කාලයකට පස්සෙයි මේ ගාල්ල කොටුවට එන්නේ. මුලු ජීවිතේම වෙනස් කරපු ගාල්ල, ගාලු කොටුව දිහාට ඇවිදන් යන කොට එන හැඟීම හරිම අමුතුයි. ලංකාවට ආව ජපන් ශිෂ්‍ය කණ්ඩායම ලන්දේසි රෝහල ගාවින් විසිර ගියත් ඒ පිරිසේ හිටපු රිතෝට ගාල්ල කොටුව වටේ ඇවිදින්න ආසයි කියපු නිසා අපි ඇවිදගෙන ඉස්සරහට ගියා. ඒ ඉස්සරහට යන ගමන් මම මතක මාවත දිගේ ඇවිදගෙන ගියා.
අපි උසස් පෙලට
සිංහල පන්ති ගියේ සුජිත් දිසානායක සර්ගේ. ආදරය ගැන ඒ තරම් ලස්සනට සිංහල භාෂාව
හසුරුවමින් කියාදෙන ගුරුවරයෙක් මට මෙතෙක් හමුවෙලා නැහැ. කුමක් හෝ හේතුවකට මට ඒ
කාලේ ඉදන්ම සිංහල සාහිත්‍ය හොදට පුලුවන්. සර්ගේ පන්තියේ මාසික පරීක්ෂණයේ ප්‍රථිපල
වල හොදම 10 දෙනා අතරේ මමත් හිටියා. ඒ වගේම කවීත් හිටියා. මම එතෙක් දැකපු ලස්සනම
පිලිවෙලම කෙල්ල වුනේ කවී. මම මහින්දයට යන කොට එයා අපේ බස් එකේම සංඝමිත්තෙට ගියා.
මෙහෙම ටික කාලයක් යන කොට නොදැනීම අපි දෙන්නා සමීප වුණා.
“කසුන් ඔන්න
බලන්නකෝ මේ පාර වැඩිම ලකුණු මම.” ඉස්කෝලෙට යන බස් එකේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු
කවී මම දිහා බලන් කියුවා.
“ආ....එහෙමද ආස
නෝනා. බලමුකෝ.” කවීගේ අතක් කොනිත්තන ගමන් මම ඇයට ඇද කරමින් කිව්වා.
“ආ....ව්......ව්..මෝඩයා.
රිදෙනවා හලෝ.”
“රිදෙන්න තමයි
කොනිත්තන්නේ.
“ඒක නෙවෙයි
මේ...ඔයාට ඔච්චර සාහිත්‍ය පුලුවන් එකේ මට අමාරු පාඩම් ටික කියලා දෙන්නකෝ. මම ව්‍යාකරණ
ටික කියලා දෙන්න. හා...ද? “ඇස් දෙක ලොකු කරන් එහෙම අහනකොට මට බෑ නොකියා ඉන්න බැරි
වුණා. ඇත්තටම කියුවත් වගේ එයා තරම් ව්‍යාකරණ වලට දක්ෂ කෙනෙක් පන්තියේ හිටියේ නැහැ.
“හරි. ඒත් අපි
කොහේදිද ඒක කරන්නේ.”
“අයියෝ ලමයෝ.
ෆෝන් තියෙන්නේ ඒකට නේ. අපි ෆෝන් එකෙන් කතා කරන් ඔයාලගේ ගෙදර හරි අපේ ගෙදර හරි
පාඩම් කරමු. “
“අම්මලා මොනවා
කියාවිද දන්නේ නැහැ නේ?”
“හ්ම්ම්.....කොහොම
උනත් ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ. මම ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම්.”
අන්න ඒ විදිහටයි
අපි දෙන්නා අපිටම නොදැනී ලං වුනේ.
“Kasun San,
There is a ice cream shop. I like to go there. shall we go?” (කසුන් අතන අයිස්ක්‍රීම් ශොප් එකක් තියෙනවා.
මම එතනට යන්න කැමති. අපි යමුද?)
“Sure Ruito.
It’s good place. Let’s go” (අනිවාර්‍යයයෙන්ම
රිතෝ. එතන හොද තැනක්. අපි යමු.)
