වර්ථමානය වන
විට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හදුන්වන ශ්‍රී ලංකාව නම් වර්ග කිලෝමීරට 65,610ක
භූමිභාගය දරුණු ආර්ථික, දේශපාලනික බිඳ වැටීමකට ලක්වී තිබේ. මෙම අර්බුධයෙන් බැට කන
සාමාන්‍ය ජනතාව තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල තම ජීවිතයෙන් වන්දි ගෙවමින් සිටියි. මෙම
අර්බුධයේ නිර්මාණකරුවන්ගෙන් සමහරක් රටෙන් පැනගොස්ය. තවත් සමහරක් තවමත් තම බලය රඳවා
ගැනීමට අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටිති. මේ ලියමන තුලින් හැත්තෑ හතර වසරක ශ්‍රී
ලංකාවේ දේශපාලනික ආර්ථික අර්බුධයේ නිර්මාණ වූ අයුරු විමසා බැලේ.
1947
දෙසැම්බර් මස 01 වනදා ශ්‍රී ලංකාවේ එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා
පාර්ලිමේන්තුවට නිදහස් පනත ඉදිරිපත් කල අතර එයට පක්ෂව ඡන්ද 59 ක් සහ විරුද්ධව ඡන්ද
11ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 48කින් සභා සම්මත විය. එම මස 10 වනදා රාජකීය අනුමැතිය
එයට ලැබුණු අතර 1948 පෙබරවාරී 04 දිනසිට ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකාවට
ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබුණි.
1952 මාර්තු 20 වන දින ගාලු මුවදොර පිටියේදී අසු
පිටින් වැටීමෙන් ඩී.එස්.සේනානායක මහතා මිය ගිය අතර ඔහු කලින් සෝල්බරි සාමිට දැනුම්
දී තිබූ පරිදි අගමැති ධූරය ඔහුගේ පුතු වූ ඩඩ්ලි සේනානායක මහතාට ලබා දුන් අතර ඔහු
1952 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවු අතර ඉන්
එජාපය ආසන 54ක් දිනා ගනිමින් නැවත බලයට පත් වූ අතර ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට
පත් විය.
1953 මුදල්
ඇමති ජේ ආර් ජයවර්ධන විසින් ඉදිරිපත් කල අය වැය යෝජනා තුලින් සාමාන්‍ය ජන ජීවිතයට
මරු පහරක් එල්ල විය. මෙයට විරුද්ධව රට පුරා විරෝධතා පැන නැගි අතර 1953 අගෝස්තු 12
දින දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක විය. එය කොතරම් බලවත් වීද කියතොත් එදින
කැබිනට් මණ්ඩලය රැස් වූයේ කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ඉංග්‍රීසි යුධ නෞකාවක්
තුලය. මෙම හේතු නිසා මුදල් ඇමති ජේ.ආර්. සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
අසනීප තත්ත්වය
හේතුවෙන් අගමැති ධූරයෙන් ඩඩ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වූ අතර එයට 1953 ඔක්තෝම්බර්
12 දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල මහතා පත් වුණි. 1954 සැප්තැම්බර් 23 දින ජෙනරාල්
සර් ජෝන් කොතලාවල මහතා කොකුවිල් ප්‍රකාශණය තුලින් සිංහල හා දෙමල යන භාෂා දෙකටම
රාජ්‍ය භාෂා තත්ත්වය ලබා දෙන බවට පැවසීමත් සමඟ සිංහල භාෂා ප්‍රේමීහු සිංහල භාෂාව
පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලේය. එයට උදව් උපකාර
කල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ පංචමහා බලවේග සහ
ආගම හා භාෂාවේ උදව් උපකාර ඇතිව 1956 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 51ක
විශිෂ්ඨ ජයක් ලැබුවේ එක්සත් ජාතික පක්ෂය ආසන 08කට ඇද දමමින් ය.
සිංහල භාෂාව
ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය යන්න තේමා කර ගත් රාජ්‍ය භාෂා පනත 1956 ජුනි 05
වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එයට විරුද්ධව ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී.
