43 හැවිරිදි පෝලිනා ෆියෝර්ගේ නිවාසයට පොලිසිය බලහත්කාරයෙන්
ඇතුළු වූ විට, මුළුතැන්ගෙයෙහි බිම මත
ඇයගේ අද්භූත තැලීම් සහිත, පණ නැති සිරුර සොයා ගන්නා ලදී. ප්‍රධාන රහස් පරීක්ෂකවරයා වහාම මිනීමැරුමක්
යැයි සැක කළ අතර මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය. නමුත් දීර්ඝ විශ්ලේෂණයකින්
පසු මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ මරණයට හේතුව විටමින් C ඌනතාවය බවයි. සමාජ මාධ්‍යවල දිස්වන වීඩියෝවක, පෝලිනාගේ සමීප මිතුරියක් බව මූලාශ්‍ර තහවුරු
කරන ස්ටෙෆනි බැරොලෝ, “මේක මගේ
සම්පූර්ණ වරද” යැයි හඬා වැලපෙමින් ප්‍රකාශ කරයි.
ඈතින් හිරු
බැසයන විට තේම්ස් නදීය ආසන්නයේ ඇති අවහන්හලකට වී කැපචීනෝ කෝප්පයක් බොමින් සිටිමි.
නමින් රිචඩ් වොට්සන් නම් වන මා “ද සන්”
පුවත් පතේ විශේෂාංග රචකයෙක් ලෙස සේවය කරමි. අද මා මේ අවන්හලට පැමිණ සිටින්නේ මුළු
ලන්ඩනයම සොයනා ඒ කාන්තාව හමු වීමටයි. ඒ වෙන කවුරුත් නොව ස්ටෙෆනි බැරොලෝ ය. මාස
ගණනාවක් තිස්සේ ඇයව සොයා යෑමේ ප්රථිඵලයක් ලෙස, ඇය තව සුළු මොහොතකින් මේ දොරෙන්
ඇතුල් වනු ඇත. ස්ටෙෆනි බැරොලෝ යනු පෝලිනා ෆියෝර් නම් කාන්තාවගේ මරණයට හේතුව යැයි
කිව හැකි වූවද එය කෙලින්ම ඇගේ වරද කියාද කිව නොහැක. මන්ද ඇය කොට ඇත්තේ ලින්ක්
කිහිපයක් ශෙයාර් කිරීම පමණි. මා දැන් පැය භාගයක් තිස්සේ සිටින්නේ ඇය එන තුරු බලා
සිටීමයි. නමුත් ඇය තවමත් නැත.
“ටිලිං” දොර විවෘත විය.
දුඹුරු පැහැති
කබායකින් තම ශරීරය ආවරණය කරගත් පිරිමි පුද්ගලයෙකු මා දෙසට පැමිණේ.”
“ඔබ ‘ද සන්’ පුවත් පතේ රිචඩ් වොට්සන් මහත්මයා ද?”
“ඔව්, මම තමයි රිචඩ්
වොට්සන්. ඔබ කවුද?”
“මම කව්ද කියලා මගේ
අනන්‍යතාවය හෙලිවෙනවාට මම කැමති නැහැ. නමුත් පෝලිනා ෆියෝර්ගේ මරණ සිදු වූ ආකාරය මම
දන්නවා. ඔබ ඒ ගැන උනන්දුවක් දක්වන බව ස්ටෙෆනි බැරොලෝ මට පැවසුවා.”
“ඔබ ස්ටෙෆනි දන්නවාද?
ඇය මා හමුවන්න එන්නේ නැද්ද?”
“ඇයට ඔබ හමුවන්න එන්න
බැරි කාරණයක් තිබෙනවා. මොකද ඇය මේ වන විට ලන්ඩනයේ නැහැ. ඒ වගේම ස්ටෙෆනි බැරොලෝ
කියා කෙනෙකුත් මේ ලෝකේ නැහැ.”
“මොකක්ද මේ කියන්නේ?
එහෙනම් කව්ද මට කතා කරේ? මට කිසිවක් තේරෙන්නේ නැහැ.”
“රිචඩ් වොට්සන් මහත්මයා
අද මම මේ කියන කතාව ඔබ මේ ලෙසින්ම කවදාවත් කොහේදිවත් කියන්නට ලියන්නට බැහැ. ඔබ ඒ
පිලිබඳ දිව්රා පොරොන්දු වෙනවාද?”
“ඔව් මම පොරොන්දු
වෙනවා.”
