වෙනත් ආගමක
තරුණයෙකු හට ප්‍රේම කරන මුස්ලිම් තරුණියකගේ හැගීම් පිලිබඳ මෑත කාලයේ ලියවුණු
සුන්දර ගීතයක් ලෙස රාමලානයේ සඳ හදුන්වා දිය හැක.සම්ප්‍රධායිකත්වයට යටත්ව තමාගේ
කරගත නොහැකි සුන්දර ප්‍රේමයක් පිලිබඳ මෙහි ගීත රචකයා වන නජාත් අක්‍රම් ඉතාමත්
සුන්දරව දක්වා ඇත.
හිමිකමක්
නැති සිහිනයක් දැක
නුඹ
මගේ යැයි නොකියමි
දැඩි
ආගමික පදනම්ක් මත ගොඩ නැගුණු ඉස්ලාමිය සමාජ වටපිටාවක ස්ත්‍රීයට ඇත්තේ අවම වූ
නිදහසකි.වෙනත් ආගමක තරුණයෙකු විවාහ කර ගැනීම ආගමට අනුව පාපයක් බව ඔවුන්ගේ අදහසයි.
මෙහිදි හිමිකමක් නැති සිහිනයක් ලෙස කතා නායිකාව පවසන්නේ ඇයගේ සිතේ ඔහු කෙරේ ඇති වූ
ප්‍රේමය හුදෙක් සිහිනයක් පමණක් බවය.වෙනත් පෙම්වතියන්ට තමන්ගේ පෙම්වතා තමන්ගේමයැයි
කිව හැකි වූවත් ඇයට එසේ පැවසිය නොහැක.ඒ ඔවුන් අතර පවතින ආගමික පසුබිමෙන් එල්ලවන
බාධාවයි.
කෙස්
වසන ෆර්දාව
ඇස්වසා
බැදි දිනෙක
රාමලානයේ
සඳ මියැදුණි
සෑම
මුස්ලිම් කාන්තාවක්ම ෆර්දාවෙන් සැරසී සිටිය යුතු යැයි මුස්ලිම් ආගමේ නීතියක්
පවති.මෙහිදී ෆර්දාවෙන් ආගමික සම්ප්‍රධායයන් හා බැදි ආගමික විශ්වාසයන් නිරූපණය කරන
අතර කෙස් වසන ෆර්ධාව ඇස් වසා බැදි දිනෙක යනුවෙන් අදහස් කෙරෙනුයේ ආගමික විශ්වාසයන්
නිසා තම සිතේ ඇතිවන ආදර වැනි හැගීම් පවා බලෙන් යටපත් කරගෙන සිටීමයි.එසේම
මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රධායික උත්සවයක් ලෙස රාමදාන් හෙවත් රාමලාන් මාසය දැක්විය
හැක.ඒ ඔවුන්ගේ උපවාස කාලයයි.රාමලානය අවසන් වීම යනු නව වසරක ආරම්භය ලෙස ඔවුන්
සලකයි.එම උත්සවය ඊද්-උල්-ෆීතර් ලෙස හදුන්වයි.එම නිසා රාමලාන් මාසයේ පායන සඳ
බලාපොරොත්තුව ගෙන එන සංකේතයක් ලෙස මුස්ලිම්වරු හදුන්වනු ලබයි.රාමලානයේ සඳ මියැදුණි
ලෙස දක්වා ඇත්තේ කතා නායිකාවගේ සිතේ ඇතිවූ ආදරණීය බලාපොරොත්තු ඇගේ සිත තුලම යටපත්
වීම දක්වා ඇත.
සිහිනයක
මැවෙන මිරිගුවක් සොයමි
ක්ෂේමයක්
නොදුටු සව්මයේ
මෙහිදී
ගීපද රචකයා සව්මය ලෙස යොදා ඇත්තේ සව්ම් කාලය නොහොත් මුස්ලිම් සංස්තියේ එන නොම්බි
කාලයයි.එම කාලය තුලදී මුස්ලිම් ජාතිකයන් උදේ හිරු නැගෙන්නට පෙර ආහාර ගෙන ඉන්පසු
රාත්‍රියේ ඉර බැස යන තෙක්ම දිය පොදක් හෝ පානය කිරීමෙන් වලකින් අතර ඉර බැස ගිය පසු
නැවත ආහාර ගෙන නින්දට යයි.එම කාලයේදී ද්හවල් කාලය කොතෙක් උණුසුම් වූවත් පිපාසයෙන්
සිටිය යුතුය.මෙහිදි ගීතයේ කතා නායිකාවගේ ආදරයද සව්මය කාලයේදී පිපාසයෙන් සිටිනා විට
දිස්වන මිරිඟුවක් බව ගීපද රචකයා සඳහන් කරන්නේ මිරිඟුවක් අසලට කෙසේ හෝ ගියත් එය ඉන්
ඔබ්බෙන් නැවත දිස්වනවා සේම එය කෙදිනකවත් සැබෑවක් නොවන නිසාවෙනි.