චෙල්වනායගම් ඇතුලු දෙමළ ජනතාව සත්‍යග්‍රහයක් සඳහා ගෝල්ෆේස් පිටියට පැමිණි අතර සිංහල
භාෂා ව්‍යාපාරයේ නිර්මාතෘ එල්.එච් මෙත්තානන්ද ද රාජ්‍ය භාෂා පනතට සහයෝගය
දක්වමින් සිය ආධාරකරුවන් ගෝල්ෆේස් පිටියට
රැස් කොට තිබුණි. එම ස්ථානයේ පැවති උණුසුම මැද රාජ්‍ය භාෂා පනත විවාදයට ලක්
කෙරිණි.
කෙමෙන් කෙමෙන්
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් ඉල්ලා කරන උද්ඝෝෂණ උණුසුම් ස්වභාවයක් ගත් අතර එය
විසදීමට එස්.ජේ.වී. චෙල්වනායගම් සමඟ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක 1957 ජුනි 26
වන දින ගිවිසුමක් අත්සන් කරන ලදී. නමුත් එයට එරෙහිව පැනනැගුණු විරෝධතාවය 1958 අප්‍රේල්
මස 09 දින රෝස්මීඩ් පෙදස පිහිටා තිබූ අගමැති නිවස අසලටම පැමිණි අතර එය විසදීමට
අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකට තමන් හා චෙල්වනාගම් අතර අත්සන් කල ගිවිසුම
අවලංගු කල බවට නිවේදනය කලේය.
දිනය 1958
මැයි මස 25 ය. ෆෙඩරල් පක්ෂ සමුලුවට සහභාගී වී ආපසු දුම්රියෙන් යමින් සිටි දෙමල
නියෝජිත පිරිසකට පොලොන්නරුවේදී ප්‍රහාරයක් එල්ල වීමෙන් ගිනි ගත් දේශයක පලමු වෙඩි
මුරය පත්තු ව්ණි. 1958 ජාතිවාදී කෝලාහලය ආරම්භ විය. දෙමල වැසියන්ට පහර දෙමින්
ඔවුනගේ දේපල මංකොල්ල කමින් දෙමල වැසියන් කපා කොටා මරා දමමින් භිෂණය වපුරාලීය. රජය
හදිසි නීතිය හා ඇදිරි නීතිය ක්‍රියාත්මක කලේ කෝලාහලය ආරම්භ වී දින හතරකට පමණ
පසුවය. 1958 ජුනි මස 05 දක්වා ඇදී ගිය මෙම කෝලාහලයෙන් සිය ගණනකට තම ජීවිතයත් දහස්
ගණනකට උන් හිටි තැන් පවා අහිමි විය.
මෙසේ අවුල්
ජාලයක සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක ප්‍රමුඛ ආණ්ඩුවට මරු පහරක් එල්ල කරමින්
තල්දූවේ සෝමාරාම නම් හිමි නමක් 1959 සැප්තැම්බර් 25 වෙඩි තැබීමෙන් පසු සැප්තැම්බර්
26 වනදා මරණයට පත් වුණු අතර 1961 ජුලි 21 සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරණායක
මැතිණිය ලොව පලමු අගමැතිනිය ලෙස දිව්රුම් දුන්නේය. 1962 ජනවාරි 27 දින හමුදා
කුමණ්ත්‍රණයෙන්ද ඇය ගැලවුණු අතර තම ස්වාමියා ක්‍රියාත්මක කල ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය
හෙවත් පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම දිගින් දිගටම ක්‍රියාත්මක කලේය. මෙනිසා
ලංකාවේ එවකට තිබූ බොහෝ පෞද්ගලික ආයතන ලංකාව අත්හැර ගියේය.
1965 මාර්තු
මස 26 පැවති මහ මැතිවරණයෙන් පක්ෂ 07ක
සහයෝගයෙන් ඩඩ්ලි සේනානායක නැවත අගමැති ධූරයට පත් වූ අතර නැවත 1970 මැයි මස 27 දින
පැවති මහ මැතිවරණයෙන් සිරිමාවෝ ප්‍රමුඛ සමඟි පෙරමුණ බලයට පත් විය. 1971 අප්‍රේල් 05 දින
මෙතෙක් තරුණයන් තුල පැවති ආවේගය සන්නද්ධ අරගලයක් ලෙස පිටතට පොලා පැන්නේය. නමුත්
මසක් ඇතුලත හමුදාව, පොලීසිය යොදවා එය මර්ධනය කිරීමට ආණ්ඩුවට හැකි විය.