“ඔබ කවදා හෝ මේ
පොරොන්දුව කැඩුවොත් ඔබට වෙන දෙය ඔබට සිතා ගන්නටවත් නොහැකි වේවි. මා ඉදිරිපිට සිටින
මිනිසා තර්ජනාත්මක ස්වරයෙන් කීවේය.”
“අපි තමයි බ්‍රිතාන්‍ය
අභ්‍යන්තර ආරක්ෂක බුද්ධි ඒජන්සිය MI5.”
ඔහු එසේ කියනා විට මාගේ කටේ කෙල සිදී ගියේය. මේ
කියන්නට යන කතාන්දරය එසේ මෙසේ කතාන්දරයක් නොවන බව මට දැන් ස්ථීරය.
“ඔව්, ඔබ හිතුවා හරි මේ
කතාව සාමාන්‍ය කතාවක් නෙවේ. නමුත් කවුරුන් හෝ මේ කතාව ලෝකයාට කිව යුතුයි. අපි ඒ
කියන්නේ මම, ස්ටෙෆනි බැරොලෝ සහ තවත් කිහිප දෙනෙක් බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ආරක්ෂක බුද්ධි
ඒජන්සිය MI5 හි විශේෂ ඒකකයක් වන
ගෝස්ට් වැඩසටහනේ ක්‍රියාකරුවන් පිරිසක්. අපි කරන්නේ අපට ලබා දෙන ඉලක්කයන් අවට
ලෝකයාට නොදැනෙන සේ අවසන් කර දැමීම. ඒ සදහා අපිට විශේෂ ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම ලෝකය
තවමත් දන්නේ නැහැ.”
“2016 දී අපට අපේ
අන්තර්ජාතික බුද්ධි අංශය වන MI6 හරහා ජාතික
ආරක්ෂාවට තර්ජනයක් පිලිබඳ තොරතුරු ලැබෙනවා. ඒ ලෝකයේ ප්රබලතම ත්‍රස්තවාදී
කණ්ඩායමක් වන ISIS හි නායකයෙක්
වන “සයිෆර්” ලන්ඩන් නුවරට ඇවිල්ලා කියලා. අපි වහාම ඒ පිලිබඳ සොයා බලනවා. නමුත් අපට
ඔහුව සොයා ගන්න ලැබෙන්නේ නැහැ. අපි ඇත්තෙන්ම හිතුවා ඒ පිරිමි පුද්ගලයෙක් කියලා. මේ
අතර තමා 2017 මැන්චෙස්ටර් අරීනා බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒකෙන් සල්මන් අබේඩී
කියන බෝම්බකරුවා එක්ක 23දෙනෙක් මරණයට පත් වෙනවා. අපි බෝම්බ කරුගේ සහෝදරයා වෙච්ච
හෂ්මේ අබේඩි අත්තඩංගුවට අරන් ප්‍රශ්ණ කරන කොට තමයි හෙලි වෙන්නේ සයිෆර් කියන්නේ
පිරිමියෙක් නොව ගැහැණියක් කියලා. මෙතනදී ආපු ප්‍රශ්ණය තමා කවදාවත් නොදැකපු
ගැහැණියක් සොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඇතුලු අපේ ගෝස්ට් කණ්ඩායමට අණ ලැබුණා
සයිෆර්ව සොයා ගොස් ඝාතනය කරන්න කියලා.”
“අපි ඇයව ලුහු බදින්න
ආරම්භ කලා. අපි අවුරුදු 4ක් නොකඩවා ඇයව ලුහු බැන්දා. සියලුම ක්‍රම වලින්. ලෝකය
තවමත් දැකලාවත් නැති තාක්ෂණික ක්‍රම ඔස්සේ අපි ඇයව ලුහු බැන්දා. 2019 දී අපිට ඇයව
මඟ ඇරුනේ නූලෙන්. නමුත් ඒ ක්‍රියාන්විතයෙන් අපට අපේ සඟයෙක් නැති වුණා. අපිට නැවතත්
ඇයව 2021 ජනවාරි වලදී හමු වන විට ඇය මහා බ්‍රිතාන්‍ය පොලොව මත ජිහාඩ් ක්‍රියාකාරකම්
8ක් දියත් කරලා තිබුණා.”
