහි ගමන් ගත් පාසල් ලමුන් 15 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 68 දෙනෙකු ඝාතනය කරන අතර 78කට අධික ගණනක් තුවාල කරනා ලදී.  

2006 ජුලි 08 දින නව ආණ්ඩුවේ නියෝජිතයින් හා එල්.ටී.ටී. අත්‍ර පලමු වටයේ සාම සාකච්ඡා නෝර්වේ හී ඔස්ලෝ නුවරදී පැවැත්වුණු අතර එහි දෙවන වටය 2006 ඔක්තෝම්බර් හීදී ජිනිවා නුවරදී පැවැත්වූ අතර එල්.ටී.ටී. යේ දැඩි පිලිවෙත හේතුවෙන් සාම සාකච්ඡා අසාර්ථක වුණි.

2006 ජුලි 26 අල්ලායි ජලාශයේ සිට දකුණු දෙසට ජලය ගෙන යන මාවිල් ආරු ඇල මාර්ගය මාවිල් ආරු සොරොව්ව වසා දමා එල්.ටී.ටී. සිය මරණීය අත්වැරැද්ද වූ සිව්වැනි ඊලාම් යුද්ධය ආරම්භ කලේය. මෙයට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ආරම්භ කල මෙහෙයුමෙන් පසු 2006 අගෝස්තු 08 දා එය මුදාගෙන නැවත මාවිල් ආරු සොරොව්ව විවෘත කල අතර හමුදා ඉන් පසු නැගෙනහිර මුදා ගැනීමේ සටන ආරම්භ කලේය.

2006 දෙසැම්බර් 1 ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් ගනිමින් තිබූ රථ පෙළකට කොලඹ පිත්තල හන්දියේදී එල්.ටී.ටී.  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අතර ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.

2007 අප්‍රේල් 02 දා එල්.ටී.ටී. තම සැහැල්ලු ගුවන් යානා (කුරුම්බැට්ටි යානා) යොදා ගනිමින් කටුනායක ගුවන්තොටුපලට ගුවනින් ප්‍රහාරයක් දියත් කල අතර එය ඔවුන්ගේ පලමු ගුවනින් පහර දීම විය.

2007 ජූලි 11 දින වන විට නැගෙනහිර මුදා ගැණීමේ මෙහෙයුම මඟින් එල්.ටී.ටී. සතු ප්‍රබලම කදවුරු ප්‍රදේශයක් වූ තොප්පිගල ප්‍රදේශය ඉතා දුෂ්කර මෙහෙයුමකින් පසුව ජය ගත් අතර ඉන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වන්නි මෙහෙයුම ආරම්භ කරන ලද අතර 2007 අප්‍රේල් වනවිට ඔවුන් මඩු පල්ලිය අවට භූමියද මුදවා ගත්තේය.

මේ අතර 2007 නොවැම්බර් 03 කිලිනොච්චියට දකුණු දෙසින් වූ කාර්යාල පරිශ්‍රයකට එල්ල කරන ලද සැබවින්ම විශ්මජනක මෙන්ම 100% නිවැරදි ගුවන් ප්‍රහාරයකින් එල්.ටී.ටී. දේශපාලන නායක  තමිල් සෙල්වම් මරණයට පත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.

2008 අප්‍රේල් 06 දින එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මහා මාර්ග ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මිය ගිය අතර 25 දෙනෙකු තුවාල ලැබිණි.

වේගයෙන් ඉදිරියට යමින් තිබු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙමල ඊලමේ සිහින අගනුවර වූ කිලිනොච්චි නගරය 2009 ජනවාරි 02 දින අල්ලා ගන්නා ලදී.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහිත ගුවන් යානා 2ක් මගින්, 2009 පෙබරවාරි 20 දින කොළඹ ඉලක්ක වෙත ප්‍රහාරයක් සිදු කිරීමේ එල්ටීටීඊ උත්සහයක් ව්‍යර්ථ වී ගිය අතර එය ඔවුන්ගේ අවසන් ගුවන් ප්‍රහාරය විය.

2009 මාර්තු 10 වන දින, අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියේ පැවැත්වූ ආගමික පෙලපාලියකට, එල්ටීටීඊ   විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එය ඔවුන් විසින් ශ්‍රී ලංකා භූමිය තුල එල්ල කරන ලද අවසන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය විය.

යුද්ධයේ අවසන් කාලය වන විට ලක්ෂ ගණනක් සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපයට ගත් එල්.ටී.ටී. නන්දිකඩාල් කලපුවේ යුධ මුක්ත කලාපයේ රැදී සිටියේය. ඔවුන්ගෙන් එල්ල වන දැඩි ප්‍රහාර හමුවේ වූවද 2009 මැයි වන විට සාමාන්‍ය ජනයා යුධ හමුදා පාලන ප්‍රදේශ තුලට පැමිණි අතර එසේ පැමිණෙන අය වෙතටද එල්.ටී.ටී.ඊය වෙඩි තබනා ලදී.

2009 මැයි මස 18 රාත්‍රියේ සහ 19 උදෑසන කාලවලදී ඇති වූ සටන් වලින් නන්දිකඩාල් කලපුව ආසන්නයේ පිහිටි කඩොල් කැලේ නම් වගුරු භූමියේ සැගවී සිටි එල්.ටී.ටී. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ උණ්ඩයකින් හිස පසාරු කරගෙන ගොස් තිබූ මල සිරුර සොයා ගන්නා ලදී.

 

රටක් වසර 30 ක් පස්සට ගෙන ගිය මහා යුද්ධයක කෙටි සටහනසයිනයිඩ් සොයා A-9 පාර දිගේ” මෙතකින් නිමියේය...