1972 එතෙක්
පැවති සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ඩොමීනියන් තත්වයේ පැවති ශ්‍රී ලංකාව නිදහස්
ස්වාධිපති බලයෙන් යුක්ත රාජ්‍යයක් බවට පත්වීමට 1972 පලමු වන ජනරජ ව්‍යවස්ථාව
තුලින් හැකි විය. 1974 ජුලි මස 27 දින යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පාට වෙඩි
තැබීම තුලින් වසර 30ක ගිණිගත් දේශයක ආරම්භය සිදු විය. මේ අතර 1977 බලයට පත් වූ
ජේ.ආර්.ජයවර්ධන 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරමින් මෙරට පලමු
විධායක ජනපති බවට පත් විය. 1970 වන විට
ඩොලර් මිලියන 47ක් පමණ වූ ශ්‍රී ලංකාවේ විදේශ ණය සංචිතය 1977 වන විට ඩොලර්
බිලියනයක් බවට පත් තිබුණි.
අතීතය වනාහි
වර්තමානය වටහා ගත හැකි හොදම මෙවලමයි. මීලඟ කොටසින් 1977 සිට ඉදිරියට ගමන් කරමු.
*************************************************************************************
1977ට පෙර
ලංකාව තුල පැවතියේ සංවෘත ආර්ථික ක්‍රමයකි. එකල පැවති රජයන් දේශීය කර්මාන්තකරුවන්
දිරි ගැන්වූ අතර ඔවුන්ට අවශ්‍යය ණය පහසුකම්ද සපයා දුන්නේය. නමුත් 1977 ජේ.ආර්
ජයවර්ධන රජය බලයට පත් වීමත් සමඟ හදුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් එසේ
නැගී ආ දේශීය ව්‍යවසායකයන්ට මරු පහරක් එල්ල වුණි. කිසිදු සොයා බැලීමකින්
තොරව ඔහේ ක්‍රියාත්මක වූ නිදහස් වෙලද ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර
සුන්නද්ධූලි කල අතර ඉන් බේරුණේ අතක ඇඟිලි පහකටත් අඩු ගණනකි. මේ අතර 83 කළු ජූලිය
පැන නැගුණු අතර රජයේ වාර්ථා අනුව මරණ ගණන 471 ක්ද,තුවාල වූවන් 3769ක්ද මංකොල්ලකෑම්
3835ක්ද විය. 58 ජාතිවාදී අරගලයට වඩා මෙය දරුණු වූ අතර ඉන් පැන නැගුණු ජාතීන් අතර
බෙදීම තවමද දැක ගැනීමට හැක.
මේ අතර 1988
ජනවාරි මස වන විට ජ.වි.පෙ. දෙවන නැගිටීම සිදු විය. ඔවුන්ගේ සන්නද්ධ අංශයන් විසින් සේම
රජයේ පාර්ශවයන් අතරින්ද දහස් ගණන් තරුණ ජීවිත අහිමි විය. මේ අතර 1989 ජනවාරි 02 පැවති
ජනාධිපතිවරණයෙන් ජය ගත් ආර්.ප්‍රේමදාස මහතා මහනුවර පත්තිරිප්පුවේදී දිව්රුම් දෙන ලදී.
ඔහු විසින් හමුදාව හා පොලීසිය යොදා ගනිමින් ජ.වි.පෙ. නායකයන් වේගවත් මර්ධනයකට ලක්
කල අතර 1989 නොවැම්බර් 12 දින නායක රෝහණ විජේවීර මරා දැමීමෙන් පසු මර්ධනය
සංඛේතාත්මකව අවසන් වන ලදී. 1993 මැයි 01 දින කොළඹ ආමර් වීදීයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකට
ලක්ව අවසානයේ ප්‍රේමදාස මිය යන අතර ඉතිරි කාලය සඳහා අගමැති ඩී.බී. විජේතුංග ජනාධිපති
වූ අතර එකදිගට වසර 17 ක එජාප පාලනය 1994 අවසන් වන විට මෙරට විදේශ ණය ඩොලර් බිලියන 07කට
ආසන්න විය.
