ඒ සීතල දෙසැම්බරයේ නත්තල උදාවයි. MLOC ක්ලබ් එකේ GM එක සමඟ පොජෙක්ට් එකක් කරපු මම, දිලේකා අක්කා, තේනුක අයියා ඇතුළු සෙට් එක වැඩේ ඉවර වෙලා කතා වුනා කොටුවේ යන්න. අපි හික්කඩුවෙන් බස් එකට නඟින කොටත් රෑ8 විතර වෙලා. අපි බස් එකෙන් බැහැලා ඇවිදන් ගියා. ඒවා මතක මාවත් කියුවොත් නිවැරදි. ජීවිතේ වෙනස් කරපු කොටු දොරින් කොටුවට ඇතුල් වෙන කොට ඇත්තටම අමුතුම හැගීමක් ආවේ. අපි හිමිහිට ඇවිදන් ආවා ආර්ක්ලූටස් අට්ටාලය පැත්තට. පරණ ලන්දේසි රෝහල ගාවින් උඩට නැග්ගම මුලු ගාලු වරායම පේනවා. ඉන් එහායින් රෑමස්සල. කොටු බැම්ම අයිනට වෙලා වාඩි වුණු මට ජීවිතේ මීට වසර 5කට පමණ පෙර එක් කාල පරිච්චේදයක ලස්සනට ගෙවුනු කාලය ඇස් ඉදිරියේ චිත්‍රපටයක් වගේ දිග හැරෙන්න පටන් ගත්තා.
ඒ 2018 වසර යැයි මාගේ මතකයේ පවතියි. මම පාසල් ගියේ ගාල්ල ප්‍රසිද්ද පෙලේ පාසලකට. සාමාන්‍ය කැපී පෙනෙන සහ නිහඩ ශිෂ්‍යයෙක් විදිහට මට උදාවුණු එක් අවස්ථාවක් තමයි ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන එක.
“මචං කසුන් උබ එනවද හෙට කරන ප්‍රොජෙක්ට් එකට?” ඒ කංචනය.
“මොකක්ද බං ඔය කියන එක?” මා විමසුවේ එකල ක්ලබ් එක පිලිබඳ මෙලෝ හසරක් නොදැන සිටි නිසාය.
“අපි මචං කොග්ගල බීච් එක සුද්දයක් දාලා, කඩොලාන ටිකක් හිටවලා පොඩි ජොලියක් දාලා එන්න යන්නේ. අපියි තව රුහුණ විශ්ව විද්‍යාලේ කට්ටියකුයි ලින්ඩ්සේ එකේ කට්ටියකුයි එනවා. උඹත් වරෙන් හොදේ.”
“මම අම්මගෙන් අහලා කියන්නම් බං.”
“හා අද රෑ වෙන්න කලින් කියපන්. හැබැයි කෑමට රු.500ක් ගේන්න වෙනවා කොල්ලෝ.”
“හරි බං, මම අහලා කියන්නම්.”
එදින නිවසට ගිය මට පුදුමයකට මෙන් එයට සහභාගී වීමට අවසර ලැබිණි. ඉන් පසු දින අප ගාල්ල බස් නැවතුමට එක් වූ අතර අප ගාල්ල මාතර බසයක නැගී බස් එක පුරා සින්දු කියමින් පැමිණෙමින් කොග්ගල ගුවන් තොටුපල ගාවින් බැස ගත්තෙමු. ඉන් පසු කතා කර ගත් ස්ථානයට සෙමින් කයියක් දාමින් අප ලඟා වූ අතර ඒ වන විටත් කිසිවෙකුත් පැමිණ සිටියේ නැත. එක් වරම පැමිණ නතර කරගත් වෑන් රථයකින් ගැහැනු ලමුන් පිරිසක් සහ පිරිමි ලමුන් පිරිසක් බැස ගන්නවා මම දුටුවෙමි. මා තාරුව මුලින්ම දුටුවේ එදිනය.