සීතලම
රැයෙක උණුහුම්ම කඳුල
සහරයේ
මැද ඇහැරමි
සව්ම්
කාලය හෙවත් නෝම්බි කාලයේදී බොහෝ පිරිසක් නිදිවර්ජිතව සිට උදෑසනම නින්දට යයි.නමුත්
මෙහි කථා නායිකාවට එසේ නොවේ.තම හිමි නොවන ප්‍රේමය ගැන සිතමින් සිටිනා ඇයට නින්ද
අසලකටවත් පැමිණෙන්නේ නැත.කාන්තාරයක රාත්‍රිය බොහෝ සීතලය.ඇයට සිතෙන්නේ ඇය සහරා
කාන්තාරයේ තනි වී ඇති සෙයකි.මුළු සීතල රෑම ඇය සිතනා සිතුවිලි දහවල් කාලයේදී ඇයගේ
දෙනෙතින් කදුලක් වී වැටේ.
ප්‍රේමය
නොදත් හදවතත්
කර්කශම
රළු පොලොවකි
සබඳ
ආදරය ඊමානයේම කොටසකි
සාමාන්‍යයෙන්
පවා ප්‍රේමය නොදන්නා,නොදැනෙන හදවතක් උපමා කරනුයේ වේලී ගිය සාරවත් නොවු රළු
පොලොවකටය.ගේය පද රචකයා එය ගීතයට යොදාගෙන ඇත්තේ කතා නායිකාවකගේ ආගමික සංස්කෘතිය
හැඟවීමට බව මාගේ අදහසයි.එසේම මෙහි ඊමානය යනු මුස්ලිම්වරයෙකු වීම සඳහා පිලි පැදිය
යුතු උපදෙස් සංග්‍රහයකි.එහි මූලික උපදෙස් හයකට යටතේ කරුණු හැත්තෑදෙකක් ඇතුලත් බව
කියවේ.එහි දැක්වෙන පරිදි මුස්ලිම් වරයෙකු සියලු මානව වර්ගයාගේ සිත සුව පිණිස
කටයුතු කල යුතුය.නමුත් මුස්ලිම් වරුන්ගේ පොදු නීති මාලාවේ දැක්වෙන පරිදි මුස්ලිම්
වරයෙකු ආදරය කල යුත්තේද මුස්ලිම් ජාතිකයෙකුට පමණි.එහෙයින් මුස්ලිම් ජාතිකයෙකුට ආගම
නිසා ආදරය කල නොහැකි වුණා යැයිද ආදරය නිසා
ආගම ඇදහිය නොහැකි වුණා යැයි ලෙස නිදහසට කරුණක් දැක්විය නොහැක.මෙහිදී කතා නායිකාව
ආගම හා ආදරය අතර වූ හිරවීම ගී පද රචකයා ඊමානය උපයෝගි කරගෙන දක්වා ඇති අයුරු අපූර්වය.
නැවතුමක්
නොදැන දිග ඟගක් ගලන
ඉරි
තැලුණු මිටියාවතේ
ලස්සනම
මල් පිපෙන බිමක් වෙයි එහි ප්‍රේමයේ
කතා
නායිකාවගේ ආගමික සංස්කෘතික පසුබිම නිසා ඇයගේ සිතේ ඇතිවන දුක ඉරි තැලී ගිය
මිටියාවතක් ලෙස දක්වා ඇත.එම මිටියාවතේ ගලායන ඇගේ ප්‍රේමය නම් ගංගාව නැවතුමක් නොදැන
ගලා යයි.ඇයට කෙදින ඔහුගේ ප්‍රේමය නම් මහා සාගරයට එක් විය හැකිදැයි ඇය කල්පනා
කරයි.නමුත් ඇයගේ හදවතේ ඔහු වෙනුවෙන් තමවත් මල් පිපෙන ප්‍රේම මිටියාවත වෙන්ව පවතින
බව ගේය පද රචකයා පෙන්වයි.
ස්වර්ගයේ
ඊඩන් උද්‍යානයේ
ආදම්
නොදුටු ඇපල් තවමත් තිබේ
ඒබ්‍රහම්
මූලික කරගත් බොහෝ ආගම්හි මිනිසාගේ පැවත ඒම දක්වා ඇත්තේ ආදම් හා ඒවා ස්වර්ගයේ තිබූ ඊඩන්
උද්‍යානයේ තිබූ තහනම් ඇපල් ගසේ ඇපල් කෑමේ පටන් ය.තම මැව්ම්කරුවාට මෙන්ම තමන් හට ස්වර්ගයේ
ජීවත් වීමට තිබූ අවස්ථාවද නැති කරගෙන තම ආදරය වූ ඒවාගේ එක් කීමකට ආදම් හට තහනම්
ගසේ ඇපල් අනුභව කිරීමට හැකි වුනානම් කතා නායිකාව විමසන්නේ තමන්ටද එසේ කරන්නට හැකි
බවයි.ගී පද රචකයා අවසානයේ බලාපොරොත්තුවක සේයාවක් තබා ගීතය අවසන් කිරීමෙන් එහි
ගුණාත්මක භාවය වැඩි වී ඇතැයි මට හැගේ.
මෙම
ගීතය ගායනා කරනා දුෂානි මදුශිකාගේ හඩ සේම තරිදු දම්සරගේ සංගීතය නිසා මෙහි හැඩය
තවත් වැඩි වී ඇත.
(මෙයින්
නිරූපණය වන්නේ මාගේ මතය බවත් මෙනිසා කිසිදු ආගමකට හානියක් වූවානම් සමාව ඉල්ලා
සිටින බවත් සඳහන් කරමි.)
Kasun
Sapumohotti
0 Comments