බිදී ගිය
දෙනුවරම යා කරනා - අදිටනින් ශක්තියෙන් රට රකිනා
දොනෝ දාහක් දූ
පුතුන් හට - විඩා දුරලන නිවා සනහන
සුදු නෙළුම
පිපුණා - සුදු නෙළුම පිපුණා
1994 වසරේ
සුදු නෙළුම ව්‍යාපාරය මඟින් බලයට පත්වන ලොව පලමු විධායක බලය සහිත ජනාධිපතිනිය
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය තම මව සිදුකල ජනසතු කිරීම නොව
පෞද්ගලීකරණය කරනා ආර්ථිකයකට ලංකාව ගෙන යන ලදී. එනම් රජය සතු ව්‍යාපාර පෞද්ගලික
අංශයට විකිණීමයි. 1999 දෙසැම්බර් 18 එල්ල වූ ප්‍රහාරයෙන් ඇසක් අහිමි වූවද චන්ද්‍රිකා
නැවත බලයට පත් වූ අතර 2005 නොවැම්බර් 17 වන දින මහින්ද රාජපක්ෂ ජනාධිපති වන තෙක්
තම දෙවන ධූර කාලය දරන ලදී. ඇයගේ පාලන සමය අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය තොගය
ඩොලර් බිලියන 11ක් පමණ වුණි.
2005 බලයට පත්
මහින්ද රාජපක්ෂ රජය එල්.ටී.ටී.ඊ ය සමඟ සාම සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූවද එය
අසාර්ථක විය. මේ අතර 2006 ජූලි මස 26 වන දින මාවිල් ආරු සොරොව්ව වසා දැමූ
එල්.ටී.ටී.ඊ ය සිව්වන ඊලාම් යුද්ධය නිල වශයෙන් ආරම්භ කලේය. ඊට එරෙහිව අගෝස්තු 08
දා දියත් කල මාවිල් ආරු සොරොව්ව මුදා ගැනීමේ මෙහෙයුමෙන් ආරම්භ වූ මානුෂීය මෙහෙයුම
අවසන් වූයේ 2009 මැයි 19 දින නන්දිකඩාල් කලපුව ආශ්‍රිත කඩොලානේදී එල්.ටී.ටී.ඊ නායක
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිස හරහා ගිය උණ්ඩයකිනි.
2010 ජනවාරි
මස 26 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ මහින්ද රාජපක්ෂ සිය දෙවන
ධූරකාලය ආරම්භ කලේය. මෙම දෙවන ධූර කාලයේදී
ඩොලර් මිලියන 209ක් ණයට ගෙන සාදන ලද මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපල ඉදිකරන 2013
වසරේ විවෘත කරනා ලදී. ආරම්භයේදී පැවසූවේ ලොව ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් මෙම ගුවන්
තොටුපල සමඟ දෛනික ගුවන් වාරයන්හි යෙදෙන බවයි. නමුත් වර්ථමානයේ ලොව හිස්
අන්තර්ජාතික ගුවන් තොටුපල ලෙස ගූගල් සෙව්මක් කලහොත් ප්‍රථමයෙන්ම පැමිණෙන්නේ මත්තල
අන්තර්ජාතික ගුවන් තොටුපලයි. එය තනිකරම සුදු අලි ව්‍යාපෘතියකි.
එසේම 2010
නොවැම්බර් මස විවෘත කල හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය ද එවන් තවත් සුදු අලි ව්‍යාපෘතියකි.
ඩොලර් මිලියන 309ක ණයක් ලබාගෙන සාදන ලද මෙම වරායේ පවතින ගලක් ඉවත් කිරීමටද තවත් ඩොලර්
මිලියන ගණනක් ණයට ගත්තේය. 2010 සිට 2015 වසරේ ජනාධිපතිවරණය දක්වා වන කාලය තුල ඩොලර්
බිලියන 45ක ණය ලබා ගෙන ඇත. 2011 -2012 යන වසරක කාලය තුල පමණක් ඩොලර් බිලියන 10ක්
පමණ ණය ගෙන ඇත. ඔහුගේ පාලන සමය අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය තොගය ඩොලර්
බිලියන 45ක් පමණ වුණි.
ඉන්පසු
පැමිණියේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන සමයයි. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ
ඔහුගේ පාලනයට කළු පැල්ලමක් ඇති විය. ඔහුගේ පාලන සමය අවසන් වන විට විදේශීය ණය තොගය
ඩොලර් බිලියන 56ක් පමණ වුණි.