සුදුත් නැති කළුත් නැති නමුත් අලංකාර සමකට සහ දිගු කේෂ කලාපයකට හිමි කම් කියනා ඒ උස කෙට්ටු තරුණිය දුටු විගස මා හට පමණක් නොව මා හා සිටි බොහෝ කොල්ලන්ට උන් හිටි තැන් පවා අමතක වෙනවා මා නෙත් කොනින් දකිනා ලදී.
“කව්ද බං ඒ?” එසේ ඇසුවේ පුබුදුය.
“ඇයි උඹ ටෝක් කරන්නද?” කංචන ඇසුවේ ඇස් කුඩා කරමින් ය.
“ඇයි ටෝක් කරොත් ටෝක් වෙන්නේ නෑ කියලද හිතන් ඉන්නේ?”
“යකෝ ඒ අක්කා කෙනෙක්. අපිට වඩා අඩුම අවුරුදු 3,4ක් වත් වැඩිමල් ඇති.”
“නෑ....සිරාවට එහෙම කියන්න බෑනේ බං.” මා එසේ කීවා නොව එසේ කියවුණි.
“ඒ පාර මේ උඹටත් හිත පහල වුනාද? පාඩුවේ ඉදපන් බං. නිකන් හීන දකින්න එපා.” කංචන එසේ කියද්දී හිත කවදාවත් නොමැති විලස රිදී ගියේ ඇයිද කියා මම අදටද හේතු සොයන්නෙමි. කෙසේ වෙතත් ඒ සමඟම පැමිණි අනෙක් කණ්ඩායම හා ඉන් බැස ගත් සුදු පැහැ කෙල්ලෙක් නිසා පිරිසගේ අවධානය ඒ පැත්තට හැරුණද කුමක් හෝ හේතුවකට මා හට තාරුගෙන් දෑස් පිටතට ගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් ප්‍රොජෙක්ට් එකේ මැදක් යන විට අප දෙදෙනා එක කණ්ඩායමකට වැටුණි. නමුත් කුමක් හෝ හේතුවකට මට ඇය හා කතා කිරීමට ලැජ්ජා සිතුණි. ඇය අනෙක් අය හා කතා කරනා විට මා සිනහවක් පා සිටියා මිස කතාවට නොගිය හේතුව මටද සිතා ගැනීමට නොහැකිය.
දවස වේගයෙන් ගෙවී ගියේ අප සමුගත යුතු බවට ඉඟි කරමිනි. සමුගන්නා අවස්ථාවේදී ඇය මා ලඟට පැමිණියේය.
“මේ...මල්ලි ඔයාගේ එෆ් බී නේම් එක මොකක්ද?”
“අ...අ..අක්කට හොයා ගන්න අමාරු වෙයි. දෙන්නකෝ මම හොයලා දෙන්නම් යැයි කියා මා ඇයගේ දුරකථනය ඉල්ලා ගෙන ඇයට මාගේ ගිණුම සොයා දුනි.”
“මම රික්වෙස්ට් එකක් දැම්මා මල්ලි ඇක්සෙප්ට් කරන්න.”
“හරි අක්කේ.”
“එහෙනම් පස්සේ හමුවෙමු හරිද?” ඇය අතවනා මා වෙත සමුදෙමින් කීවාය
මා එවෙලේම දුරකථනය රැගෙන ඇය එවූ ඇරයුම සෙව්වෙමි.
තාරකා නෙතුමිණි යැයි සඳහන් වූ එම ඇරයුම මා එවෙලේම පිලිගෙන ගෙදර ගොස් වැඩි දුර සොයා බැලීමට කලිසම් සාක්කුවේ ඔබා ගත්තේමි.
එදින නිවස බලා ගිය මා ඇයට මැසෙන්ජර් හරහා පණිවිඩයක් තැබුවෙමි.
“HI අක්කා මම කසුන්. අද ප්‍රොජෙක්ට් එකට ආවේ.”
මොහොතක් ගත වී ගියේය.
“හෙලෝ කොහොමද? මට ඔයා එක්ක කතා කරන්නත් බැරි වුනානේ.”
“හී....මම හිතුවා ඔයාගේ ආඩම්බරකම නිසා කියලා.”
“අනේ නැහැ මල්ලි එහෙම නෑ. මම ඇයි ඔයාට ආඩම්බර පෙන්නන්නේ.”
