ඉතාමත් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සරුසාර භූමියක් ලෙස සැලකිනි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ලෙස නම් දරා සිටිනා ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට සහ ආර්ථිකයකට උරුමකම් කියයි. පුරාණ ලේඛණ වල සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව තම සහල් නැව් වල පටවා වෙනත් රටවල් වලට පවා යවා ඇත. නමුත් ඉන් වසර දෙදහසකට පමණ පසුව ශ්‍රී ලංකාව වර්ථමානයේ සහල් රටින් ගෙන්වන තත්ත්වයට වැටී ඇත. ආර්ථීකය කඩා වැටී ඇත. ජන අරගලයක් ඇතැම් විටක සක්‍රීයව පවතියි. නමුත් වර්ථමානය වටහා ගැනීමටනම් අප අතීතය දෙස බැලිය යුතුය. 1948 නිදහස ලැබීමේ සිට 1977 දක්වා වන කාල පරිච්ඡේදය තෙක් ශ්‍රී ලංකාව කුඩා ගැටුම් කිහිපයක් ඇරෙන්නට සාමකාමී රටක් විය. නමුත් අපට 1980 දශකය මඟ හැරුණි. ලොව මහා පෙරලි කරනා රටවල් වෙනස් වූ දශකය අපට අහිමි විය.
1980 දශකය ශ්‍රී
ලංකාවට අහිමි වීමට බලපෑ හේතු කිහිපයක් පවතියි.
1.
සමාජීය හේතු
2.
ආර්ථිකමය හේතු
3.
දේශපාලන හේතු
ප්‍රධානතම හේතුව
වන්නේ සමාජීය වශයෙන් ශ්‍රී ලංකාවේ පැවති අස්ථාවරභාවයයි. 1980 දශකයේ මුල් භාගයේ ඇතිවූ
කළු ජූලිය ශ්‍රී ලංකාව තුල සිවිල් යුද්ධයක් ඇති කිරීමට සමත් විය. එය 2009 දී යුධමය
වශයෙන් නිමා කලද ඉන් ශ්‍රී ලාංකේය ජන මනස තුල ඇතිවූ බලපෑම ප්‍රබල විය. එය දශක ගණනාවක්
රට ආපස්සට ඇදීමට හේතුවක් විය. එසේම 1980 දශකයේ අගභාගයේ සිදු වූ තරුණ නැගිටීම ආයුධ
සන්නද්ධ අරගලයක ස්වභාවය ගත් හෙයින් ඉන් නොදැනුවත්වම රට අගාධයට ගියේය. මෙම හේතු නිසා
ශ්‍රී ලාංකේය රජයට 80 දශකයම යුද්ධය සඳහා වෙන් කිරීමට සිදු විය.
එ නිසා ඇතිවූ
සමාජ සේවාවන්හි පිරිහීම සෞඛ්‍යය, අධ්‍යාපනික සහ මූලික අවශ්‍යතා කෙරෙහි බෙහෙවින් බලපෑවේය.
විශේෂයෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් විය. යුද්ධය පවතින උතුරු පලාතේ සහ භීෂණය පවතින දකුණු
ප්‍රදේශ වල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වල පල්ලට ගොස් තිබුණි. පාසල ඇරී නිවසට යන ලමුන්
බලෙන්ම වාගේ ගෙන යනු ලැබුවේය. රටේ තාරුණය ටයර් සෑයවල් තුල දැවුනේය. එහි ක්ෂණික පල
විපාක නොමැති වූවත් වර්ථමානයේ එහි දිගු කාලීන ප්‍රථිඵල ලංකාව විදිමින් පවතියි. විශේෂයෙන්ම
ශ්‍රී ලංකාවේ මානව ප්‍රාශ්ධනය එකල විශාල වශයෙන් නැති වුණි.
එසේම මෙම භීෂණයේ
දශකයේ බොහෝ උගත් පිරිස් රට හැරදා යන්නට විය. වෛද්‍යවරු, උගත් අධ්‍යාපඥයින්, ඉංජිනේරුවරු
සහ වෘතීමය සුදුසුකම් ඇති බොහෝ පුද්ගලයන් රට හැරදා යාමෙන් සිදු වූ බුද්ධි ගලනය විශාල
විය. ඒ ගලාගිය බුද්ධිමය ප්‍රාග්ධනයේ නැති වීම
ශ්‍රී ලංකාව වර්ථමානයේ පවතින තත්වයට හේතු කාරණා විය.
දෙවනුව ආර්ථිකමය
හේතු විමසුවහොත් 1977 වසරේ බලයට පත් වූ ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය දෙවන ජනරජ ආණ්ඩුක්‍රමය
ගෙනවිත් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කලේය. එතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමයට මරු පහරක්
එල්ල කල මෙම විවෘත ආර්ථික ක්‍රමයෙන් ඇති වූ බලපෑම නිසා එතෙක් ශ්‍රී ලංකාව පවත්වාගෙන
ආ දේශීය හා කර්මාන්තමය ආර්ථික සුනු විසුනු විය. දේශීය ව්‍යාපාරිකයන් බංකොලොත් විය.