ඉන්පසු බලයට
පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සමයයි. සිස්ටම් එකේ වෙනසක් කරන බව පවසමින් බලයට පැමිණි
ඔහුට 69 ලක්ෂයක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගත් අතර අනුරාධපුර රුවන්වැලි සෑය
ඉදිරිපිට සිට ඔහු සිය ධූරයේ දිව්රුම් දුන්නේය.
අර්බුධයක් මවා
බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම බලයෙන් පහවෙනු ඇත.
*************************************************************************************
ගෝඨාභය
රාජපක්ෂ තම ප්‍රථම කැබිනට් රැස්වීමේදීම වැට් බද්ද ඇතුළු තවත් බදු රැසක් ඉවත් කරමින්
බදු සංශෝධනයක් සිදු කර ගන්නා ලදී. සියළුම භාණ්ඩ හා සේවා වලින් එතෙක් අය කරමින්
තිබූ 15%ක වැට් බද්ද සහ 2%ක ජාතිය ගොඩ නැගීමේ බද්ද යන බදු දෙකම එකතු කර විට එන
17%ක බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි 8%ක් දක්වා අඩු කරනා ලදී. මෙසේ බදු අඩු කර
ගැණීමේ පරම අභිමථාර්තය වූයේ මීලඟ ඡන්දය ජය ගැණීමට ඡන්ද වැඩි කර ගැනීමයි.
රජයක් ගත් විට
රජයක මූලික ආධායම වනුයේ බදු ආදායමයි. ලංකාව ගත් විට ලංකාවේ ආදායමෙන් 90%ක්ම උපයන්නේ
බදු මුදල් හරහාය. බදු මුදල්ද ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එනම් සෘජු බදු සහ වක්‍ර
බදු යනුවෙනි. ශ්‍රී ලංකාවේ ආදායමෙන් 65%ක් පමණ ලැබෙන්නේ වක්‍ර බදු හරහාය. මූලිකව
වැට් බද්ද හරහා ය. වැට් බද්දෙන් භාගයකට වඩා අඩු කරමින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව
පැවසුවේ එය ජනතාවට සහන සැලසීමට කල බවයි. නමුත් ඇත්තෙන්ම එම ප්‍රතිලාභය
ජනතාව අතරට ගියේ නැත. මන්ද ව්‍යාපාරිකයන් එම වැට් බද්ද භාණ්ඩ හා සේවා තුලින් අඩු
කලේ නැත.
බදු අඩු
කිරීමේ තිරණයෙන් මාස දෙකකට පමණ පසු චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කෝවිඩ් 19
මාරාන්තික වෛරසය ලොව පුරා වේගයෙන් පැතිරුණි. 2020 මාර්තු මස ශ්‍රී ලංකාවෙන්ද
කෝවිඩ් 19 පලමු ආසාදිතයා සොයා ගන්නා ලදී. රටට ආදායම එන බොහෝ මාර්ග මෙම වෛරස ව්‍යාප්තිය
නිසා ඇහිරිණි. විශේෂයෙන්ම රටට ඩොලර් පැමිණෙන මූලාශ්‍ර කිහිප්‍යක්ම ඇහිරිණි. අපනයන ආදායම , විදේශ ගත වී සිටින ශ්‍රී
ලාංකිකයන් විසින් රටට ලබා දෙන විදේශ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම ඒවායින් ප්‍රධාන වේ.
සංචාරක
කර්මාන්තය ගත් විට 2018 පමණ ශ්‍රී ලංකාවට ඉන් ඩොලර් බිලියන 7.5ක පමණ ආදායමක් ලබා
දුන් ක්ෂේත්‍රයක් විය. නමුත් පාස්කු ඉරු දින ප්‍රහාරය සහ කෝඩිඩ් 19 පැතිරීම නිසා
රට ලොක් ඩවුන් කිරීම නිසා එම ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වී ගියේය.
අපනයන ආදායම
ගත් විට ඇගළුම් සහ තේ කර්මාන්තය ප්‍රධාන ඩොලර් උපයන කර්මාන්ත වේ. කෝවිඩ් 19
පැතිරීම නිසා අපනයන ආදායමද අහිමි වී ගියේය.