“නිකන් හිතුවේ අනේ. ඔයා කොහේද?”
“මගේ ගෙවල් නම් කොළඹ මල්ලි. ඒත් university එක රුහුණ.
ඔයා?”
“මම නම් ගාල්ලේම තමයි අක්කේ.”
“ආහ්. ඉතිං මොකද කරන්නේ?”
මෙසේ ආරම්භ වූ අප දෙදෙනාගේ පලමු සංවාදය අවසන් වූයේ අප හොදම යහළුවන් තරම් ලං කරමින්ය.
මේ අතර ලියෝ දිස්ත්‍රික්කය
විසින් සංවිධානය කල ලියෝ එක් දින චාරිකාවට මා යෑමට සූදානම් වූවත් තාරුකා එයට සහභාගී
වීමට මැළි කමක් දැක්වූවාය.
මාගේ තවත් මිතුරෙක්ද ඇයට කැමැත්තෙන් පසු වන බව දැන ගත්තේ මේ අතරය. ඔහු සිතා සිටියේ මා ඇයට පෙමින්
බැදී ඇති බවය.
දිනක් අමතර පන්ති පැවැත්වෙන දිනක ඔහු මා අසලට පැමිණ,
“කසුනා...මේ උඹට කියන පලමු හා අවසාන වතාව හරිද? උඹට තාරුකා එක්ක තියෙන්නේ මොන විදිහේ සම්බන්ධයක් ද දන්නේ නැහැ. ඒ කොහොම එකක් තිබ්බත් මට වැඩක් නැහැ. අද ඉදන් උඹ එයා එක්ක මැසේජ් කරන එක නතර කරන්න ඕන. එච්චරයි.” මාගේ කොලරයෙන් අල්ලා තද කරමින් ඔහු පැවසුවේය.
“ඇයි උඹ තාරුගේ කොල්ලද මට නීති දාන්න එන්නේ? අනේ නිකන් පලයන් බං යන්න.” කියමින් මා ඔහුගේ අත ගසා දැමුවේය.
“උඹ එහෙනම් කියන දෙයක් අහන්නේ නැහැ වගේ නේ. උඹට හොදින් කියුවමනේ තේරෙනේ නැත්තේ. ඉදපන්කෝ.”
“ඇයි උඹ මොනවා කරන්නද?” කියනවාත් සමඟ කම්බුලට වැදුණු පහරකින් කන කීං ගාගෙන ගියේය.
“දැන් උඹට තේරෙනවා ඇතිනේ?” කියනවාත් සමඟ මා අත මිටි මොලවා ගැසූ පහරකින් ඔහුගේ නාස් ඇටය කුඩු වී ලේ ගලා යෑමට පටන් ගත්තේ නොසිතූ ලෙසය.
කෙසේ හෝ අපගේ මිතුරන් පැමිණ ගැටුම නිමා කලද මේ පිලිබඳ කෙසේ හෝ තාරුකාට ආරංචි වී තිබුණි. එදින රාත්‍රියේම ඇයගෙන් දුරකථන ඇමතුමක් මට ලැබුණි.
“ඇයි මල්ලි ඔයාලා ගහ ගත්තේ?”
“ඔයා කොහොමද ඒක දැන ගත්තේ?” මා ඇසුවේ පුදුම වීය.
“ඒක ඔයාට වැඩක් නෑනේ. ඇයි කියනවා ගහගත්තේ?”
“පොඩි වලියක් අනේ. ඕක ලොකු දෙයක් නෙවේ.”
“කියනවා මාව තවත් අවුස්සන්නේ නැතුව. කෙල්ලෝ සීන් එකක් නේද? මම හිතුවා හරි ගොනා මොකක් හරි පටලන් තමයි.” ඇය නිමක් නොමැතිව කියවීමට පටන් ගත්තේය.
“මොකද සද්ද නැත්තේ?”
“නෑ ඔයා මටත් එක්ක කතා කරනවනේ.”
“අනේ මේ. තවත් යකා අවුස්සන්නේ නැතුව කියනවා ඇයි ගත ගත්තේ?”