මගේ මතක මාවත
මොහොතකට බිදී ගියේ රිතෝගේ කට හඩිනි. ඔහු පෙන්වූ අයිස්ක්‍රීම් වෙලදසැල වනාහි මා හා
කවී එකල සෑමදාම පාහේ ගිය ස්ථානයයි. isle of gelato වෙත ගොඩ වී කැපචිනෝ එකක් ගත් මා වෙලඳසැල
උඩුමහලට ගියේ පුරුද්දට මෙනි.
“කසුන් මේ......
“කවී අයිස්ක්‍රීම් එකක් කමින් කතා කරයි.
“ම්ම්ම්ම්ම්ම්ම්ම්”
“මේ............මට
ඔයාට කියන්න දෙයක් තියෙනවා.”
“මොකක්ද ඒ?”
“ඒත් මට එක
පොරොන්දුවක් ඕනි.”
“මොකක්ද ලමයෝ?
කියන්නකෝ අප්පා.”
“ඔයා ඒ දේට
කැමති නැත්නම් කියන්න. හැබැයි මම තනි කරන්න එපා. පොරොන්දු වෙනවද?” ඇය මගේ දෑතින්ම
අල්ලාගෙන මාගේ මුහුණට එඹෙමින් පැවසු විට මගේ හදගැස්ම තවත් වැඩි වුණි.
“කියන්න බලන්න
ඉතින්.”
“ඔය ඉතිං.
පොරොන්දු වෙනවද?”
“හ්ම්ම්ම්ම්. හරි
හරි Promise. “
“මම ඔයාට
ආදරෙයි. “
මා ඇයව වරෙන්
බදා ගත්තෙමි. මට කියාගත නොහැකිව සිතේ තද කරන් තිබූ ඒ බර නැති වී ගියාක් මෙනි.
ඇත්තටම මට ඇඩුණි.
“ලමයෝ ඇයි
අඩන්නේ. මම වැරදි දෙයක් කියුවද?”
“න්...න්...නෑ...නෑ..
ඔයා දන්නේ නෑ මම කොච්චර කාලයක් ඒ දේ ඔයාට කියන්න හිටියද කියලා. ඔයා අකමැති වුනොත්
කියලයි කියුවේ නැත්තේ. ඒත් අ...අ..අන්තිමට ඔ...ඔයාම ඒක කියන කොට මට හිතා ගන්න බෑ
මැණික.”
“අනේ සුදූ කලින්
කියුවනම් ඉවරයිනේ.” ඇය මගේ උරහිසට හිස තබා ගෙන කියුවාය.
“කමක් නෑ දැන්
මේ ආත්මෙම මගේ තමයි.” මා ඇගේ මුහුණ දෝතට ගනිමින් කියුවෙමි.
කාලය වේගයෙන්
දිව ගියේය. අධ්‍යාපනය මැද්දේ අප දෙදෙනාගේ ආදරය ලස්සනට ගලාගෙන යද්දි අ.පො.ස උසස්
පෙල විභාගයට අපි දෙන්නා සාර්ථකව මුහුණ දුන්නා. විභාගයේ ප්‍රථිපල එන දවසේ අපි
දෙන්නා හිටියේ නොඉවසිල්ලෙන්.
“අනේ කසුන්, සුදූ
මට බයයි අනේ.”
“ඒ මොකද කවී?”
“රිසාල්ට්
මොනවගේ වෙයිද කියලා.”
“අපි හොදට පාඩම්
කලානේ මැණික. මට ශුවර් අපිට හොද රිසාල්ට් එකක් ඇති.”
“හ්ම්ම්ම්ම්ම්
අනේ මන්දා අප්පා.”
“ගණන් ගන්න එපා
සුදූ. හිත සැහැල්ලු කරගෙන ඉන්න.”
විභාග ප්‍රථිපල
ආවා. අපි දෙන්නම විභාගයෙන් උසස් ලෙස සමත්ව තිබුනා. ඒත් කුමක් හෝ කරුමයකට මට විශ්ව
විද්‍යාල වරම් හිමි වුනේ නැහැ. ඒත් කවී රජරට විශ්ව විද්‍යාලයට තේරුණා.
“සුදූ. ඔයා
කලකිරෙන්න එපා මැණික. බෝට්ටු දාලා බලමු. නැත්නම් ආපහු සැරයක් කරන්නත් පුලුවන් නේ.