මෙසේ පවතින
තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත වියදම් කරමින් කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ
එන්නත මිලදී ගත් බව රජයේ පාර්ශවයෙන් පැවසීය. නමුත් 2019 වන විට ඩොලර් බිලියන
19.5ක් තිබූ ඩොලර් සංචිත මෙසේ එක්වරම අඩු වීමට හේතුව සිතා ගැණීමටවත් නොහැක. නමුත්
එන්නත් මිලදී ගැණීම් වලදී යම් යම් මුදල් සම්බන්ධ වැරදි සිදු වී ඇතිබව ප්‍රසිද්ධ
රහසකි.
මෙවන්
අදූරදර්ශී තීන්දූ නිසා ඇති වෙමින් තිබූ අර්බුධය විවිධ අයුරින් රටේ ජනතාවගෙන් වසන්
කරන්න රජය උත්සහ ගනු ලැබුවා. එයට ගත හැකි හොදම උදාහරණය තමයි ගොවීන්ට කාබනික පොහොර ලබා
දීමයි.
ඩොලර් බිලියන
1.4ක් පමණ ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ කර්මාන්තයෙන් උපයයි. නමුත් පොහොර ගෙන්වීමට වැය
කරන්නේ ඩොලර් මිලියන 250ත් 350ත් අතර ප්‍රමාණයක් පමණි. නමුත් රටේ ඩොලර් සංචිත හිඟ
වීම රජය විසින් වසනු ලැබුවේ “සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීම” තේමා කරමින් කාබනික
පොහොර වගාව ඉදිරියට ගෙන එමිනි. එසේ රසායනික පොහොර ගෙන්වීම නවතා එකවරම කාබනික පොහොර
වගාවට යොමු වීම තුලින් සිදු වූයේ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය 50%කින් පමණ අඩු
වීමයි. එතුලින් සිදු වූයේ රටට අවශ්‍යය සහල් නිෂ්පාදනයට නොහැකි වීමෙන් එයද පිටරටින්
ගෙන්වීමට සිදු වීමයි.
එසේම ශ්‍රී
ලංකාවේ ආර්ථික පරිහානිය දැන දැනම රජය සිදු කලේ ඒ බව රටේ ජනතාවට දැන් වීම නොවේ.
වාහන ආනයනය නැවතීම, luxury goods ආනයනය නැවත්වීම වැනි අදූරදර්ශී ක්‍රියා සිදු කරමින්
අර්බුධය වැසීමයි.
එසේම ගෝඨාභය
රජය විසින් විශාල වශයෙන් මුදල් අච්චු ගසමින් ජනතාවට නිකුත් කරා. 2021 ජුනි 28 දා
රුපියල් බිලියන 208.45 ක් අච්චු ගසමින් මෙතෙක් ඉතිහාසයේ සිදු කල වැඩිම මුදල් අච්චු
ගැසීම සිදු කලා. 2020 මාර්තු මස සිට 2021 මාර්තු වන විට රුපියල් ට්‍රිලියන 1.569
මහ බැංකුව විසින් මුද්‍රණය කොට ඇති බව වාර්තා වල සදහන් වෙයි. රටක මුදල් සැපයුම ඉහල නංවන විට එම රටේ මහජනයා
අතර හුවමාරු වන මුදල් තොගයේ වටිනාකම වැඩි වේ. එවිට භාණ්ඩ වලට තිබෙන ඉල්ලීම වැඩි
වේ. එසේ වන විට භාණ්ඩ වල මිල වැඩි වේ. එය
දැන ගැනීමට ආර්ථික විශේෂඥයෙකු වීමට අවශ්‍යය නැත. නමුත් ලංකාවේ මහ බැංකුවේ අධිපතිව
සිටි ආර්ථික විශේෂඥයා 2021 ජුලි 05 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ මෙවන්
කතාවකි.
“Modern Monetary policy is not just a policy. The main logic is to
facilitate economic activities for everybody. That is why money is printed in
excess.”