“ඇයි කියලා දැන ගන්න ඕන නම් යන් මේ සෙනසුරාදා ලියෝ ට්‍රිප් එක.” මම කියන්නම්.
“හරි මම එන්නම් හැබැයි නොකියුවොත් ජීවිතේට ආපහු කතා නැහැ හොදේ.”
හරි හරි සුදු එන්නකෝ.”
එසේ කියමින් මා දුරකථනය තැබුවෙමි.
************************************************************************
“කසුන් මල්ලි?
පුතේ මොකෝ මේ කතා නැතුව කල්පනා කරන්නේ.” ඒ දිලේකා අක්කාය.
“නෑ අක්කේ නිකන්.”
“අනේ කොල්ලෝ එන්න අප්පා සිංදුවක් කියන්න. මූඩ් ගහලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව. කල්ප ගහන්න අනේ ගිටාර් එක ලස්සන සිංදුවක්.”
අපේ ගිටාර් වාදකයා වූ කල්ප අයියා ක්ලැරන්ස්ගේ සිංදුවක් වාදනය කිරීමට පටන් ගත්තේය.
බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළත වෙන
මා අබියස ඔබ සයුර නොවේ
ඔහු රිදවන්නට ඔහු
හඩවන්නට
බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
එය සමඟ නැවතත්
මා තත්ත්පර ගණනකට අතීතයට ගියේය.
***************************************************************************
ඒ ලියෝ චාරිකාවයි.
සුන්දර දකුණු ලක සංචාරයක් වූ එයට මා අසලින්ම ගියේ තාරුකාය. සුන්දර වෙල් යායක් අසල
බස් රිය නැවැත්වූයේ ගමනේ උදෑසන ආහාරය ගැනීමටය.
“මේ මෝඩයෝ කියනවකෝ.”
“මොකක්ද?”
“ගහ ගත්ත එක.”
“ආහ්. හැබැයි මෙහෙමයි
මගේ ඔළුවට අත තියලා දිව්රන්න අපේ යාලු කම නැති වෙන්නේ නැහැ කියලා.”
“හා හරි දිව්රන්නම්.”
“මම ඔයාට කැමතියි.”
“මොකක්?” ඇය එකවරම
මහ හයියෙන් ඇසුවේ විමතියට පත් වූ මුහුණෙන් ය.
“තාරුකා නංගි
ඔක්කොම හොදින් නේද?” ඒ අපේ ජේෂ්ඨයෙකු වූ පසන් අයියාය.
“ඔව් අයියේ. අවුලක්
නැහැ. මෝඩයා එනවා යන්න.” කියමින් මා අතින් ඇද ගෙන බස් රිය පිටුපසට ගියේ එතන පිරිස
වැඩි නිසාය.
“මේ මොකක්ද කියනවා
අර කියුවේ?”
“මම ඔයාට කැමතියි.”
“කැමතියි කියනේ?”
“කැමතියි කියන්නේ
කැමතියි.”
“එතකොට ගුටි කෙල
ගත්තේ මම නිසාද?”
“හ්ම්ම්ම්ම්ම්.”
“මොකෝ
හ්ම්ම්ම්ම් ගන්නේ.”
“ඔව් ඔයා නිසා තමා.” මම බිම බලා ගෙන කියුවෙමි.
“මල්ලි. මේ බලන්න.
මුලින්ම මමත් ඔයාට කැමතියි. නෑ නෙවේ. ඔයා හොද කොල්ලෙක්. ඒත් මම ඔයාට වඩා අවුරුදු
3ක් වැඩිමල්. ඒක අපිට ඉදිරියේදී බලපාන්න පුලුවන්. ඒ වගේ හුඟක් දේවල් තියෙනවා. ඒත්
මට ටිකක් කල් දෙන්න පුලුවන්ද?”
“hmmmmm. හරි තාරු. මම ඔයාට එහෙම කතා කරන්නද?”
“හ්ම්ම්.” කියමින්
ඇය ඉදිරියට ගියේය. මාද ඇය පිටුපසින් ගියා නොව ඇදි ගියේය.