ශ්‍රී ලංකාව කර්මාන්ත ආර්ථිකයෙන් කෙමෙන් කෙමෙන් මිදෙන්නට විය. ශ්‍රී ලංකාව තුල නිශ්පාදනය
කල සෑම දෙයක්ම පිටරටින් ගෙන්වීමට ආරම්භ කල නිසා සියලු කර්මාන්ත බංකොලොත් විය. 1980
වන විට අනෙක් වරවලට වඩා සාපේක්ෂව විශාල වෙනසක් දක්නට ලැබුණි. 1980-89 කාලයේ දල දේශීය
නිශ්පාදනය 3.4% කි. එය 1970 දී 5.4% ක්ව පැවති දල දේශීය නිශ්පාදනය හා සසදන විට ඉතාමත්
විශාල අගයකි. ඉන් පසු ශ්‍රී ලංකාවේ නිශ්පාදනය ඉතා අඩු වු අතර බොහෝ කර්මාන්ත වසා දැමුණි.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා රබර් සංස්ථාව, ශ්‍රී ලංකා කඩදාසි කර්මාන්තය ආදී බොහෝ දෑ
වසා දැමීමට සිදු විය.
එසේම ශ්‍රී ලංකාවේ
ආරම්භ වූ භීෂණකාරී වටපිටාව හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ බොහෝ විදේශ ආයෝජන
නැවතුණි. එම විදේශ ආයෝජන කිරීමට සිටි ආයෝජකයන් රටේ පැවති අස්ථාවරභාවය හේතුවෙන් තම ආයෝජන
හරවා ගත්තේය. එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සේම නව රැකියා අවස්ථා නිර්මානය වීමට
තිබූ අවකාශය නැති වී ගියේය. එසේම ශ්‍රී ලංකාවේ අයවැය තුලින් වැඩි මුදලක් ජාතික ආරක්ෂාවට
යෙදවීමට සිදු වුණි. සංවර්ධන ව්‍යාපෘති මුදල් නොමැති නිසා මඟ නැවතුණි. විදේශ ආයෝජනයන්ද
නැවතුණු නිසා ශ්‍රී ලංකාවට් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟහැරුණි.
ශ්‍රී ලංකාව
ස්වභාව සෞන්දර්‍යය අතින් සහ ඓතිහාසික උරුමයන්ගෙන් පරිපුර්ණ රටක් ලෙස ලොව ප්‍රචලිතය.
එම නිසාම ලංකාව සංචාරක කර්මාන්තයෙන් පෝෂණය වන ආර්ථිකයක් සහිත රටක් ලෙස හැදින්විය හැකිය.
නමුත් 80 දශකයේ භීෂණය ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවට මුදල් ගලා පැමිනි විදේශ කර්මාන්තයද
බොහෝ වශයෙන් අඩාල විය. සිවිල් යුද්ධය, කළු ජූලිය ශ්‍රී ලංකාව පිලිබඳ නරක පින්තූරයක්
ලෝකයට ගෙන ගියේය. තම පෞද්ගලික ආරක්ෂාව හේතුවෙන් සංචාරකයන් රටට පැමිණීම නැවතුවේය. එසේම
ශ්‍රී ලංකාවේ පැවති සමාජීය සහ ඓතිහාසික දේපල විශාල වශයෙන් මෙම භීෂණ යුගයේදී ශ්‍රී
ලංකාවට අහිමි විය. සංචාරක ආකර්ෂනය ලබාගෙන ඉන් ජනනය කිරීමට තිබූ ආර්ථිකමය වාසිය ශ්‍රී
ලංකාවට 80 දශකයෙන් මඟ හැරුනි.
1980 දශකය ශ්‍රී
ලංකාවට මඟ හැරීමට තවත් හෙතුවන් වන්නේ දේශපාලන අස්ථාවරභාවයයි. 1977 සිට දශකයකටත් අධික
කාලයක් ශ්‍රී ලංකාවේ පැවතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකි. විධායක ජනපති ධූරයේ ඇති අධික බලය හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය සහ
අඛණ්ඩතාවය පිලිබඳ ගැටලුවක සිටි අතර රට දේශපාලනමය වශයෙන් අස්ථාවර තත්ත්වයක සිටියේය.
කොටින්ම කිවහොත් ශ්‍රී ලංකාව පිලිබඳ තින්දූ තීරණ ගැනීමට ඉන්දියාවට පවා හැකි විය. ඉන්දීය
හමුදා ශ්‍රී ලංකා ගුවන් කලාපයට පැමිණ බලෙන්ම ක්‍රියා කරනා තෙක් රජය බලා සිටියේය.