අපි කොහොම හරි ගොඩ යමු.”
ජීවිතේ එපා වෙලා
ඉද්දී ගාලු කොටුවේ ගල් බංකුවක් උඩ වාඩිවෙලා ඉර බැහැගෙන යන දිහා බලන් ඒ කියපු එක මට
ගොඩක් ලොකු හයියක් වුණා.
ඒ අතරේ තිබූනු පීඩනය
වගේම හිත් වේදනාවන් නිසා දවසක් මම එයා එක්ක බොරුවට තරහ වුණා. එදා එයා මාව හොයාගෙන
ගාල්ල කොටුවට ආවා.
“ඇ...ඇ...ඇයි කසුන්
ඔයා මම එක්ක තරහ. ම්ම්ම්ම්ම් කියන්නකෝ.” නෙප්චූන් අට්ටාලයේ ගල් බැම්මට හේත්තු වෙලා
ඉදගෙන අඩ අඩා මගෙන් එයා අහන කොට මට දෙන්න උත්තරයක් තිබ්බේ නැහැ.
“මතක තියා ගන්න.
මේ ජීවිතේ තියෙන තුරා ඔයා මගේමයි. මගේ විතරමයි.” මගේ අත අල්ලගෙන පපුවට තද කරන් ඒ කියපු
හැම දේම එක සතියකින් වෙනස් වුණා. ඒ දවසක් මම ඇහැරෙන කොට ඇවිත් තිබ්බ මැසේජ් එක
දැකලා.
“කසුන්. මම
දන්නවා ඔයා මට ආදරෙයි කියලා. ඒත් ඔයා කැම්පස් තේරුණේ නැති එක මට දරා ගන්න අමාරුයි.
මට ආදරය කරාට ඔයාට ස්තූතියි. ඒත් ආපහු මැසේජ් කරන්නවත්, කෝල් කරන්නවත් එපා. මට අපේ
බැජ් එකේම හොද කෙනෙක් හම්බ වුණා. මට මගේ ජීවිතය ගත කරන්න ඕන ඒ වගේ කෙනෙක් එක්ක.
ඔයා දෙවෙනි වතාවටත් විභාගේ කරලා කැම්පස් ඇවිත් ජීවිතේ පටන් ගන්නකන් මට බලන් ඉන්න
අමාරුයි. ඒක නිසා අපි මේ සම්බන්දේ නවත්තමු. බායි. බුදු සරණයි”
මම අනිත් පැත්තට
කෝල් ගත්තා, මැසේජ් කරා. ඒත් එයා මාව බ්ලොක් කරලා තිබ්බා. මට ඇත්තටම පිස්සු
හැදුනා. ජිවිතේ හැමදේම නැති වුණා කියලා ඉදිද්දී පත්තරේ තිබ්බ දැන්වීමකට මගේ ඇහැ
යොමු වුණා.
“ ජෙනරල් ශ්‍රීමත්
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මුදල් ගෙවීමේ පදනම් මත සිසුන් බදවා ගැනේ...”
දෙපාරක් හිතන්නේ
නැතුව මම ඒකට අයදුම්කලා.
“Kasun San.
Can we go?”
“Yeh ruito
sure. Where else do you want to go?”
රිතෝගේ කටහඩින්
නැවතත් පියවි ලෝකයට පැමිණි මා ඔහු සමඟ ගාලු කොටුවේ නැවත කරක් ගැසීමට පටන් ගත්තා.
රාත්‍රී ආහාරය සදහා ඔහු කොත්තු කෑමට ප්‍රිය කරන බව පැවසූ නිසා ඒ ආසන්නයේ තිබූ
අවන්හලකට ගොඩවැදුනා. රාත්‍රී කෑම කමින් සිටිනා විට අවන්හලේ සිටි ගායක කණ්ඩායම මාගේ
ඉල්ලීම මත මේ ගීය අලංකාර ලෙස වාදනය කලා.
හිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එලවා විත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා
පුදමයක් නොවෙයි
සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම
හදයි
වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද හැලෙයි
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත තනිකළෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
Art is
something which lies in the slender margin between the real and the unreal. (කලාව යනු සත්‍ය සහ අසත්‍යය අතර
සිහින් මායිමක පවතින දෙයකි.)
-Chikamatsu
Monzaemon
0 Comments