සම්පූර්ණයෙන්ම මනඃකල්පිත කතාවක් වන මෙය කියවනවා නම් කියවන්න. නැතිනම් නොකියවා සිටින්න. මෙය අනාගතයේ සිදුවන දෙයක් ලෙස ලියවෙන මනඃකල්පිත කතාවකි. සැබෑ බොදුනුවා වචනයෙන් හා කටින් වාචාල කම් කියවන කෙනෙකු නොව අටලෝ දහම ඉදිරියේදි තම සිත සන්සුන් කරගන්නා වේ.
ශ්‍රී ලංකාවේ
මහනුවර දළදා මාලිගාව. ලොව පුරා බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකනු ලබන මෙහි ලොව පහල
වූ ශාන්තිවාදී ශාස්තෲවරයෙකු ලෙස සැලකෙන ගෞතම බුදුන් වහන්සේගේ වාම දළදාව තැම්පත් කර
ඇත. ඒ ගෞතමයන් වහන්සේ පරිණිර්වාණය කොට බුද්ධ වර්ෂ 2593 ගෙවී ගොස් ඇත. නමුත් වසර ගණනාවක
වෙනස් කම් නිසා ඇතැම් චාරිත්‍ර විධි වෙනස් වී ඇති අතර එම චාරිත්‍ර සඳහා යම් යම් තර්ජනද
මතු වී ඇත.
වර්ෂ 2025 වසරේ
පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මෙරට ලාබාලම ජනාධිපතිවරයා තේරි පත් වූ අතර තාරුණයේ සිටි
ඔහු විසින් එම වසරේ අගදී ගෙන ආ 2025 තුන්වන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරට උඩු යටිකුරු
කලේය. එම ව්‍යවස්ථාවෙන් රාජ්‍යයේ සියලුම අංශයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කලේය.
ඉන් විශාල පහරක් වැදුණු අංශයක් ලෙස ආගමික අංශය හැදින්විය හැක. මන්ද 2025 තුන්වන ජනරජ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය නිරාගමික රාජ්‍යයක්
බවට පත් කල නිසාය. එසේම එම ව්‍යවස්ථාවෙන් ආගමික ප්‍රතිසංස්කරණයට බල කෙරුණු අතර රාජ්‍ය
හා ආගම අතර විශාල සටනකින් පසුව රාජ්‍ය ජයග්‍රහණය කලේය. සියලු ආගම් ඒකකේන්ද්‍ර ගත කෙරුණු
අතර සියලු නිකාය සඳහා එක් නායකයෙකු තෝරා පත් කර ගැනුණි.
බුදුදහම ගත් විට
බුද්ධ සංඝායනාවකින් පසු පැවති සියලුම නිකායන් එක් නායකයෙකු යටතට පැමිනි අතර බෞද්ධාගම
විකෘති කරන්නන් ආගමෙන් පිටුවහල් කෙරුණි. ඒ අතර බුදුන් වහන්සේගේ ධර්මයට වඩා විද්‍යාත්මකභාවය
උසස් කොට සලකන නිකායික පිරිසක් සහ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව විශ්වාස කරනා නිකායික
පිරිසක්ද සිටි අතර ඔවුන් මෙම ඒකකේන්ද්‍ර ගත කිරීමට විරුද්ධ වූ අතර සංඝ අධිකරණයක් විසින්
ඔවුන්ට දඩුවම් පැමිණ වීය. එසේම ඔවුන් රාජ්‍යයටද තර්ජනයක් ලෙස දුටු අතර ඔවුන්ව විශාල
ලෙස මර්ධනය කිරීමට ගත්තේය. එ නිසා ඔවුන් යටි බිම්ගත විය.
නව ඒකකේන්ද්‍ර
ගත කල බෞද්ධ නිකායන්හි ක්‍රියාත්මක වීම මෙසේ විය. සියලුම නිකායන් වලින් ධර්මානුකූල
භික්ෂුව එම නිකායේ නායකයා ලෙස පත් කරගන්නා අතර එම තනතුර එම භික්ෂුව අපවත් වීම දක්වා
පවතියි. එසේම එම සියලුම නිකායන්හි නායක ස්වාමීන් වහන්සේලා එක්ව මහනුවර දලදා මාලිගයේ
ඉදිකල පොහොය ගෙය තුලට රැස් වී තමන් වහන්සේලා මෙහයවීමට සහ බුදු දහම නියෝජනයට උන් වහන්සේලා
අතරින් ධර්මානුකූල සහ ශාසනික වයසින් වැඩි එක් ස්වාමීන් වහන්සේ කෙනෙකු මහා සංඝනායක ධූරයට
පත් කරගන්නා අතර උන් වහන්සේ දලදා වහන්සේගේ භාරකාරයා ලෙසද නිතැතින්ම පත් වේ. උන් වහන්සේ
කලුවර ලීයෙන් කල වටාපතක් අත දරනා අතර එහි යට රන් ආලේපිත ඔරුවක සලකුණක් සහිත කොපුවක්
සවි කොට ඇත. එය මහා සංඝනායක වහන්සේගේ සලකුණ වේ. මහා සංඝනායක කෙනෙකු අපවත් වූ වහාම එම
කොපුව ගලවා ශ්‍රී දේහය සමඟ ආදාහනය කල යුතුය. ඉන් පසු සත් දවසේ පිංකම් අවසානයේ සියලුම
නිකායන්හි නායක ස්වාමීන් වහන්සේලා එක්ව මහනුවර දලදා මාලිගයේ ඉදිකල පොහොය ගෙය තුලට
රැස් වී සංඝනායක ධූරයට අයදුම් කල නායක හිමිවරු අතරින් නව සංඝනායකයෙකු රැස් කර ගනු
ලබයි. එම දින සතක ශෝක කාලය “ සප්ත සත්තාහ දුක්ඛෝ” ලෙස හැදින්වේ.
2050 වන විට සංඝනායකයන්
වහන්සේලා තිදෙනෙකු සිට ඇති අතර මේ පැවැත්වෙන්නේ කෙටිම කලක් සංඝනායක හිමියන්ව සිටි තිබ්බොටුගම
සිරි රාහුල සංඝරාජයානන් ගේ ආදාහන පූජෝත්සවයයි. දළදා මාලිගා චතුරශ්‍රයේ රැදී සිටින
සුවහසක් බොදුනුවන්ගේ දෑසට කදුලක් එක් කරමින් උන් වහන්සේ තම අවසන් ගමන යනු ලබන අතර
මෙවර සංඝනායක ධූරයට අයදුම් කල නායක හිමිවරු පස් දෙනා සහ අනෙකුත් නිකායන්හි නායක හිමි
වරු සියලු දෙනාත් අදින් සතර දිනකින් පසුව මහනුවර දලදා මාලිගයේ පොහොය ගෙය තුල පැවැත්වෙන
රහසිගත ඡන්ද විමසීමකින් පසුව ඔවුන්ව මෙහෙය වීමට සහ බුදු දහම නියෝජනයට සංඝරාජයාණන්
වහන්සේ කෙනෙකු පත් කර ගන්නවා ඇති.
මතු සම්බන්ධයි.
0 Comments