“ඔබ දන්නා පෝලිනා
ෆියෝර්ගේ සැබෑ නම එය නොවේ. ඇයගේ සැබෑ නම නජීමා අල් හුසේන්. ඇයගේ මව ප්‍රංශ ජාතික
කාන්තාවක්. ඇයගේ පියා පාකිස්තාන් ජාතිකයෙක්. ඇය ජිහාඩයට හැරෙන්නේ ඇයගේ පියාගේ මඟ
පෙන්වීම යටතේ. වයස අවුරුදු 12 සිටන් ජිහාඩයේ ක්‍රියාකාරකම් වලට එක් වුණ ඇය වයස
අවුරුදු 30 වන කොට ජිහාඩයේ නායකත්වයක් පවා දරනවා. ඇය 2016 දී බ්‍රිතාන්‍යයට එන්නේ
බ්‍රිතාන්‍ය පොලොව මත විශාල ඝාතන රැල්ලක් සිදු කරන්න. ඇය 2030 වන තෙක් සැලසුම්
සාදලයි තිබුනේ. නමුත් ඇයව ආරක්ෂාකරන දෙයක් තිබුණා.”
“මොකක්ද ඒ......?”
“ ඒ තමයි ඇයගේ
රාජ්‍යතාන්ත්‍රික පසුබිම. ඇයගේ මව් පාර්ශවයෙන් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රංශ තානාපතිට ඥාතීත්වයක්
පවතිනවා. අන්න ඒ හේතුව නිසායි අපට ඇයව එක පාරින් අවසන් කර දමන්නට නොහැකි වුනේ.
ඉතින් මම ඇතුලු කණ්ඩායම ඇයව නිශ්ශබ්දව අවසන් කරන්න ක්‍රමයක් හෙව්වා. ඒ අතර තමයි
අපට මේ බෙහෙත හමු වුනේ.”
ඔහු තම කබාය
තුලින් කුඩා කුප්පියක් ගෙන පෙන්වීය. එහි වූයේ අවර්ණ දියරයකි. එය පෙන්වූ වහා නැවතත්
එය ඔහුගේ කබාය තුලටම දමා ගත්ත්තේය.
“ ඒ තමයි
“ඇස්කොබික් සයිනයිඩ්” ලෝකය තවමත් දන්නේ නැති විෂ වර්ගයක්. ඒකෙන් මිලිග්‍රෑම් 5කට
පුලුවන් මිනිසෙක් මරලා දාන්න. ඒක ඇගට ඇතුල් වුනාට පස්සේ පැය භාගයක් ඇතුලත ශරීරයේ
විටමින් C නැත්තටම නැති වෙලා
යනවා. පැයක් ඇතුලත එම පුද්ගලයා මැරී වැටෙනවා.”
“ එසේනම්
ඔබලා භාවිත කලේ එයයි.”
“ ඔව් අපි
භාවිත කලේ එම විෂ වර්ගය තමයි. නමුත් එය එක් වරම කල දෙයක් නොවේ. අපි වසර ගානක් ඇය
පිටුපස ලුහුබැන්දා කියලා කියුවානේ. ඔය එක් වතාවකදී ඔබ දන්නා ස්ටෙෆනි බැරොලෝට හැකි
වුණා ඔබ දන්නා පෝලිනා ෆියෝර්ගේ යහලුවෙක් වෙන්න. එය ඇත්තෙන්ම අහම්බයක්. නමුත් ඉන්
වාසිය සැළසුනේ අපිටයි. 2019 අග භාගයේ පටන් අපි ස්ටෙෆනි යොදවාගෙන පෝලිනාට ලං වුණා.
කොතරම් ලං වුණාද කීවොත් ඔවුන් දෙදෙනා ඉතාම හොද මිතුරියන් වුණා. සමාජ මාධ්‍ය
ජාලාවල පවා ඔවුන් පින්තූර හුවමාරු කර
ගත්තා. නමුත් අපි හදිසි වුනේ නැහැ. අපි ඇයට ස්ටෙෆනි යවනවා වාගේ විවිධ පුවත් වල
ලින්ක්ස් වට්ස් ඇප් හරහා යැව්වා. මොකද අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි ඇය ලෙඩ
වෙනවාට අකැමැති බව. අපි යැව්වේ මේ වගේ ලින්ක්ස්,”
·
මන්කි ෆොක්ස්
මහා බ්‍රිතාන්‍යයේ
·
ස්පර්ශය මඟින්
බෝවිය හැකි රෝග
·
විටමින් C ශරීරයට බලපාන අයුරු
·
එලවළු හරහා
ශරීරයට වැලදිය හැකි රෝග
“අපි යම්
තරමකින් ඇයගේ මොලය සේදුවා. අවශ්‍ය නම් අපට ඇයව මීට කලින් ඝාතනය කරන්නට තිබුණා.