Mr. Ajith Niwas Cabral
Press conference 05.07.2021
ඇමෙරිකාව,
එක්සත් රාජධානිය වැනි බලවත් මුදල් ඒකක පවතින රටවල් ඔවුන්ගේ රාජ්‍ය වියදම් වලට
මුදල් රැස්කිරීමේදී බදු වෙනුවට මුදල් අච්චු ගැසීම සිදු කරනවා. මෙයට ආර්ථික විද්‍යාවේදී Modern
Monetary Theory කියලා
හදුන්වනවා. මන්ද ඇමෙරිකානු ඩොලරය, බ්‍රිතාන්‍ය
පවුම කියන්නේ ලෝකයේ බලවත්ම මුදල් ඒකක ඔවුන්ට රිසිසේ මුදල් අච්චු ගැසීමට හැකියාව
පවතිනවා සේම අවශ්‍යය විටක එහි සැපයුම පාලනය කරන්නත් හැකියාව තිබෙනවා.
නමුත් ශ්‍රී
ලංකා රුපියල බලවත් මුදල් ඒකකයක් නොවේ. ඒ නිසා මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන්
සිදුවෙන්නේ ශ්‍රී ලංකාවේ වෙලදපොල තුල මුදල් එකතු වීම පමණයි. ගෝඨාභය රාජපක්ෂ රජය කල
යුතුව තිබුනේ එසේ අච්චු ගැසූ මුදල් නැවත රජයට ලබා ගැනීමට බදු ඉහල දමමින් බදු
සංශෝධනයක් සිදු කිරීමයි. නමුත් එය එසේ සිදු නොවුනි. බදු අඩු කර මුදල් සැපයීම වැඩි
කිරීමෙන් බඩු මිල අහස උසට නැග්ගේය.
ඉදිරියට එන
විශාල අර්ථික පිරිහීම දුර තියා දුටු ආර්ථික විශේෂඥයින් රජයට කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහ
ගත කිරීමකට යන ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) සහය ඉල්ලන ලෙසයි.
“Let me tell you this, if we do not engage in debt restructuring, this
country is done for.”
Mr. Harsha de Silva
Parliament speech 18.11.2020
නමුත් රජයේ
පාර්ශවයෙන් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) සහය ඉල්ලීම අවශ්‍යය
නොවන බවයි.
“What I’m saying is don’t need make decisions like that. Look at what
has happened to countries that went to the IMF. They had to cut down on public
service and increase taxes. why do we get that risk?”
Mr. Ajith Niwas Cabral
Interview - Hiru News
රාජ්‍ය ණය බර
ඉහල යාම, බදු මුදල් කපා හැරීම නිසා රාජ්‍ය ආදායම අහිමි වීම, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණි
ගත කිරීම් වල පහලට වැටීම, එම නිසා තවදුරටත් විදේශ ණය ලබා ගැනීමට නොහැකි වීම, එම
නිසා ඩොලර් සංචිතය හිඟ වීම, එසේ වීම නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍යය ආනයනය කිරීම සීමා
කිරීම, එනිසා සියලු ආනයන ද්‍රව්‍ය හිඟ වීම, එසේම කාබනික පොහොර වැඩපිළිවෙළ නිසා රටේ
කෘෂි ආහාර ද්‍රව්‍ය හිඟ වීම යන කරුණු නිසා අවසානයේ අර්බුධය ඇස් පනාපිටම පැණ
නැගුණි.
ලොව පවතින
කිසිදු මුදලක් එකවර නම්‍යශීලීකරන්නේ නැත. එසේ කරනවානම් කරන්නේ එයින් බලපෑමට ලක්වන
ආයතන,කර්මාන්ත සියල්ල දැනුවත් කර යම් පිලිවෙලකටය. නමුත් 2022 මාර්තු 08 දින පැය
කිහිපක් තුල මහ බැංකුව විසින් රුපියල නම්‍යශීලී කලේය. මෙසේ මුදල් ඒකකයක් නම්‍යශීලී
කිරීමෙන් සිදු වන්නේ ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුමට අනුව විනිමය අනුපාතය තීරණය
වීමයි. නමුත් මෙසේ එක්වර රුපියල නම්‍යශීලී කිරීමෙන් සිදු වූයේ විනිමය අනුපාතය
ඉදිරියට තවත් වැඩිවේය යන්න සිතා තමන් ලඟ තිබූ ඩොලර් සඟවා ගැණීමයි. එවිට ඩොලරයට
තිබූ සැපයුම එකවර අඩු වූ අතර විනිමය අනුපාතය විශාල ලෙස ඉහල ගියේය. රුපියලේ අගය
අවප්‍රමාණයට ලක් විය.