ඉන්දීය හමුදා උතුරේ ඇවිදින විට ශ්‍රී ලංකා හමුදා බලකොටු තුලට සිර කිරීමට රජය ක්‍රියා
කලේය. මෙම දේශපාලන අස්ථාවරභාවය සහ ශ්‍රී ලංකාවේ ’83 කලු ජූලිය සමයේ ඇතිවූ මානව හිමිකම්
කඩ කිරීම් පිලිබඳ චෝදනා නිසා රට ලෝකයෙන් තනි වුණි. ඉන් ලංකාවට ලැබීමට තිබූ බොහෝ ආධාර
සහ ආයෝජන ඇස් පනා පිටම ශ්‍රී ලංකාවට අහිමි විය.
මෙම කාලය වන ආසියාවේ
බොහෝ රටවල් එම රටවල් වර්ථමානයේ පවතින මට්ටමට පැමිණීමට අඩිතාලම දමමින් සිටියේය. ශ්‍රී
ලංකාව දේශපාලන අස්තාවර භාවයකින්, භීෂණයකින් සහ ආර්ථිකමය අතින් වැටී සිටිනා විට තමා
සිංගපූරූව කොළඹක් කරනවා යැයි කියූ ලී ක්වාන් යූ විසින් එය යථාර්ථයක් කිරීමට අඩිතාලම
දැම්මේ 80 දශකයේය. කුඩා වරාය නගරයක් වූ සිංගප්පුරූවේ රජය විසින් නව විදේශ ආයෝජන කිරීමට
අවකාශ උදාකරදීම, ව්‍යාපාරයන් කීරීමට සුදුසු වාතාවරණයක් සහ පුහුණු ශ්‍රමිකයන් ලබා දීම
තුලින් සිංගප්පූරුව වර්ථමානයේ ගෝලීය වශයෙන් ආර්ථික සහ තාක්ෂණික නැවතුමක් බවට පත් කොට
ඇත.
එසේම කර්මාන්තකරණය
තුලින් තම ආර්ථික දියුණුව ලඟා කරගත් දකුණු කොරියාවේ ක්‍රමවේදයන් පිලිබඳ ලෝකය කතා කරනුයේ
“හන් නදියේ ආශ්චර්යය” ලෙසය. මුඩුක්කු රාජ්‍යයක් ලෙස ප්‍රචලිතව තිබූ දකුණු කොරියානු රජය විසින් 1980 දශකයේදී ගත් තීන්දු
තීරණ රාශියක් ඔවුන්ගේ ආශ්චර්යයට හේතුවිය. දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තීන්, යටිතල පහසුකම්
සහ අධ්‍යාපනයට ආයෝජනය කිරීම සහ අපනයනය ප්‍රවර්ධනය කිරීම ඒ තීන්දූ අතර වේ.
තායිවාන ආශ්චර්යය
ලෙස හදුන්වන 1980 ගණන් වල තයිවාන රජය විසින් හදුන්වා දුන් කාර්මීකකරණය සහ අපනයන ප්‍රතිපත්තිය
තායිවානය සමෘද්ධිමත් රටක් බවට පත් කලේය. තයිවාන රජය පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ
ක්‍රියාවට නැංවූ අතර
අධ්‍යාපනය හා පර්යේෂණ ක්ෂේත්‍රයන්
සඳහා ආයෝජනයන් සිදු කලේය. එසේම ව්‍යවසායකත්වය
ප්‍රවර්ධනය කරමින් තායිවාන නිශ්පාදන අංශයේ ප්‍රගතියක් අත්කර ගත් අතර සැලකිය යුතු ආර්ථීක
වර්ධන වේගයක් ලඟා කර ගත්තේය.
1980 දශකයේදී මැලේසියාව උපායමාර්ගික ආර්ථික ක්‍රමයක් හදුන්වා දුන්නේය.”නව ආර්ථික ප්‍රතිපත්ති” නම් වූ එය තුලින් සමාජීය ආර්ථික සමානාත්මතාවක් තුලින් ආර්ථික වර්ධනයක් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වූ අතර රජය විසින් කර්මාන්තකරණයට සහ විදේශ ආයෝජනයන්ට විශේෂ අවධානයක් ලබා දුන් අතර යටිතල පහසුකම් දියුණු කිරීම තුලින් දුප්පත්කම තුරන් කිරීමද ඔවුන් බලාපොරොත්තු වූ අතර එම ප්‍රතිපත්තීන් නිසා මෑලේසියාව වර්ථමානයේ අප දකිනා ආර්ථික වර්ධනය ලඟා කරගෙන ඇත.
1980 දශකයට පෙර
අප ආසියාවේ දෙවැනි දල දේශීය ආදයම ඇති රට බවට පත් වී සිටියෙමු. නමුත් අපට ආසියාවේ ස්වර්ණමය
දශකය අහිමි විය. එම අහිමි වීම නැවත හරවා ගැනීමට තරම් ප්‍රභල බව අපට දැන් වැටහේ. ශ්‍රී
ලංකාව වර්ථමානයේ කල යුතු එකම දෙය වන්නේ හැකි ඉක්මනින්ම කර්මාන්ත ආර්ථිකයට පිවිසීමය.
මේ අවසන් අවස්තාවය.
0 Comments