නමුත් අපි ඉහලින් නියෝග ලැබෙන තුරු සිටියා. 2021 දවසක අපිට MI5 ප්‍රධානියාගේ අත්සන සහිතව අපට නියෝග
ලැබුණා.”
“2021
පෙබරවාරි 28 ස්ටෙෆනි පෝලිනාගේ නිවසට ගියා. ඒ සවස තේ පානයට කේක් රැගෙනයි. ඇය ඒ කේක්
වලට “ඇස්කොබික් සයිනයිඩ්” මිශ්‍ර කරගෙනයි ගියේ. ඔවුන් කේක් කමින් තේ පානය කරා.
දැන් ඔබට එන ප්‍රශ්ණය තමයි ස්ටෙෆනිට හානියක් වුනේ නැත්තේ ඇයි කියලා. වොට්සන්
මහත්මයා.... MI5 විශේෂ
මෙහෙයුම් අංශ පුහුණුව කියන්නේ එසේ මෙසේ පුහුණුවක් නෙවෙයි. අපට පුහුණුවේ ආරම්භයේ
සිටම විෂ වර්ග වලට ඔරොත්තු දෙන විදිහටයි පුහුණු කරන්නේ. ඒ නිසා ස්ටෙෆනිට කිසිදු
හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඔවුන් කේක් කමින් ඉන්නා විට පෝලිනාට යම් වෙනසක්
දැනුනා. ඇයට දැනෙන්න ඇති ඇයට විෂ ශරීර ගත වුණු බව. ඉතින් ඇය ස්ටෙෆනීට පහර දීමට
පැමිණියා. නමුත් ස්ටෙෆනී පෝලිනාට පහර දී ඇය අඩපණ කරා. එසේ පහර දුන් විට ඇති වුණු
සලකුණු තමා මියගිය ඇගේ සිරුරේ තිබුනේ. ඇය නිහඩවම අවසන් කල ස්ටෙෆනි එම ස්ථානයෙන්
පැමිණියා.”
“අපි සිතා
සිටියේ මෙහෙයුම හොදින් අවසන් බවයි. නමුත් පොලීසිය ඉක්මනින්ම ඇයගේ සිරුර සොයා ගත්තා
වගේම ඇයගේ දුරකථනයද සොයා ගත්තා. පොලීසිය දුරකථනය විවෘත කරන්න කලින් ස්ටෙෆනි සමාජ
මාධ්‍ය වලට ඔබලා දැක්ක වීඩියෝව නිකුත් කලා. බ්‍රිතාන්‍යය නීතියේ ස්ටෙෆනිට දඩුවම්
කරන්න නීති තවම සැකසිලා නැහැ. එ නිසා පොලීසියට ඇයට විරුද්ධව නඩු පවරන්නත් බැහැ.
ඇත්තෙන්ම බැලුවොත් ස්ටෙෆනි බැරොලෝ කියලා කෙනෙක් ඇත්තෙන්ම නැහැනේ. අපි ඇයව මාස
කිහිපයකට නිදහස් කලා. ඔබ හා සම්බන්ධ වුනේ මමයි වොට්සන් මහත්මයා.”
“ඉතින් ඇයි ඔබ
මේ කතාව මට කියුවේ?”
“ඇත්තෙන්ම කියුවොත් ඔබ අපේ පස්සේ එලෙව්වා වැඩියි වොට්සන්
මහත්මයා. මම ඔබගේ කැපචිනෝ එකට දැනටමත් “ඇස්කොබික් සයිනයිඩ්” මිශ්‍ර කරලායි තියෙන්නේ.
අපි කරනා මෙහෙයුම් රහසිගතව තබා ගත යුතුයි. ඉතින් ඔබට සුභ ගමන් වොට්සන් මහත්මයා”
යැයි කියා නැගිට යනවාත් සමඟ මාගේ දෑස් පියවී මා වෙනත් මානයකට පාවී යනවා මෙන් දැනුනි.
BBC 4 නාලිකාවේ
රාත්‍රී පුවත් විකාශය,
“අද සවස
තේම්ස් ගංගාව ආසන්නයේ ඇති “සෙරන්ඩිබ්”
නම් අවහන්හල තුල තිබී “ද සන්” පුවත්පතේ මාධ්‍යවේදී රිචඩ් වොට්සන් මහතාගේ මලසිරුර
සොයා ගන්නා ලැබූ අතර, ඔහුගේ මරණයට හේතුව විටමින් C ඌනතාවය බව පොලිස් ආරංචි මාර්ග පවසයි. තවදුරටත්...”
✍කසුන් සපුමොහොට්ටි
0 Comments