උදෑසන කෑමෙන් පසුව
අපට දීර්ඝ ගමනක් යෙදී තිබුණි. එකා එකා නින්දට වැටෙන් විට තාරුද මගේ උරහිසට බර වුණි.
එසේ ගිය පැයක පමණ කාලය මගේ ජීවිතයේ ගෙවුණු හොදම පැය විය.
මෙසේ කාලය ගෙවී
ගියේය. අප ගාලු කොටුවේදී බොහෝ විට මුණ ගැසී කතා කලේය. ලියෝ සංගමේ බොහෝ වැඩ වලදී අප
එකිනෙකා හා කිට්ටුවෙන් ආශ්‍රය කලේය. මා වදෙන් හෝ ඇයගෙන් කැමැත්තද ලබා ගත්තෙමි. ඇය
මා මාගේ අධ්‍යාපන කටයුතු සඳහා උනන්දු කල අතර එ නිසාම මා ලකුණු අතර උඩින්ම සිටියේය.
මා උසස් පෙළ විභාගයද හොදින් සිදුකලේය.
සියල්ල හොදින්
සිදුවෙමින් තිබියදී අපගේ කතාවට කණකොකා හැඩුවේ සමබන්ධය නිවෙස් වලට ආරංචි වීමත් සමඟය.
නිවෙස් වලින් විශාල පීඩනයක් එල්ල වෙද්දී ඇය දිනක් මා හට ඇමතුමක් දුන්නේය.
“සුදූ.....” ඇය
ඉකි ගසමින් කතා කලේය.
“තාරු ඇයි? ඇයි
මේ අඩන්නේ?”
“”මම කියන දේ හොදට
අහ ගන්න ඕන හරිද? පොරොන්දු වෙන්න.”
මම ඔයාට අකීකරු
වෙලා නෑනේ තාරු. පොරොන්දු වෙන්නම්. කියන්න.”
අපිට මේ එන ප්‍රශ්න
හරි අමාරුයි සුදු. මට අම්මටයි තාත්තටයි විරුද්ධ වෙන්න බැහැ. ඒ වගේම එයාලගේ ආශිර්වාදය
නැතිව කිසිම දෙයක් හරියන්නෙත් නැහැ. අපිට මේ සමාජයත් එක්ක කවදාවත් එක් වෙන්න බැහැ.
ඔයාට තේරෙනවා නේද සුදූ. ඒත් මතක තියා ගන්න මේ ආත්මෙදී බැරි වුනත් ලබන ලබන හැම ආත්මයේදී
මම පතන්නේ ඔයා. අද මම ඔයාට කතා කරන අවසාන දවස වේවි. ඒත් ඔයා පොරොන්දු වුණා ඔයාගේ ජිවිතේ
සාර්ථක කර ගන්නවා කියලා. මම ඔයා සාර්ථකත්වයට ගියා කියලා හිතුනු දවසක ලොකේ කොහේ හිටියත්
කතා කරන්නම්. බුදුසරණයි. ඇය හඩමින්ම දුරකථනය තැබුවේය.
මා එක්වරම කම්පනයට
පත් වූ අතර මා ඇයට නැවත නැවත ගත්තද ඉන් පලක් නොවුණි. මා ඇයව සොයා ගියද ඇය නිවෙස් හැරදා
විදේශයකට ගොසිනි. මා මානසිකව වැටෙන්නට තිබුනද ඇයගේ අවසාන වචන මා නිතරම ශක්තිමත් කලේය.
“ඔයා පොරොන්දු වුණා ඔයාගේ ජිවිතේ සාර්ථක කර ගන්නවා කියලා. මම ඔයා සාර්ථකත්වයට ගියා
කියලා හිතුනු දවසක ලොකේ කොහේ හිටියත් කතා කරන්නම්.”
කල්ප අයියාගේ ගිටාරය තවමත් වාදනය වේ.
අවසර නැත මට ඔබෙ
අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ
ඒ සමඟම කිසිවෙකු නොදුටු
කදුලක් ඇසින් ගිලිහී කොටු පවුරේ පොලොව ස්පර්ශ කලේය.
0 Comments