ශ්‍රී ලංකාව
යනු ආනයනය මත විශාල ලෙස රදා පවතින ආර්ථිකයක් සහිත රාජ්‍යයකි. එවැනි රටක රුපියලේ
අගය අවප්‍රමාණයට ලක් වීම යනු විශාල අවධානමකට ලක් වීමයි. ශ්‍රී ලංකාව වැඩිපුරම
ආනයනය කරනුයේ බොර තෙල්ය. එයට විශාල මුදලක් වැය වේ. මෙසේ රුපියලේ අගය අවප්‍රමාණයට
ලක් වීම තුලින් සිදු වන්නේ එසේ බොරතෙල් සඳහා මුදල් යෙදවූ විට අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
සඳහා වැය කිරීමට මුදල් නොමැති වීමයි. එවිට භාණ්ඩ හිඟය ඇති වී මිනිසුන් භාණ්ඩ
ගැනීමට පෝලිම් වලට වී ඉන්නට වුණි.
ශ්‍රී ලංකාවේ
තිබූ උද්ධමනය ඒ අතර අධි උද්දමන කලාපයකට ලගා වුණි. එය රටකට ලගා විය හැකි ආර්ථිකමය
අතින් භයානක තත්ත්වයකි. එය සරලව කියුවහොත් ඉතාමත් අඩු භාණ්ඩ ප්‍රමාණයකට අධික මුදල්
ප්‍රමාණයක් වැය කිරීමයි. එවිට මුදලේ අගය කඩා වැටී සමස්ත පද්ධතියම අක්‍රිය වීම
එහිදී සිදු වේ. මෙසේ වී ඇති රටවල් ලෝකය පුරාම දැකීමට හැක. එයට ලොව පුරා ගන්නා
උදාහරණය සිම්බාබ්වේ රාජ්‍යයයි.
දූෂණය,
දේශපාලන සංග්‍රහ, අදූරදර්ශී ආර්ථික
කලමණාකරණය නිසා අතිශය දරුණු ආර්ථික තත්ත්වයකට යොමු වූ රටක් ලෙස සිම්බාබ්වේ
හැදින්විය හැක. මුදල් මුද්‍රණය තුලින් සිය ආර්ථිකය වර්ධනයට උත්සහ දැරූ සිම්බාබ්වේ
අවසානයේ උද්ධනමය සියයට බිලියනය කරා ලගා වීමයි. 2008 වසරේදී සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියනය
පවා මුද්‍රණය කල සිම්බාවේ රජය පසුව විදේශීය මුදල් ඒකක භාවිතයට යොමුවිය. නමුත් අදටද
සිම්බාබ්වේ මෙම ආර්ථික උද්ධමනයෙන් පීඩා විදිනවා.
අර්බුධයක් මවා
බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම බලයෙන් පහවෙනු ඇත. ශ්‍රී ලංකාවද මෙසේ ආර්ථික අර්බුදයක්
තුල ගිලී සිටිනා මොහොතක ජනතාව තුලින් අරගලයක් මතු වී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පලවා
හැරි අතර ශ්‍රී ලංකාවේ පලමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති
බවට පත් විණි. ඔහු ආර්ථික හැකිලීමට ආරම්භ කල අතර බදු මුදල් සංශෝධනයක් ද සිදු කලේය.
වර්ථමානය වන විට ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) සහය පතමින් සිටියි.
මෙම අර්බුධයට
ක්ෂණික විසදුම් නැත. ඇත්තේ දීර්ඝ කාලීන විසදුම් පමණි. අනවශ්‍ය වියදම් කපා දැමීම මේ
අවස්ථාවේ පවතින හොදම විසදුම ලෙස දක්වා ලිය හැක. එසේම පවතින ස්වභාවික සම්පත්වලින්
නිසි අයුරින් ප්‍රයෝජන ගත යුතුය. දේශපාලනය හා කෑදර කම පසෙකින් තබා මේ අවස්ථාවේ ක්‍රියා
කල යුතුය. මන්ද අනාගතය බොහෝ දරුණුය. ඒ අන්ධකාරයට ශ්‍රී ලංකාවේ ජනතාව දැන් හෝ
සූදානම් විය යුතුය.
KASUN SAPUMOHOTTI
0 Comments